Hidden Princess
360°7th Chapter

තිනෙත්ගෙ පැත්තෙතෙන්
හිතා ගන්න බෑ කොහොමද ඔච්චර උඹ නපුරු උනේ කියලා. එ බැන්න විඳිහට මගේ හිත හුගක් රිදුනා. මන් දන්නේ නෑ මොනවා කියන්නද කියලා. පිස්සෙක් වගේ පාරේ දුවද්දී ඔයා පස්සේ මන් ආව එක වදයක් වෙයි කියලා හිතුවේ නැහැ. මට ඕනි උනේ හැමවෙලේම ඔයා ළඟ ඉඳන් ඔයාව බලා ගන්න ඇස් දෙක වගේ. මන් අකමැති පොඩි හරි කඳුලක් ඔය ඇස් දෙකෙන් වැටෙනවට. මගේ ඇස් දෙක ඉස්සරහම ඔයා අඬනකොට බලන් ඉන්න බැරි කමට මන් දුවන් ඇවිත් කතා කලේ. මාව එච්චරටම අප්පිරියයි කියලා දන්නවනම් මන් කීයටවත් ඔයාට ලං වෙන්න හදන්නේ නැ...
ආපහු ප්රභාගෙ පැත්තේ ඉඳන්
මන් යනකොට හොඳ වෙලාවට ගෙදර කව්රුත් නැ. තිනෙත් එ වෙනකොටත් ඇවිල්ලා හිටියේ නෑ. මගේ හිතට මොකක්දෝ වගේ. මන් එයට කෑ ගැහුවා වැරදි. හෙට එක්කෝ සමාව ඉල්ලනවා. ඒත් මේ මනුස්සයා තාම නැනේ. එහෙම හිත හිත ඉන්නකොටම මෙන්න ඇස් දෙක ගිනි අරන් වගේ රතු වෙලා. මන් දිහා නොබලාම එය ගියා. ඒකට නම් චුටි හිත සිදුන.. මොනා උනත් මට මේ වෙලාවේ මන් ගැන කියලා හැමෝම අමාරුවෙ දාන්න බැ. සමාවෙන්න තිනෙත් මන් නිසා ඔයාට කරදරයක් වෙනවා බලන්න මට බැ...
මන් මේ පවුලේ කෙනෙක් නෙවෙයි කියලා කාටවත්ම දැනගන්න ඉඩ තියන්නේ නැහැ මන්. මගෙ මුලු පවුල ම නැති උනෙත් මාව බේරගන්න. මට එයාලගෙ මහන්සිය අපතේ යවන්න බැ. හරි කාලෙ ආවම මන් මුළු ලෝකෙටම හැමදේම එළි කරනවා..
______________________________________________________________________
👱🏻♀️"ලොකු නැගිටින්න ලමයෝ. School යන්නේ නැද්ද? පරක්කු වෙනවා පුතේ නැගිටින්න."
සුපුරුදු ලෙස අම්මගෙ සුමිහිරි voice එකට මන් ඇහැරුණ.
🌷"ඇයි අම්මා අප්පච්චි නැද්ද අප්පා.? මන් අප්පච්චි එක්ක යන්නම්. 😴"
👱🏻♀️"අප්පච්චිට හදිස්සි වැඩ වගයක් තියෙනවා කියලා මේ සතියේම එන්න වෙන්නේ නෑ කිව්ව. ඉක්මණට ලෑස්ති වෙන්න."
අපරාදේ අප්පච්චි හිටියනම් තව ටිකක් පරක්කු වෙලා නැගිටින්න තිබුණා. ෂික් මගේ වෙලාව හරිම නරකයි... තවත් ඇදේ හිටියොත් ජල ප්රාහාරයක් එල්ල වෙනවා කියලා දන්න නිසා මන් ඉක්මනට නැගිට්ට. මූණ හෝදලා uniform එකත් ඇදගෙන පහළට ආවේ නංගී ඉන්නවා ද බලන්න..
🌷" පොඩි නෝනා කොහෙද ඉන්නෙ මගේ සුදු මැණිකේ. මේ අක්කා ඔයාව හොයනවා. කුක්කු බෝලේ උදේම ඉස්කෝලේ ගියාද?"
👱🏻♀️"බෙරිහන් දෙන්න එපා ලොකු නංගී ගිය. බලන්න වෙලාව කීයද කියලා. 7:00 නේ. පරක්කු වෙන්නේ නැතුව බත් ටිකක් කන්න. අර ලමයටත් වෙලා යනවා නේ පලවෙනි දවසෙම."
එතකොට තාම මීටර් වුණේ තිනෙත් ඉන්නවා කියලා. අම්මට මූ එක්ක අද යන්න බෑනෙ. ඊයේ කියපුවා එක්ක රෙද්දක් ඇඳගෙන මුන දෙන්න බැනේ
🌷" මොකක් මන් දැන් දිගටම මෙයා එක්කද යන්න ඕනි. මෙක හරි අසාධාරණයි අප්පා. "
👱🏻♀️" ලොකු මේක අපේ final ඩීසීශන් එක. අද ඉඳන් හැමදාම තිනෙත් පුතා ඔයා එක්ක තමා යන්නේ. "
ආයේ මේ තීරණේ වෙනස් කරනවා බොරු. දැන් සක්කරයාගේ පුතා වයිමා ආවත් මෙච්චර තමයී.
