ICSI ගැන දන්නවද?
#The_Academy

IntraCytoplasmic Sperm Injection , එහෙමත් නැත්තං කෙටියෙන් ICSI කියන ක්‍රියාවලියේදී මූලික වශයෙන්ම කරන්නෙ තනි ශුක්‍රාණුවක් ඩිම්බයක් ඇතුලට එන්නත් කරන එකට(inject කරනව).
මේක කරන්නෙ සාමාන්‍යයෙන් පුරුශයාට අඩු ශුක්‍රාණු ප්‍රමාණයක් තියෙනකොට ඒ ශුක්‍රාණු ඩිම්භයට ළඟා වෙන්න බැරි හෝ ඩිම්භය විනිවිද යන්න තරම් හොඳ තත්වයේ තියෙන ශුක්‍රාණු නිපදවන්නෙ නැති විටයි.
ඒ වගේම දේහය තුල ශුක්‍රාණු විරෝධී ප්‍රතිදේහ පවතිනව වගේ ගැටලු එනකොටත් මේ ක්‍රමය භාවිත කරනව.
සමහර වෙලාවට මේ ක්‍රමේදිවත් සාර්ථක නැති පුරුශයන් ඉන්නව. ඉතින් එතකොට මේ ICSI එකට මිනිස්සු තමන්ගෙ සාරවත් ශුක්‍රාණු පරිත්‍යාග කරනව. එතකොට අර උඩ කිව්ව වගේ ප්‍රශ්න තියෙන ජෝඩු ඇවිල්ල ඒ ශුක්‍රාණු උපයෝගී කරගෙන අලුත් කලලයක් හදාගන්නව.
මේක කරන්නෙ මුලින්ම ස්ත්‍රියගෙන් සංසේචනය සඳහා ඩිම්භකෝශයක් ලබා ගන්නව. ඩිම්භකෝශය උත්තේජනය කරන්න සක්‍රීය ඖෂධ ලබා දෙනව. ඊට පස්සෙ ඩොකා ඇවිල්ල අර එක තනි ශුක්‍රාණුවක් එන්නත් තුඩකට අරගෙන ඒක කෙලින්ම ඩිම්භයේ ඇතුලටම අරන් ගිහිල්ල අතාරිනව. එතකොට ඩිම්බය පසාරු කරන් යන්න තරන් ශක්තිමත් වෙන්න ඕන්නෑ ඒ ශුක්‍රාණුව.
අන්තිමට සංසේචනය වෙච්ච ඩිම්බය කලලයක් බවට පත් උනාම ගර්භාෂය තුළට බද්ධ කරනව.
මේක කොපමණ දුරකට සාර්ථකද?
එක්සත් රාජධානියේ මානව සංසේචන සහ කළල විද්‍යා අධිකාරියට අනුව, 2006 දී සජීවී දරු උපතක් සිදු වූ ICSI චක්‍ර ප්‍රතිශතය පහත පරිදි වේ:
කාන්තාවගේ ICSI සජීවී වයස උපතක අවස්තා 35 > 33.2% 35-37 27.1% 38-39 20.0% 40-42 11.5% 43-44 4.5% 44 < 8.5%
මේ ක්‍රියාවලියට සාමාන්‍යයෙන් සති දෙකක් විතර යනව කියල කියන්නෙ.
යහපත් පැත්තක් වගේම මේකෙත් අඳුරු පැති තියෙනව. ගබ්සා වීමේ ඉහළ අනුපාත , ICSI හරහා උපදින පිරිමි දරුවාට තම පියාගේ වඳ භාවය උරුම වීමේ හැකියාව , බහු ගැබ්ගැනීමේ අවදානම වැඩි වීම වගේ දේවල්.
You Tube එකෙන් හම්බුනු මේ ICSI process footage එකක් පහල වීඩියෝ එක. ඔය පොඩියට කෙන්දක් වගේ පේන්නෙ ශුක්‍රාණුව. ඩිම්බය තමා ලොකුවට රවුමට තියෙන්නෙ. එන්නත් කටුව තමා ඔය හෙල්ලෙන බටේ.
Video Link :- https://youtu.be/GTiKFCkPaUE