Instant Gratification (Immediate Gratification)
ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•
Instant Gratification ගැන කියන්න කලින් බලන්න මේ පහත මම සදහන් කරලා තියන දේවල් ඔයත් කරනවාද කියලා.
⁃ වැඩි කාලවේලාවක් Social Medias වල නිකරුණේ ගත කරන එක.
⁃ උදේ නැගිටින්න හිතාගන තියන Alarm එක Off කරලා හැරිලා ආයෙ නිදාගන්නවාද.
⁃ කෑමට මොනවා හරි කන්න ගන්න ගියාම ඒවාගේ තිබෙන Sugar, Salt, Oil, සහ කෘතීම රසකාරක වගේ දේවල් ගැන සැළකිලිමත් නොවී, තමන්ගෙ සෞඛ්‍යට වෙන්න පුලුවන් අහිතකර බලපෑම් ගැන හිතන්නේ නැතිව හිතෙන හිතෙන කෑම වර්ග කනවාද. (Junk foods)
⁃ මුදල් ඉතිරි කිරීම් කරගන්නේ නැතුව හිතෙන හිතෙන විදිහට අතට එන මුදල්, තමන්ගෙ වැටුප, වියදම් කරනවාද?
⁃ යම් භාණ්ඩක සම්පූර්ණ මුදල හෝ කොටසක් හෝ එකතු කරගන එය ගන්නේ නැතිව ණයවී හෝ එය ඉක්මනින් ලබාගන්න හිතෙනවාද? ඒ විදිහට තමන්ගෙ ගෙවීමේ හැකියාව ගැන හිතන්නේ නැතුව අධිකව ණය වීම වෙනවාද? (තමන්ගෙ ගෙවීමේ හැකියාව ගැන හිතන්නේ නැතිව Finance ක්‍රමයට අධික වටිනාකමින් යුතු වාහන ගැනීම, අධිකව ණය වී ලොකු නිවාස ඉදිකර ගැනීම වගේ දේවල් එහෙමත් මේකට ගන්න පුලුවන්)
⁃ Discount Season වලදී තමන්ට ඇත්තටම අවශ්‍ය නැති භාණ්ඩ පවා මිලදීගන එනවාද?
⁃ තමන් යෙදෙන වැදගත් වැඩ පවා අතරමග නතර කරලා Phone එකේ Messages Whatsapp Check කරලා බලනවාද?
⁃ තමන්ගෙ ශරීර සෞඛ්‍යයට සිදුවන බලපෑම, තමන්ගෙ මුදල් වලට සිදුවන බලපෑම ගැන හිතන්නේ නැතිව තාවකාලිකව දැනෙන තෘප්තියක් වෙනුවෙන් මත්ද්‍රව්‍ය, මද්‍යසාර භාවිතා කරන්න යොමු වෙනවාද?
⁃ Exam එකක් වෙනුවෙන් පාඩම් කරන එක පැත්තට දාලා Boyfriend / Girlfriend එක්ක හෝ යාළුවන් එක්ක හෝ ඇවිදින්න යන්න හිතෙනවාද?
ඒ මම ඉහතදී සදහන් කළේ සමාජයේ බහුතරයක් දෙනෙක්ට හිතෙන සහ සිදුකරන දේවල් කිහිපයක්. මම මේ කතා කරන්න යන "Instant Gratification" එක නිසා තමයි ඒ සදහන් කරපු දේවල් මිනිස්සුන් තුළ සිද්ද වෙන්නේ.
ඉක්මන් ප්‍රතිලාභයක්/ ක්ෂණිකව ලබාගන්න පුලුවන් සතුටක්, ප්‍රතිලාභයක් වෙනුවෙන් අනාගත/ දිගුකාලීන ප්‍රතිලාභයන්ගෙන් බැහැර වීමට කෙනෙක් තුළ ඇතිවන පෙළබීම තමයි මේ Instant Gratification කියන්නේ.
