IELTS (Academic)

IELTS (Academic)

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰



IELTS කරන්න ඉන්න, IELTS ගැන හොයන, IELTS වලට බයේ ඉන්න, හැමෝම වෙනුවෙන්, IELTS කරපු කෙනෙක් හැටියට මගේ අත්දැකීම් සහ මම කරපු දේවල් මම මේ ලියන්නේ.

IELTS exam එක ඔයාට කරන්න පුළුවන් ප්‍රධාන ආයතන දෙකක් තියෙනවා. ඒ, IDP Education and British Council. මේ ආයතන දෙකෙන්ම ඔයාට IELTS exam එක දෙවිදිහකට කරන්න පුළුවන්. ඒ, Paper Delivered and Computer Delivered IELTS.

මම මාස 6කට විතර කලින් කලේ IDP එකේ computer delivered IELTS. හරියටම මාසයක් self study කරලයි මම exam එක කලේ. මගේ overall score එක 7.0.

Paper delivered එකට වඩා computer delivered IELTS වල මම දැකපු වාසි ගැන මම වෙනම post එකක් ලියන්නම්. Computer Delivered IELTS ගැන වැඩි විස්තර මෙතන තියෙනවා - click here

ඉතිං මට මුලින්ම කියන්න තියෙන්නේ, යම් මට්ටමක ඉංග්‍රීසි දැනුමක් ඔයාලටත් තියෙයි නම් තවත් සල්ලි වියදම් කරගෙන class වලට ගිහින් ඔලු නරක් කර ගන්නේ නැතුව තනියෙන් මහන්සි වෙලා බය නැතුව exam එක කරන්න. Class යන්න ඕනීමනම් Writing module එකට විතරක් උදව්වක් ගන්න, මොකද ඇත්තටම writing ඒ දැනුමක් තියෙන කෙනෙක් ලවා check කර ගන්න වෙනවා තනියෙන් අපිට ඒක කර ගන්න බැරි නිසා.

---------------------------------------------------------------

#Reading - Reading මගේ band score එක 8.5

මේ band score එක ගන්න මම කලේ හරියටම timing තියලා Cambridge 10 හා 15 කියන පොත් දෙකේ reading activities ටික practice කරපු එක විතරයි. ඔයාලටත් Cambridge පොත් ටිකේ activities ටික practice කලානම් හොඳටම ඇති reading වලට. Timing තියලා අවංකවම ඒ වැඩේ කරන්න. Time එක තමා වැදගත්ම.

Cambridge පොත් 1 - 16 වෙනකන් ඔක්කොමගෙම reading activities ටික මෙතනින් ඔයාලට practice කරන්න පුළුවන් - click here

- මම හැමවෙලේම විනාඩි 10ක් කලින් reading paper එක ඉවර කරන්න පුරුදු වෙලා හිටියා, ගෙදරදි practice කලේ ඒ target එක තියාගෙන.
- Reading module එකේදි හැම වෙලේම question එක මුලින් කියෝලා ඒකට අදාල answer එක ඊට පස්සේ paragraph එකෙන් හොයන්න, ඔයාට වෙලාව ඉතුරු කර ගන්න පුළුවන් එහෙම.
- ගොඩක් අයට paper එකේ paragraphs වල තියෙන ගොඩක් දේවල් තේරෙන එකක් නෑ සම්පූර්ණයෙන්ම, මටත් එහෙමයි, හැබැයි මම මට තේරෙන එක වචනයක් හරි අල්ලගෙන උත්තරේ හොයා ගන්න හුරු වෙලා හිටියා.
- Reading paper එක කරන්න තව Tips කියා දෙන lessons YouTube එකේ ඔයාට හොයා ගන්න පුලුවන් වෙයි

---------------------------------------------------------------

#Listening - Listening මගේ band score එක 7.5

Listening වලටත් මම practice කලේ Cambridge 10 හා 15 කියන පොත් දෙකේ activities ටික සහ YouTube එකේ හම්බුන කිහිපයක් විතරයි

Cambridge පොත් 1 - 16 වෙනකන් ඔක්කොමගෙම Listening activities ටික මෙතනින් ඔයාලට practice කරන්න පුළුවන් - click here

- Listening වලදි වැදගත්ම දේ තමා අපේ අවධානය. Paper එක කරන් වෙලාවට එක තත්පරයක්වත් paper එකෙන් එහා දෙයක් නම් හිතන්නම එපා. සම්පුර්ණයෙන්ම recording එකටයි, questions ටිකටයි ඔයාගේ අවධානය දීගෙනම ඉන්න. මම listening වලට target කරගෙන හිටපු score එක 8.5 or 9.0, ඒත් exam එක වෙලාවෙදි මගේ අවධානය තත්පර ගාණකට නැති උන නිසයි මගේ score එක 7.5 වලට අඩු උනේ. මගෙ අතින් උන ඒ වැරද්ද ඔයාලා අතින් වෙන්න දෙන්න එපා.
- Test එක අතර මැදදි ඔයාට questions කියෝ ගන්න දෙන පොඩිම පොඩි වෙලාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. හැමවෙලේම recording එක play වෙන්න කලින් ඔයාට ඉස්සරහට කරන්න තියෙන questions හොඳට කියෝ ගන්න.
- Listening paper එක කරන්න තව Tips කියා දෙන lessons YouTube එකේ ඔයාට හොයා ගන්න පුලුවන් වෙයි

(ඔය Reading සහ Listening වලදි මම Cambridge 10 සහ 15 කියන පොත් දෙක විතරක් practice කලා කියලා තියෙන්නේ, මම කරනකොට මට හොයා ගන්න පුලුවන් උනේ ඒ පොත් දෙක විතරක් නිසා. ඔය මම දීලා තියෙන ලින්ක් එකෙන් ඔයාලට ඒ පොත් 16ම කරන්න පුලුවන්. ඒ නිසා පුලුවන් තරම් practice කරන්න)

---------------------------------------------------------------

#Writing and #Speaking - පිළිවලින් මගේ band score එක 6.0 සහ 6.5

මේ modules දෙකේම මම 7.0 වගේ score එකක් බලාපොරොත්තුවෙන් හිටියත්, මේ දෙකම මට අඩු වෙන්න ලොකුම හේතුව උනේ මම practice නොකරපු එක. ඒ වැරද්ද ඔයාල කරන්න එපා. Reading and Listening වගේම මේ module දෙකත් හොඳට practice කරන්න.

Writing module එකට මේ websites ඔයාට ගොඩක් උදව් වෙයි.
www.ielts.org
www.english-test.net/
www.ielts-blog.com/
www.ieltsliz.com
www.ieltsadvantage.com
www.ieltsbuddy.com
www.bestmytest.com/
www.ieltsjacky.com/

Speaking module එකට මේ YouTube channels ඔයාට ගොඩක් උදව් වෙයි.
IELTS Daily

AcademicEnglishHelp

Ross IELTS Academy

BestMyTest

---------------------------------------------------------------

එහෙනම් අන්තිමටම මට කියන්න තියෙන්නේ, හොඳට practice කරන්න, බය නැතුව exam එක කරන්න.

එක්කෙනෙක්ට හරි මේ මම ලියපු එක වචනයක් හරි උදව්වක් උනානම්, මට එච්චරයි වටින්නේ.

ජය හැමෝටම.

කමෙන්ට් සෙක්ශන් එකෙත් පොඩි තෑග්ගක් තියෙ ඒකත් බලන්න😜

Follow and share us on tg 🖤✋

Littlesecret

Report Page