වීදි පුරඟන

වීදි පුරඟන

15

පහළොස්වන කොටස

.

හදිස්සියට කාර් එකේ දොර ඇරගෙන බහින අතරෙ මම නොවැටී බේරුනේ යන්තමින්.


මම වේගෙන් අඩිය තියමින් ගියත්, ළඟට එනකනුත් 'ඒ කෙනා' මාව දැක්කෙ නෑ. හෝ ඔලුව උස්සල බලන්න උවමනාවක් තිබ්බෙ නෑ.


"තු.... තුරුලි..."


වතුරෙ ගිලෙමින් ඉන්න කෙනෙක්ගෙන් වගේ මගෙ කටින් එළියට ආව ඒ ගොතගැහුන වචන කෑල්ල ඇහුනු ගමන්ම 'ඒ කෙනා' ඇස් දෙක ලොකු කරන් මගෙ දිහා බැලුවා.


අපේ ඇස් යා උන වෙලාවෙ 'ඒ කෙනාගෙ' ඇස් කොනකින් කඩාහැලුන කඳුලු බිංදුව, එයාගෙ කම්මුල දිගේ බේරිලා ගියේ, කඳුලු බිංදුවෙන් පෙනුන පරාවර්තිත ලෝකයක ඇයවත් මාවත් හිර කරමිනුයි...


"ස... සර්... මෙ... මෙහෙ මොකද කරන්නෙ සර්..."


ඔව්... තුරුලි තමයි ඒ කෙනා... නිකංම තුරුලි නෙවෙයි... මගේ තුරුලි... මම තනිකරල දාලා ගිය තුරුලි... හිතට බොරු කරගෙන මම විසින් අතෑරලා දාපු තුරුලි... මගේ තුරුලි...


තත්වය දැනටමත් දැනගෙන හිටපු මට, තවදුරටත් පොඩි පොඩි කතා කිය කිය ඉන්න ඕනෙකමක් තිබ්බෙ නෑ.


"එන්න... වාහනේට නගින්න... කෝ බෑග් එක දෙන්න මට..."


තුරුලි දිහාට මම විහිදපු අත දිහා එයා බලන් හිටියෙ නොසැඟවිය හැකි ආදරයකින්. ඒත් මොකක්දෝ හේතුවකට එයා මට තව ළං වෙනුවට, අඩියක් පස්සට අරන් මගෙන් තව ඈත් උනා.


"හී... සර් ඇයි මේ පැත්තෙ... මම මේ නිලූකා මැඩම්ව හම්බෙන්න යන්න කියලා... මැඩම් කීවානෙ මට රස්සාවක් හදල දෙන්නං කියලා..."


ජීවිතයේ, 'අහිමිවීම' කියන අඳුරු කුහරයට පැළැස්තර අලවගෙන, හැමදේම නැතිවෙන්න යන බව දැන දැනත් මේ විදිහට මගෙ ඉස්සර හිනා වෙලා කතා කරන්න තරන් මේ කෙල්ලගෙ හිත කොච්චර තැලිල තියෙන්න ඕනෙද...


"තුරුලි..."


"කියන්න සර්... හී.... සර් ගෙදර යන ගමන්ද මේ..."


"නගින්න වාහනේට..."


අනායාසයකින් හිනා වෙනව වගේ පෙන්නුවත්, ඒ ඇස් වල තිබ්බෙ අඳුරු බවක්. භයානක අඳුරු බවක්...! ඒත් තුරුලිගෙ ඇස් වල මේ පේන අඳුරු බව මට හුරුපුරුදුයි වගේ දැනෙන්නෙ ඇයි...?


.....!


මේ කෙල්ල මගෙ දිහා මේ බලන් ඉන්නෙ අනාගතය ගැනවත් ජීවිතය ගැනවත් කිසිම හැඟීමකින් නෙවෙයි නේද...!


මනසින් ඒ බව මට දැනුම් දුන් හැටියෙම මගෙ ඇඟ දිගේ අමුතු සීතලක් පැතිරුනා.


"ස... සර් යන්න සර්... හී... මට පරක්කු වෙයි... රෑ වෙන්න කලින් යන්න එපැයි... පරිස්සමට යන්න සර්..."


තුරුලි ඒක කියාගෙනම ආපහු හැරිලා යන්න හදපු නිසා මම එක පිම්මට ඉස්සරහට පැනල එයාගෙ අතකින් අල්ලල නවත්තගත්තා.


"එක පාරක් කිව්වම ගිහිල්ලා වාහනේට නගින්න තුරුලි..."


