♡ රාගයේ විලාපය ♡

♡ රාගයේ විලාපය ♡

Honey_Bird

❦ පසුදැක්ම ❦

RL

ඉතින් හැමෝටම ආයුබෝවන් කියල පිළිගන්නව එහෙනං. කියන්න දේවල් ටිකක් තියෙනව. ගොඩක් දිග උනාම උඹල කියවන්නෑනෙ. ඉතින් section කීපෙකට කඩල දාන්නං. කැමති එකෙක් කැමති කොටස කියවහං. ඔය පහළ වචන ටික touch කලාම නිකංම අදාල තැනට යනව.





පසුදැක්ම


රාගයේ විලාපය මුලින්ම පළ කරන්න ගත්තම මම හිතන් හිටියෙ කොටස් 15න් නවත්තන්න කියල. ඒ උනාට ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳ නිසා ආපහු දැන් මේ 16 ඉඳන් අලුත් ආරම්භයක් අරන් වගේ ලියල අන්තිමට ඔන්න කතාව ඉවර උනා. 15 වෙනි කොටසෙන් පස්සෙ ලියපු පසු දැක්ම අහෝසි කරන්නෑ මං. ඒකත් තිබිච්චාවෙ. මේක තමා ඔන්න රාගයේ විලාපය කතාවේ සිරාම පසු දැක්ම හරිතේ...




විශේෂ ස්තූතිය


රාගයේ විලාපය කතාව ලියපු පැණි කුරුල්ලව හැදුවෙ මම හැමදාම කියනව වගේ හිරූ නංගි. අහම්බෙන් අනන්තය චැනල් එකට සෙට් වෙලා හිරූ නංගි එක්ක චැටක් දානකොට මම හිරූස් එක්ක කතා කරගෙන පොඩියට කතාවක් ලිව්ව. ආදර කතාවක් නෙවේ. action/thriller category එකේ කතාවක්. ඉතින් කොටස් 7ක් විතර දැම්ම comment ලෙප්ට්.


වෙන කෙනෙක් ඒ තැන හිටිය නං "එහෙනං අතෑරල දාන්න" කියල කියනවනෙ. ඒත් හිරූස් එක්ක කතා කරල මම පොඩි අත්හදාබැලීමක් කරන්න ලිව්ව කතාවක්. ඕන් ඒකෙ නම "රාගයේ විලාපය".


ඉතින් රාගයේ විලාපය ලියපු පැණි කුරුල්ලව හැදුවෙ හිරූ නංගි. පැණි කුරුල්ලට ජීවය දුන්නෙ අනන්තය චැනල් එකේ පාඨකයො ටික. මම අදටත් කියනව. චැනල් එකේ කේස් අනං මනං නැත්තං, මට මේ ටෙලිග්‍රෑම් වල හොඳම ප්‍රේක්ශක පිරිස හිටියෙ අනන්තය චැනල් එකේ. මට දුකයි උන්ට කතාවෙ ඉතුරු කෑලි ටික දීගන්න බැරි උන එකට. අඳුරන එකෙක් ඉන්නව නං උන්ටත් යවහන්. උන් තමා මේ ගානට මාව ගෙනාවෙ.


ඉතින් මගේ මේ විශේෂ ස්තුතිය මම පිරිනමන්නෙ හිරූ නංගිටයි අනන්තය චැනල් එකේ ප්‍රේක්ශක පිරිසටයි!




ස්තූතිය


කතාව ලියාගෙන යනකොට සෑහෙන දෙනෙක් මට මාර සප් එකක් දුන්න. විශේෂයෙන්ම මම යාලු වෙලා ඉන්න කෙනා තමා කතාවෙ වැරදි අඩු පාඩු මිස්ටේක්ස් ඔක්කොම පෙන්නල දීල වැරදි ගොඩක් ම අඩු කතාවක් එලියට දාන්න උදව් කලේ.


