I AM LATE 🥀🤍

I AM LATE 🥀🤍


Aυƚԋσɾ Mσσɳ 🌙✍ 

(කෙටිකතාවකි)

කවදාවත් කාටවත්ම පුරවන්න බැරි හිස් තැනක්...🥀💗



රිදුමන් (Reply Story)


කාව්‍යා නැතිවුණ දවසෙන් පස්සේ අකිල්ගේ ලෝකය නැවතිලා වගේ එයාට දැනුනා...

දවසක් ගියා…

දෙකක් ගියා...

තවත් දවසක් ගියා…

එකින් එක දවස් ගියා

ඒත් අකිලට කාලය ගමන් කරනවා කියලා දැනෙන්නෙනෑ..





🥀🤍



කාව්‍යා මිහිදන් කරපු තැනට ඔහු නැවත නැවත යනවා...

නිති පතා යනවා..

“ඔයා… මෙතනින් ඉස්සරහට යන්න ඕන…”

මිනිස්සු කියනවා...

ඒත් ඔහුට ඒක කරන්න බැහැ...

ඔහු හිතනවා...

“මම ඉස්සරහට ගියොත්…ඇය ඉන්නෙ කොහෙද…?”



🥀🤍



එක දවසක අකිලට කාව්‍යාගේ බැග් එකක් හම්බ වුණා...

ඒක ඇය ඔහුව බලන්න ආ අන්තිම දවසේ තිබුණ බැග් එක..

ඒක ඇතුලේ තිබුණේ පොඩි diary එකක්...



🥀🤍



ඔහු ඒ diary එක විවර කළා…

ඇගේ දිගැටි අකුරින් පළවෙනි ම පිටුවේ ලියලා තිබ්බා..

“මට ආදරේට බයයි…ඒත් මට ආදරේ නැතුව ඉන්නත් බැහැ…”



🥀🤍



ඔහු එකින් එක පිටු පෙරලනවා…

“අකිල් අද මං එක්ක හිනා වුණා…මට දැනෙනවා මම ආයම හුස්ම ගන්නවා කියලා …”



🥀🤍


ඔහු තවත් පිටුවක් පෙරලුවා

“ඔහු reply නොකරන වෙලාවට මගේ හදවත මගෙන් අහනවා.ඔයත් මාව දාලා යනවා නේද කියලා"

අකිල්ගේ ඇස් වලින් කඳුළු එකින් එක වැටෙනවා…



🥀🤍


ඔහු තවත් පිටුවක් පෙරලුවා

අන්තිම පිටුව !

ඒ පිටුව ළග ඔහුගේ ඇස් නතර වුණා..



“අකිල් ඔයා මේක කියවන්නෙ නම් සමහර විට මම ඔයා ළග නැතුව ඇති මට කවදාවත් ඔයාට වෛර කරන්න බැහැ.මට පුළුවන් එකම දේ ඔයාට ආදරේ කරපු එක මතක තියාගන්න එක විතරයි.එත් මට බයයි ! මම නැති වුණාට පස්සේ ඔයාට මාව මතක් වෙයි කියලා…”




🥀🤍


අකිල් diary එක තදින් අල්ලගෙන අඬනවා…

“මට ඔයා අමතක වෙන්නේ නෑ.එක දවසකටවත් !…”



🥀🤍



දවස් ගානකට පස්සේ

අකිල් පෝන් එක ඕන් කරනවා…

ඔහුට කෙටි පණිවිඩයක් එනවා.

කාව්‍යාගේ අතින් ආව අන්තිම කෙටි පණිවිඩය !

“මට බයයි අකිල්… මාව නැවත බිඳන්න එපා…”

ඔහු කෙටි පණිවිඩයක් ටයිල් කරනවා…

“Sorry…මේ පාර මම ඇත්තටම ඉන්නවා…”

ඒත් ඔහු කෙටි පණිවිඩය Send කරන්නේ නැහැ.




🥀🤍



ඔහු කාව්‍යාගේ photo එකට බලලා කියවනවා

“ඔයාට බය වෙන්න කිසිම දෙයක් නෑ කියලා මම කියන්න ඕන වුණා…ඒත් මම ප්‍රමාද වුණා කාව්‍යා…”



🥀🤍



කාලේ ගත වෙනවා අකිල් උත්සහ කරනවා ඉස්සරහට යන්න..

ඔහු හිනා වෙන්න උත්සාහ කරනවා…

ඔහු මිනිස්සු අතර ජීවත් වෙන්නත් උත්සාහ කරනවා…

ඒත්,

ඔහුගේ හදවතේ හැමදාම හිස් තැනක් තියෙනවා...

කවදාවත් කාටවත්ම පුරවන්න බැරි හිස් තැනක්...

ඒ කාව්‍යා හිටපු හිස්තැන !




🥀🤍

රිදුමන් කතාවට ලියපු Reply Story එක!


Report Page