දිගුකාලීන ප්‍රතිලාභ වලට වඩා තාවකාලික, ක්ෂණික සතුටක්, සුවපහසුවක් තෝරාගැනීමේ ප්‍රවණතාවක් තමයි මේකෙදි සිද්ද වෙන්නේ.
සරළවම කියනවා නම්, අනාගතයක් ගැන නොහිතා, දැන් සතුට වෙනුවෙන් හිතෙන හිතෙන දේවල් කරනවා.
ඉවසීම, හික්මීම, වැනි දේවල් ඔස්සේ වඩාත් හොඳ, වටිනා ප්‍රතිලාභ ලබාගන්න පුලුවන් වුනත්, ඉක්මන් ප්‍රතිලාභ අපේක්ෂා කිරීම සාමාන්‍ය මිනිස් ස්වාභාවයක්.
ආහාර පාන, සාප්පු සවාරි, Entertainments, Social Media , Sex, වැනි දේවල් සම්බන්ධව මේ Instant Gratification බහුල වශයෙන් ක්‍රියාත්මක වෙනවා.
Instant Gratification විවිධ මට්ටම්
වලින් පුද්ගලයන් තුළ පවතින්න පුලුවන්. මේකට හේතුකාරණාවන් විදිහට,
⁃ දැඩි අශාවන් තිබීම.
⁃ අවිනිශ්චිත බව. ( දිගුකාලීන අනාගතය ගැන අවිනිශ්චිත බවක් තියන නිසා, තාවකාලික කුඩා දේවල් වලට පුද්ගලයන් ඉක්මනින් ඇලීමක් ඇති කරගන්නවා)
⁃ වයස (තරුණ අවදිය තුළ මෙය බහුලව පවතිනවා)
⁃ වුවමනාවන් දිනෙන් දින තරගකාරී ලෙස ඉහළ යාම.
⁃ හැගීම් පාලනයේ දුර්වලතාවයන්.
⁃ අනාගතය ගැන පැහැදිලි, නිවැරදි අරමුණක්/ අරමුණු නොමැතිකම.
⁃ Dopamine Rush
ඒ වගේ දේවල් දක්වන්න පුලුවන්.
දැන් අපි බලමු මේ Instant Gratification පුද්ගලයකුගේ ජීවිතයට අයහපත් ලෙස කොහොමද බලපාන්නේ කියලා.
⁃ පසුතැවීම. තමාට තමා ගැනම වරදකාරී හැඟීම් ඇතිවීම.
අපරදේ මම එහෙම කළේ, ඒ දේවල් නොකර ඉන්න තිබුණේ, මම එහෙමත් කළාද... ඒ විදිහ දේවල් ගැන පසුකාලීනව පසුතැවීම් ඇතිවෙන්න පුලුවන්. තමන්ගෙ වටින කාලය, වෙනත් වටිනා දෙයක්, තාවකාලික සතුටක් වෙනුවෙන් නැතිකර ගත්තානේ කියන එක නිතර නිතර කල්පනා වෙන්න පුලුවන්.
⁃ තමන්ගෙ දිගුකාලීන අරමුණු වලට, සාර්ථක ජීවිතයක් ගත කිරීමට, දැඩි බාධාවන් ඇති වෙනවා.
⁃ යම් යම් දේවල් වලට ඇබ්බැහිවීම් සිදුවෙන්න පුලුවන්.
⁃ ශරීර සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇතිවෙන්න පුලුවන්.
⁃ තමන්ගෙ සබඳතා වලට අහිතකර බලපෑම් ඇතිවෙන්න පුලුවන්.
⁃ වෘත්තීය ජීවිතයටම බාධාවන් ඇති වෙන්න පුලුවන්.
⁃ මූල්‍යමය වශයෙන් ගැටලු ඇතිවීම.
⁃ අධ්‍යාපන වැඩකටයුතු වලට බාධාවන් ඇතිවීම.
වගේ තවත් බොහෝ ගැටලු පුද්ගලයකුට ඇතිවෙන්න පුලුවන් මේ Instant Gratification ක්‍රියාකාරිත්වය ඔස්සේ.