ඊට පස්සෙ සමහර චැනල් වල ඇඩ්මින්ල නිතරම මාත් එක්ක කතා කර කර කතාවට ලොකු වටිනාකමක් දුන්න. ඇත්තටම ඒක මට සෑහෙන දෙයක්. ඒ වගේ තව නංගි කෙනෙක් ඇතුලු කීප දෙනෙක්ම කතාව private ඉල්ලුව මගෙන්. එහෙම ඉල්ලන කොට රචකයට මාර ගැම්මක් බං එන්නෙ. ඒ අයටත් ස්තූති වන්ත වෙනව ගොඩක්.


ඊට පස්සෙ මේ කතාව වෙනස්ම එකක් වෙන්න හේතුවක් උන meme template අනං මනං මම අහුලගත්තෙ ක්‍රිකට් පිස්සො ගෲප් එකෙන්. බිනුර කියල ඩයල් එකක් තමා ස්ටිකර් පැක් දෙකක්ම අඳුන්නල දුන්නෙ. ක්‍රිකට් පිස්සො ගෲප් එකේ සෙට් එකටම ස්තූති කරනව.


මේ කිව්වෙ මගෙ පැත්තෙන් මට මතක කීප දෙනාව විතරයි බං. නමක් මිස් වෙලා නං දහස් වාරයක් සමාවෙන්න.




පාඨකයන්ට


රාගයේ විලාපය කතාවේ මූලික අඩිතාලම පාඨකයො. මේ කතාවෙ නෙවෙයි හැම කතාවකම base එක කියන්නෙ පාඨකයො.


මම හිතනව මම සාර්ථකයි කියල. කතාව මේ තරම් දුර ආවෙ කතාව කියවන ඔයාල නිසා. රාගයේ විලාපය , පැණි කුරුල්ලට මේ තරම් වටිනාකමක් ආවෙ ඔයාල නිසා. කතාවට comment එනකොට දැනෙන හැඟීම විඳින්න නං සිරාවටම කතාවක් ලියන්නම ඕනෙ. ඒ වගේම තමා comment නැති වෙනකොට දැනෙන හිස් බව දැනෙන්නත් කතාවක් ලියන්නම ඕනෙ. මම ඔය දෙකටම මූණ දුන්න. ඒ නිසා මම දන්නව ඒ දෙකේ වෙනස.


මගේ කතාව රසවිඳපු , කියවපු , ඒකෙන් දෙයක් අරගත්තු මගේ ආදරණීය පාඨක ප්‍රජාවට මගේ හදපිරි ගෞරවය සහ ස්තූතිය පිරිනමන ගමන්ම මම තව පොඩි දෙයක් කියන්නං ඔයාලට.


නිර්මාණ රසය කියන එක පුද්ගලයා අනුව වෙනස් වෙනව. හැබැයි නිර්මාණයේ අග්‍රගන්‍ය බව එහෙම වෙනස් වෙන්න විදිහක් නෑ. මොකද සුපිරිම රචකයො ඉන්නව වැරදි මූලාරම්භයක් අරන් මේ සබ්ජෙක්ට් එකෙන් ඈත් උනු.


ඒ නිසා මම පොඩි ඉල්ලීමක් කරනව. වෙලාවක් තියෙනව නං හැම කතාවක්ම කියවල බලන්න. වැරැද්දක් අඩු පාඩුවක් තියේ නං පෙන්නල දෙන්න. වැරදි අඩු පාඩු පෙන්නනව කියන්නෙ ලියපු එකාට එපා වෙන්නම මොනා හරි කියල දාන එකට නෙවෙයි. එහෙම කතාවක් ලිව්වට ගෞරව කරන ගමන් ඒකෙ අඩු පාඩු සරලව පෙන්නල දෙන්න.


