I Love You
Aυƚԋσɾ Mσσɳ 🌙✍
(කෙටිකතාවකි)

"මොකක්ද බන් අදත් රතු බත් ද?"
කන්න තිබ්බ ආසාව පෑල දොරෙන් පැනලා ගිහින්..
බඩගින්න වාෂ්ප වෙලා මගේ මුණ හෙන ගැහුවා වගේ හතරැස් වෙන්න මහ වෙලාවක් ගියේ නෑ..
"උඹ කන්න අකමැති වුණාට මම මක් කරන්න මම ආසම රතු බත් කියලා උඹ දන්නවනේ.."
දිගට හරහට වචන කියන්න කටට ආවත් කරබගෙන බත් එකට ඔලුව ඔබා ගත්තා..
කෑම එක දකිද්දී ඉස්සරහ ඉන්න ගෑනු පරානේගේ ඔලුවේ බත් එක හලන්න හිතුනත් කරබගෙන බත් එක දිහා බැලුවා..
රතු කැකුළු බතට,සම්බෝල හදලා, පරිප්පු තෙම්බරාදු කරලා,සෝසේජර් හදලා,පපඩම් බැදලා තිබ්බා..
කියන්න තරම් වරදක් නෑ..
රහත් හොදයි..
ඒත් මං කැමති සුදු බත් කන්න..
රතු බත් කන්න මම පොඩි කාලේ ඉදලා ආස නෑ..
නිකන් ගිලෙන් නෑ ගිලෙන් නෑ වගේ දැනෙනවා...
බත් එකට ඔරව ඔරව මං බෙහෝම අමාරුවෙන් කන්න ගත්තේ ලොකු වතුර ජොගුවකුත් ළග තියාගෙන..
වතුර බිලා හරි ගිලිනවා..
ජිවත් වෙන්න කන්න එපැයි...
මට ඉස්සර ඉදගෙන ඉන්න ගෑනු පාරානේනම් රහ කර කර කනවා..
කැම්පස් ජිවිතේ දෙවනි අවුරුද්ද මේ විදිහට ගෙවිලා යද්දී..
මායි මගේ යාළුවා හිරුන්දි බෝඩිමේ උයාගෙන පිහාගෙන එසයිමන්ට් අස්සේ හිරවෙලා..
සින්නෝ,ජුන්නෝ අපේ බැජාලා එක්ක ම..
ජිවිතේ ගත කර කර ඉන්න ගමන් හිටියේ..
අනේ මන්දා ඇති දේකුත් නෑ නැති දේකුත් නෑ වගේ තමයි..
බොහෝම අමාරුවෙන් බත් එක ගිල ගත්තා..
ඉළග පාර නම් බෝඩිමට බඩු ගේද්දී මං විතරක් යනවා..
කතා දෙකක් නෑ රතු හාල් ගෙන්නෑ..
එහෙම ගෙනල්ලා ඒවා කාලා කාලා මට අඩු සීනි කාරයෙක් වෙලා අඩු වයසින් මැරිලා යන්න බෑ..
මොන කොහෙල් මලක් ද මේක...
කාලා බීලා ඉවර වෙලා මං කෙලින් ම ආවේ බෝඩිම ඉස්සරහ තියන පොඩි අඹ ගහ යටට..
කෑවට පස්සේ හෙනට දාඩියයි..
රෑ කියලා වෙනසක් නෑ..
බෝඩිම අස්සේ ඉද්දී රෝස් වෙනවා කියලා මට ම දැනෙනවා..
වොශ් දැම්මත් වැඩක් නෑ..
ෆැන් එක දැම්මත් වැඩක් නෑ..
පෝන් එක ත් අතේ ම තියාගෙන ඉයර් බග් එකත් කනට ගහලා සිංදුවක් ප්ලේ වෙන්න දාලා..
මං අඹ ගහට පිට දිලා..
එතන තියන සිමින්ති බංකුව උඩින් වාඩි වුණේ..
ලා වට මද හුළඟක් හමන් පටන් ගද්දී...
ඉස්සරහින් තියන පිහිඹිය ගහේ කොළ සිරි සිරි ගාලා හුළගට ලෙල දෙනවා..
කොන්ඩ කෑලි දෙක තුනක් හුළගට වැනෙනවා..
"ශාක්‍යා.."
හිරුන්දි කෑ ගහනම ඇවිත් මට එහා පැත්තෙන් වාඩි වුණේ මගේ ඉයර් බග් දෙක ගහවලා දාලා..
මට දැනුන මානසික නිදහස විනාස කරලා දාලා..
මං හිරුන්දි දිහා රවලා බැලුවා..