බත් එකත් කාල අම්මට වැදලා ගෙදරින් එලියට බැස්සේ තිනෙත් මන් එනකොට ගේ හිටපු නැති නිසා. බයික් එක ලඟ එයා බර කල්පනාවක. කරන්නම් හොඳ වැඩක්.
🌷" බහ්.👻 බය උනා නේ. Good morning තිනෙත්"
🐵"අහ් නැ. Good morning"
එ කියපු විදිහ ඇල්ලුවේ නෑ. ඊයේ උන දේට upset ඇති. සමාව අරන් ෂේප් කරගන්න ඕනි. එයාගෙ අතේ තිබ්බ හෙල්මට් එක මට දාගන්න කියලා අතට දුන්නා. ඒකත් මන් දාගෙන බයික් එකට නැග්ගා. ම්හ්. පොඩි හිනාවක් වත් නැ. මගේ අතේනේ වැරද්ද. සමාව ගන්න ඕනි.
🌷"තිනෙත් මට සමාවෙන්න. මන් ඊයේ කෑ ගහපු එක වැරදි. මට සමාවෙන්න. තරහ නැ නේ"
🐵"තරහ වෙන්න අපි යාළු වෙලා හිටියේ නෑ නේ. අනික මන් ඕවා හිතේ තියාගෙන ඉන්නේ නැ."
ර් ර් ර් ර් අපරාදේ සමාව ඉල්ලුවේ. ලොකුකම තියෙන... කොහොමින් කොහොම හරි අපි school එක ලඟට ආව.
🐵"බහින්න"
🌷"ආ. හෙල්මට් එක. "
🐵 " ඇයි.? යන්නේ නැද්ද "
🌷" අපි ඒකට යමු ඉතින් ආපු එකේ"
🐵" මට එහෙම ඕනි නෑ. තමුසෙ ඕනි නම් යනවා. පොඩ්ඩක් කතා කරාම එනවා කරේ නගින්න"
🌷"මොනවද තිනෙත් වෙලා තියෙන්නේ ඔයාට? මන් එක සැරයක් Sorry කිව්වා නේ. "
🐵" අනේ මේ අයිසේ දැන් තමුසෙ school එකට ගෙනත් දැම්මේ ඇන්ටි කියපු නිසා. දැන් තමුසෙ මට වඩා ගෙන යන්නද කියන්නේ. වාතයක් වෙන්න එපා යකෝ"
මුල් ටික හින්ට් එකට වගේ කිව්වත් අන්තිම වචන ටික කෑ ගහලා කිව්වා. මට අහගන්න බැ මේ තිනෙත් ද කියලා. මගේ ඇස් දෙක දැන් කදුළු වලින් පිරිලා. කව්රුත් මට ඔය විඳිහට කෑ ගහලා නෑ. ඒ නිසා වෙන්න ඇති මට හුඟක් දුක හිතුනා. කදුළුත් පිහදන් මන් class එකට ගිය.
මම් යනකොට තිනෙත් වාඩී වෙලා ඉන්නවා. මන් දිහා ඇහැක්වත් ඇරලා බැලුවේ නැහැ. එ එක්කම වගේ මහී, තරු ආවා.
🐼"Good morning මැණිකේ"
🌷"Good morning දෙන්නටම "
😜"ප්රභා ඇඬුවා නේ ඔයා.
🌷''නෑ තරු. ඇහැට රොඩ්ඩක් ගිය. දැන් ඇහැ දනවා."
🐼"කෝ පෙන්නන්න ප්රභා. ඔයා මොනවා හරි කරගන්නවා. බලන්නකෝ ළමයෝ."
🌷"එහෙම මුකුත් නෑ මහී දැන් හරි.".
🐼"ම්ම් එහෙනං එච්චරයි. දැන් යං බෙල් එක ගන්නත් ලඟයි. "
🌷"හා යමු යමු ඉතින්"
උදෑසන වැඩසටහන ඉවර උනාට පස්සේ class teacher ආවා.
👩🏻🏫'' ලමයි අද අපිට අලුත් ලමයෙක් ඇවිල්ල ඉන්නවා. අපිට එයට එයා ගැන කියන්න කියමු නේද? "
🐵"good morning හැමොටම. මන් තිනෙත් "
👩🏻🏫"තිනෙත්. ලස්සන නමක් පුතා. හොඳයි තිනෙත් ඉස්සරහට හැම වැඩක්ම අනික් ලමයි එක්ක එකතු වෙලා සහයෝගයෙන් කරන්න ඕනි"
🐵'' හරී මැඩම්. මන් කරන්නම් "
Register එකත් මාර්ක් කරලා මැඩම් ගිය. මෙන්න යකෝ පංතියේ ඉන්න අංගනාවෝ ටික මූට පැණි හලනව . ඇත්තමයි මුන්ට දෙන්න තියෙනවානම් කනට එකක්...... අනේ ඉතින් මොකට කියනවද. මනමාලකම මුගේ. මට මොකද ඕනි රෙද්දක් කරගත්ත දෙන්...
______________________________________________________________________
හී ඕන්න දුම්න බෝනෂ්.... 👻
.
.
.
.
.
.
.
Comment කරපු නොකරපු හැමෝටම තැන්කිව් අැ ❤️🐸🌻..
Written by:360 °