Hidden Princess
360°16th chapter
"රූහි කොහේද දුවේ ගියේ.. අපි හොදටම බය උනා.. රොජර් කිව්වේ ටිකක් මුහුද බලන්න ගියා කියලා. රූ මොකක් හරි ප්‍රශ්නෙකින්ද ඉන්නේ?"
"අනේ එහෙම එකක් නෑ තාත්තා. අයියව මතක් උනා..."
"හ්ම්ම්. අද එයා හිටියනම් අපිටත් වඩා එයා තමා සතුටු වෙන්නේ... "
"ඔව් පීටර්.. මගේ අසරණ කොල්ලා. කොහෙවත් යන කාලකන්නියෙක් නිසා තමා මේ සේරම... "
"අම්මා ඔහොම දුක් වෙන්න එපා. අයියා කොහේ හරි ඉදන් අපි දිහා බලන් ඇති.."
"හ්ම්ම්.."
"ප්‍රබා අද ඉදන් ඔයාට ලොකු වගකීම් ගොඩක් පැවරිලා තියනවා... මේ මුළු පව්ලම ඔයා දැන් control කරන්න ඕනි.. හොදට හිතල බලලා තීරණ ගන්න.... අපේ පව්ලේ ගෞරවය ආරක්ෂා කරන්න. මට විශ්වාසයි ඔයත් ආච්චි වගේ මේ දේවල් හොදට handle කරයි කියලා."
''බය වෙන්න එපා තාත්ත. මන් මේ දේවල් ගැන බලාගන්නම්.. මොකක් හරි අව්ලක් උනොත් ඔය දෙන්න ඉන්නවනේ "
"මේ කපටි කෙල්ල. මායි අම්මයි හිතුවේ මේ දේවල් වලින් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න. "
"එහෙම කියන්න එපා තාත්තා "
"හරි හරි.. අපි ඔයත් එක්කම ඉන්නවා. මහන්සි ඇතිනෙ ඔයාට. ටිකක් රෙස්ට් කරන්න..."
"හරි... මන් යනවා අම්මි, තාත්ති.. බායි "
දෙන්නටම යනවා කියලා මන් ආවා.. එනකොට මෙන්න රොජර් එනවා.. ටිකක් කලබල වෙලා වගේ ඉන්නේ..
"මිස් පොඩි හදිස්සියක්."
"ඔව්. කියන්න රොජර්.."
"මෙතන බෑ මිස්. අපිට සේෆ්ටි තැනක් ඕනි "
"අපි එහෙනම් ගාර්ඩ්න් එකට යන් "
"හරි මිස් "
රොජර් එක්ක මන් ගාර්ඩ්න් එකට ආවා.... ගාර්ඩ්න් එකේ සාමාන්‍යයෙන් කව්රුත් ඉන්නවා කාටත් හොයා ගන්න බෑ...
''මිස් අපි ගෙස් කරා වගේ මිස්ගේ අයියායි, ආච්චි දෙන්නගෙම මරණේ ඇක්සිඩන්ට් එකක් නෙවේ "
"What ? ඒ කිව්වේ?"
"මිස් සර් දැනගෙන ඉදලා තියනවා අනිවාරෙන්ම කොයි වෙලවක හරි අනතුරක් වෙනවා කියලා. එක තමා මිස්ගේ ලගින්ම සර් හිට්යේ..ඒ වගේම මිස්ගේ ආච්චි මැරිලා තියෙන්නේ නිකන් නෙවේ. කව්රු හරි එයාව හුස්ම හිර කරලා මරලා තියනවා.. මේ දේවල් වෙනවා කියලා මිස්ගේ අයියයි, ආච්චි දෙන්නම දැනන් ඉදලා තියනවා. ඒ නිසාම තමා එයාලගේ හැම දේපලක්ම මිස්ට දීලා තියෙන්නේ "
"මන් දැනගත්ත මේක පිටිපස්සේ මොක්කම හරි ලොකු රහසක් තියනවා කියලා... මේ ඔක්කොම දේපල ගන්න කරපු වැඩ... රොජර් ඒ මිනිහා ගැන තොරතුරුක් හම්බුනද?"
