Health Promotion

Health Promotion

Study with CHILL
Health Promotion

#Health_Promotion_Degree_Program_ - #Rajarata_University_of_🇱🇰


දැනට අග්නිදිග ආසියාවෙන්ම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පමණක් ම ක්‍රියාත්මක වන Health Promotion උපාධි පාඨමාලාව ගැන කෙටියෙන් නමුත්,මේ උපාධිය හදාරන්නට බලාපොරොත්තු වෙන නංගී ලා මල්ලීලා සහ විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න ඕගොල්ලො සියලුම දෙනා දැන ගත යුතුම, ගොඩාක් දෙනෙක් අහපු ම ප්‍රශ්න වලට පිලිතුරු ටිකක් සපයන්න මං හිතුවා.😌


1.Health Promotion කියන්නේ මොකක්ද ?


ඇත්තටම සරලවම මේ ගැන කියනවා නම් health promotion කියන්නේ තනි පුද්ගලයන්ගේ සහ ප්‍රාජාවකගේ සෞඛ්‍ය හා යහපැවැත්ම වැඩිදියුණු කීරිම හා සම්බන්ධ ඉතා කාර්‍ය්ක්ශම හා ඵලදායි ක්‍රමවේදයක්. ඒ වගේම රටවල් ගණනාවක් ම පිළිගෙන ඇති ප්‍රාජාමූලීක ක්‍රමවේදයක්.


මේ උපාධි පාඨමාලාව හදාරන ඕගොල්ලන්ට ප්‍රාජාවන් සහ තනි පුද්ගලයන් ට බලපාන විවිධ සෞඛ්‍ය අවශ්‍යතා සදාහා සෞඛ්‍ය ප්‍රවර්ධන උපායමාර්ග , වැඩසටහන් හා ප්‍රතිපත්ති නිර්මාණය කීරිමට හා ඒවා ඇගයීමටත් අවකාශය සැළසෙනවා.


මීටත් අමතරව ඕගොල්ලන්ට පුලුවන් ළමා යහපැවැත්ම වැඩිදියුණු කිරිම , මන්දපෝෂණය අවම කිරිම , මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරිම , බෝ නොවන රෝග වැළැක්වීම, සියදිවි නසාගැනිම් අවම කිරිම සහ ප්‍රචණ්ඩත්වය අවම කිරිම වැනි ජාතික හා ගෝලීය වශයෙන් වැදගත් වෙන ප්‍රධාන ක්ශේත්‍ර ආමාන්ත්‍රනය කීරිමටත් හැකියාව ලැබෙනවා. ඉතින් මේ තුලින් ඕගොල්ලන්ට මනුශ්‍ය සංහතියටම ලොකු සේවයක් කරන්න අවස්තාවක් ලැබෙනවා😃.


2. මේ උපාධි පාඨමාලාවේ ඉතිහාසය ගැන අහලා තියෙනවා ද?


ඇත්තටම අපේ සෞඛ්‍ය ප්‍රවර්ධන උපාධි පාඨමාලාව ලංකාවේ ගොඩාක් අයට අලුත් ම අලුත් දෙයක්. 2005 වර්ෂයේදී සෞඛ්‍ය ප්‍රවර්ධන අපේ first batch එක අරන් තියෙනවා.මුලින්ම පොල්ගොල්ලේ applied faculty එක යටතේ තිබිලා 2006 අවුරුද්ද වනවිට මිහින්තලේ ට අරන් එනවා.මුල්ම batch එකේ හිටපු සාමාජිකයන් ගණන 24 ක්.මේ වෙනකොට batches දහතුනක් විතර මේ උපාධි පාඨමාලාව හදාරලා තියෙනවා. ඒත් එක්කම passout වුනු මුලු සිසුන් සංඛ්‍යාව 350 කට ආසන්නයි.මාහාචාර්‍ය් දියනාත් සමරසිංහ මහතාගේ පූරෝගාමීත්වයෙන් තමයී මේ හැමදේම සකස් උනේ.මුලින්ම අපි biology department එක යටතේ ඉදලා මේ වෙනකොට වෙනම department එකක් විදිහට වැඩ කරනවා( Department of Health Promotion ).


3. මේ වන විට Health Promotion Degree program එක මෙහෙයවන ආචාර්ය වරු මහාචාර්ය වු කවුද ?


මේ තමයී අපේ අංශාධිපති තුමා ඇතුලු ජේෂ්ඨ කථිකාචාර්ය වරු..

