අන්සතු ඇය...

අන්සතු ඇය...


කෙටි කතාවකි

RL

"අඩෝ ඉශානයො මේ....."


"ඕ කියහං බං" කියල ඉශානය ලිය ලිය හිටපු පොත එහාට කරල මට කතා කලා.


"අර කවුද ඕයි අර කෑල්ල"


"මොන"


"අර පහල කාඩ් මාක් කරන තැන ඉන්නෙ බං. ඔය ගේට්ටුව ගාව"


ඉශානය නැගිටල ගිහිල්ල ජනේලෙන් එබිල බැලුව පල්ලෙහා.


"ආ ඕකි රසුලගෙ ඉස්කෝලෙ බං. ඌ එක්ක කතා කරනව දැක්ක දවසක්. මම හිතන්නෙ මේ ඒකි තමා. උඹට මොකෝ. ආපහු ටෝක් කරල , බූට තියල ඒකිවත් විනාස කරන්නද?"


මම


"මම බූට තිබ්බෙ නෑ බං මෙච්චර කල්. මටනෙ බූට වැදුනෙ. හේ හේ"


"ඔව් තෝ ලව් කරනව කියල කරන්නෙ උඹේ සික් එක පිරිමහන වැඩනෙ. කෙල්ලෙක් හිටීද හු@තො ඒකිව බඩුවක් ගානට දාල වැඩ කලාම"


උඹල ඒ ඇහුවෙ මගෙයි ඉශාන් කියන මගෙ හොඳම යාලුවගෙයි දාර්ශනික කතා බහක්. මම මේ අවුරුද්දෙ ඕලෙවල් ලියන එල බුවෙක්. මම සහන්. මගෙ යාලුව තමා මේ ඉශාන් කියන්නෙ. මිනිහ ඇවිල්ල අර්නස්ට් හේකල් වගේ හෙන විද්වත් පොරක්. උගෙ සමහර ටෝක් දිරවන්නැති උනාට ඌ තමා මෙච්චර කාලෙකට මට හිටපු හොඳම යාලුව. රසුල කියන්නෙ වෙන ඉස්කෝලෙක ඩයල් එකක්. ඌත් ෆිට් එකක් තමා.


සුපුරුදු පරිදිම ඉතින් ඒ උඩ දෙබස ඇති උනේ චීත්තයක් නිසා. හේ හේ. අපේ විද්‍යාව පංතිය තිබ්බෙ තට්ටු තුනේ බිල්ඩිමක දෙවනි තට්ටුවෙ. එතනින් පහල බැලුවම කාඩ් මාක් කරන පොට් එක මරුවට පේනව. කෙලින්ම ජනේලෙන් ඔලුව දාපු ගමන් එතනම යට කාඩ් මාක් කරන බංකුව තියෙන්නෙ. කොල්ලො ටික වේලපහ ඇවිල්ල ඔතනින් එබි එබි බලනව කෙල්ලො කාඩ් මාක් කරගන්න දිහා. ටිකක් කර ලූස් බ්ලවුස් එකක් ඇඳන් කෙල්ලෙක් ආපු දවසට කොල්ලො ටික තනියම මනෝ පාරක් ගහල ගෙදර යනව.


මම කියල මහලොකු වෙනසක් නැති නිසා මමත් ඔතනින් කාණු බල බල ඉන්නකොට තමා අර කෙල්ලව දැක්කෙ. ඒකිත් මගෙ මූණ දිහා බලල කින්ඩි හිනාවක් දැම්ම.


මාට්ටුද දන්නෑ වැඩේ.


සීන් එකට එන්ටර් වෙන්න හිතාගෙන තමා මම ඉශානයට කේස් එක කියල details ටික ඉල්ලගන්න හැදුවෙ. ඒත් ඌ අර සක්කිලි කතාවක් කිව්වනෙ.


ඒ නිසා ශේප් එකේ ඉශානයව මගහැරල දාල මම රසුලය ලගට ගියා.


