👩ගැහැණු vs පිරිමි👨
#Society#Society

මුලින්ම මම අහන්නෙ මොන මල මගුලක්ද බං මේ. මොන රෙද්දක්ද මේ. පිස්සු උක් කනව කියන්නෙ මෙන්න මේ වැඩ වලට. බලන බලන තැන එක්කො පිරිමින්ට බනිනව එක්කො ගෑණුන්ට බනිනව.
පිරිමින්ට බනිනව උන්ට කරන්න පුලුවන් ලබ්බක් නෑ කියල ගෑණුන්ට බනිනව ඕකුන් වටේ යනව කියල.
යකෝ තොපිලගෙ වැරදි තෝරාගැනීම් නිසා සමාජයේ අනවශ්‍ය ප්‍රශ්න හදන්නැතුව හිටහං. ලව් කරන උන්ටත් ලව් එපා වෙනව ඔය රෙද්දවල් දකිනකොට.
කාලෙන් කාලෙට එන ඔය මගුල් නිසා ඇත්තටම ආදරේ කරන උනුත් එකාට එකා සැක කරන්න ගන්නව. තොපි කියයි අපෝ නෑ ඇත්තටම ලව් කරනව නං සැක කරන්නෙ ඇයි කියල. යකෝ අපිත් මිනිස්සු. අපි සෘද්ධි බලයෙන් ලව් කරනව නෙවෙයි.
පණ්ඩුකාභයගෙද මොකාගෙද මංද මාමල ටික මිනිහව මරන්න පැන්නුවෙ ඇයි? අර ජ්‍යාතීශ කාරයො මුලින්ම කිව්වනෙ පණ්ඩුකාභය ඇවිල්ල මාමාවරුන්ව මරනව කියල.
උඹලට නිකමටවත් හිතුනද ඒ අනාවැකි ලබ්බක් නොතිබ්බ නං එච්චර සීරියස් කේස් එකක් යන්නෑ කියල.
ඒ වගේ තමයි. එක එකා බූට් කාල අනාගෙන පස්සෙ අනිත් ලිංගිකයට බනිනව හෙන ගහපං කියල. අඩු ගානෙ තොපිවත් එතකොට ලව් කරල නෑනෙ යකෝ හරියට.
මම කාලයක් ලව් කරපු කෙල්ලෙක් වෙන එකෙක් එක්ක සම්බන්ධයක් නිසා අපේ affair එක කැඩුන. දැනුත් මම ඒකි එක්ක හොඳට කතා බහ කරල ඉන්නව. තොපිටනෙ යකෝ මදන අමාරුව ගහල තියෙන්නෙ.
මොන මගුලක්ද මේ?
ගෑණු මෙහෙමයි මෙහෙමයි කියනව. වේදනාව ඉවසන්න පුලුවන් ලු. ඔක්කොම වැඩ කරන්නෙ ගෑණුලු. ඉතින් ඔව්. කවුද නෑ කියන්නෙ. මම දන්නව අම්ම කන කට්ට. මම දන්නව අම්මගෙ කැපවීම. අම්ම එච්චර කට්ටක් කන්නෙ එයාගෙ පවුල ලොකු තැනකට ගේන්න.
මොකා හරි කිව්වද අම්මල ඉන්නෙ ගෙදර සේවිකාව වෙනුවට කියල. කට කැඩෙන්න ගහනව මම නං අහු උනොත්. තොපේ වැරදි නිසා වෙච්ච රෙද්දවල් වලට සමස්ත විරුද්ධ ලිංගික හැමෝටම සාප කරන්න තරන් තිරිසන්නු වෙන්න එපා.
තොපි ඔය කරන වැඩෙන් තොපිට විතරක් නෙවෙයි තව ගොඩක් උන්ට කෙල්ලො/කොල්ලො එපා වෙනව.
අනික මොන මගුලද ඕකෙන් ලැබෙන්නෙ. comment ද?. මහා හෑලි දාල එක එකාට බැනල ගන්න comment ද වටින්නෙ ඔච්චර. ඒකට ආසාවෙන් එක කොට්ඨාසයක්ම පට්ට ගහන එක හෙන ආතල්ද?
දැන්වත් නවත්තපං. කොල්ලො / කෙල්ලො ඔක්කොම. අපේ වර්ගයා බෝ කරන්න ගෑණිත් ඕනෙ මිනිහත් ඕනෙ. දෙපැත්ත බැලන්ස් කරල ඔක්කොම හරියට හදල තියෙන්නෙ. එකාට එකා කොටවල තොපිම නාගනින් දවසක. පිරිමියයි ගැහැණියයි අදහස් ගලපෙන ලස්සනට ඉන්න පවුල් ඕනෙ තරන් ඉන්නව. තොපිල කතා කරන්නෙ මේ ලංකාවෙ උන්ට ලව් කරන එක අරහං වගේ.
ඒ නිසා ප්ලීස්! වෙන එවුන්ට ආදරේ එපා කරන්නැතුව වෙන මොනා හරි ලියල හිට් වෙන්න. ඔච්චරටම ආදරෙන් පැරදිලා නං ඉන්නෙ ඒකට බොරුවට අනිත් මිනිස්සුන්ව කොටවන්නැතුව ඒ ගැටලු වලට විසඳුමක් පෙන්නල දෙන්න.
💔