දත් තිස් දෙකම දාලා හිනා වෙනවා..
කොහෙ බනින්නද?
"මේ ශාක්‍යා...මට අදත් අයුක අයියව හම්බවුණා..පව් අනේ එයා...."
"වෙන වැඩක් ඇත්තේ ම නැද්ද හිරු ඔයා ට කරන්න.අනුන් වෙනුවෙන් ඔච්චර ආසද ණයට කහින්න.."
මගේ කටින් සුපුරුදු තැටිය ප්ලේ වෙන්න මහ වෙලාවක් ගියේ නෑ..
අයුක කියන්නේ..
අපේ කැම්පස් එකේ සින්නෙක්..
තර්ඩ් ඉයර් වල ඉන්න කොල්ලෝ..
දැන් මාස ගාණක් තිස්සේ මගේන් කැමැත්ත අහනවා..
පේන්න වරදකුත් නෑ..
කැම්පස් එකේ ඉන්න හොද කොල්ලෙක්..
බ්‍රයිටෙක්...
ක්‍රියාකාරි සමාජිකයෙක්..
ඒත් මොකක් ද මන්දාහේතුවකට මගේ හිත මාව පස්සට අදිනවා...
"පව් බන් අයුක අයියා උඹෙන් ආස්ක් අවුට් කරලා කොච්චර කල්ද ? උඹට තවම බැරිද උත්තරයක් දෙන්න.මොකද බන් ඒ මනුස්සයට ඔච්චර ලයින් දෙන්නේ.උඹ ඉස්සර ඌ පින්සේන්ඩු වෙන්න ඕන කොල්ලෙක් නෙවෙයි බව උඹත් දන්නවා මාත් දන්නවා.ඇයි බැරි ඌට එක චාන්ස් එකක් දෙන්න.."
"මම දන්නෑ.."
මගේ කෙටිම උත්තරෙන් මම හිරුන්දිට දමලා ගැහුවා..
"අයුක උඹ ගැන වුණත් කොච්චර හොයනවද ? නෝට් හොයලා දෙනවා. පේපර්ස් දෙනවා.ඌ උඹට සිරා ලව් ශාක්‍යා.."
"වෙන්න ඇති.."
"තොට කියන කට හොදයි මං ගලක උලා ගන්නවා.."
"උඹේ කැමැත්තක් අන්න අර ගල හොදයි හැබැයි.."
මම ඈතින් පේන පොඩි ගලකට අත දික් කරලා පෙන්නුවා ම හිරුන්ද මගේ පිටට දඩස් ගාලා ගැහුවා..
"ආව්..හු@## රිදුණා.."
"රිදෙන්න තමයි ගහන්න ඕනි තොපි වගේ එවුන්ට...ඇයි බැරි උඹට අයුක අයියට ආදරේ කරන්න.."
"මං දන්නෑ.."
"ප්‍රශ්න වලට උත්තර දීපන්... ශාක්‍යා..හැම ප්‍රශ්නේම මම දන්නෑ ගාලා මාරු නොවි.."
"නිකා ඉදින් බන්"
"යකෝ පව් බන් ඒ කොල්ලා.."
"මං කාටවත් බලාපොරොත්තු දීලා නෑ බන්.එයාට ඕන නම් ඕන කෙනෙක් ළගට යන්න පුලුවන්.මං කියලා නෑ මං වෙනුවෙන් බලන් ඉන්න කියලා."
"රෙද්ද..තොට කියලා වැඩක් නෑ.."
"එහෙනම් නොකියා ඉදපන් කෝ බන්.."
"උඹ මහ හිතුවක්කාර එකියක් ශාක්‍යා.."
"ඔව් මම දන්නවා.මුළු සංසාරේම අනිත් පැත්ත ගහලා ආවත් මම තරම් හිතුවක්කාර කෙල්ලෙක් උඹට තියා අයුකටත් හොයා ගන්න බැරි වෙයි."
"ඒ හිතුවක්කාර කමට තමයි අයුක ආදරේ.."
"ආදරේ කරන්න හේතු ඕන නෑ හිරුන්දි...ආදරේ කියන්නේ හේතු විරහිතව දැනෙන හැගිමක්.."
"උඹට ඕන අයුක ගේ හිතේ බෝම්බ පත්තු කරන්නද ශාක්‍යා.."
"ආදරේ කරන හිතක් අස්සෙ අමුතුවෙන් ක්ලේමෝ පුපුරවන් මට කිසි සේත්ම ඕන කමක් නෑ හිරුන්දි.."
