Johnny Depp ⚡️ Amber Heard
ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•
"Tell the world Johnny, see what a Judge or Jury thinks. Tell the world, I Johnny Depp, a man, am a victim too of domestic violence. See how many people believe or side with you." - Amber Heard
"ලෝකයටම ඇහෙන්න කියන්න ජොනී. මම, ජොනී ඩෙප්. මම ගෘහස්ථ හිංසනයට ගොදුරු වෙලා.
පුළුවන් නම් කියන්න. කී දෙනෙක් ඔබ විශ්වාස කර
ඔබේ පැත්ත ගන්නවාද කියලා බලන්න."
ඇම්බර් හර්ඩ් ( හඩපටය ඇසුරිනි)
**************************************************
අපයෝජකයාට ලිංගභේදයක් නොමැත. පවුල් ජීවිතයක් තුල ගැහැණිය හෝ පිරිමියා අපයෝජනයට ලක් විය හැක. මේ චෝදනාවේ සමාජ සම්මතය පුරුශයා මතින් පිට වූවත් නිතරම පිරිමියා ස්ත්‍රී දූශකයා හෝ ස්ත්‍රී පීඩිතයා වන්නේ නැත. ගැහැණියද පුරුශ අපයෝජකයකු විය හැක. මේ එබදු සමාජ සම්මතයෙන් ඔබ්බට ගියාවූ සධාරණ සම්මුතීන් මත ගොඩ නැගුණු නඩු තීන්දුවක් අද දින ප්‍රකාශයට පත් විය. සුපිරි ගනයේ නලු Johnny Depp හා ප්‍රකට නිලි Amber Heard ගේ අවසන් වූ විවාහයේ කතා වෘතාන්තය මෑතකදී සමාජයට ප්‍රබල අවදානයට පාත්‍ර විය.
ජොනී ඩෙප් වඩාත් ජනාදරයට පත් වන්නේ pirotes if the caribbean චිත්‍රපටයේ කැප්ටන් ජැක් ස්පැරෝ යන චරිතය හරහාය. බොක්ස් ඔෆිස් වාර්තා තබමින් එය ජනහද දිනාගැනීමට සමත් විය. ඇමරිකානු ජාතික නලු ජොනී ඩෙප් චාර්ලී සහ චොකලට් කම්හල(2005) හි විලී වොන්කා, ඇලිස් ඉන්ද වොන්ඩර්ලන්ඩ් හි මෑඩ් හැටර්ආදී විවිද චරිතයන්ට පණ පෙවූ ඉහල ආදායම් ලාභී විශිෂ්ට ගණයේ සම්මානනීය නලුවෙකි. දෙදරු පියෙක් වූ ඔහු, ඒ දරුවන්ගේ මව් වැනීසා පැරඩයිස් ගෙන්ද වෙන් විය.ඔහු 2015දී ඇමරිකානු චිත්‍රපට නිලි ඇම්බර් හර්ඩ් සමග විවාහ විය.
වසර ගණනාවක් එක්ව පවුක් කෑ ඔවුන් දික්කසාද විය. ඉතින් අපිට මොකද?
දික්කසාදය මහ ලොකු දෙයක්ද?
ඕනිතරම් මිනිස්සු දික්කසාද වෙන්නේ...
ඇත්ත...
නමුත් මේ වෙනස් කතාවකි...
පුරුශ මූලික සමාජයේ ස්ත්‍රීත්වය යනු බල හීන ලාබාල පෞර්ෂයක් ලෙස ඔබ දකීනම් තවදුරටත් එය එසේ නොවන වග මේ සිද්ධියෙන් පැහැදිලි වේවි.
ඇම්බර් තුල සිටි ම්ලේච්ඡ ගැහැණිය විසින් ජොනී ඩෙප් තලා පෙලා ඇත. ඇය ගැහැණුකම මතින් වැසී තම පුරුශයා තලා පෙලා ඇත. ගැහැණුකම තුලින් රැකී ඔහු වනසන්නට අභියෝග කර ඇත. නමුත් අවසානයේ ඩෙප් චෝදනා ද්විත්වයක් හැර අන් සියල්ලම ජය ලබා සටනින් දිනා ඇත.
සැබැවින්ම පුරුශයා ප්‍රචණ්ඩත්වයට ලක්විය හැකිද?
"ඔබ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවෙක්ද?"
ජොනී ඩෙප්ගේ නීතිඥයා ඔහු ගෙන් ඇසූ අවසාන ප්‍රශ්නයයි.
"ඔව්"
ඩෙප්ගේ පිළිතුර විය.
"මේ නඩුවෙන් ඔබට නැති වූයේ කුමක්ද?"
