Harley quinn

Harley quinn

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•°

Harley quinn කිවුවම ආයෙ කවුද ඉතින් දන්නෙ නැත්තෙ. Batman, Joker ගාවට කියවෙන අනිත් නමනෙ...😎
කෙසේ වෙතත් harley quinn කියන්නෙ DC ලගෙ එක්තරා විශිෂ්ට නිර්මාණයක්... මේකටත් විවිධ අරමුණු කිහිපයක් මුල්වෙලා තියනවා බලමුකො ඉතිං අපි ඒ ගැන...(අද පෝස්ට් එක ස්පෙශලි ගෑණු ළමයින්ට 😉)
ඒට කළින් ඔක්කොම කරන වැරැද්දක් හදලා ඉන්නම්... ඒ තමයි හාර්ලි කුයින් ලියන හැටි.
ගොඩක් අය ලියන්නෙ Harly queen(හාර්ලි ක්වීන් කියලා ) ඒත් ඒක ලියන්නෙ Harley quinn (හාර්ලි කුයින්) කියලා , හොඳේ..... 🤗

කට්ටියනම් Harley Quinn ව දකින්නෙ නිකන් ආතල් එකට ෆන් එකට හදපු පට්ට ෆන් පිස්සු චරිතයක් කියලා....
බුදු අම්මෝ යකෝ එහෙම නෑ... DC ලා ඔහොම නිකන් ආතල් එකට කැරැක්ටර් හදන ජාතියක් නෙමේ.. චරිතයක අවශ්‍යතාව හඳුනාගෙන ඒක තීරණය කරලා... භාෂා විසේසඥයෝ මානව චර්‍යා පිළිබඳ ප්‍රවීණයෝ... මනෝ විද්‍යාඟයෝ , අති දක්ෂ චිත්‍ර ශිල්පියෝ එහෙම එකතු වෙලයි මේවා කරන්නෙ..( නමුත් වර්තමානයේ ඒ තිබුණු ගුණාත්මක බව අඩුවෙලා තියනවා) 😐

හා ඇති ඇති!!... අපි මේ කෙල්ල දිහාට හැරෙමුකො...😁 DC ලා ඇයි හාර්ලි කුයින්ව හදන්නෙ.. මම කිවුවොත් ඒක හැදුවෙ ගෑනු ළමයින්ව මොරාල් කරන්න කියලා.....
උඹලා ඔක්කොම හිනා වෙයි...
නමුත් ඒක තමා ඇත්ත... ඒ කාලයේ ඇමරිකා සමාජය ගත්තොත්(කර්මාන්ත විප්ලවයට පසු යුගය).. ගෑනු ළමයින් විශාල වශයෙන් අධ්‍යාපනය හදාරන්න අරං තිබුණා.. මුදල් සඳහා තිබුණු තරඟයත් එක්ක...ඒ කාලෙ කාන්තාවන්ගෙ මිත්‍රත්වය , ආදරය වැනි සමාජීය ලක්ෂණ පිරිහුණා ඔවුන් රාමුවකට කොටු වුණා... ඒ වගේම සමාජයට පුද්ගල ඇසුරට බියවුණා... ඔය වගේ ගොඩක් ගෙවල්වලට හිරවෙලා ඉන්න ඔතෑනි හාල් කෑලි නිවැරදි විදියට ෆෝම් කරන්න මේ හාර්ලි කුයින් චරිතය හුඟක් වැදගත් වුණා...
Harley quinn story එක catagory themes තුනක් ඔස්සේ base වෙලා තමා ගොඩනැඟෙන්නේ..
*Love & sex
*freedom &behavior of a femle
* socialogy & psychology of female