"මොනවා කියනවද මන්දා උඹත්. ඔක්කොටම කලින් ඔය ලියන එකයි කියවන එකයි නතර කරපන්. එතකොට හැමදේම හරියයි.උඹේ ඔලුව විකාර වෙලා තියෙන්නේ ලියලම.."
හිනා වුණා ඇරෙන්න මම වචනයක් වත් කතා කරේ නෑ.
විනාඩි ගාණකට පස්සේ ආයම හිරුන්දි කට ඇරියේ මගේ කට කොනින් හිනාවක් මතු වෙද්දී.
"ලියන උන් කියන්නේ ම පට්ටම පට්ට අධි සංවේදි කාලාකාමී ජාතියක් ශාක්‍යා.උඹත් ඉන්නේ ඒ ගොඩේ ඒත් උඹ ඒක නොපෙන්වා ඉන්න තරම් ශක්තිමත්! ඒ උඹ ළග තියන අග්‍ර ඝනයේ හැකියාවක් ! කෙටියෙන් ම කියනවා නම් ලියන එවුන් ඕවර් තින්කින් ! උඹ බයයි බැදීම් වලට.ඒකයි අයුක අයියටත් උඹ උත්තර නොදි ඉන්නේ."
"ලියන මිනිහෙක් සංවේදි කාලාකාමීයෙක් වෙන්නේ කවුරු වෙනුවෙන්ද හිරුන්දි.ලියන වුන් එහෙම වුණේ කියවන එවුන් වෙනුවෙන්.ලියන වුන් ගේ හිත් අස්සේ තියෙන්නේ ම අධි සංවේදි කලාකාමී හැකියාවක් නම් උන් ඒ හැකියාව අග්‍ර ඝනයෙන් ම ඉස්මතු කරලා ලියන්නේ ම කියවන එවුන් ගේ පපු කැවුතු වල අධි සංවේදි තැන් හිර කරලා අමු අමු වේ මරා දාන්න.කියවන එවුන් ගන්න හුස්ම පවා මොහොත කට අමතක කරන්න.ලියන වුන් සංවේදි වුණේ උන්ගේ වුවමනාවට ම නෙවෙයි. ඒක උන්ගේ වරදකුත් නෙවෙයි.ලියන වුන් පට්ටම විදිහේ සංවේදී කාලාකාමියෝ වුණේ උඹ අපි වගේ කියවන උන් වෙනුවෙන් ම විතරයි."
"මට ඕන උත්තරේ තාම උඹ දුන්නෑ ශාක්‍යා.."
"මම අයුකට ආදරෙයි.මට හෙට එයාට ඒක කියනවා."
එච්චරයි අපේ කතාවට සමු දීලා මං එතනින් නැගිටලා එන්න ආවා.
පොන් එක අතට අරන් මං අයුකට මැසේජ් එකක් දාලා හෙට හවස 4 ට සයිවර් නානා ගේ කොත්තු කඩේ ගාවදි අපි හම්බ වෙමු කියලා මැසේජ් එකක් දැම්මා.
ලෙක්චර්ස් ඉවර වෙලා මම පහුවදා හවස ගියේ අයුක අයියව හම්බ වෙන්න.
මං යද්දී එයා ඉන්නවා.
පොන් එකත් ඔබ ඔබ සයිවර් නානා ගේ කොත්තු කඩේ ඉස්සර හ බයික් එකට හේත්තු වක් දාගෙන,
අනේ මන්දා මට ම තේරේන්නෑ.
යකෝ ආදරේයි කියලා කටින් කියන එක මෙච්චරටම අමාරුද?
ලොකු හුස්මක් පාත දාලා..
සයිඩ් බෑග් එකේ පටිය අතට හිර කර ගත්තා.
අර කතා වල තියනවා වගේ බඩේ සමනල්ලු පියාඹන හැගිම දැනුනේ නැති වුණත්..
හිතේ බයක් තියනවා කියලා මට ම දැනුනේ..
වෙනදට වඩා පපුව හැගෙන වේගේ දෙගුණ වෙලා වගේ මට ම දැනෙද්දී..
හිරුන්දි මම මෙතනට එන්න කලින් කියපු දේවල් එකක් වත් මගේ ඔලුවට ගියේ නෑ..
අරම කියන්න මෙහෙම කියන්න කියන්න කියලා..
දහසකුත් දේවල් කිව්වත්..
එක මගුලක්වත් ඒ වෙලේ මගේ ඔලුවට ප්‍රොසෙස් කර ගන්න බැරි වුණා...
එවලේ මම හිටියේ මගේ ම මනෝ ලොකේ ම අතර මං වෙලා..
අඩියෙන් අඩිය අයුක ට ලං වෙද්දී..