එහෙනං ආපහු පාරක් මම ස්තුතී කරනව comment දාපු කියවපු share කරපු හැමෝටම. තවත් හොඳම සීන් එකක් තමා මේක දැන් ලව් ස්ටෝරියක්නෙ. ලව් ස්ටෝරියක් උනාම හෙන emotional , heart touching මාර romantic වෙන්න එපැයි. එහෙම උනාම සාමාන්‍යයෙන් comment වලට වැටෙන imoji මෙන්න මේ වගේ.🥺🥰😣😒😞😧😠😤😨🤧🤕🤒😳😥.

මම දන්නෑ කතාවෙ වැරැද්දද මගෙ වැරැද්දද කියල. මේකට ආවෙ නං මෙච්චරයි.😂😅🤣😆😄.

තෑන්ක්ස් බං හැමෝටම. සිරාවටම උඹලගෙ දුක හිතෙන comment වලට වඩා අර දාපු එක හිනා මූණක් මට මාර සැනසීමක්.❤




රචකයන්ට


මේක කියවන Writers ල ඉන්නව නං මම පොඩි දේවල් ටිකක් කියන්නං. මම මේ කතාව ලියාගෙන යනකොට මේ side එක ගැන සෑහෙන දේවල් හොයාගත්ත. මේ telegraph මැසේජ් වල tricks අනං මනං. මම ඒව වෙනම article හද හද දැම්ම. මම දන්නෑ ඒවගෙන් වැඩක් ගත්තද කියල. ඕනි කෙනෙක් ඉන්නව නං ඔය පහල button එකෙන් ඒ ටික බලන්න.


[ Telegram Tips ]


ටෙලිග්‍රෑම් එක ඇතුලෙ අපි යුද්ධයක් හදාගෙන බං. රචකයො රචකයො. මේක එහෙම කාගෙන ගහන ගේමක් නෙවෙයි.


මම මේ කතාව ලියන කාලෙ ඇතුලත ගොඩක් දේවල් දැක්ක. ගොඩක් අත්දැකීම් ලැබුවා. ඉතින් මට සිරාවටම දැනුන දේ තමා අපි මේක කලාගාරයක් විදිහට නෙවෙයි පාවිච්චි කරන්නෙ. අපි මේක පාවිච්චි කරන්නෙ මාකට් එකක් විදිහට. නම මාකට් කරගන්න. ඕනෙ මගුලක් දාන ගානට පත් වෙලා.


එහෙම නෙවේනෙ වෙන්නෙ ඕනෙ. අපිට තියෙන මේ හැකියාවෙන් අපි සමාජෙට සේවයක් කරන්න ඕනෙ. දැන් බලහන්. නිසදෙසක් ගත්තත් ඒකෙන් පෙන්නන්නෙ සමාජෙ අඳුරු පැතිමයි. මම කියන්නෑ අපි හැමතිස්සෙම හොඳ විතරක් දෙන්න ඕනෙ කියල. ඒ උනාට අපි ලෝකෙ නරක පැතිගැන පෙන්නන්න පෙන්නන්න මිනිස්සු පුරුදු වෙන්නෙ ඒ විදිහට ලෝකෙ දිහා බලල ලෝකෙට වෛර කරන්න.


මම එදා කැම්පස් එකේ ස්තූති කතාවට කියපු කෙටි කතාවෙන් කිව්වෙත් ඒකමයි. ඕනි නං කියවන්න ඒක.


[ කෙටි කතාව ]


පුලුවන් තරන් අපි පෙන්නමු මේ සමාජෙ යහපත් තැනක් කියල. අපි හිතන විදිහ අනුවමයි ලෝකෙ හැදෙන්නෙ. ඒ නිසා අපි යහපත් විදිහට හිතන්න උගන්නමු මිනිස්සුන්ට.


Writers ල කැමති කෙනෙක් ඉන්නව නං මම අර උඩ කිව්ව article ටික බලන්න.




චැනල් ඇඩ්මින්වරුන්ට


මම කතාවෙ මුල්ම කොටස් දැම්මෙ එක චැනල් එකකට විතරක් උනාට පස්සෙ පස්සෙ අනිත් චැනල් වලටත් දැම්ම. ඉතින් මට එක එක චැනල් ගැනත් යම් අවබෝධයක් තියෙනව.


