Happy Birthday hiru😋
Neth & chamu🎂🎂
යාලුකමකට සීමා නොවිච්ච
ලස්සනම බැදීමක්..
ජීවිතේ ලස්සන කරන්නම ආපු
ආදරණීයම සහෝදරියක්...
ගව් ගානක් දුරින් හිටියත්
හැම මොහිතෙම ළග වගේ දැනෙන
සහෝදර සෙනෙහසක්...
සංසාර පුරුද්දකට ලංවෙච්ච
අහිංසක හදවත් තුනක්....
හැමදාම ඇස් පියාගෙන විදින තරමටම
මේක නම් අමුතුම හීනයක්...
ඉතින්,....
බැදීමද මේ අපේ.....💕
රයිටස් එකේ කතා කරල ඇති වුන ඒ යාලුකම සහෝදරියො වෙන්න තරම් දුර දිග යයි කියල අපි තුන්දෙනාම හිතුවෙ නෑ නේද කවදාවත්. ඒත් නැතුවම බැරි තරමට ඒ බැදීම හදවතටම ලං වෙලා... හැමෝම කියනව ඔන්ලයින් බැදීම් හරි තාවකාලිකයි කියල ඒත් අපේ බැදීම සදාකාලිකයි. එහෙම නේද ? ලොකු බලාපොරොත්තුවක් තියනව නේද අපි තුන්දෙනාටම කවදම හරි මුණ ගැහෙන්න. අන්න ඒ බලාපොරොත්තුව අපේ මේ බැදීම හැමදාම ශක්තිමත් කරනව.
ඉතිම් කියන්න ආවෙ ඒක නෙමේ. අද ඔයාගෙ විසි එක් වෙනි උපන් දිනය. දැන් අවුරුදු විසි එකක්. ලොකු අක්ක කෙනෙක්. ඒ උනාට තියන මොංගල් ගති වල නම් පොඩ්ඩක්වත් අඩුවක් නෑ. ඒක තමයි ඇත්ත 😂😂. චමූට නම් හැමදාම ඔයා මෝඩ හිරූම තමා . ඒ වගේම නෙත්මටත් එයාගෙ පිස්සු අක්කම තමා ඒකෙ වෙනසක් නෑ.
උපන්දිනේ දවසේ ලාවට රෙදි ලෙෆ්ට් කරන්නත් මේක අවස්තාවක් කරගන්නවා ..
සූටියට රෙදි ලෙෆ්ට් කරන්නම් හොදේ එහෙනම් ,
හිරු යනු අමුම මොංගල් ඩයල් එකකි .
ආ එලෙසම පැන්සල් හොරෙකි .
එලෙසම මැයට විටෙක යන තරහ නැමැති ගින්නෙන් පිලිස්සී චමූට මෙන්ම නෙත්මටද සිදු වන අතුරු ආබාධ බොහොමයි .
ආ එලෙසම මැය නිදාසිටින විට කව්රු හෝ මැයට කෝල් එකක් ගත්තොත් ඒ තැනැත්තා පිලිබද අප අනුකම්පා කළ යුතුය .
ඒ කෙසේද යත් නිදාගෙන සිටින විට මැයට කව්රු කෝල් කලද මෑ ආන්ස කර බනින අතර නැවත ඇමතුම කට් කර නිදාගනී .
එලෙසම අවදී වූ පසූ ඈ බැන වැදි ආකාරය පිලිබද ඈට මතකයක්ද නැත .. ( මේවා සත්යම සිදුවීම් ය ..)
ආ එලෙසම ඔන්ලයින් ක්ලාස් සිටින විට මැයට නිදිමතක් ආවෝත් ඒ වෙලාවෙ ඔන්ලයින් සිටින මැගේ සමීපතමයන් ඊට වගකිව යුතු වේ .
මැගේ නිදිමත හේතුවෙන් මැය ඔවුන්ට සත්තුන්ගේ නම් වලින් බැන වදියි .
උපන්දිනේ නිසා මීට වඩා රෙදි ලෙෆ්ට් නොකර ඉන්නම් නේද ?
එහෙම හිතුවට මේ ස්ක්රීන්ශොට් ටික නොදා බෑ වගේ .. ඒ ටිකත් දාලාම රෙදි ලෙෆ්ට් කිරීම ඉවර කරන්නම්කො ..
රෙදි ලෙෆ්ට් කිරීම අවසානයි ...
මෙහෙමයි ඉතිම් කේක් කෑල්ලක්වත් කවන්න පුලුවන් දුරක නෙමේනෙ ඉන්නෙ. ඒ නිසා කේක් ඉල්ලල කරදර කරන්නෙ නෑ සත්තයි . ඒ උනාට අපි දෙන්නගෙම පොඩි බලාපොරොත්තුවක් තියනව අපි දෙන්න වෙනුවෙන් කේක් දෙකක් කුරියර් කරයි කියල. ☺️☺️.
චීස් එහෙමත් කමක් නෑ ඉතිම් .
අන්තිමටම කියන්නම්,
Birthdays are special as they hold beautiful memories, special times spent with loved ones. A day that is best to live and to enjoy every movement of it. Hope you have a grand and wonderful Birthday...
Many happy returns of the day sister
ඉක්මන්ට වෙඩිමක් ගන්න ඒකට ලස්සන කලු උස දෙවනි මනමාලයෝ දෙන්නෙක් ගන්න අපිටත් ස්ථාවර වෙන්න හීන තියෙනවා හොදේ .
කතා දෙකක් නෑ දෙවනි මනාලයෝ දෙන්නා අපේ එච්චරයි ..
ආ අපි දෙන්නා ගානෙ වද මලක් ඔයාට 🌺
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න. හිතේ තියන හැම පැතුමක්ම ඒ විදියටම ඉශ්ට වෙන්න කියල ප්රාර්ථනා කරනව. උත්සාහය , කැපවීම, අධිශ්ඨානය, ඔයාට ලස්සනම අනාගතයක් හදල දේවි. උගත්කම , බුද්ධිමත් කම , නිරහංකාරකම ඔයාගෙ ජීවිතේ ලස්සන කරාවි.
මේ පාර එක්සෑම් එකෙන් හොද රිසාල්ට් එකක් දාන්න ඔයාට පුලුවන් අනිවාම. best of luck .
ඉටු වෙන්න පතන්නම් නුඹේ හැම පැතුමම...
එළිවෙන්න රැය පුරා දකින සුභ සිහිනෙම...
පියඹන්න ලොකයට හරිම මග දැනගෙන...
රැකගන්න හැමදාම ඔය මුවේ සිනහව...
......මේ අපි දෙන්නගෙ ආදරෙන් පොඩ්ඩක් ..... 💕💕💕💕💕
(සොරි ඩියර් එක්සෑම් වසංගතේ නිසා පොඩ්ඩක් බිසී . නෑ නෑ ගොඩක් බිසී ඒ නිසා කරන්න ඉදපු දේවල් කරගන්න බැරි උනා.... ඒ උනාට ආදරෙයි හරිද... මේ තරම් මෙච්චරක් 💕😘😍)
බුදුසරණයි .... ජේසු පිහිටයි ....
Neth ❤️ & Chamu ❤️