කතාවක් ලියල පල කරන්නෙ කොහොමද?
#BG #HB #2022

අපි කතාවක් ලියපං ලියපං කිව්වට සමහරුන්ට හිතාගන්න බෑ ඇත්තටම කොහොමද යකෝ කතාවක් ලියන්නෙ කියල. ගැම්මක් අරන් දත කාගෙන පටන් ගත්තත් ටයිප් කරන්න ගියාම හිතාගන්න බෑ කතාවක් ලියනව කියල මොකක්ද කරන්න ඕනෙ කියල.
ඇත්තටම ඒක මටත් ආපු ප්‍රශ්නයක්. හැබැයි මම නං එච්චර හිතුවෙ නෑ , ඕනෙ පු@ක් කියල හිතන් පුලුවන් විදිහට ලියල දැම්ම. (කතාව පට්ට චාටර් උන එක වෙනම දෙයක්. උත්සාහයනෙ වටින්නෙ. නෙහ්)
ඉතින් අපි අද බලමු කොහොමද මේ කතාවක් ලියන්නෙ කියල. ගොඩක් අය පසුකාලීනව තමන්ටම ආවේණික ශෛලීන් හොයාගන්නව. මං මේ කියන්නෙ නිකං ලේසි එක විදිහක් විතරයි.
1.අදහසක් හදාගෙන ඉන්න. හිතින් කතාව හිතාගන්න.
කතාව ටයිප් කරන්න කලින් ඔයා මුලින්ම හිතෙන් කටුවට කතාව මවාගන්න. මේක මේම වෙනව. මේක අරම වෙනව. ඊට පස්සෙ රජ කුමරයි රජ කුමරී කෙහෙල් කාල බනිස්.........see more.
අන්න ඒ වගේ ඔයා ලියන්න හිතන් ඉන්න කතාව මුලින්ම පොඩ්ඩක් දුරට ඒ ඒ සිදුවීම් ටික මෙනෙහි කරගන්න.
(දැන් කතාවක් ලියන්න ඕනෙ කම තිබ්බට තොපිට තාම මෙලෝ අදහසක් නැත්තං කතාව ලියන්නෙ මොකක් ගැනද කියල , මේ ආටිකල් එක මෙතනින් නවත්තල මුලින් කතාවක් හිතන් වරෙන්. ඊට පස්සෙ මේක කියෝපං)
2.දැන් කෝම හරි තටමල තටමල පළවෙනි වාක්‍ය ටයිප් කරගන්න.
ඔන්න මම දැන් ලියනව මණ්දාකිනි writers චැනල් එකේ මම දාපු story idea එකක් ගැන. මේ තියෙන්නෙ ඒ කතා අදහස. 👇 කියවල වරෙන් මුලින්. (නෑ නෑ marketing නෙවේ. #චීම්ස් කපටි හිනාවක් දාන් ඉන්න ස්ටිකරේ)
Story Idea
හරිනෙ. දැන් කතාව ලියවෙන්නෙ අන්න එහෙම සීන් එකක් ගැන. දැන් අපි මුලින්ම පළවෙනි වාක්‍ය ගැටගහගගෙන ඉස්සරහට යමු පොඩ්ඩක්.
එය හොඳින් ඉර පායා තිබූ දිනයක් බව මා දැනගත්තේ , ජනෙල් තිරය අතරින් මා සිටි කාමරයට වැටුනු දීප්තිමත් හිරු එලිය දුටු හෙයිනි.
එක් ක්ෂණයකින් මගේ ගත පුරාම දිව ගිය වේදනාවක් දැනුන හෙයින් මම හොඳින් දෑස් හැර මගේම සිරුර දෙස බැලුනේ ඉබේටමය. වෙලුම් පටි වලින් ආවරණය කළ අත් පා සහ වම් අතට ගසා තිබූ සේලයින් කට්ටත් ඊට සම්බන්ධ සේලයින් බෝතලයත් දුටු විට , මා මේ සිටින්නේ රෝහලක බව ආයාසයකින් තොරවම මට සිතාගත හැකි විය.
දැන් කතාව පටන් ගන්නෙ ඔන්න ඕමයි. මං මුලින්ම කලේ කතාවට එන්ටර් නොවී , කතාව පටන් ගන්න තැන තිබ්බ , කතාවට මෙලෝම සම්බන්ධයක් නැති දීප්තිමත් දිනයක් ගැන කියල පටන් ගත්ත.
තේරුනා නේද. ඔයා මේ ලියන පළවෙනි වාක්‍ය කොහොම හරි ගැටගහල ලියාගත්තොත් එතන ඉඳන් ඉතින් ලියන්න මහ ගේමක් නෑ. ඔයාට දැනෙන විදිහට ලියන්න. ඔයාට හිතෙන ඒව ලියාගෙන යන්න. වෙච්ච දේවල් ලියාගෙන යන්න.
