BLACK CLOVER
Review ItAnime Series

- Type : Tv Series
- GENRES : Animation , Action , Comedy , Drama , Sci Fi , Thriller
- Quality : 720p
- Play Time : 24 Min
- English dubbed
- Still Releasing
Black Clover කියන්නෙ ජපන් ජාතික Yūki Tabata විසින් නිර්මාණය කරපු චිත්‍ර කතාවක්. එහෙමත් නැතිනම් manga series එකක්. අන්න ඒකෙ ආභාශයෙන් හදපු Anime tv series එක ගැන තමා මේ විස්තර කරන්නෙ.
Black Clover කතාවෙ ප්‍රධාන චරිතය Asta (ආස්ටා) කියල පොඩි කොල්ලෙක්.

මෙයාල ජීවත් වෙන්නෙ clover kindom ( ක්ලෝවර් රාජධානියේ). ඉතින් සාමාන්‍යයෙන් මේ clover රාජධානියේ ඉපදෙන හැමෝටම වගේ මැජික් බලයන් පිහිටල තියෙනව. ආස්ටා කියන මේ පොඩි කොල්ල හැදෙන්නෙ අනාථ නිවාසයක. ඒක පල්ලියක පවත්වා ගෙන යන අනාථ මඩමක්.
clover රාජධානියෙ රජාට අමතරව Wizard king කියල හඳුන්වන තවත් කෙනෙක් ඉන්නව. මේ wizard king තමයි රාජධානියේ බලවත්ම මායාකරුවා. ඉතින් අපේ ප්‍රධාන චරිතෙ , Asta ටත් ඕනෙ කවදහරි දවසක wizard king කෙනෙක් වෙන්න. ඒත් අවාසනාවකට Asta ට කිසිම මායා බලයක් නෑ. එයා නිකංම නිකං කොල්ලෙක්. "මායා බලය" කියන්නෙ හැමදේම වෙලා තිබුණ කාලෙක, මේ ආස්ටා කියන පොඩි කොල්ලා කිසිම මායා බලයක් නැතුව තමන්ගෙ හීන පස්සෙ දුවන් යනව.
හැම මායාකරුවෙක්ටම තියෙනව ග්‍රින්වාර් කියල පොතක්. තමන්ගෙ හැම මායාවක්ම ලියවිලා තියෙන්නෙ අන්න ඒ පොතේ. Asta ට කිසිම මායා බලයක් නැති උනත් එයාටත් හම්බෙනව මේ වගේ ග්‍රින්වාර් එකක්. අන්න එතන ඉඳන් තමා කතාව හරියටම පටන් ගන්නෙ.
Asta ටත් එක්ක පොඩි කාලෙ ඉඳන්ම අනාථ නිවාසෙ හැදුන කෙනෙක් තමා Yuno (යූනෝ) කියන්නෙ. මේ Yuno ට නං මායා බලය ගොඩක්ම පිහිටල තියෙනව. Yuno ටත් ඕනෙ Asta වගේම කවදහරි Clover රාජධානියෙ Wizard king කෙනෙක් වෙන්න.

මේ දෙන්නම දවසක wizard king වෙන්න හදන සුන්දර තරඟයයි , Clover රාජධානියට එල්ල වෙන විවිධ සතුරු ආක්‍රමණ වලට එරෙහිව සටන් කරන ජවනිකා එක්ක ආසාවෙන් බලන්න පුලුවන් කතාවක් තමා Black clover කියන්නෙ.
මේ කතාව ගොඩක්ම inspirational විදිහට ගලාගෙන යන්නෙ. ඒ කියන්නෙ motivation එකක් වගේ. අනික් අය තමන්ට බෑ බෑ කියනකොට මේ Asta කියන පොඩි කොල්ලගෙ ධෛර්‍යය නිසාම එයා හැම අභියෝගයකටම සාර්ථකව මුහුණ දෙනව.
Action , comedy සහ love කියන කැටගරි බලන අයට නං මේක සුපිරිම කතාවක් වෙයි.
පහළ දාල තියෙන පොඩි වීඩියෝ කෑල්ලෙන් කතාවෙ animation හා කතා ආරය ගැන පොඩි අවබෝධයක් ගන්න.
ඕක පොඩි trailer එකක්. කතාව බලන්න කැමති කෙනෙක් ඉන්නව නං පහල ලින්ක් එකෙන් චැනල් එකට join වෙලා බලන්න. English dub කරපු එක විතරක් දාන්නම්. ෆෝන් වලින් බලනව නං vlc media player එක හෝ mx player එක use කරන්ට...