ටෙරාරියම් කලාව (Terrarium)

ටෙරාරියම් කලාව (Terrarium)

Social_Captures

#SocialMediaCaptures

RL

මොනවද මේ ටෙරාරියම් ???


සතුන් හෝ ශාක ආරක්ෂිත ලෙස කුඩා වීදුරු බදුන් තුල වගා කිරීමය.මෙය සැරසිල්ලක් ලෙස හෝ අලංකාරය සදහා භාවිතා කරනු ලැබේ. මෙම ටෙරාරියම් ප්‍රදාන වර්ග දෙකකට නිර්මාණය කර ගත හැක.


1.විවෘත ආකාරය (Open method)

2.සංවෘත ආකාරය (Closed method)

විවෘත ආකාරය -

විවෘත පරිසරයක පවතින වියලි තත්ත්වයන්ට ඔරොත්තු දී හොදින් වර්ධනය වන පතොක් හෝ මාංශල ස්වභාවයක් ගන්නා කුඩා පැලැටි මෙයට වඩාත් සුදුසු වේ.



සංවෘත ආකාරය -

ඕකිඩ්, පාසි,මීවන වැනි නිවර්තන කලාපීය පැලැටි මෙයට වඩා සුදුසු වේ. මෙයට හේතුව එවැනි බදුන් තුල තත්වය නිවර්තන පරිසරයකට සමාන වීමයි. මෙහිදී බදුන් සීල් කිරිම නිසා ඒ තුල කුඩා ජල චක්‍රයක් නිර්මාණය වේ. නමුත් මෙහිදී සතියකට වරක්වත් බදුන් විවෘත කර අනවශ්‍ය ජලය වාශ්ප වීමට සැලැස්විය යුතුය . එසේ නොමැති වුව හොත් පැලැටි වලට හානිකර රෝග කාරක දීලිර වර්ධනය වීමට හැකියාව ඇත. එමෙන්ම ශාක මැලවීමක් පෙන්නුම් කරන අවස්ථාවල ජලය එකතු කිරිම සිදු කල යුතුය. මෙහිදී යොදා ගන්නා පස් මාධ්‍ය ජීවනුහරනය කිරිම ඉතා වැදගත්ය. නැතිනම් රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් වේගයෙන් වර්ධනය වීමට හැකියාවක් ඇත.


ටෙරාරියම් වල ඉතිහාසය

1842 වසරේදී Nathaniel Bagshaw ward විසින් මුල්ම වරට ටෙරාරියම් නිර්මාණයක් සිදු කරන ලදි. ඔහු කෘමින්ගෙ හැසිරීම අධ්‍යනය කිරිමට උනන්දු වූ පුද්ගලයකු වන අතර එහිදී අත්වැරැදීමකින් වීදුරු භාජනයකට වැටුනු මීවන බීජ ශාකයක් ලෙස වර්ධනය වීම නිරීක්ෂණය කර ඇත. එයින් ටෙරාරියම් සංකල්පය බිහිවූ අතර වික්ටොරියානු සමයේ ඉංග්‍රීසින් අතර මෙය සීග්‍රයෙන් පැතීරිනි. මෙය ඔවුන් විසින් " Wardian case " ( සිරකරන ලද පෙට්ටිය ) ලෙස හදුන්වන ලදි.


වික්ටොරියානු සමයේ නැව් මගින් ශාක නිරුපද්‍රිතව රටවල් අතර ප්‍රවහනයට මෙය භාවිතා කරන ලදි.


වාතාශ්‍රය නොමැතිව සීල් කරන ලද බදුනක වුවද පැලැටි වලට නොමැරී ජීවත් විය හැකිබව සහ වර්ධනය වන බවට මෙමගින් තහවුරු විය.


මෙ පහළ තියෙන්නෙ මේ වගේ හදපු Terrarium plants වල පොටෝස් ටිකක්.



















මූලාශ්‍රයන් :-

https://www.facebook.com/profile.php?id=100045122952218


[ Social Media Captures ]

Report Page