ඕන්නං ඔයාට පුලුවන් දෙබසකින් කතාව පටන් ගන්න. මම අර story idea එකටම එහෙම පටන් අරන් පෙන්නන්නං.
"ඩොක්ටර්... මෙන්න පේශන්ට සිහිය එනවා"
බොඳවූ දෑසින් මා දුටුවේ සුදු පැහැ ඇඳුමකින් සැරසුනු කාන්තාවක් මගේ මුහුණට එබී කාටදෝ කතා කරන ආකාරයයි.
"නිලූකා. පේශන්ගෙ අම්මල එලියෙ ඇති. එයාලට කතා කරන්න"
ඇයට පෙරලා කතා කල , මගේ අනික් පස සිටගෙන පිරිමි පුද්ගලයා සහ සුදු ඇඳුමින් සැරසුනු කාන්තාව මේ කතාවන්නේ මා ගැන යයි හිතේ සියුම් හැඟීමක් මට ඇතිවිය.
ඊළඟ තත්පර කිහිපයේ මා පියවි සිහියට පැමිණි හෙයින් මම අවට වටපිටාව ගැන සොයා බලන්නට විය. අතට ගසා තිබූ සේලයින් කට්ටත් , මගේ පසකින් සිටගෙන සිටි පිරිමියාගෙ බෙල්ලේ රඳවා තිබූ හෙද නලාවත් , රෝහල්වටම ආවේණික වූ සැර ගන්ධයත් නිසා , මා මේ සිටින්නේ රෝහලක බව මට නිතැතින්ම අවබෝධ උනි.
අන්න ඒ වගේ. මම මේ ලියන්නෙ මගෙ style එකට නෙවේ. මම මේ ලියන්නෙ සාමාන්‍යයෙන් ලේඛකයෙක් ලියන style එකට. දැන් මම ඕක මගෙ style එකෙන් ලිව්ව නං ලියවෙන්නෙ මෙහෙම.
"බුදු අම්මෝ..... who to ඇඟ රිදෙනව යකෝ."
ඇඟ පුරාම විහිදුණු පට්ට වේදනාවක් නිසා මට කෑ ගැස්සුනේ ඉබේටමයි. විශ්වය පුරා... විහිදි ගියා....
මේ ඉන්නෙ කොහෙද කියල මම හොයන්න ගත්තෙ ඊට පස්සෙ. ඇඟ පුරාම තිබ්බ වෙළුම් පටි ටිකයි , මැණික් කටුව ගාවට හික් ගෑවෙන්නම ගහල තිබ්බ ටොම්බා සයිස් සේලයින් කට්ටයි නිසා මම මේ ඉන්නෙ හොස්පිට්ල් එකක කියන සිග්නල් එක නිකංම මගෙ ඔලුවට ආව.
මගෙ කෑ ගැහිල්ල ඇහිලද කොහෙද සුදු සායකුයි උඩ කෑල්ලකුයි ඇඳගත්තු සෙස්සි බනානා මිස් කෙනෙක් මගෙ ඇඳ ගාවට දුවන් ආව.
කඳක් තමා ඉතිම්.
"ඇයි ඇයි මේ සර් කෑගහන්නෙ."
ඔන්න ඕමයි මම ලිව්වොත්.🥴 ඒ නිසා මුලින්ම ඔයා කතාවක් හිතාගන්න. පස්සෙ සරල තැනකින් හෝ දෙබසකින් ඒක ලියන්න පටන් ගන්න.
නැත්තං ඔයාට පුලුවන් කෙලින්ම ඔයාගෙ චරිතෙ ගැන හැඳින්වීමක් කරලම පටන් ගන්න.
3.කොහොමහරි ලියාගත්තු කතාව publish කරන්න.
දැන් ඔයා කට්ට කාගෙන මොනා මොනා හරි ටිකක් ටයිප් කරගත්තනෙ කොහේ හරි. දැන් ඒ කතාව හෝ කොටස copy කරගන්න. ඊට පස්සෙ @telegraph bot ව start කරල එතනින් ඔයාගෙ telegraph account එක හදාගන්න.
දැන් ඔයා එතනින් ඔයාගෙ කතාව telegraph site එකට paste කරල publish කරල චැනල් ඇඩ්මින් කෙනෙක්ට යවන්න.
තේරෙන්නැති කෙනෙක් ඉන්නව නං මේ ආටිකල් එක බලල ඉන්න.
https://telegra.ph/Telegraph-Tips-For-Writers-10-01
4.වැරදි හදාගන්න.
ඔයා කතාව චැනල් එකකින් දැම්මම ඔයාටම තේරෙයි අනිත් අය මේ කතාවට දක්වන සැලකිල්ල කොච්චරද කියල. ඔයා දැනගන්න ඕනෙ එතන ඉඳන් ඔයාගෙ අඩු පාඩු හදාගෙන ඉස්සරහට යන්න.
එහෙනං ජය වේවා. නිකං ඉන්න එකේ ලියල බලහන්.