ත්‍යාගශීලියාට ලැබුණු අපූරු තෑග්ග!
Honey_Bird#Life_Lessons

එක්තරා රජ කාලෙක ඒ රටේ රජා තමන්ගෙ සෙබලුන්ට අණ කලා මිනිස්සු නිතරම යන එන පාරක් මැදට ලොකු ගලක් දාන්න කියල.
ඊට පස්සෙ මේ රජා ඒ ළඟ පඳුරක් අස්සට වෙලා බලන් හිටිය මිනිස්සු මේ ගලට මොන වගේ ප්‍රතිචාරයක් දක්වනවද කියල.
ඒ රාජධානියෙ සමහර ධනවත්ම වෙළෙන්දන් සහ රාජ සභාවෙ නිලධාරින් මෙතනින් ගියා. ඒ අය සරලවම ගල වටෙන් ඇවිල්ල ගල මග ඇරල තමන්ගෙ ගමන ගියා.
තවත් සමහරු මේ රජාට බැන බැන ගියා පාරවල් පිරිසිදුව තියාගන්නෑ කියල.
නමුත් ඒ කවුරුත්ම ඒ ගල පාරෙන් අයින් කරන්න කිසිම දෙයක් කලේ නෑ.
දින කීපයක් තිස්සෙම මිනිස්සු මේ ගල ඇතෑරල එයාලගෙ ගමන ගියා. දවසක් එක්තරා ගොවියෙක් එයාගෙ එලවලු ඵලදාවත් අරගෙන මේ පාරෙන් ගමනක් යන්න ආව.
ඉතින් මේ ගොවියා මේ පාරෙ මැද්දෙ තියෙන ගල දැකල එයා අර උස්සන් ආපු එලවලු මලු අනං මනං පැත්තකින් තියල, එයා උත්සාහ කලා ඒ ගල පාරෙන් අහකට කරන්න. ගොවියා හිතුවෙ මේ ගල හැමෝටම කරදරයක්නෙ මම මේක අයින් කලොත් ගොඩක් දෙනෙක්ට ඒකෙන් පහසුවක් අත් වෙයි කියල.
අසාර්ථක තල්ලු කිරීම් කීපෙකට පස්සෙ මේ ගොවියා සාර්ථක වෙනව ඒ ගල පාරෙන් අයින් කරල දාන්න.
ඉතින් මේ මනුස්සය ආපහු එයාගෙ එළවලු මල්ල ගන්න යනකොට දකිනව අර ගල තිබ්බ තැන පර්ස් එකක් තියෙනව කියල. ඒ කියන්නෙ ගල තිබිල තියෙන්නෙ ඒ පර්ස් එක උඩ.
මේ පර්ස් එක ඇතුලෙ රත්තරන් කාසි විශාල ගාණක් එක්කම රජතුමා ලියපු ලිපියක් තිබ්බ.
මේ ලිපියෙ තිබ්බෙ "මේ පසුම්බියේ තියෙන මුදල් අයිති වෙන්නෙ මේ ගල පාරෙන් එලියට දාපු කෙනාට" කියල.
මෙන්න මේ චූටි කතාවෙන් කියන්නෙත් අපේ මේ ජීවිතය ගැන.
අපේ ජිවන මාර්ගයේ අපිට හම්බෙනව එක එක මාර්ග බාධක. අපිට ඒ හම්බෙන හැම බාධකයක්ම අපිට අවස්ථාවක් ලබා දෙනව. අපිට අවස්ථාවක් ලබා දෙනව අපේ තත්වයන් වැඩි දියුණු කරගන්න. අපිට තවත් ශක්තියක් වෙන්න.
කම්මැලියන් ඡෝදනා කර කර ඉන්න අතරෙ මේ ගොවියා වගේ යහපත් හදවතක් තියෙන මිනිස්සු මේ වගේ බාධක වලදි තමන්ගෙ ත්‍යාගශීලිත්වය යොදාගෙන ඒ බාධක තමන්ට ලැබුණ අවස්ථාවක් කරගන්නව සාර්ථක වෙන්න.
ඉතින් හිතන්න. ඔයාට එන හැම ප්‍රශ්නයක්ම ඔයාට සාර්ථකත්වයට ළඟා වෙන්න දීපු අවස්ථාවක් හැටියට දකින්න. සුභවාදී වෙන්න.