👨🏻‍🎓Dr G.G.N.Duminda -Head of Department

B.A(Kelaniya) M.S.Sc(Kelaniya) M.phil.(pera) Ph.D(Colombo)


👨🏻‍🎓Dr lalith senarathna

Grade.I.chem. M.med.sci(Newcastle) Ph.D(sydney )


🧑🏻‍⚕️Dr manoj fernando

M.B.B.S.(Hons)(Colombo) M.phil.(Colombo)


ඉතිරි සියලුම lecturers ලා, temporary lecturers ලා සහ visiting lecturers ලා අපේ වෙබ් පිටුවේ ඉන්නවා .


4.මේ Degree program එකේ අපි ඉගෙන ගන්නේ මොනවාද ?


පුරා අවුරුදු හතරක් අපි ඉගෙන ගන්න දේවල් මෙතන කියන්න අමාරුයි.ඒ නිසා කුතුහලයෙන් ඉන්න ඕගොල්ලන්ට ඔන්න කෙටි විස්තරයක් තියෙනවා.


🌻Human body and mind

(Physiology, Psychology)

🌻Health and well-being

(NCD, CD, Eccd,Family well-being, Health improvement)

🌻Health promotion theories and practices

🌻Community

(Sociology, Working with communities)

🌻Research

(Research methodology, Epidemiology, Statistics)

🌻field practicals


5. Health Promotion උපාධි පාඨමාලාව හා සම්බන්ධ field practicals කියන්නේ මොනවාද ?


විෂය මාලාව න්‍යා‍යත්මකව හා ක්ශේත්‍ර ක්‍රියාකාරකම් වලින් සමන්විත වෙනවා. ක්ශේත්‍ර ක්‍රියාකාරකම් එහෙම නැත්නම් field works නිවැරැදි ව කරන්න න්‍යා‍යත්මක එහෙම නැත්නම් theory දැනුමත් ගොඩාක් උදව් වෙනවා. ඉතින් අපි මේ උපාධි පාඨමාලාව හදාරන කාලය ඇතුලත අපි අවුරුදු දෙකකට ආසන්න කාලයක් field එකක් එක්ක එහෙම නැත්නම් ගමක ප්‍රාජාවක් සමග වැඩ කරන්න වෙනවා. එහිදී අපිට ඒ ගමට ආදාලව පාසල , දහම්පාසල , සමිති සමාගම් , මව්හවුල, ළමාසමිති , වැඩිහිටි සමිති මේ හැමදෙයක් එක්කම වසර දෙකක කාලයක් එක්තරා සුන්දර නමුත් අභියෝගයකට 😌 මුහුණ දෙන්න වෙනවා.


6. Field practical වලට අදාලව අපිට මෙච්චර කල් මොනවාද කරන්න පුලුවන් උනේ?


2007 වර්ෂයේ සිට මා ලිපිය ලියන මොහොත දාක්වා මිහින්තලය අවට ගම්මාන 52 කට අධික සංඛ්‍යාවක ප්‍රාජාව සමග අපගේ උපාධි පාඨමාලාව හදාරන සිසුන් වැඩකටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ මිහින්තලේ ගම්මාන වලින් 62%ක් අපි ආවරණය කරලා තියෙනවා. අපිත් එක්කම ඍජුව ම සම්බන්ධ වෙලා වැඩකරපු පවුල් ගණන 2600කට ආසන්නයි.


☝🏻විශේෂම දේ තමයී මා ඒ සදහන් කළේ මිහින්තලේ අවට ක්ශේත්‍ර ක්‍රියාකාරකම් පිළිබදව විතරයි.ලංකාව පුරා අපි කරපු ක්ශේත්‍ර ක්‍රියාකාරකම් ගැන වැඩිදුරටත් දැනගන්න ඕනේ නම් උනන්දුව තියෙන අයට පුලුවන් අපේ වෙබ් පිටුව , facebook page එක බලන්න .👇🏻


https://www.facebook.com/101855684769422/posts/314056793549309/


7.අපේ වෙබ්පිටුව ගැන අහලා තියෙනවා ද?


ඔව් අපිට වෙබ් පිටුවක් තියෙනවා මේ හැමදේම මීට වඩා විස්තර ඇතුව එකෙන් ඕගොල්ලන්ට බලාගන්න පුලුවන් 😌

https://aps.rjt.ac.lk/department-of-health-promotion/


8. Health promotion උපාධි පාඨමාලාව තුළ අපි මෙතෙක් සිදුකළ extra curricular activities මොනවාද ?


PROJECTS, OUTREACH & TRAININGS


👉🏻Training for development of innovative youth programs on Adolescent and Youth Health – 2020


👉🏻Training sessions were facilitated by Dr. DumindaGuruge and Dr. Manoj Fernando from theDepartment of Health promotion, Faculty of Applied Sciences,Rajarata University of Sri Lanka.


