වෛරී නිසදෙස්

වෛරී නිසදෙස්


#Society

RL

දන්නවද බං. කවියක් ගලපල ඒක ලස්සනට ගලාගෙන යන්න ලියන්න , ඒක කියවන්න ආස හිතෙන විදිහට ලියන්න හැමෝටම බෑ. ඒකට දක්ශතාවයට වඩා ඇඟෙන්ම එන්න ඕනෙ දෙයක්. පෙර පිනකුත් තියෙන්න ඔනෙ.


කවිකාරයෙක්/කවිකාරියක් කියන නම හැමෝටම ගන්න බැරි දෙයක් බං. ඒක නිකං හරියට ඒ අයට වෙනම වගකීමක්/රස්සාවක් කරනව වගේ.


හැබැයි ඒ ලැබුණු හැකියාව හැමෝම යොදාගන්නෙ යහපතටද?


සමහරු ඉන්නව ලෝකයේ ලස්සන ගැන පරිසරයේ ලස්සන ගැන වෙන කෙනෙකුට ආදරයක් දනවන ආකාරයේ මාරම විදිහට හිතට දැනෙන්න ලියනව.


ඒ වගේ දෙයක් කියෙව්වම බං හිතට හෙන නිදහසක්. මාර feeling එකක් එන්නෙ. ඇත්තටම එහෙම ලියන අය ඉන්නව. කෙනෙකුගේ අඩු පාඩුවක් උනත් මාර සියුම් විදිහට කියනව. වැරැද්ද උනත් මාර කලාත්මකව ලස්සනට සමාජෙට පණිවිඩයක් එන විදිහට ලියනව.


හැබැයි අද මේ කතා කරන්නෙ ඒ වගේ දෙයක් ගැන නෙවෙයි.


අද මේ කතා කරන්නෙ වෛරී නිසදෙස් ගැන.


අද අපි මේ දකින සමාජය ලෝකය කොහෙත්ම සුභවාදි තැනක් නෙවේ බං. ඒකට ගොඩක් සාධක බලපාල තියෙනව. මිනිස්සුන්ගෙ ආකල්ප , මිනිස්සුන්ගෙ හැසිරීම් වගේ සෑහෙන දේවල්.


ඉතින් ඒ ගොඩට මේ නිසදෙස් වැටෙනවද?


මෙහෙම හිතමු. ඔන්න කෙනෙක් නිසදෙසක් ලියනව. එයා ඉන්නෙ ආදරෙන් පැරදිලා. එයා ලියනව එයාගෙ සහකරු/සහකාරිය එයාට කරපු වැරදි ගැන. එයා ලියනව ඒ තිබ්බ ආදරේ බොරුවක් කියල. එයා ලියනව ආපහු නං ආදරේ එපා කියල. ඒ වගේම එයා අවසානටෙ ලියනව ඔයාලත් කවදාවත් කාටවත් ආදරේ කරන්න එපා. ගැහැණු/පිරිමි ඔක්කොම එකයි කියල. හැමෝමල කරන්නෙ බොරුව විතරයි කියල.


උඹලට තේරෙනවද අර නිසදෙස් ලියන කෙනා සමාජෙට දෙන පණිවිඩය.


හැමෝමව සැක කරපං. කාටවත් ආදරේ කරන්න එපා. අනං මනං. ඒ වගේම තමා එක පාර්ශ්වයක් ගැන මුලු මහත් සමාජෙටම පිළිකුල් දනවන හැඟීමක් අරන් එනව.


හොඳම උදාහරණය සඳූ කියන කෙනා ලියන නිසදෙස්. කීපයක් අරන් හොඳට කියවල බලන්න. ඒ වචන ඇතුලෙන් සමාජෙට දෙන වැරදි ආදර්ශය පෙනෙයි එතකොට.


තව මෙහෙම කීප දෙනෙක්ම මං දැක්ක.


ඉතින් මම අහන්නෙ. ඉස්සරහට සමාජෙට එන්න ඉන්න අයට අපි පෙන්නන්නෙ මේ දේවල්ද?. අපි ඔලුවට දාන්නෙ ලෝකෙ වැරදි දේවල්මද? එතකොට මේ ලෝකෙ කිසිම හොඳක් නැද්ද.


තමන් ආදරෙන් පරාද වීම කියන්නෙ තමන්ගෙ වැරැද්දක් නිසා වෙච්ච දෙයක් නෙවෙයිද?


මේ දේවල් හෙන සුන්දරයි වගේ පෙනුනට ඇත්තටම භයානක මේ පුන්චි වචන කීපයක්. මොකද එහෙම්පිටින්ම ඔලුවට යන්නෙ වැරදි දෙයක්.


මම කියන්නෑ ලෝකෙ ඉන්න හැම පිරිමියම/ගැහැණියම මාර හොඳයි කියල. හැබැයි හැමෝම නරක නෑ. අපි අනෙකා දිහා සැකෙන් බලනකොට අනෙකා අපි දිහා බලන්නෙත් ඒ විදිහටමයි.


ඉතින් මේ දේවල් වල මූල බීජය මේ වගේ නිර්මාණද? ඇයි අපි මෙහෙම දේවල් මහා ඉහලින් පිලිගන්නෙ.


දැන් මෑත කාලෙ දැක්කනෙ. අසම්මත පෙම සුන්දරයි කිය කිය කෑගහනව අඩු ගානෙ සම්මත පෙමක් වත් නැති උන්😂. ඉතින් අපි මේ එක කෝණයක් විතරක් බලල අඩු ගානෙ අපිට අත්දැකීමක් වත් නැති දෙයක් ගැන අපි ඇයි එච්චර දරුණුවට බලන්නෙ.


අපි පුරුදු වෙන්න ඕනෙ සිහියෙන් විමසල නිවැරදි තීරණ ගන්න. මෙහෙම නිසදෙසක කලාත්මක බව නං මාර ඉහළින් ඇති. හැබැයි නිසදෙසකට උනත් අගෞරවක් නේද සමාජෙට පිළිකුල් හැඟීම් ඇති කරනව නං.


මම මුලින් නිසදෙස් කියවන්නම චැනල් වලට ජොයින් උනා. පස්සෙ පස්සෙ තෙරුනා ඒ ගොඩක් නිසදෙස් එක්කො බූට් කාපුවා නැත්තං ගෑණුන්ට බැනල නැත්තං පිරිමින්ට බැනල හෝ මොකක්ම හරි ද්වේශයක් ඇති වෙන ආකාරයට ලියපුව කියල. ඉතින් මම අයින් උනා.


මම අහන්නෙ ඉතින් ඒ වගේ දේවල් ගැන ඔයාල මොකෝ හිතන්නෙ


අදහස comment එකක් දාන් යන්න. වෛරී ද්වේශසහගත විදිහට නැතුව බනින්න දෙයක් තියේ නං විස්තර ඇතුව කියන්න.


Report Page