හත් පෙති මල

හත් පෙති මල

Short_story

Remake (කෙටි කතාවකි)

RL

ඔන්න එකමත් එක කාලෙක.....


කියල පටන් ගත්තම තාමත් මැවෙන්නෙ එක්දාස් අටසිය බර ගනන් වල සීන් එකක්නෙ බං. ඉතින් ඒ වල් පල් ටික ලොප් කරල අපි කෙලින්ම බහිමු මේ, රී කන්ඩිශන්ස් මුතු ඇටේ වර්ශන් කතාවට.


මම අශේන්. දවසක් අම්ම මට කතා කරල කිව්ව, "පුතේ හෙට මධ්‍යම රත්‍රියෙන් පස්සෙ බිස්කට් වල මිලත් සීයට එකසිය පනහකින් විතර වැඩිවෙයි ඒ නිසා ඉක්මනට ගිහිල්ල බිස්කට් පැකට් කීපයක් අරන් එන්න කියල".


මම පොත අස්සෙ හංගගෙන ෆෝන් එකෙන් කියව කියව හිටපු, මණ්දාකිණි චැනල් එකේ කතා ටිකත් පැත්තකට දාල ශෝටයි බාට දෙකයි දාගෙන ලෑස්ති උනා කඩේ යන්න.


ශෝට ගහගත්තට යටි තල පහසුකම් ලෙප්ට්. හේතු දෙකයි. කාල කාල මහත් වෙලා දැන් යටිතල පහසුකමක් වත් ඉන ගාවට ගන්න බෑ. අනිත් එක මේ දෙකයි පනහෙ රෙදි කෑල්ලක් ගන්න ගියාමත් කඩවල් වලින් ගනන් උස්සනව බ්‍රෑන්ඩඩ් අහවල් ඒව කියල. ඉතින් ලූස් පිටම බැස්ස පාරට.


කඩේට ගිහිල්ල මම බිස්කට් පැකට් 7ක් ගත්ත. 6ක් මට. අනිත් එක අම්මටයි තාත්තටයි අක්කටයි ආච්චිටයි පුන්චි අම්මටයි බාප්පටයි සීයයි නැන්දටයි නැන්දම්මටයි මාමණ්ඩියටයි ගමයි පන්සලයි වැවයි දාගැබයි සීගිරියයි දුන්හිඳයි....... etc.


"ඇන්ටි , තාත්ත හවසට එනගමන් ගෙවයි" කියල කඩේ ඇන්ටිගෙන් පිනට බිස්කට් පැකට් ටික අරන් මම ගෙදර එන්න පිටත් උනා. අම්ම මට සල්ලි දුන්න. ඒ උනාට ඒ සල්ලි ඉතිරි කරගන්න එපැයි.


ටිකක් දුර ඔහොම වටපිට බල බල එනකොට මට තේරෙනව දැන් බිස්කට් පැකට් දාපු සොපින් එකේ බර අඩු වෙනව වගේ කියල. මහසෝනද දන්නෑ. ඒත් මහ දවාලෙ මහසෝනා එන්නෑනෙ.


කෝකටත් කියල ශේපට් එකට හිමීට පස්ස බලනකොටනෙ දැක්කෙ.....


බල්ලෙක් ශොපින් එක හිල් කරල බිස්කට් පැකට් ටික කඩ කඩ මග දිගට කකා ඇවිල්ල.


මගේ අවධානය ලෙප්ට්.


"අඩෝ ධාතු සුනඛයා... තෝව මම අද බාවනවා...."


බල්ල පස්සෙන් ටිකක් දුර දුවල ගිහින් පපුවත් අල්ලන් නැවතුනා. මේ දවස් වල අඩි දහකට වඩා දුවන්න බෑ ත්වරණයෙන්. u=10ms1- න් පටන් ගත්තොත් t=5s වලදි v=0 ක් වෙනව. එහෙනං a= ?. (කතාව කියවල වෙලාවක් තිබ්බොත් මේකත් හදපං)


බල්ලට දන්න කුණුහරප 48න් ම බැන බැන මගක් දුර එනකොට මීටර් උනා බිස්කට් නැතුව ගෙදර ගියොත් මම බෑන් වෙනව නේද කියල.


කරකියාගන්න දෙයක් නැතුව ඔහේ ඉබාගාතෙ ඇවිදන් යනකොට පාරෙ බීඩියක් ගගහ හිටපු මනුස්සයෙක් මට කතා කලා.


"මල්ලෙහ් , මොකෝ කේස් එක. නිකං සෑඩ් මූඩ්"


මම උට විස්තරේ කිව්වට පස්සෙ ඌ බීඩි කොටේ අහක් කරල මං ගාවට ලං උනා.