👉🏻ENTERPRISE SRI LANKA -2019 ANURADHAPURA & JAFFNA

The enterprise Sri Lanka exhibition organized by the Ministry of Finance was held in Anuradhapura from the 24th to 27th July in 2019 and also in in Jaffna from 07th to 10th of September in 2019.


👉🏻TRAINING ON FIRST AID – 2019

A one day training on first aid was conducted Dr. ThilangaRuwanpathiranafrom the Ministry of Health in February 2019.


👉🏻Training program on data collection in alcohol and tobacco consumption survey – 2019


👉🏻EXHIBITION OF ITN, 2019

An exhibition was organized in Maharagama youth center in parallel to world children’s’ day by Independent Television Network (ITN).


👉🏻TRAINING PROGRAM FOR “YOWUNPURA EXHIBITION” – 2019


👉🏻Training programme on community based health promotion interventions for tobacco and alcohol prevention – 2019


👉🏻“YOWUN PURE” EXHIBITION 2018

This exhibition was held in Nikawariya in year 2018 and in Hambanthota in year 2019. Click Here…


👉🏻TRAINING ON FIRST AID – 2018


👉🏻Training program on digital data collection conducted by Plan Sri Lanka – 2018

👉🏻Training program on digital data collection was conducted for health promotion students by plan international Sri Lanka on 24th August 2018 in Colombo.


👉🏻Training programme on drug prevention for government technical officers – 2017 to 2018


9. රජරට විශ්වවිද්‍යාලය තුළ Health Promotion උපාධි පාඨමාලාව හදාරන්නේ ලාංකීය සිසු සිසුවියන් විතරමද ?


නැහැ මේ පාඨමාලාව හදාරන්න විදේශීය සිසුනුත් අපි එක්ක එකතු වෙලා තියෙනවා.

ඊට අමතරව සියයකට අධික විදේශ සිසුන් ප්‍රමාණයක් තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට අපෙන් උදව් ලබාගෙන තියෙනවා.මේ තියෙන්නේ අපිත් එක්ක දැනට වැඩකරපු , වැඩකරන විදේශීය විශ්වවිද්‍යාල කිහිපයක්


The University of Sydney

The University of Gothenburg

The University of Nanyang Technological University, Singapore,

The York University, Canada

The Keele University, United Kingdom


☝🏻ඊට ත් අමතරව විශේෂ ප්‍රවේශය යටතේ සෞඛ්‍ය ආමාත්‍ය්ංශයේ සේවයේ නිරත වන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරින්, හෙද මහත්ම මහත්මීන් දැනටමත් අපේ පාඨමාලාව හදාරමින් ඉන්නවා


10.මේ උපාධි පාඨමාලාව හදාරන , හදාරපු සිසුන් සම්බන්ධ වුනු #national_#international_conference මොනවාද ?


🗞️2017- 1st World NCD congress, Chandigarh, India


🗞️2018- Asian Pacific Conference on Tobacco or Health, Bali, Indonesia


🗞️2019-50th World Lung Health conference, Hyderabad, India


🗞️2019 - Galoya Nimna Clinical society, Ampara


🗞️2019 - 1st South East Asian Region and community physicians conference, Colombo


🗞️2019 - Rajarata International Research Conference, Anuradhapura


11. අපේ සිසු සුසුවියන්ගේ research publications තියෙනවා ද?


ඔව් විශාල ප්‍රමාණයක් තියෙනවා.

Research publication කියන්නේ මොනවාද ? ඒවා වටිනාකම කොච්චරක්ද කියාලා ඕගොල්ලො දැනටම දන්නවා ඇති.මං ඒ ගැන මෙතන සදහන් කරන්න යන්නේ නැ.අපේ වෙබ් පිටුව ට යන්න අකුරක් නෑර බලන්න පුලුවන් .


12.මෙම පාඨමාලාව හදාරපු අපේ අයට තවදුරටත් ඉස්සරහට ඉගෙන ගන්න කැමැති නම්😃 කරන්න පුලුවන් මොනවාද ?