මෙහෙම නවකතා පළ කරන චැනල් එකක් පැවතීමේ මූලාශ්‍රය ඒ නවකතා. රචකයො නිසා තමා චැනල් දුවන්නෙ. හැබැයි මම දැකපු සමහර චැනල් වල එහෙම රචකයාට හෝ චැනල් එකේ members ලට කිසිම ගරුත්වයක් නෑ. තමන්ගෙ තනි මතේට වැඩ කරන්නෙ. member කෙනෙක්ගෙ අදහසක් දකින්නෙ චැනල් එක වට්ටන්න කියපු එකක් වගේ.


තව චැනල් තියෙනව දවල් 2ට කතාවක් දානව. දවල් 2.15 වෙනකොට පොටෝස් වීඩියෝස් දාහක් විතර දාල චැනල් එකට. ඉතින් අර කතාව මිස් වෙනව බලන්න එන එකෙක්ට. මොකද සමහරු මැසේජ් ගොඩාක් තියෙනකොට අඩු ගානෙ බලන්නෙවත් නෑ නිකංම පහලට scroll කරනව. කාලසටහනකට වැඩ කිරීමෙ වාසිය චැනල් වලින් ගන්න තැන් වල මාරම පිළිවෙලයි.


චැනල් ඇඩ්මින්ලට මම කියන්නෙ ඉතින් තමන්ගෙ චැනල් එකට කතා , නිසදැස් එවන රචකයො එක්ක සුහඳ වෙන්න. මොකද දෙගොල්ලොම අවබෝධෙන් ඉන්න ඕනෙනෙ. ඒකයි. දැන් සමහර විට මේකත් නිකංම නිකං හෑල්ලක් විතරයි වෙයි. වරදක් නෑ මම මේ කියන්නෙ මගෙ අත්දැකීම්.




කෙටි කතාවෙන් ජීවිතයට යමක්


එක්තරා රජ කාලෙක ඒ රටේ රජා තමන්ගෙ සෙබලුන්ට අණ කලා මිනිස්සු නිතරම යන එන පාරක් මැදට ලොකු ගලක් දාන්න කියල.


ඊට පස්සෙ මේ රජා ඒ ළඟ පඳුරක් අස්සෙ බලන් හිටිය මිනිස්සු මේ ගලට මොන වගේ ප්‍රතිචාරයක් දක්වනවද කියල.


ඒ රාජධානියෙ සමහර ධනවත්ම වෙළෙන්දන් සහ රාජ සභාවෙ නිලධාරින් මෙතනින් ගියා. ඒ අය සරලවම ගල වටෙන් ඇවිල්ල ගල මග ඇරල තමන්ගෙ ගමන ගියා.


තවත් සමහරු මේ රජාට බැන බැන ගියා පාරවල් පිරිසිදුව තියාගන්නෑ කියල.


නමුත් ඒ කවුරුත්ම ඒ ගල පාරෙන් අයින් කරන්න කිසිම දෙයක් කලේ නෑ.


දින කීපයක් තිස්සෙම මිනිස්සු මේ ගල ඇතෑරල එයාලගෙ ගමන ගියා. දවසක් එක්තරා ගොවියෙක් එයාගෙ එලවලු ඵලදාවත් අරගෙන මේ පාරෙන් ගමනක් යන්න ආව.


ඉතින් මේ ගොවියා මේ පාරෙ මැද්දෙ තියෙන ගල දැකල එයා අර උස්සන් ආපු එලවලු මලු අනං මනං පැත්තකින් තියල, එයා උත්සාහ කලා ඒ ගල පාරෙන් අහකට කරන්න. ගොවියා හිතුවෙ මේ ගල හැමෝටම කරදරයක්නෙ මම මේක අයින් කලොත් ගොඩක් දෙනෙක්ට ඒකෙන් පහසුවක් අත් වෙයි කියල.