අඩෝ මූ මට ගේමක් දෙන්නද හදන්නෙ?


"මල්ලෙහ්, මේක මම කාටවත් නොකියපු කතාවක් මේ කියන්න හදන්නෙ. මල්ලිට ඕන්නං මම දෙන්නං සුපිරි මලක්."


මලක් ගහල ගෙදර ගියාම වලක් කපන් වැලලෙන්න වෙනව කියල දන්න ගලක් වගේ හිතත් තියෙන විලක් වගේ මම.


"මල් ගහන්න බෑ අයියෙ. මේ දවස් වල ඕව මුකුත් කරන්නෑ"


"ඒ ලබ්බක් නෙවෙයි පොඩි එකෝ කිව්වෙ. ඉන්ද්‍රජාලික මායා මලක් ගැන"


මම


"ඒ මොකක්ද?"


"මෙහෙ එන්ටකෝ" කියල මූ මාවත් එක්කන් ගියා පොඩි ඇතුල් පාරකින්. ගිහිල්ල ගිහිල්ල අන්තිමට නැවතුනේ පොඩි උද්‍යානයක් වගේ තැනකින්. එතන පොඩි මැටි පෝච්චියක තිබ්බ මලක් කඩල අරන් ඒ මිනිහ මගෙ දිහාට දික් කලා.


"මෙන්න මේකයි මම අර කියපු මල. මේකෙන් ඔයාට පුලුවන් ඔයාගෙ ඕනෙම ආසාවක් ඉශ්ඨ කරගන්න. මේකට කියන්නෙ හත්පෙති මල කියල"


ඒ හත්පෙති මල.


"කෝ අයියෙ මේකෙ පෙති පහයිනෙ"


"ඉතින්?"


"ඉතින් හත්පෙති මල කියලනෙ කිව්වෙ"


"නම හත්පෙති මල උනාට මම උඹට කිව්වෙ නෑනෙ ඕකෙ පෙති හතක් තියෙනව කියල. ඕකෙ පෙති පහයි. නම හත්පෙති මල. ඔහොම ඕනෙවට වඩා හිතල තමා උඹල විභාග කෙලවගන්නෙත්."


හේ හේ.


"අයියෙ මේ හත්පෙති මල් නැතුව නිකං දාස් පෙති මල් වගේ ලයිනක් ගහන්න බැරි වෙයිද. බිකෝස් හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක්"


"අනේ වධ දෙන්න එපා ඕයි. ලැබුනු දෙයින් සතුටු වෙයන්කො. 2000න් පස්සෙ උන් ඔහොම්මයි."


" ආ හරි හරි ඒකෙන් වැඩක් නෑ. දැන් අයියෙ දැන් මම මොකක්ද මේකෙන් කරන්නෙ. මේක වැඩ කරන්නෙ කෝමද"


"මල්ලිට තියෙන්නෙ හෙන පොඩි වැඩයි. මම මේ කියන කවිය කියල පෙත්තක් කඩල ඔයාගෙ ප්‍රාර්ථනාව ඉශ්ඨ කරන්න. ඒක නිකංම ඉශ්ඨ වෙයි. මෙන්න මේකයි කවිය"


අමුතුම මලක් වාගෙ දැක්කෙ මං පෙරේදා....

හරි සතුටුයි.....

පෙති හත උනත් තියෙන්නෙ දැන් පෙති පහයි.....

හරි ආසයි.....


"ඕන් ඕක කියල මල්ලිට කැමති ප්‍රාර්ථනාවක් කරන්න. නිකංම ඒක සැබෑ වෙනව."


"අනේ අයියේ ඒ කවිය දිගයිනෙ. short එකක් නැද්ද පොඩියට"


අර ඩයල් එක.


"ආ මල්ලි මේ මට පෙති පහටම වොරන්ටි එකක් දෙන්න බෑ. වොරන්ටි ඕනි නං 100ක් ගෙවන්න වෙනව. පොඩි පොඩි ටෙක්නිකල් issues එන්න පුලුවන් ඈ"


උගෙන් මේ පෙති පහේ හත්පෙති මලේ full manual එක අහගෙන ආපහු පාර ගාවට ගියා. ගිහිල්ල ආපහු හැරිල බලනකොට එතන අර කලින් තිබ්බ උද්‍යානය නෑ. කවුරුත් නෑ. නිකංම වැනිශ් වෙලා ගිහිල්ල.