B.Sc එහෙම නැත්නම් B.Sc (Hons) එකෙන් පස්සේ relevant academic qualifications සම්පූර්ණ කරලා තියෙනවා නම් Masters of Philosophy (MPhil) in Health promotion සහ MPhil එක සම්පූර්ණ කරලා Doctor of Philosophy ( PhD) in health promotion දක්වා යන්න අවකාශය ඔයාට හදාගන්න පුලුවන් .මේ යන ගමනට අවශ්‍ය පසුබිම දැනටමත් සකස් කරලා තියෙනවා.


ඒ විතරක් නෙවෙයි ඔයාට තව දුරටත් health promotion වලින්ම phd දක්වා යන්න ඕනේ කියාලා එකක් නැ..ඒ සදහා වෙන විෂය පථයක් ඔස්සේ උනත් ඔයාගේ උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරන්න පුලුවන්


13.දැනට මේ පාඨමාලාව හදාරපු අපේ අය දැනටමත් කරන රැකියා☝🏻 සහ කරන්න පුලුවන් රැකියා මොනවාද ?


ගොඩාක් අය උපාධි පාඨමාලාවක් තෝරන කොට විශේෂයෙන් ම හොයලා බලන්නේ job market එක ගැන.☺️


#හොදින්_මතක_තියාගන්න_ ☝🏻මේ උපාධිය නිසියාකාරව සම්පූර්ණ කරන ඕනේ ම කෙනෙක් ට පොදුවේ Bsc degree එකක් ඉල්ලන ඕනෑම ජොබ් එක්කට අයදුම් කරන්න පුලුවන් වගේම ඒ රැකියාවට අදාල අනෙකුත් සුදුසුකම් , කුසලාතා ප්‍රමාණවත් නම් නිශ්චිතවම ඒ රැකියා කරන්න සුදුසුකම් ලබනවා 😌.


අමතරව උපාධියේ අදාල සුදුසුකම් සපුරන අන්දම අනුව University staff එකටම සම්බන්ධ වෙන්න පුලුවන් 😌.


Non government organization වල දැනටමත් අපේ අය වැඩ කරනවා 😃.ඒ වගේම international non government organization වල වැඩ කරන අපේ අය ඉන්නවා .


👉🏻ADIC- Alcohol and drug information center

👉🏻Save the children

👉🏻Plan

👉🏻UNFP

👉🏻NATA


Government විදිහට ගත්තොතින් පාරිපාලන සේවයේ නිරිත වන අපේ අය ඉන්නවා

ගුරුවෘත්තියේ නියැලෙන අපේ අය ඉන්නවා

ඊට අමතරව ,🤓

👉🏻Sri Lanka research institute

👉🏻Child protection authority වගේ තැන්වලත් අපේ අය වැඩ කරනවා.


ඊට ත් අමතරව

👉🏻project officer

👉🏻Field officer

👉🏻Project evaluators හැටියට සේවය කරන අපේ අය ඉන්නවා.😌


ඒ විතරක් නෙවෙයි😊 තවත් ඕනෑ ම නම්

Research assistant , project cordinators සහ

UN volunteers විදිහට ත් තමන්ගේ රැකියා තෝරගන්න පුලුවන්.


ඒ වගේම නිසියාකාරව සම්පූර්ණ කරපු උපාධියක් තියෙනවා කියන්නේ ස්ථිර රැකියාවක් අනිවාර්යයෙන් හොයාගන්න පුලුවන් කියන එකම තමයී .😌


14. Health Promotion උපාධි පාඨමාලාව පිළිබඳ ව නිවැරැදි ම😌 තොරතුරු ලබාගන්නේ කොහොමද ?

👉🏻අපේ වෙබ් පිටුව මගින්

👉🏻අපේ facebook page එක හරහා

👉🏻අපේ වෙබ්පිටුවේ සදහන් දුරකතන අංක මගින්

👉🏻Health Promotion උපාධි පාඨමාලාව නිසියාකාරව හදාරපු ,හදාරන සිසුන් හරහා.

👉🏻 අපේ සිසුන් විසින් පවත්වාගෙන යන youtube නාළිකා හරහා


සටහන ,

තෙවන වසර ඉගෙනුම ලබන මම 😊

Dilan Udayanga


ලිපිය තවදුරටත් සාර්ථක කර ගැනිමට නන් අයුරින් සහය ලබාදුන් සියලුම දෙනාට මාගේ ප්‍රණාමය.


විශේෂ ස්තුතිය,

ජේෂ්ඨ කථිකාචාර්ය Dr.G.N.N.Duminda

කථිකාචාර්ය

Ms .C.P.Senevirathne

සහ

H.D.D.Sandanuwan

(President)(HP Society)

Report Page