Telegraph එකට photos upload වෙන්නෙ නැද්ද?

Telegraph එකට photos upload වෙන්නෙ නැද්ද?

𓅃

Telegra.ph 06

RL

අද මං කතා කරන්නෙ කතා/ලිපි ලියන හුඟක් අයට ආපු පොදු ප්‍රශ්නයක් ගැන.


ඔයාල දන්නව හිටි ගමන් ඔයාගෙ කතාවට පොටෝ එකක් දාන්න ගියාම ඒක upload වෙන්නෑ. telegra.ph site එකෙන් පොටෝ එකක් අප්ලෝඩ් කරගන්න අමර කට්ටක් කන්න ඕනෙ. ඒ නිසාම ඔයාගෙ කතාවෙ සමහර කොටස් වලට පොටෝ නැතුවම ඔයාට publish කරන්න වෙනව.


ඉතින් අන්න ඒකට විසඳුමක් තමා මම මේ කියන්න යන්නෙ. මම වෙනද වගේම පොටෝ වලින් කියන් යනව. අද නං වීඩියෝ එකක් දාන්න ඕන්නෑ. පොඩි සරල වැඩක් තියෙන්නෙ.


එහෙනං පටන් ගම්මු.


1.මුලින්ම ඔයා මේ මම පහල කියල කියල තියෙන බොට්ල දෙන්නගෙන් එක්කෙනෙක්ට ගිහිල්ල start දෙන්න.



වැඩි දෙයක් නෑ. ඔය username එකෙන් ගිහිල්ල bot ව start කරන්න. ඊට පස්සෙ බොට් වැඩ නං ඔයාට මැසේජ් එකක් එනව. එක බොට් කෙනෙක් වැඩ නැත්තං අනිත් බොට් ට යන්න.


2.දැන් ඔයාලට අවශ්‍ය පොටෝ එක බොට් ට send කරන්න.



එතකොට ඔයාලට මේ උඩ පොටෝ එකේ තියෙනව වගේ ලින්ක් එකක් එවනව. අන්න ඒ ලින්ක් එක කොපි කරගන්න.


3.දැන් යන්න ඔයා කතාව ටයිප් කරන Telegraph site එකට.


දැන් ඔයාට ඒ පොටෝ එක දාන්න ඕනෙ තැන හිස් පේලියක් අරගෙන ඒ පේලිය උඩ එක පාරක් ක්ලික් කරන්න. එතකොට එනවනෙ පොටෝ upload කරන button එකකුයි , තව < > කියල button එකකුයි. එතනින් <> ඔබන්න.


4.ඒක එබුවට පස්සෙ....


ඔයාලට පෙන්නනව ඔය විදිහට තැනක්. අන්න එතෙන්ට ඔයා අර කලින් බොට් ගෙන් ගත්ත ලින්ක් එක paste කරගන්න.


5.දැන් Enter කරන්න.

දැන් ඔයා ඒ ලින්ක් එක එතෙන්ට paste කරගෙන ඔයාගෙ කීබෝඩ් එකේ ඔය enter / go / ↲ වගේ එන බටන් එක ඔබන්න.


6.අවසානයි...

දැන් නිකංම ඒ පොටෝ එක ඔයා කතාව ටයිප් කරන Telegraph site එක automatically එනව. upload කරන්න ඕන්නෑ.


වැඩේ තේරුනා කියල හිතනව.


හැමෝටම ජය වේවා.


[ Telegraph Tips ]

Report Page