එහෙනම් මිතුරනි... අපි ඒවා හාර්ලිගෙ Abilities එක්කම පැහැදිලි කරගමු....😋

⭕Making Safefull interhuman bonds - මේක තමා විශේෂයෙන් නමින් නොකියන හාර්ලි කුයින් සතු සුවිශේෂීම හැකියාව... මොකද්ද...? ඕනම කෙනෙක්ගෙ හිත දිනාගැනීමේ හැකියාව... හතුරා සමඟ වුණත් ගැටීමකින් තොරව සම්බන්ධතා ගොඩනැඟීමේ හැකියාව...හොඳට කල්පනා කරන්න. කොමික් කියවපු ෆිල්ම්.බලපු කාටූන් ඇනිමේටඩ් සීරීස් බලපු මේ ඇත්තො කවදාවත් දැකලා තියනවද... හාර්ලි කුයින්ට හතුරෙක් ඉන්නවා...?? එයාට තරහ කෙනෙක් ඉන්නවා..??. නෑ නේද..! (( හැබැයි ඉතින් Amanda Wller , Bat girl වගේ අයටනම් Harley ව වැඩිය අල්ලන්නෙ නෑ...ගෑණුන්ගෙ හැටිනෙ ඉතිං...අපිට හිතන්න පුළුවන් ,Harley ගේ writer ඒ ගැනත් හිතලයි හැදුවේ කියලා 😂🙏 ))
Sucide Squad ෆිල්ම් එකේ දකින්න ඇති හාර්ලි කොච්චර ඉක්මනින් ඒ සෙට් එකේ හිත දිනාගත්තද කියන එක... කාටවත් කතා කරන්නෙ නැති , කොයි වෙලෙත් දුම් දාන්ට තද වෙලා ඉන්න Killer Crock ට පවා කිසිම අවුලක් නැතිව කතාකරන්න හාර්ලිට පුළුවන් වෙනවා.... ( මතකනෙ killer croc ට කතා කරන්න ගිහින් captain boomarang ට වුණ දේ..... 😐)
හරි හරි මොකද්ද ඉතිං ඒකේ ආදර්ශෙ... ඉතිං හිතපංකො ඔය අපිට උඹලට හම්බෙන හාල් කෑලි කොච්චර උඩින්ද යන්නෙ කියලා ප්ණ්ඩිතයි හෙන රැස්පොට් නෙ...😒 සල්ලි ටිකක් තිබ්බම පොළවට අඩි ගානක් උඩින්‍ යන්නෙ , මිනිහෙක්ට කතා කරන්න දන්නෙ නෑ, කොටසකගෙ හෙන ගෑස් ,කොටසක් හෙන ලැජ්ජයි...
ඉතිං හාර්ලි කුයින් චරිතය හරහා රචකයා උත්සහ කරනවා.... සමාජශීලී, විවෘත හා සුහදශීලි බව ගෑනු ළමයෙක්ට ඉතා වැදගත්වන බවත් අහංකාරත්වය තවත් කෙනෙක්ගෙ අප්‍රසන්නතාවයට හේතු වන බවත් (amanda waller උදාහරණයට අරං කිව්වේ ) ගෑනු ළමයින්ගෙ හිත ඇතුලේ රෝපණය කරන්න....
(මේක මගෙ මිතුරියක් සම්බන්ධයෙන් අත්දැකලා තියනවා.එකපාරක් එයා.... ආ නෑ එක්කො ඔන්නෑ වල්පල් 😐😣)

⭕Joker & Harley Love
ජෝකර් හාලි ආදර සම්බන්ධය.. මේක පැති දෙකක් ඔස්සෙ මිනිස්සුන්ගෙ ඔළුවලට පණිවිඩ කිහිපයක් දෙනවා...
1- කෙල්ලොන්ට අනවශ්‍ය ප්‍රමාණයට නිදහස හම්බුණාම මොකද වෙන්නෙ කියන එක පෙන්වනවා.

"""නිදහස දුන්නම තමන්ට තමන්ගැන තීරණ ගන්න පුළුවන් , මම අනිත් කෙල්ලො වගේ නෙමේ මම වෙනස් , කුඩු කාරයා ගංජාකාරයා ගාව තියන හොඳ ගති වෙන අයගාව නෑ 😂🤙""
කියලා කොහෙ හරි යන රස්තියාදු කාරයෙක් එක්කසෙට් වෙනවා ඉතිං සතියෙන් දෙකෙන් කෙල්ල ගෑනියෙක් වෙනවා.. ආපහු හැරීමකුත් නෑ... ඔන්න එකක්.

2. ඒ වගේම ආදරය රඳාපැවතිය යුත්තේ ආදරයේ අවශ්‍යතාවය මත මිස වෙන කිසිම හේතුවක් මත නොවිය යුතුබවත් පෙන්වනවා
(කෙල්ලො මොකද කරන්නෙ හානේ එයා හැන්ඩ්සම්, එයාට සල්ලි තියනවා ඒක හින්දා මෙයා එක්ක සතුටෙන් ඉන්න පුළුවන් කියලා එහෙම අය එක්ක යනවා හැබැයි සතුට ටික කාලයකට විතරයි ). හැබැයි ආදරය වෙන ඒවා මත Depend නොවී තියනවනම්.. ඒ සතුට හැමදාම තියනව. ඔන තව එකක්

එතකොට හාලිකුයින් කරලා තියෙන්නෙ හරි දේද වැරදි දේද, එයා කොහෙවත්‍ යන අපරාධකාරයෙක් එක්ක යාළුවුණා ඒක වැරදි, ඒත් එයා හරි විදියට ආදරේ කරා ඒක හරි, හිතාගන්න බෑනෙ....!
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
ජෝකර් හාලි කුයින්ව කීපවිටක්ම මඟාරිනවා නමුත් හාලි එයා පස්සෙන්ම එනවා. ජෝකර් කියනවා අතාරින්න කියලා හාලි පැහැදිලි කරනවා ඔහු තමා ඇයට ඉන්න එකම සුදුස්සා බව.sucide squad ෆිල්ම් එකේත් හාලි කුයින් කියනවා .. ජෝකර් අපරාධකාරයෙක් වීම ප්‍රශ්නයක් නොවේ කියලා..

