ගමට ආ ආගන්තුකයා
Honey_Bird#Life_Lessons

ඔන්න එකමත් එක කාලෙක එක්තරා ගමකට අලුත් මිනිහෙක් ආව පදිංචි වෙන්න. එයා ආවෙ නගරයක ඉඳන්. ඉතින් මේ මිනිහ හිතුව මේ අලුත් ගම මොන වගේ ඇතිද කියල. එයාව ඒ ගමට මැච් වෙයිද කියල. ඒ ගම එයාට හිතට අල්ලයිද කියල.
ඉතින් මේ මිනිහ ගියා ගම් ප්‍රධානියව හම්බෙන්න. ඒ ගමේ ප්‍රධානියව හම්බෙලා ඇහුව,
"ඔබ හිතනවද මම මේ ගමට කැමති වෙයි කියල. මේ ගමේ මිනිස්සු මොන වගේද? "
කියල.
ඊට පස්සෙ ගම් ප්‍රධානියා ඒ මිනිහගෙන් මෙහෙම ඇහුව.
"ඔයා ආපු නගරෙ හිටපු මිනිස්සු මොන වගේද?"
ඉතින් ඒ මිනිහ,
"එයාල හරිම අප්‍රියජනකයි. එයාල හරිම පහත්. එයාල ජීවත් වෙන්නෙ හොරකමින් සහ මුලාවෙන්. " කියල උත්තර දුන්න.
මේක අහපු ගම් ප්‍රධානියා ඒ මිනිහට මෙහෙම කිව්ව.
"ආන්න ඒ ජාතියෙම මිනිස්සු තමයි මේ ගමෙත් ඉන්නෙ කියල"
ඉතින් මේ සංවාදෙ ඉවර වෙලා ඊට පහුවෙනිද ආපහු තවත් අලුත් මිනිහෙක් ගමට ආව පදිංචි වෙන්න හිතාගෙන.
මේ අලුතෙන් ආපු මිනිහත් ගම් ප්‍රධානියගෙන් ඇහුව, "මේ ගමේ මිනිස්සු මොන වගේද" කියල.
ඉතින් අර ගම් ප්‍රධානිය මේ අලුතෙන් ආපු මිනිහගෙනුත් අහනව,
"ඔයා කලින් හිටපු තැන මිනිස්සු කොයි වගේද" කියල.
අර අලුත් මිනිහ මෙහෙම උත්තරයක් දෙනව.
"එයාල හරිම නිහතමානී. හරිම අගෙයි. එයාල වෙන අය ගැන හරියට හොයල බලන බොහොම හිතවත් , පරාර්ථකාමී පිරිසක්".
ඉතින් මේ මිනිහට , ගම් ප්‍රධානිය මෙහෙම කියනව.
"ආන්න ඒ ජාතියෙම මිනිස්සු තමයි මේ ගමෙත් ඉන්නෙ කියල"
දැන් ඔයාල පුදුම වෙයි මේ ගම් ප්‍රධානිය අර මිනිස්සු දෙන්නටම එකම උත්තරේ දුන්නනෙ කියල.
එක්කෙනෙක් කිව්ව නරක මිනිස්සු ගැන එක්කෙනෙක් කිව්ව හොඳ මිනිස්සු ගැන. හැබැයි ගම් ප්‍රධානිය ඒ දෙන්නටම කිව්වෙ එයාල කියපු ජාතියෙ මිනිස්සු මේ ගමේ ඉන්නව කියල.
ඉතින් මෙන්න මේකයි මේ පුන්චි කතාවෙ හරය.
ඔයා ලෝකය දිහා බලන්නෙ කොහොමද, ආන්න ඒ විදිහටම තමයි ලෝකයා ඔයා දිහා බලන්නෙත්.
ඔයාට ලෝකෙ දකින්නෙ ආදරය , කරුණාව , බලාපොරොත්තුව නං ලෝකයාත් ඔයාගෙන් අන්න ඒ ටිකම දකිනව. ඔයා තුලිනුත් ආදරය කරුණාව බලාපොරොත්තුව දකිනව. ඔය ලෝකෙට පෙන්නන්න හදන්නෙ ලෝකයේ ලස්සන නං ලෝකයාත් ඔයාට පෙන්නයි ලෝකය ඇත්තටම ලස්සනයි කියල.
ඒ වගේම තමයි ඔයා ලෝකෙ දකින්නෙ දුශ්ඨ බව , නරක පැත්ත නං ලෝකයා ඔයාගෙන් දකින්නෙත් අන්න ඒ ටිකමයි.
ඒ නිසා අපි නිතරම ලෝකය දිහා හොඳ යහපත් විදිහට බලන්න පුරුදු වෙමු. ලෝකය අපි හිතන තරන් අවලස්සන තැනක් නෙවෙයි. අපි විසින්මයි ලෝකය අවලස්සන කරන්නෙ.
ඉතින් අපිම ලෝකය ලස්සන කරමු!
source : YT motivation