දැන් අපි බලමු මේ Instant Gratification පාලනය කරගන්නේ කොහොමද කියලා.
⁃ ඔබේ මූලික අරමුණු වලට/ මූලික අවධානයට බාධා වන දේවල් හැකිතාක් ඉවත් කරගන්න පුලුවන්.
උදාහරණයක් විදිහට, පාඩම් කරන අතරතුර නිත නිත. Phone එක බලන්න හිතෙනවා නම්, phone එක නොපෙනෙන්න Cupboard එකේ දමා වහලා තියනවා වගේ දේවල් කරන්න පුලුවන්.
⁃ හැමවිටම ඔබේ පෙළබීම්/ හැඟීම් හොදින් හඳුනාගන ඉන්න.
අපි හැමකෙනෙක්ටම වෙනස් වෙනස් අසාවන්, හැසිරීම් රටාවන් තියනවා. ඒ දේවල් වලට හිතුමතේ දේවල් වීමට නොදී අපි අවබෝධයෙන් ඉන්න ඕන, හොදින් අවධානය දෙන්න ඕන, අපිට කරන්න හිතෙන්නේ මොනවාද කියන එක ගැන. මොකද සමහර අයට හිතන එන එන දේවල් කළාට පස්සේ තමයි තේරුම් යන්නේ , "අහ් තමන් එහෙමත් කළාද කියලා...
⁃ හිතට එන දේවල් ක්‍රියාත්මක කරන්න කලින් ටිකක් ඉන්න.
හිතන්න සාප්පු ගිහින් එක එක දේවල් ගන්න හිතෙනවා කියලා. හිතුන ගමන් ගන්නේ නැතිව ගන්න කලින් හිතන්න, " මම මේ ඇත්තටම මට අවශ්‍ය දෙයක්ද ගන්න යන්නේ.." ඒ විදිහට විවිධ විවිධ අවස්ථාවන් වලදී තමන්ට හිතෙන දේවල් කරන්න කලින් ටිකක් ඉදලා කල්පනා කරන්න.
⁃ ඔබ ඔබටම සීමාවන්, නීතීන් පනවා ගැනීම කරන්න පුලුවන්.
⁃ තමන්ගෙ අනාගත අරමුණු ගැන නිතර සිතේ තබාගන්න. ඒවා වෙනුවෙන් උද්‍යෝගිමත් ලෙස වැඩ කරන්න. එතකොට තාවකාලික දේවල්/ ක්ෂණික දේවල් හබා යන එක අඩුකරගන්න පුලුවන්.
⁃ තාවකාලික සතුටු දේවල් වෙනුවෙන් කාලය යොදවන එක හැකිතාක් සීමා කරගන්න.
⁃ තමන්ගෙ සිතට එන හැඟීම් පාලනය කරගන්න පුරුදු වෙන්න.
⁃ තමන්ගෙ ජීවිතය හොදින් ගතකිරීමට සහය වන පිරිසක් සමීප කරගන්න.
Instant Gratification පාලනය කරගන්න ඔබට ඒ වගේ දේවල් කරන්න පුලුවන්.
නමුත්, තමන්ටම හිතලා පාලනය කරගන්න, ක්‍රියාමාර්ගයන් ගන්න බැරි තත්ත්වයක් නම් ඔබට හෝ ඔබ දන්නා අයෙකුට හෝ තියෙන්නෙ, තමන්ට ගැලපෙන ආකාරයට මනෝ උපදේශන සහය ඔබට හෝ අදාළ පුද්ගලයාට ලබාගැනීම සිදුකරන්න පුලුවන්.
(මේ මම කතා කරපු Instant Gratification එකේ ප්‍රතිවිරුද්ධ එක තමයි Delayed Gratification කියන්නේ. ඊළඟ ලිපියෙන් අපි ඒ ගැන කරුණු දැනගමු.)
©Avishka Sathsara Piyumal