අසාර්ථක තල්ලු කිරීම් කීපෙකට පස්සෙ මේ ගොවියා සාර්ථක වෙනව ඒ ගල පාරෙන් අයින් කරල දාන්න.


ඉතින් මේ මනුස්සය ආපහු එයාගෙ එළවලු මල්ල ගන්න යනකොට දකිනව අර ගල තිබ්බ තැන පර්ස් එකක් තියෙනව කියල. ඒ කියන්නෙ ගල තිබිල තියෙන්නෙ ඒ පර්ස් එක උඩ.


මේ පර්ස් එක ඇතුලෙ රත්තරන් කාසි විශාල ගාණක් එක්කම රජතුමා ලියපු ලිපියක් තිබ්බ.


මේ ලිපියෙ තිබ්බෙ "මේ පසුම්බියේ තියෙන මුදල් අයිති වෙන්නෙ මේ ගල පාරෙන් එලියට දාපු කෙනාට" කියල.


මෙන්න මේ චූටි කතාවෙන් කියන්නෙත් අපේ මේ ජීවිතය ගැන.


අපේ ජිවන මාර්ගයේ අපිට හම්බෙනව එක එක මාර්ග බාධක. අපිට ඒ හම්බෙන හැම බාධකයක්ම අපිට අවස්ථාවක් ලබා දෙනව. අපිට අවස්ථාවක් ලබා දෙනව අපේ තත්වයන් වැඩි දියුණු කරගන්න. අපිට තවත් ශක්තියක් වෙන්න.


කම්මැලියන් ඡෝදනා කර කර ඉන්න අතරෙ මේ ගොවියා වගේ යහපත් හදවතක් තියෙන මිනිස්සු මේ වගේ බාධක වලදි තමන්ගෙ ත්‍යාගශීලිත්වය යොදාගෙන ඒ බාධක තමන්ට ලැබුණ අවස්ථාවක් කරගන්නව සාර්ථක වෙන්න.


ඉතින් හිතන්න. ඔයාට එන හැම ප්‍රශ්නයක්ම ඔයාට සාර්ථකත්වයට ළඟා වෙන්න දීපු අවස්ථාවක් හැටියට දකින්න. සුභවාදී වෙන්න.




රාගයේ විලාපය


ඔන්න මචෝ පසු දැක්ම.


"රාගයේ විලාපය". මීට කලින් අහල තිබ්බෙ නැති අමුතු නමක් නේ. නිකං කතාව කියවන්න හිතුනෙත් මේ නම නිසා කියල සමහරු කිව්ව මට. මේ නම මම තෝරගත්තෙ ඇයි කියල මමවත් දන්නෑ හැබැයි. මම කොහොමත් කතා වලට දාන්නෙ ඔය වගේ මරි මොංගල් මෙලෝ ගැලපීමක් නැති නම්. ඒ නිසා ඒක ගැන හිතල වැඩක් නෑ.


කතාවෙ 15 වෙනි කොටස දක්වා ගොඩක් දේවල් මගෙ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ දේවල්. පොර වෙන්න කියනව නෙවෙයි. මම බූට් සෑහෙන කාපු එකෙක්. යොහාන් මුලින්ම සඳලිගෙන් බූටක් කෑව නේද. අන්න ඒක. හැබැයි එතන අන්තිමට වැරැද්ද කාගෙද?. යොහාන්ගෙම නේද.