මට පු@ද කියල හිතල මල ගත්ත අතට. පොඩියට ටෙස්ටින් පාරක් දාන්න. කැඩුව පෙත්තක්.


අමුතුම මලක් වාගෙ දැක්කෙ මං පෙරේදා....

හරි සතුටුයි.....

පෙති හත උනත් තියෙන්නෙ දැන් පෙති පහයි.....

හරි ආසයි.....


'මල් පෙත්තේ මල් පෙත්තේ මට දැන් ගෙනත් දෙන්න මන්චි ටිකිරි මාරි බිස්කට් පැකට් 7ක්. අර රතු පාට එකෙන් හරිතේ.....'


එක පාරටම අහස කලු වෙලා ගොරවන්න ගත්ත. මම උඩ බලල ආපහු මල් පෙත්ත දිහා බලනකොට ඒ මල් පෙත්ත නැති වෙලා ඒ වෙනුවට බිස්කට් පැකට් 7ක් තියෙනව. 6ක්ම බිම වැටිල. 1යි අතේ තියෙන්නෙ.


"අයියෝ මොලයක් නැද්ද යෝධයො. ශොපින් එකක් ගේන්නෙ පොලිසියෙන්ද."


මල


ආපහු පාරක් අර කවිය කියල ශොපින් එකකුත් ගෙන්න ගත්ත.


ශිට්. පෙති දෙකක්ම ලොස්ට් උනා මෙලෝ වැඩක් නැතුව.


බිස්කට් ටිකත් අරගෙන ගෙදර ගියා පොර වගෙ. අම්මලට එකක් දිලා අනිත් 6ත් අරන් කාමරේට ඇවිල්ල මල ගැන අධ්‍යනය කර කර පොඩ්ඩක් වෙලා හිටිය. තව චාන්ස් තුනක් තියෙනව. ඒ තුන ශේප් එකේ මොලේ පාවිච්චි කරල යොදාගන්න ඕනෙ.


එහෙම්ම ටිකක් නිදාගෙන රෑ වෙලා ඇහැරිලා කුස්සියට කන්න ගියා. කරුමෙට පිඟානෙ වැදිල තාත්තගෙ රේඩියෝ එක ඩවුන් උනා. ඩවුන් වෙලා අක්කර බාගෙක විතර රේඩියෝ කෑලි විසි උනා.


"මොකක්ද කොල්ලො ඒ සද්දෙ"


මම

"මු.... මුකුත් නෑ අප්පච්චි.... මේ හී හී"


පටාස් ගාල කාමරෙට ගිහින් මල අරන් ඇවිල්ල පෙත්තක් කඩල අර මන්තරේ කිව්ව.


'මල් පෙත්තේ මල් පෙත්තේ අප්පච්චිගෙ කැඩුණු රේඩියෝ එක පටාර් ගාල හදල දියන්..... ඉක්මනට....'


විනාඩියක් විතර බලන් හිටිය වෙනසක් උනේ නෑ. කෙලියනෙ තාප්පෙටම.


who to.... am i joke to you මල් පෙත්තේ... විහිලු කරන්න වෙලාවක් නෙවේ යකෝ මේක.


මේ පෙත්ත out of use වෙලාද කොහෙද. මල රෙද්දයිනෙ. තව පෙති දෙකයි. ඊළඟ පෙත්තත් කැඩුව.


අමුතුම මලක් වාගෙ දැක්කෙ මං පෙරේදා....

හරි සතුටුයි.....

පෙති හත උනත් තියෙන්නෙ දැන් පෙති පහයි.....

හරි ආසයි.....


'මල් පෙත්තේ මල් පෙත්තේ මේ කැඩුණු රේඩියෝ එක ඉක්මනට හදල දෙන්නකෝ.'


ඒ පාර නං රේඩියෝ එකේ කෑලි බෑලි එකලස් වෙලා ආපහු තිබ්බ විදිහටම හැදුන ගැම්මට.


ශිශ්.... තව එක පෙත්තනෙ බං ඉතුරු.


රෑට කාල බීල කාමරේට ගිහිල්ල හිතුව මේක යොදාගන්නෙ මොකටද කියල. අන්තිමට හිතල හිතල තීරණේකට ආව.


මල් පෙත්ත කඩල අර කවියත් කිව්ව.


"මල් පෙත්තේ මල් පෙත්තේ මණ්දාකිණිය චැනල් එකේ ඉදිරි වැඩ කටයුතු අති සාර්ථක වේවා කියල මම පතනවා!"



මණ්දාකිනිය චැනලයේ කෙටි කතා තරඟය සඳහා රචිත කතාවකි!

Report Page