අතහැරිය වෑයම

අතහැරිය වෑයම

Honey_Bird

#Life_Lessons

RL

එක්තරා කාලෙක මිනිහෙක් හිටිය ලොකු කන්දක් ළඟ පදිංචි වෙලා හිටපු. ඒ කියන්නෙ මේ මිනිහ ජීවත් උනේ ලොකු කන්දක් ළඟ.



මේ මිනිහ හැමදාම නිතරම වගේ හිතනව,

"මම කොහොමද මේ කන්ද තරණය කරන්නෙ. කන්ද උඩට නැග්ගම මොන වගේ දෙයක් පේනව ඇතිද?" කියල.



ඉතින් ඔහොම කල්පනා කර කර ඉඳල අන්තිමට දවසක් ඒ මිනිහ තීරණේ කරනව එයත් මේ කන්ද නගිනව කියල. ඉතින් මිනිහ එයාගෙ ගමන පිටත් උනා.



ඔහොම ඇවිල්ල කන්ද පාමුල හරියෙදි එයාට මුණ ගැසෙනව තවත් කඳු නගින්නෙක්ව. ඒ කඳු නගින්නා ඒ වෙනකොටත් කන්ද නැගල ආපහු බැහැල එනගමන්.



ඉතින් මේ මිනිහ අර කඳුනගින්නගෙන් අහනව,

"කොහොමද ඔයා මේ කන්ද නැග්ගෙ. මොනාද ඔයා උඩදි දැක්කෙ" කියල.



ඉතින් අර කඳු නගින්නත් එයා ගමන් කරපු මාර්ගයයි එයා කන්ද උඩදි දැක්ක දේවල් ආදී හැම අත්දැකීමක්ම මේ මිනිහ එක්ක බෙදාගන්නව.



ඉතින් මේ ඔක්කොම අහගත්තට පස්සෙ මේ මිනිහ හිතනව 'ඒ කඳු නගින්නා කියපු විදිහට මේ වැඩේ හරිම වෙහෙසකර එකක්නෙ. ඒ නිසා මම හොයාගන්න ඕනෙ වෙනත් ක්‍රමයක් මේ කන්ද නගින්න' කියල.



ඉතින් මේ මිනිහ තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට එයාට හම්බෙනව අර වගේම තවත් කඳු නගින්නෙක්ව.



මේ මිනිහ ඒ කඳු නගින්නාගෙනුත් අහනව අර විදිහටම කන්ද උඩට ගිය මාර්ගයයි කන්ද උඩ මොන වගේද කියලයි.



ඉතින් ඒ දෙවනි කඳු නගින්නත් එයාගෙ අත්දැකිම මේ මිනිහට කියනව.



ඒත් තාමත් මේ මිනිහට හිතාගන්න බෑ තමන් යන්න ඕනෙ මොන පාරෙද තමන් ඒ ගමන් යන්න ඕනෙද කියල. කොටින්ම කිව්වොත් තාමත් මේ මිනිහ අදිමදි කරනව. මොකද ලේසි පාරක් හොයාගන්න නෑ කන්ද නගින්න.



ඔය විදිහට මේ මනුස්සය තවත් කඳු නගින්නං හා සංචාරකයන් ආදී මිනිස්සු තිස් දෙනෙක්ගෙන් විතර අර ප්‍රශ්න දෙකම අහනව. එයාල කන්ද උඩට ගිය විදිහයි. කන්ද උඩ දැක්ක දේවලුයි.



ඉතින් මේ මිනිස්සු හැමෝගෙන්ම එයාලගෙ අත්දැකීම් ඔක්කොම අරගත්තට පස්සෙ අවසානයේ අර මනුස්සය එයාගෙ අවසන් තීරණේ ගන්නව.



ඒ තමා,

"මම දැන් ගොඩක් දෙනෙක්ගෙන් ඇහුව එයාල ගිය විදිහ ගැන. එයාල කන්ද උඩ දැකපු දේවල් ඒ අත්දැකීම් ඔක්කොම මගෙත් එක්ක බෙදාගත්ත. ඉතින් මම දැන් ආපහු අමුතුවෙන් මේ කන්ද නගින්න ඕන්නෑ. මම දන්නව යන්න ඕනෙ පාර සහ කන්ද උඩට පේන දේවල්" කියල.



හරිම අවාසනාවන්තයි. මේ මනුස්සය කවදාවත් ඒ ගමන ආපහු ගියේ නෑ.



ඔයා හිතන්න ඔයා මේ මනුස්සය කියල. ඔයා හිතන්නෙ මේ කන්ද තමා ඔයාගෙ ජීවිතේ කියල. ඔයා හොයාගන්න ඕනෙ මේ කන්ද නගින්න ලේසිම විදිහක් ඔයා විසින්ම. අනිත් අය විසින් ඔයාට ලබාදෙන ජීවන අත්දැකීම් සහ සමහර තොරතුරු වචනවලින් තේරුම් ගන්න ගොඩක් ලේසි වෙයි.



නමුත් ඔයාට බැහැ ඒ අත්දැකීම් වල පැහැදිලි බව හුවමාරු කරගන්න. ඔයාට මැවෙන දේවල් අනුව තමා ඔයා ඒ තොරතුරු දිහා බලන්නෙ.



හැබැයි ඔයා ක්‍රමයක් හොයාගෙන හෝ වෙන කෙනෙක්ගෙන් මාර්ගය අහගෙන කොහොමහරි අර කන්ද මුදුනටම නැග්ගොත්, ඔයාට යමක් පේනව.



ඒ මොකක්ද?



කන්ද මුදුනටම නැග්ගම ඔයාට පේනව ඔයාට පහලින් තියෙන හැමදේම. ඔයාට පැහැදිලිවම පෙනෙයි මේ කන්ද නගින්න තිබ්බ ලේසිම මාර්ගය.



ඔයා අර මනුස්සය වගේ මාර්ගය සහ අත්දැකීම් බෙදාගෙන ඒ වැඩේ අතෑරියොත් ඔයාට කවදාවත් පැහැදිලි මාර්ගය හොයන්න බෑ.



මොනයම් විදිහකින් හෝ ඔයා මේ කන්ද නැග්ගොත් ඔයාට පෙනෙයි ඔයා තෝරාගන්න අවශ්‍ය සුදුසුම මාර්ගය මෙන්න මේකයි කියල.



අපේ ජීවිතේ අපි ගොඩක් අය එක්ක අත්දැකීම් බෙදාගන්නව. අපි ගොඩක් සාර්ථක මිනිස්සුන්ගෙ අත්දැකීම් කියවල තියෙනව අහල තියෙනව. අන්න ඒ අත්දැකීම් තුලින් ඔයා ජීවිත කන්ද තරණය කරල ආපහු පහල බලන්න. ඊටත් වඩා ලේසි පාරක් ඔයාට හම්බෙයි. ඔයාට ඔයාගෙ ජීවිතේ අර සාර්ථක මිනිසුන්ටත් වඩා සාර්ථක කරගන්න පුලුවන් වෙයි.

ඔයා ඒ අත්දැකීම් අහල ජීවිතේ සාර්ථක වෙන්න වෙර දරන්නැතුව ඉන්නව නං, තමන් දැන් හරි පාර දන්නව කියල හිතන් ඉන්නව නං, තමන් ඒ අත්දැකීම් දන්නව කියල හිතන් ඉන්නව නං ඔයාට කවදාවත් බෑ ජීවිතේ සාර්ථක වෙන්න.!



[ Life Lessons ]


® Honey_Bird_Creations

Report Page