මමත් එහෙමයි. මම ඉස්සර ආදරේ කියන එකත් විහිලුවට ගත්ත ගොඩක් පිරිමි වගේ. ඒක අපේ හැටිද කියල නං දන්නෑ. ඒ උනාට ලෝකෙට පේන්න රඟන්න මිසක මම එහෙම කාටවත් ආදරේ කරල නෑ. මට බූට තිබ්බම මම ඒ කෙල්ලොන්ට බැන බැන හිටිය මිසක් මගෙ වැරැද්දක් දැක්කෙ නෑ. හැබැයි මම දැන් යාලු වෙලා ඉන්න කෙනා නිසා තමා මමත් ආදරේ කරන්න පටන් ගත්තෙ. මටත් දැන් තේරෙනව මගෙ වැරැදි. මොකද මම යාලු වෙලා ඉන්න කෙනා ගොඩක් හුරුබුහුටි කොට කෙල්ලෙක් වගේම කට සද්දයි සහ සැරයි. ඉතින් තැනක් නොතැනක් නෑ කණ පැලෙන්නම ගහනව කොහේ හිටියත්. මම වැරැද්දක් කලොත් ඒක මට පෙන්නල දෙනව. එයා නිසා තමා මෙහෙම කතාවක් ලියන්න තරන්වත් මාව ඉතුරු උනේ. නැත්තං මාත් රැල්ලට ගිහිල්ල මෙලහකට විනාස වෙලා.


මම ගැන ගත්තොත් මම ආතල් එකේ හිනා වෙලා විහිලුවක් කරන් ඉන්න පොරක්. හැබැයි අඳුරන කීප දෙනා ගාව විතරයි. අනිත් හැමෝටම වගේ මමත් එක එක පොර ටෝක් දුන්නට මට පුන්චිම ප්‍රශ්නයක් වත් දරාගන්න බෑ. ඒක මගෙ දුර්වලකමක් වෙන්නැති. මම පොඩ්ඩ ගැවිච්චම අඬන ජාතියෙ එකෙක්.


පැණි කුරුල්ලා කියන මගේ අනිත් චරිතෙ ගැන ගත්තොත් පැණි කුරුල්ලා කියන්නෙ හෙන නිහතමානි එකෙක්. මම ඒ චරිතෙන් ඉන්න වෙලාවට පිස්සු කෙලින්නෙ නැති තරන්.


කතාව ගැන ගත්තොත් මම දන්නව අන්තිම කාලෙ කතාව පොඩ්ඩක් සීරියස් වෙලා ඉස්සර තරන් විහිළු නැති වෙලා පොඩ්ඩක් විතර low attraction එකක් හම්බුනේ පාඨකයන්ගෙන්. මම බං අවුරුදු දෙකක් තිස්සෙ බෙහෙත් කරපු ලෙඩක අන්තිම කාලෙ ඉන්නෙ. කතාව ලියන්න පුලුවන් උනෙත් මම ගෙදර හිටියෙ නැති නිසා. ඒ වගේම මම හෙන ආතල් එකේ ඉන්නෙ. මොකද ඒ treatment ලබන මාසෙන් ඉවර වෙන නිසා. කතාව මම ඕනෙවට එපාවට වගේ ලිව්වෙ. ඉස්සර දවසකට පෙති දෙක ගානෙ බීපු බෙහෙත් තුන්ඩුව මේ මාසෙ මැද වගේ ඉඳන් වේලකට පෙති 13ක් දක්වා වැඩි උනා. බඩ පිරෙනව බේත් ටික බිව්වට පස්සෙ. ඉතින් බේත් සැරට මත් වෙලා කචල් වෙලා තිත්ත වෙලා ලිව්වෙ කතාව.


කතාව එවන්න වෙන්නෑ මට අසනීපයි කිය කිය නැවැත්තුවෙත් නෑ මට මේකෙන් නිදහස් වෙන්න ඕනෙවෙලා තිබ්බෙ. ඉතින් මම සමාව ඉල්ලනව කතාවෙ රසයට හානියක් වෙලා තිබ්බනං. මට සමාවෙන්න නමුත් මට කරන්න දෙයක් නෑ. මගෙ පැත්තෙන් මම අමර කට්ටක් කෑව.


කතාවෙ දෙවනි කොටස ගැන බලමු.