"රසුල බං මේ. අර පහල කාඩ් මාක් කරන තැන ඉන්න කෙල්ලව උඹ අඳුරනව නේ බං. අඩෝ ටෝක් කරල දියන්කො."


රසුලය කන්න වගේ මං දිහා බලල ජනේලෙ ගාවට ගියා, කවුද මේ කෙල්ල බලන්න.


රසුලය ටිකක් වෙලා පල්ලෙහා බලන් ඉඳල මට කතා කලා.

"උඹට හොඳටම ශුවර් ද උඹට ඒක ටෝක් කරල ඕනෙ කියල" රසුලය ඇහිබැම එහෙම උස්සල ඇහුව.


මූ එහෙම අහනකොටම මං ඒ කියපු කෙල්ල ක්ලාස් එකේ දොරෙන් ඇතුලට ආව. දුරට පේනවට වඩා ගැම්මක් හැබැයි ළඟට පේනකොට.


සිරි අඹ සාරා නැගෙවි හද මෝරා කිව්වලු.


මේකි දැන් ඉන්නෙ ක්ලාස් එකේ නං රසුලය අර බලන්නෙ කවුරු දිහාද. හුටා.....


මම පටාස් ගාල රසුලයව එහාට කරල ජනේලෙන් බැලුව පල්ලෙහා.


ඇන්ටි කෙනෙක් එතන කාඩ් මාක් කරල එකා එක්ක කතා කර කර ඉන්නව.


"ඕයි ඕයි මෙයා නෙවේ. අර දැන් පංතියට ආපු කෙල්ල ගැන මම කිව්වෙ. උඹත් අයියෝ බං"


"ඉතින් ඔය අපේ ඉස්කෝලෙ මිස් කෙනෙක් බං. ඕන්නං කියහං කරල දෙන්නං වැඩේ"


මම


"නෑ නෑ අර දැන් ආපු කෙල්ලව කරල දියන්කො. පුලුවන්ද"


රසුලය ඒකි දිහා බලල එහෙම මට කතා කලා.


"ආ දිල්හානි ද? කරල දෙන්නං. හැබැයි කොල්ලෙක් ඉන්නවද කොහෙද. උඹට අවුලක් නැත්තං මට අවුලක් නෑ. ශුවර් නෑ හරියටම"


"කොල්ලොන්ට බය නං සොහොනෙ ගෙවල් හදන්නෑ ඕයි."


"ම්ම්ම් කොල්ලොන්ට බය නෑ වgay"


රසුලයව ශේප් කරන් උට වැඩේ බාර දීල මම දන්නෑ වගේ පැත්තකට උනා. ඌ ගිහිල්ල අරකිට සීන් එක කියනකොට මම බොරුවට ඉශානයව කතාවට අල්ලන් ඌ එක්ක කයියක් ගහ ගහ හිටිය.


පංතිය මැද්දෙ මම සැරින් සැරේ ඒකි දිහා බැලුවා. දෙපාරක් විතර ඇහැට ඇහැ ගැටුනා. මුකුත් කරගන්න බෑ හදිස්සියෙ සර් කාරය ඕක දැකල, "who canda දාල besice කොල්ලා මොකක්ද ඔය කරන්නෙ" කියල මගෙ ඇගට කඩා පැන්නොත් කෙල්ලෙක් තියා බල්ලෙක් වත් ටෝක් කරගන්න වෙන්නෑ මේ පංතියෙන් ආපහු.


පංති ඇරෙන්න ඔන්න මෙන්න තියෙද්දි ටොම්බා සයිස් කොල ගුලියක් ඇවිල්ල ඩෝං ගාල වැදුනා සුසුම්නා ශීර්ශකයේ ඉහල කෙලවරේ.


මම එහෙම්ම පිටිපස්ස හැරිල, "appata who can න දාල who to......"


එච්චරයි කියාගන්න හම්බුනේ......, අර මං කියපු කෙල්ල මං දිහා බලල සොරි කියන්නද කොහෙද තොල් හොල්ලනව වගේ දැක්ක නිසා කොල ගුලියයි , ගහපු එකයි , කටට ආපු කුණුහරප ටිකයි ඔක්කොම වැනිශ් වෙලා ගියා.