#අන්න එතනයි තේරුම් ගන්න ඕන....ආදරය කිරීමේදි පුද්ගලයා කවුරු උනත් අපිට ආදරය කරන්න පුළුවන් , ආදරය අවශ්‍යතාව සම්පූර්ණ කරන්න පුළුවන් , තමාව සම්පූර්ණ කරන්න පුළුවන් නියම සුදුස්සා තෝරාගත යුතු බව මේකෙන් පැහැදිලි කරනවා

⭕Self defence ( ආත්මාරක්ෂාව)-
ආත්මාර්ක්ෂාව කියනකොට ඇඟපතට වෙන හානි විතරක් නෙමේ ආත්ම ගරුත්වයයි ඔක්කොම... අපි බලමු හාලි නඟා කොහොමද ඒක කරේ කියලා...
හාලි කුයින් කියන්නෙ ජිම්නාස්ටික් ශූරියක් හැබැයි එයාට මාශල් ආර්ට් ඇබිලිටීස් තියනවද සඳහනක් නෑ..කෙසේවෙතත් ඇය බුද්දිමත්ව හා දක්ෂ ලෙස ආරක්ෂාව සපයාගන්නවා.. කෙල්ලෙක්ට සලසගන්න අමාරුම දේ.. ලිංගික ආරක්ෂාව.. කොච්චර දරුණු පිරිමි එක්ක හිටියත් ඒ වගේම එයා sexy වුණත් වටේ යන බඩුවක් කියන ලේබල් එක නොවැදී ඉන්න තරම් එයා දක්ෂ වුණා...
හාර්ලි කුයින් ගැන බැලුවොත් එයා වැඩිපුරම ආශ්‍රයට වැටෙන්නෙ පිරිමි අය එක්ක. Assault , deadshot ,captain boomarang. නමුත් එයාලා එක්ක සීමාවක් ඇතිව කටයුතු කරන්න හාලි කුයින් පෙළඹෙනවා.. කවුරුත් හාලි කුයින්ව කොච්චර ළඟින් ආශ්‍රය කරත් එයාල එක්ක ප්‍රශ්නවලට පැටලෙන්නෙ නෑ... විශේෂයෙන් ලිංගික ප්‍රශ්න. Comic bookවලදි babara gordon , star fire , felicity , black canary , killer frost වගේ අය වටා ගොඩක් මේ ලව් කේස් sex කේස් නිසා ප්‍රශ්න ඇති වෙනව නමුත් හාලි කුයින් වටා එහෙම එකක් නෑ..
▶️(( batman assult in arkam animated movie එකේ sex scene එකක් තියනවා. නමුත් ඒක ඩිරෙක්ටට හිතිලා දාපු දෙයක් 😠😡))))
මෙතනින් ආදර්ශයක් දෙනවා ආරක්ෂාව පතා තම නිදහස බුක්ති නොවිඳ මුළුගැන්වී සිටිනවාට වඩා නිදහස වඳිමින් බුද්ධිමත්ව උපායශීලීව කටයුතු කිරීම කාන්තාවකට වැදගත් කියලා... ආදර්ශයක් නෙමේ ඒක විය යුතු ආකාරයත් harley quin comic books හරහා කියවෙනවා...කියවලාම බලන්න ඕන.

⭕Working with batfamily - injustice කතාමාලාවෙ දකින්නට ලැබෙනවා ජෝකර්ගේ මරණයෙන් පසු බැට් ෆැමිලි එකට හාලි කුයින් බැඳෙන හැටි... මේ කතාවනම් ලියන්නෙ පරණ රචකයා නොවුවනත්... එයත් මේකෙන් දෙයක් අපිට පෙන්නනවා... කෙනෙක්ට තමන් කරපු වැරදි අතෑරලා ඔනෑම මොහොඅතක අවස්ථාවක් තියන බව... මෙතන අපි මුලින්ම කතා කළ harley queen ability එක (making successful interhuman bonds ) පෙන්නුම් කරන තවත් තැනක්... කිසිවක් විශ්වාස නොකරන බැට්මෑන් හාලි කුයින් නැමැති අපරාධකාරිය තමන්ගෙ කණ්ඩායමට බඳවාගන්නවා... amanda waller පවා මේ ගැන පුදුම වෙනවා.. batman වගේ තද bro කෙනෙක්ගෙන් සමාව හම්බුණා කියනකොට.

ඊට අමතරව හාලි කුයින්ගෙ චරිතයෙන් දකින්න පුළුවන් විශේෂ ලක්ෂණ කීපයක් විදියට සැහැල්ලු හා ප්‍රීතිමත් ස්වභාවය , පළිගැනීමේ චේතනාව, වෛරය නොමැති වීම, අනවශ්‍ය ලෙස නොසිතීම,පසු නොතැවීම, විවෘතස්වභාවය දකින්න පුළුවන්.. නැවත නැවතත් අපිට හාලි කුයින් හරහා දකින්න පුළුවන් 50 දශකයේ කාන්තාවකගෙ ප්‍රතිවිරුද්ධ පැතිකඩ...

Uditha rajapaksha

ගිහින් එන්නම්
#WAYNEOriginal


Report Page