මම මේ 16 වෙනි කොටසෙ ඉඳන් ඉස්සරහට ලිව්වෙ මගෙ අවබෝධයෙන් සම්පූර්ණයෙන්ම පිට දෙයක් ගැන. මොකද මට කිසිම අත්දැකීමක් නෑ ඒ ගැන. මම හිතනව මගේ මනසේ ඇඳුන රූප රාමු වලට අනුකූලව කතාව ශේප් එකට ගලාගෙන ගියා කියල. අම්මගෙන් අහගෙන මගුල් සිරිත් විරිත් ලිව්වෙ. අක්කගෙන් අහගෙන කැම්පස් සීන් ටික ලිව්වෙ. අන්තිමට නිශූවයි යොහාන් වයි බන්දල උන්ට ළමයෙකුත් දීල නැවැත්තුව තව ලියන්න දෙයක් ඉතුරු නොකරම.


ලෝකෙ හැම කතාවෙම දුකක් නෑ බං. හැමෝම දුක විතරක් උලුප්පල පෙන්නන්නෙ මේ අපේ සමහරු හිතන් ඉන්නව හොඳ නිර්මාණයක් කියන්නෙ ඇඬෙන්න ලියන ඒව විතරයි කියල. ඉතින් දුක නැති කතාවක් ලිව්වොත් හිට් වෙන්නෑ කියන මතේ ඉන්නෙ ගොඩක් අය. කතාවක් උනාම දුක සතුට තියෙන්නෙ ඕනෙ තමා. ඒ උනාට අපි මේ ජීවත් වෙන ප්‍රශ්න පිරිච්ච ලෝකෙක අපි සහනයක් ගන්න කියවන මේ කතාව ඇතුලටත් තව ප්‍රශ්න දාල පාඨක ඔලුව විනාස කරන එකට මම කොහෙත්ම කැමති නෑ. අනික මට ඔය හාට් ටචින් කතා ලියන්න තේරෙන්නෙත් නෑ. මොකද මම සුපිරි රචකයෙක් නෙවෙයි. මම මේ නිකංම වචන ටිකක් ගැලපුවෙ.


මම ඉතින් මේ කියන්නෙ රාගයේ විලාපය කතාවෙ දුක අඩු කරල සතුට වැඩි කලේ මම කැමති නෑ දුකට. මට ඇත්තටම අවශ්‍යතාවක් නෑ කතාවට දුශ්ඨයෙක් ගෙන්නල තව කතාව පොඩ්ඩක් ඇක්ශන් ගතියක් වැඩි කරල කේස් දාන්න. ගලාගෙන යන විදිහටම වෙනසක් නොකර මම නෝමල් එකේ ලිව්ව. මම කැමතී මේ ලෝකෙ සුන්දර විදිහට දකින්න. හැමෝම හිනා වෙලා. හැමෝම සතුටෙන්.


මම මේ කතාව ලියන්න අරන් තව තව ආටිකල්ස් ලිව්ව. එක එක නමින්. කැමති කෙනෙක් ඉන්නව නං මගෙ ඒ නිර්මාණත් කියවන්න.


My Workshop




රාගයේ විලාපය ඉවරයි බං ඔන්න දැන්. කතාව පුරාවටම මාත් එක්ක හිටපු හැමෝටම ගොඩාක්ම ස්තූතියි. කතාව ගැන හෝ මම ගැන හෝ ඔයාලට දැනුන දෙයක් කියාගෙන යන්න. අද මාත් එනව ඔයාල එක්ක කතා බහ කරන්න. ප්‍රශ්න මොනා හරි තියෙනව නං ඒවත් අහන්න.


ප්‍රසිද්දියේ කියන්න බැරි යමක් තිබ්බොත් private දාන්න.✌.

[ H_B_comments ]


කතාව ශෙයාර් කරන්න ඕනි නං කරන්න. මගෙන් අහන්න එපා. ඕනි කෙනෙක් ඉන්නව නං කතාව වෙනස් කරල වෙන කෙනෙක් නමින් පල කලත් මට කමක් නෑ. උපුටා ගැනීම් ඕනෙ මගුලක් කරහන්.


ජය වේවා....!


Report Page