"සියල්ලක්ම.." - ඩෙප්
ඔහු සියල්ලක්ම යැයි කීවේ ඔහුගේ ආත්මය විය යුතුය. ගැහැනියක තලා පෙලා, අපයෝජනය ලක් කරන දුෂ් චරිතයක් ලෙස හර්ඩ් මිය ඔහුව සමාජගත කර ඇත. එයින් ඔහුගේ කීර්ති නාමය, ජනාදරය පමණක් නොව සිනමා දිවියේ අතිශය වටිනා අවස්ථාවන් කෙමෙන් අහිමි විය.
නමුත් සත්‍ය ජයග්‍රහණය කරවමින් ජොනී ඩෙෆ් නිවැරැදිකරු ලෙස ජූරිය තීරණය කරන ලදී. ඇය තමාව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් කල බව ඔහු ඔප්පු කර ඇත. පහරදීම්, බැණ වැදීම්, අපහාසකිරීම්, පෞද්ගලිකත්වයට හානි කිරීම් ආදිය නිසා ඔහුට ඇති වූ මානසික හා කායික පීඩා හේතු කොට ගෙන ඇම්බර් හර්ඩ් මහත්මියගෙන් විශාල වන්දියක් ගැනීමට ඔහු සමර්ථ විය.
සමාජයේ මෙවැනි කතා ඕනි තරම් ඇත. නමුත් කාන්තාවක් වීමම විත්තියේ වාසියක් වීම අනුමත කල හැකිද? මෙවැනි බොහෝ කතා සමාජගත වන්නේ අසරණ කාන්තාවක් යන්න මූලික කරගෙනය.. නමුත් අසරණ පිරිමින්ද ඇත. එවැනි කතා අප්‍රකට මෙන්ම අප්‍රකාශිතය... මෙතැන් පටන්වත් පාට කණ්නාඩි ගලවා යමක් නිගමනය කිරීමට සුදුසු බව මම ඔබට යෝජනා කරමි.
අවසානයේ ඩෙප් හා හර්ඩ් යුවල දික්කසාද විය. එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වය පතුරු ගැසුවේය. අනෙක් පාර්ශ්වයද අත් නොහැර සටන් වැදුනේය... අවසානයේ ලොවක් ඉදිරිපිට ලොවක් ආදරය කල ඒ ගැහැණිය හා පුරුශයා නිරුවත් විය..
ලොව පුරා සිටින ඩෙප් හා හර්ඩ් රසික රසිකාවියන්ගේ අවදානය දිනාගත් මේ නඩුව අපට ගෙන දුන් පණිවිඩ ද්විත්වයකි..
1. කුටුම්භයක් තුල කාන්තාව මෙන්ම පුරුශයාද මානසික හෝ ශාරීරික අපයෝජනයට ලක් විය හැක...
2. ආදරය, බැදීම්, විවාහය යන අධි සංවේදී මාතෘකා තුල ඔබ කුමන අවස්ථාවක හෝ අසරණ විය හැක.
ලොවක් බලා සිටියදී තම බිරිඳට හෝ සැමියාට අතිශය පෞද්ගලික කරුණු පවා රූපගත කර හෝ හඩ පට ඇසුරින් ගෙන හැර දක්වමින් අවමන් නින්දා කිරීමට දෙපාර්ශවයම මැලි වූයේ නැත. ඔවුන්ගේ අතිශය රෝමාන්තික ආදරය තිබුනේ කොහේදැයි මට මතුවූ ගැටලුවකි...
තරු පොලොවට පතිතවීමට වැඩි කාලයක් ගත වූයේ නැත. ඔවුන්ගේ ප්‍රතිරූපය බිදගත්තේ ඔවුන්මය....
මේ ධර්මතාවන් අපිටද එසේමය...
අවුරුදු ගණන් පවුල් කෑ වුන්, අවුරුදු ගනන් ආදරයෙන් බැදුණු උන්, උසාවි කූඩුවල එකිනෙකා ඇණකොටා ගන්නා අයුරු හරි පුදුමාකාරය... සමාජය ඉදිරියේ තමා කලක් ආදරය කල ගැහැනියක හෝ පිරිමියා හංවඩු ගසයිනම්, ඔබ අවංකවම ආදරය කරාදැයි සැකයක් මතු නොවේද?
ඉතින් මිත්‍රවරුනි..
සබඳතාවක් තුල ඔබ තවදුරටත් රැදී නොසිටින්නේනම්, ගෞරවාන්විතව ඉවත්වන්න...
ඇගේ හෝ ඔහුගේ හදවතින් සාමකාමීව සමුගන්න.. සමුදෙන්න...
අපි මියෙන මිනිසුන් වෙමු...
වෛරය ක්‍රෝධය තුල ලැබෙන දෙයක් නැත...
අනවශ්‍ය නම් ඉවත්වීම කල යුතුය. නමුත් ඔබ අනෙක් පාර්ශවයට දැඩිලෙස අලාභානි කර ඉවත් වීමට සිතයිනම්, ඔබේ අරමුණ නිවැරදි නැත. වැරැද්ද කෙසේ වුවත් අත් හැර දමා සැනසීම ලබන්න....
ඔබට ජය....

Yash Dayarathne ❤️