මගේ කන් දෙකත් රත් වෙනවා වගේ දැනුනා..
කොච්චර හිතුවක්කාර දඩබ්බර කෙල්ලෙක් වුණත්..
මේ මොහොතේ නම් ඒ හිතුවක්කාර කම් දඩබ්බර කම් පැල දොරෙන් පැනලා ගිහින්..
"ශාක්‍යා.."
මාව දැක්ක ගමන් අයුක අයියා ලස්සනට හිනා වුණා..
මට ආපිට හිනා වෙන්නත් බෑ බෑ වගේ..
"මොකෝ අද කටර් එක වැහිලා.."
අයුක අයියා මගේ න් එහෙම අහද්දී මං යන්තම් හිනා වුණා..
ඇත්ත..
ඇත්ත..
වෙනදා ට නම් මගේ කට කටර් එකක් වගේ වැඩ..
ඒත් අද ඒ කට වැහිලා ගිහින්..
"මොකෝ නංගා..මට එන්න කිව්වේ.."
"මේ..මේ.."
කරුමෙක මහත වචනත් අමතකයි..
එහා පැත්තේ සයිවර් නානාගේ කොත්තු කඩේ කොත්තු ගහන සද්දේ ඇහෙනවා...
සැක්...
"මේ..නිකන්..අයියේ...පො...පොතක් ඉල්ල ගන්න.."
"මං හිතුවා සුභ ආරංචියක්වත් ද කියලා..."
"මොන සුභ ආරංචියක් ද ?"
"නංගී දන්නවනේ මං බලාපොරොත්තු වෙන උත්තරේ..."
"ආහ්..ඔව්..ඔව්..."
"මොකක්ද පොත..."
"මේකයි අයියේ..මං කියන්න ආවේ ඇත්තමයි...මං මං..."
"ඔව් ඔයා.."
අනේ දෙවියනේ ආදරෙයි කියලා මුණ බලාගෙන කියන එක මේ හැටි අමාරුද?"
"මං..මං කොත්තු වලට හෙන ආදරෙයි අප්පා..."
යකෝ ඒ මොකක්ද කටින් පැන්නේ...
"මොකක්?"
"ඇත්තටම මේකයි අයියේ ඔයත් මට කොත්තුවක් වගේ.."
මං කියපු දේ තේරුම් ගන්න බැරුවද නැත්තම් තේරුම් ගත්තද මන්දා.
අයුක අයියා ඇස් දෙක ලොකු කරගෙන මං දිහා බලන් ඉන්නවා...
"ඔයා..ඔය...කියන්නේ..නංගි...තමුසේ මට ආදරේ කියලද?"
ඔය තේරුණේ පොරට ගොනා ට වගේ..
මමත් මොකාද එකා වගේ ඔලුව ඉහළ පහළ දැම්මා...
"අඩේ නංගී..මට හිතා ගන්න බෑ ඕයි...මං නම් කීයටවත් හිතුවේ නෑ..ඔයා මේ වගේ තැනක මේ වගේ විදිහට මට ආදරෙයි කියලා කියයි කියලා..මෙච්චරට ම මිනිස්සු ගැවසෙන කොත්තු කඩයක් ඉස්සරහ. ඕහ්..නෝ..."
අයුක අයියා පිස්සෙක් වගේ කියවනවා....
"ඒයි..ඒයි කොත්තු වලට අපහාස කරන්න එපා.කොත්තු ආගමක් නම් මම ඒ ආගම අදහන බැතිමකෙත්!"
" මගේ පිස්සු කෙල්ල! මට මාර සතුටුයි නංගා...මට නටන්න හිතෙනවා ඕයි..."
"I love you මගේ කොත්තු..."
අයුක අයියා මහ පාර ගාවම මාව චුරු වෙන්න වැළද ගත්තේ මං එයාට මගේ අතේ තියන හැගිම ආය ආයම කියද්දී..
"මාත් ආදරෙයි මගේ හිතුවක්කාරිට..."
ඒ මුහුදු නිල් පාට ඇස් වල සතුටට ද මන්දා කඳුලු දිලිසෙනවා.
මං හැමදාම ආදරේ කරපු ඒ නිල් පාර ඇස් අස්සේ අතරමං වෙලා ම බලන් හිටියා.
ඒ මුණ දිහා ම බලාගෙන මං එක දෙයක් හිතුවා.
"" ඉස්සරහට මොන ප්‍රශ්න ආවත් මම තරම් හිතුවක්කාර වෙලා ආදරේ කරන්න ඔයාට නම් බැරි වෙයි මගේ අයියේ..""
______________________________________________________________________
Thank you very much to everyone who read this story.