මට මේ වෙලාවෙ තුරුලිට කිසිම බලපෑමක් කරන්න උවමනාවක් තිබ්බෙ නෑ. ඒත් මගෙ කටින් ඒ පිට උන වචන වල තිබ්බෙ ආවේගශීලි බවක්. ඒ, තුරුලි මාව මග ඇරල යන්න හදපු නිසාද...


"ස... සර් අතාරින්න මාව... ක... කවුරුහරි දකී... සර් යන්නකො දැන්... හානෙ..."


"ඔයා වාහනේට නගිනකං මම යන්නෑ... දැන් ගිහිල්ලා වාහනේට නගින්න මට ඔය බෑග් එක දීලා..."


"මෙ... මේ ඇයි සර් මේ..."


"අනවශ්‍ය දේවල් කතා කරන්න ඕන්නැ... වාහනේට නගින්න ඇවිත්... එන්න..."


"ඔයා යන්න ස... සර්... අනිත් අය නරකට හිතයි... ම... මම අරම කෙනෙක් කියල මේ පැත්තෙ අය දන්නවා... ඒ නිසා සර් යන්න දැන්..."


තුරුලි මේ කතා කරන්නෙ එයාගෙ හිතට එකඟව නෙවෙයි කියල මට හොඳටම තේරුනා.


"හම්ම්ම්... දැන් කොහෙද ඔය යන්න හදන්නෙ... මම ගිහින් දාන්නං..."


"ඔ... ඕන්නෑ සර්... ම... මම මේ නිලූකා මැඩම්ව හම්බෙන්න යන්නෙ... හී... මැඩම් කීවා මට හොඳ තැනක රස්සාවක් දෙන්නං කියල..."


"තුරුලි...!"


"ඇ... ඇයි සර්..."


"මීට කලින් ඔයා මට මොකක් හරි බොරුවක් කියල තියෙනවද...?"


"අ... අනේ නෑ සර්.. ඇයි එහෙම අහන්නෙ... සර්... අත අතාරින්නකො... රිදෙනවා..."


මෙච්චර වෙලා මම තුරුලිගෙ අතේ මැණික් කටුව ළඟින් තද කරන් අල්ලන් ඉඳල තියෙන්නෙ. එයා ඒ බව කිව්වට පස්සෙ මම අත ගන්නකොටත්, එයාගෙ අත රතු වෙලා ගිහිල්ලා.


ඒ බව දැක්කම.... මම ඒකට ආස කලා...?


"මීට කලින් බොරු කියල නැද්ද ඒ කියන්නෙ..."


"නැ... නෑ සර්..."


"ඇයි දැන් බොරු කියන්නෙ එහෙනං... ඔය නිලුකා කියන කෙනා දැන් මෙහෙ නෑ. ගිය තැනක් කවුරුත් දන්නෑලු. ඔයා ඔය යන්න හදන්නෙ කොහෙද ඇත්තටම."


තුරුලි ආයාසයකින් පැළඳගෙන හිටපු හිනාව, මගෙ කතාව ඇහුනට පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ ගැලවිලා ගිහින් එයාගෙ ඇත්ත හැඟීම් පිරුණු මූණ මතු උනා.


"සර් යන්න... මම සර්ට වදයක් වෙන්න එන්නෑ... මම ඒක තීරණය කරල ඉවරයි... මම යන්නෙ මම සර් එක්ක එදා පටන් ගත්ත රස්සාව කරන්න... ආපහු මාව හම්බෙන්න එපා සර්... මම යනවා... පරිස්සමට ඉන්න..."


තුරුලි සැනෙකින් එයාගෙ කතා විලාසය වෙනස් කරල මගෙ ඇස් දෙක දිහා එක එල්ලේ බලන් ඒ කතා කරපු විදිහට මමත් තිගැස්සුනා. තුරුලිගෙ මෙහෙම ස්වරූපයක් මම කලින් දැකල තිබ්බෙ නෑ.


"කීයද ගාන..."


තුරුලි මොහොතකට කලින් පෙන්නපු ඒ දැඩි ස්වරූපයත්, එයා හදිස්සියට අටවගත්ත තවත් එක වෙස්බැන්දුමක් විතරයි. ඒ බව මට තේරුනේ, ආපහු පාරක් අසරණ පෙනුමකින් මගෙ දිහා බලන් ඉන්න තුරුලිගෙ මූණ දැක්කට පස්සෙයි.


"එ... ඒ කිව්වෙ සර්..."


"පන්දහක් දෙන්නං... වාහනේට නගින්න..."