මම පැණි හිනාවකින් ඒකිට සංග්‍රහ කරල එහෙම පොත් පත් අනං මනං බෑග් එකට දාන් රෙඩි උනා ගෙදර යන්න.


ඒ අස්සෙ රසුලය මගෙ ලගට ඇවිල්ල,

"අරයට නම්බරේ දුන්න උඹේ. උඹට මැසේජ් එකක් දාවි." කියල කිව්ව.


"ටෞකන්ඩ යකෝ. එලනෙ. ගැම්මක් තමා සගෝ."


රසුලයට ස්තූති කරල ඉශානය එක්ක එලියට ඇවිල්ල අරකිගෙ පස්සෙන් ටවුන් එකටම ගියා. ඒකි බස් එකට නගිනකං ඉඳල මමත් අපේ පාරෙ බස් එකට නැගල ගෙදර ආව.


දැන් ඉතින් අරය මැසේජ් එකක් දානකං බලන් ඉන්නත් එපෑය.


රෑ එලිවෙනකං අරකිගෙන් මැසේජ් එකක් එනකං බලන් ඉන්න මම


රෑ තිස්සෙම ඇහැරිලා ඉඳල බැරිම තැන මම නිදාගත්ත. ඊළඟ දවසෙ උදේ ෆෝන් එක වයිබ්‍රේට් වෙනව ඇහිල ඇහැරුනාම දැක්කෙ දන්නැති නම්බර් එකකින් මැසේජ් එකක් ඇවිල්ල කියල. අරය වෙන්නැති.


ටිකක් වෙලා මැසේජ් කරල බලල අදාල කෙනා තමා කියල confirm කරගෙන එහෙම චැට් එකට බැස්ස.


මගක් දුර චැට අරන් එනකොට එහෙන් මෙහෙන් තේරෙන්න ගත්ත මේකි ලෝකෙ කාල වතුර බීපු එකියක් වගේ කියල. මොකද මට වඩා ඒකි හෙන Forward. කට තිබ්බට මගෙත් වැඩ නෑනෙ ඉතින්. කොල්ලෙක් ඉන්නවද නැද්ද අහන්න විදිහකුත් නෑ එකපාටම.


මට මොකෝ. කෙල්ලෙක්නෙ මොනා උනත්.


දවස් හතර පහක්ම ඔහොම ආතල් එකේ චැට් කර කර සැපේ ගෙවිල ගියා. ලව් සීන් එකට බහින්න ගියේ නෑ වැඩිය. මොකද ශුවර් නෑනෙ ඕව.


පංතියෙ කොල්ලොන්ටත් මම ලොකු ලයින් අල්ල අල්ල හිටිය ගැම්මට කෙල්ලෙක් ඉන්නෝ කියල.


ඔය විදිහට ගැම්මට දවස් ටික ගෙවිල යනකොට සෙනසුරු ඒරාෂ්ඨක අපලෙ ලබලද කොහෙද කරුමෙ කඩා පාත් උනා.


දවල් වරුවක දිල්හානිගෙ නම්බරෙන් කෝල් එකක් ආපු නිසා පට ගාල ආන්සර් කලා. මම හිතුවෙ 'ආ බබා මොකෝ කරන්නෙ දැන්. ඔයා වැඩක්ද' වගේ ලස්සන රොමෑන්ටික් වදනක් කියයි කියල.


කෝල් එක ආන්සර් කරපු ගමන් යකෙක් වගේ පිරිමියෙක් කතා කලේ.


"ඈ බොල @&&@×× තෝ කවුද යකෝ මගෙ කෙල්ලට මැසේජ් කරන්න @&&@!!&@.......see more"


මොන මගුලක්ද බං මේ.


"හෙලෝ. සොරි කව්ද මේ?"