"මිස් හොයා ගත්ත විදිහට ඒ මිනිහා මේ ෆැමිලි එකේම කෙනෙක් "
"මොකක්. අපේම කෙනෙක්ද මේක කරලා තියෙන්නේ. රොජර් මේ ඔක්කොලම ගැන වෙනම ඉන්වෙස්ටිගෙෂන් කරන්න.තව මෙයාල කන්ටැක් කරන මිනිස්සු ඒ වගේම යන එන තැන් බෑන්ක් අකෞන්ට් මේ හැම දෙයක් ගැනම මට විස්තර ඕනි."
"හරි මිස්. හැබැයි අඩුම අපිට අව්රුදු දෙකක්වත් යයි. මොකද මේක හිතන තරම් ලේසි නෑ."
"මන් දන්නවා රොජර්. කොහොමහරි පුළුවන් ඉක්මනට මේ ඔක්කොම විසදගන්න ඕනි "
"මැඩම් කොහොමත් දැන් පරිස්සමින්. ඒ වගේම mister තිනෙත් එක්ක තියන කන්ටැක් අයින් කරගත්තොත් හොදයි. නැත්තම් දෙන්නටම ප්‍රශ්නයක් වෙයි. සර් මැඩම්ගේ affair එක ගැන දැනගන්න පුළුවන් "
"මාත් ඕක ගැන හිතුව. රොජර් ඔයා තිනෙත් ගැන බලන්න කෙනෙක්ව දාන්න. අපිට විශ්වාසවන්ත කෙනෙක් හැබැයි."
"බය වෙන්න එපා මිස්. ඒක ගැන මන් බලා ගන්නම් "
රෝජර් එක්ක කතා කරලා ඉවර වෙලා ආපහු මගේ රූම් එකට ගියා. කරන්න වැඩකුත් නෑ කම්මැලි අප්පා....
ෆෝන් එක අරන් සින්දුවක් දාගෙන ඇදෙන් හාන්සි උනා....
සිත් මානේ ගෑවි ඇවිත්
මල් යාය පාවී ගිහින්
බොද විද ඒ රූ සොවින්
මත් වීද ඒ පෙම් බිගුන්
නීල නෙතු මානේ සිනා පෑ ලවන්
කදුළු බිදු දෑසේ පුරා රූ ඇදන්
හීන හිත දවනා
මගේ ලඟ අදරේ සොයනා
එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී
🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
හිනෙන් වගේ කව්රු හරි කතා කරන සද්දේට මන් ඇහැරුනා... දෙයියනේ මට නින්ද ගිහින් නේ. උදේ 8ත් වෙලා....
"මිස්. ලොකු සර් මිස්ට කෑම කන්න එන්න කිව්වා "
"මන් එන්නම්."
වොෂ් එකක් දාගෙන කෑම කන්න මන් ගියා. යනකොට හැමෝම වගේ ඉන්නවා... හැමෝම කිව්වේ තාත්තාගේ මල්ලිගේ ෆැමිලි එක එහෙම..ජීවිතේට දැකල නැති මූනු තහඩු කෑල්ලක් තියනව.. මේ කව්ද?....
"ගූඩ් මොර්නින්ග් රූහි "
"ගූඩ් මොර්නින්ග් තාත්තා, ගුඩ් මොර්නින්ග් අම්මා "
"ඔයට අදුන්වල දෙන්න කෙනෙක් ඉන්නවා..."
"කව්ද තාත්තා "
ෂුවර් එකට අර මුණු තහඩු කෑල්ල ගැන ඔය කියන්න යනවා ඇත්තේ...
