වචනයක් ඇතුලට link එකක් දාන හැටි - Link embaded words
●⃝h໐ຖēฯ 𓅃#Telegra.ph_Tips

අද අපි බලමු කොහොමද මේ වචනයක් ඇතුලට link එකක් දාල ඔයාගෙ ලිපියට/කතාවට ලස්සන පෙනුමක් ගන්නෙ කොහොමද කියල. උදාහරණයක් විදිහට ඔය පහල වචනෙ බලන්න.
අන්න එහෙම එකක් හදාගන්න හැටි ගැනයි අද කතා කරන්නෙ. ඔයා ඒ අදාල link එක copy කරගෙන වැඩේට බහින්න. (video එකක් පහල ඇති)
1.මුලින්ම යන්න ඔයාගෙ telegra.ph edit කරන තැනට.
ඔයා දැන් යන්න ඔයාට මෙහෙම වචනයක් දාන්න ඕනෙ telegra.ph page එකට. ගිහිල්ල edit mode එකට එන්න. ඊට පස්සෙ ඔයාට ඒ වචනෙ හෝ වචන කීපය යොදන්න ඕනෙ තැන type කරගන්න සාමාන්‍ය විදිහට.

2.දැන් ඒ වචනයක් double click කරල telegra.ph menu එක ගන්න.

දැන් ඔය මම උඩ රූපෙ පෙන්නල තියෙනව වගේ ඒ වචනයක් double click කලාම ඔහොම menu එකක් එනව. මෙතනදි පොඩි ගැටලුවක් මතු වෙනව හැබැයි.
3.ගැටළුවක්?
සාමාන්‍යයෙන් ඔහොම වචන දෙකකට හෝ කීපෙකට type කරගත්තම අර ලින්ක් එක වැටෙන්නෙ ඒ ඔයා double click කරන වචනෙට විතරයි. ඒ නිසා ඒකට පොඩි උපක්‍රමයක් විදිහට ඔයා ඒ ටයිප් කරන වචන දෙක හෝ කීපය පහල පොටෝ එකේ විදිහට එකිනෙකට සම්බන්ධ කරගන්න.

( _ )කියන එක දාල මම ඒ වචන දෙක එක වචනයක් කරගත්ත.
4.Link embaded button එක ඔබන්න.
ඔයා දැන් ඒ Telegraph menu එකේ මැද තියෙන link embaded button එක ඔබන්න. (පහළ රූපයේ ලකුණු කර ඇත)

ඊට පස්සෙ ඔයාලට එනව මෙහෙම කොටුවක්.

5.Link එක paste කරගන්න.
දැන් මේ කොටුවට ඔයා මුලින්ම කොපි කරගත්ත link එක paste කරගෙන enter ඔබන්න. (key board එකේ පහලම එන key එක)
දැන් වැඩේ ගොඩ. ඊට පස්සෙ ඔයා අර විදිහට වචන එකතු කරල හදපු තනි වචනෙකට නං මේක කලේ ( _ ) කියන එක අයින් කරල එතනට හිස්තැනක් දාල වචන කීපෙකට කඩල සාමාන්‍ය විදිහට ගන්න.

වැඩේ ශේප් කියල හිතනව එහෙනං. ගොඩක් අය අහපු නිසා දැම්මෙ.
Feel free to read , share or copy content - Honey Bird