"@&&& මේ ලොරි ටෝක් නං දෙන්න එපා. තෝ දිල්හානිට මැසේජ් කරන එක දැන්ම නවත්තපං. තොට ආපහු කියන්න තියන්න එපා.....see more"


මූ බලාංකො ඕයි. අපේ කොල්ලො සෙට් එක ඉන්න නිසා මුට කෙලිය නං හරි ගැම්මට. මුට ගහල දිල්හානිට සිරා කරන්න ඕනෙ.


"ඇයි ඇයි උඹ කවුද ඩෝ. වැඩක් බලන් පලයන් who to යන්න."


"ඒ පොඩි එකා උඹට හොඳින් කියන්නෙ..."


පොඩි එකා?. හිටපං දෙන්නං ඕකට.

"පොඩිද ලොකුද කියල බලාගන්න වරෙන් මූණට හම්බෙන්න. _____ පංතිය ගාවට වරෙන් හෙට හවස 4ට. තොට පෙන්නල යවන්නං පොඩිද ලොකුද කියල"


මම ඒක කිව්ව විතරයි ඌ කෝල් එක කට් කලා. හේ හේ. දැක්කනෙ කොල්ලගෙ වැඩ. මැරයෙක් වෙන්න ගහගන්නම ඕන්නෑ. ඔය වගේ ලොකු ටෝක් දෙක තුනක් කිව්වමත් ඇති.


පහුවෙනිද පංතියට ගිහිල්ල පොර වගේ සීන් එක කිව්ව කොල්ලො ටිකට. උනුත් වලි කාපර් ල ටිකක් නිසා ගේම නං ගේම සීන් එකේ හිටියෙ.


දිල්හානි එදා පංති ආවෙ නෑ. ඇයි දන්නෑ.


පංතිය ඉවර වෙලා පහලට බහිනකොටම රසුලය ඇවිල්ල කිව්ව,

"අඩෝ අයියල ටිකක් ඇවිල්ල උඹව හොයනව පාර ගාව මොකෝ කරන්නෙ කියල"


මල කෙලියයිනෙ. අරූ ඇත්තටම ඇවිල්ලද දන්නෑ. මමත් සැනික පඩිපෙල බැහැල පාර දිහා බැලුව මොන වගේ අයියල ටිකක් ද කියල.


ඒ අයියල ටික


බොක්ක කූල් වෙන්න ගත්ත ඒ වෙලාවෙ නං. කරකියා ගන්න දේකුත් නෑ. අපේ උනුත් බය වෙලා. වලි කාපර්ල ටික පූස් පැටව් වෙලා ඒ ටිකට.


මම කකුල් දෙකක් ගැහි ගැහි සේපට ඒ ළඟට ගියා සොරි කියල හරි ශේප් වෙන්න කියල හිතාගෙන. ළඟට යනකොටම එකෙක් කතා කලා මට.


"ඒ මල්ලි සහන් කියල එකෙක් ඉන්නවද පංතියෙ. අද ආවද ඌ"


ඈහ්. මුන් මාව දන්නෑ ඒ කියන්නෙ. දෙන්නම් ජම්බු. මම සහන් නෙවේ වගේ සේපෙ මාරු වෙලා යන්න ඕනෙ මෙතනින්.


"සහනය තාම පංතියෙ අයියෙ. තව ටිකකින් එයි"


"ආ හරි මල්ලි. ඕකට කන පැලෙන්න ගහනව පොඩි එකාට අද."


මම කින්ඩි හිනාවක් දාල 'අම්මෝ යන්තං බේරුනා' කියල හිතල උන්ව පාස් කරන් එනකොටම අර සක්කිලි ඉශාන් කාරය පංතිය ගාව ඉඳන් කෑ ගහල මට කලා.


"අඩෝ සහන් අවුලක් නෑ නේද?"


මම


වැඩේ චොර කලා කියල දැනගත්තු ඉශාන්


අර මට රැවටුනු අයියා


අනිත් අයියල ටික


ආපහු පාරක් කතාවෙ නමට රැවටිලා කියවන්න ගත්තු පාඨකයො ටික


Honey Bird | පැණි කුරුල්ලා


Report Page