"මේ ඉන්නේ ඊජිප්ට් වල ප්‍රින්ස් ෆිලිප්.ප්‍රින්ස් ෆිලිප් අද ඉදන් මෙහෙ ගෙස්ට් කෙනෙක්. ඔයාට පුළුවන් මෙයා එක්ක දිගටම නතර කරපු ස්ටඩි වැඩ කරන්න.. ඔයාල දෙන්නම එකම ස්කූල් එකට දාන්න තමයි අපි හිතුවේ "
හරිනේ හරිනේ. ඔය කරලා තියෙන්නේ ශෝක් වැඩක්. මට හිතුනා මරාලයක් පාත් වෙයි කියලා. මරු අලි මදිවට කොටි.. දැන් ඉතින් නටන්න වෙන්නේ හනුමා වන්නම තමා. අනේ අපේ තාත්තට...... එක්කෝ ඕන නෑ....
"හායි ප්‍රින්සස් රහින්ය. අයිම් ප්‍රින්ස් ෆිලිප්."
"හායි."
හායි බුයි තමයි... ලගදීම නාට්‍යක් බලාගන්න පුළුවන්.. ඔව් මට පේනවා බාප්පාගේ දෝනි නැන්ද මුට කෙල හලනවා.. මරු මරු... හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙටනේ 😂...
"හායි ප්‍රින්ස් ෆිලිප්. අයිම් රහින්ය කසින් සිස්ටර්..."
"අහ්හ්. හායි "
ඒක කෙල්ලට ටිකක් ලස්සනට කියප්ම්කො. මුත් හෙන ආඩම්බරකාරයෙක් වගේ. ඔහොම ගියොත් නම් මෙදා ලොවේ අපේ ඒකිට මුව සෙට් කරගන්න බෑ..
(ඉසබෙල් තමයි කසින් සිසිටර් ගේ නම. එයා අපේ බාප්පාගේ ලොකු දුව. තව චුටි පුතෙක් ඉන්නවා බාප්පට.. ඉසබෙල් ටිකක් ආඩම්බර කෙල්ලෙක්. මෙකි මේ අබරෙන අබරිල්ලට ෆිලිප්ට කැමති කියලා කියන්න පුළුවන් අන්ධයෙක්ට උනත්👀😂...)
(ෆිලිප් ගැන කියනවනම් එයට ටිකක් කර්ලි hair එකක් තියෙන්නේ. තව ටිකක් උසයි. බළල් ඇස් දෙකක් තියෙනවා... කොල්ලා ලස්සනයි මොන නැතත්. හැබැයි මගේ හැලි වදුරා තරම් ලස්සන නෑ.. 🐵💗)
හැමෝම වගේ කාල මේසෙන් නැගිටල ගියා. මාත් ශේප් එකේ නැගිටල ගියා..
මන් ආසම ආච්චිට තිබ්බ ගාර්ඩ්න්එ කට වෙලා ඉන්න. එතන මාර නිදහස්... අයියා ඉන්න කාලේ ගොඩක් වෙලාවට මේකේ තමයි අපි සෙල්ලම් කරේ. අයියා නැති උනාට පස්සේ ගාර්ඩ්න් එක බලා ගන්න මනුස්සය ඇරෙන්න වෙන කව්රුත් ගියේ නෑ..
මන් ආසම මෙතන ඉදන් වයලින් එක ප්ලේ කරන්න.. ආච්චි ඉන්නකොට මන් චුටි කාලේ එයා ඉස්සරහ වයලින් ප්ලේ කලා...(මට වයලින් ප්ලේ කරන්නත් පුළුවන් ඈ 👀🫣)
"Mary on a cross " ඒක තමා මන් ප්ලේ කරන්න ආසම....අයියත් ඉස්සර ඒකට ගිටාර් ප්ලේ කරන්න හරි ආසයි
ප්ලේ කරලා ඉවර වෙනවා එක්කම කව්රු හරි අත්පුඩි ගැහුවා...... පිටිපස්සහ හැරිලා බලනකොට ඒ හිටියේ.......
______________________________________________________________________
කව්රු වෙන්න ඇතිද හිටියේ 👀? කියන් යමු බලන්න.....
කතාව කියවපු හැමෝටම තැන්ක්ස් 💗🐵🌻
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Written by:360°