"ස... සර් යන්නකො සර්... මාව බලන්නෙ....."


තුරුලිගෙ කටින් තව වචනයක් පිටවෙන්නත් කලින් මම එයාගෙ අතකින් අල්ලන් බලෙන්ම වගේ කාර් එක ගාවට ඇදන් ආවා.


පාරෙ මිනිස්සු යනවද, මිනිස්සු මං දිහා බලන් ඉන්නවද, මිනිස්සු මාව උම්මත්තකයෙක් විදිහට දකීද... 


ඒ ප්‍රශ්න මුකුත් මගෙ ඔලුවට ආවෙ නෑ. අතින් අල්ලල ගැලවෙන්න වෙර දරන තුරුලි සහ එයාව අතාරින්න අකමැති උන මම ඇරෙන්න වෙන කවුරුත් මේ මොහොතේ මගේ චින්තන පරාසයේ හිටියෙ නෑ.


"ඔ... ඔය සර්... අ.. අනේ අතාරින්න..."


"මෙතන මගෙන් ගුටිකන්නැතුව නගිනවා... හොඳින් කිව්වනෙ මෙච්චර වෙලා... නලවන්න බෑ මට තව... ඒ නිසා දැන් කටවහන් වාහනේට නගිනවා..."


එදා... තුරුලිව මට මේ විදිහට මුලින්ම හම්බුනු දවසෙ මම එයාට කෑගැහුවම, එයා මගෙ කෙරෙහි දක්වපු බය... අදත් ඒ විදිහටම තුරුලි මට පෙන්නුවා.


ඉල්ලීමක් විදිහට නැතුව නියෝගයක් විදිහට මම එයාට කිව්ව දෙයින් පස්සෙ, තුරුලි ප්‍රතිරෝධයක් දක්වන්නැතුවම, කාර් එකේ දොර ඇරන් සීට් එකෙන් වාඩි උනා.


ඊට පස්සෙ මමත් වටෙන් ඇවිත් කාර් එකට නැගල, වාහනේ ස්ටාට් කරගෙන කාර් එක පාරට දැම්මා.


පැය බාගෙකින් විතර අපි, මම නැවතිලා හිටපු ගෙදරට ආවට පස්සෙ තමයි මගෙ දැඩි ගතිය පොඩ්ඩක් අඩු උනේ.

 

මේ මුලු වෙලාවෙම කිසිම කතාවක් බහක් නැතුව, සීට් එකේ වාඩි වෙලා මූණ බිමට හරවන් ඉන්න තුරුලිගෙන් මම දැක්කෙ, කිසිම රැකවරණක් නැතුව පරිසරයේ කම්කටොළු වලට බයේ අසරණව ගුලි උන ලේන් පැටියෙක්ව.


මම කාර් එකෙන් බැහැල තුරුලිගෙ පැත්තෙ දොර ගාවට ගිහිල්ලා ඒක ඇරියා.


"කෝ එන්න බහින්න දැන්..."


තුරුලි මම ආපහු බනී කියල සැකෙන් වගේ ඔලුව උස්සල මගෙ දිහා බලල හීනියට වචන කීපයක් කෙඳිරුවා.


"හ... හා සර්..."


මම කාර් එකේ කැබි එකෙන් ගෙදර යතුර අරන්, ඒක තුරුලිට දික් කලා.


"ඇතුලට යන්න... ආ යතුර... මම ගේට්ටුව වහල එන්නං... ඇතුලෙන් ඉන්න..."


"හ... හරි සර්..."


තුරුලි අත් දෙකෙන්ම යතුර ඉල්ලන් හිමීට දොර පැත්තට ගියා. මම ගේට්ටු දෙක වහල දාලා, කාර් එකේ තිබ්බ මගෙ බෑග් එකත් අරන් එනකොට, තුරුලි සාලෙ අයිනට වෙලා බලන් ඉන්නවා.


"දවල්ට කාලද ඉන්නෙ..."


එයා නැහැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා.


හදිස්සියට ඔෆිස් එකෙන් ආව නිසා කැන්ටිමෙන් කෑම එක ඉල්ලගන්න බැරි උනා නේද කියන එක මටත් එතකොටයි ඔලුවට ආවෙ.


"පැකට් නූඩ්ල්ස් කනවද...?"


එයා තාමත් මුණිවත රැකගෙන ඔලුව හොල්ලනව විතරයි.


"හම්ම්... වාඩිවෙලා ඉන්න මම හදන් එන්නං... ඕන්නං වොශ් එකක් දාගන්න... දන්නවනෙ තියෙන තැන..."


"ම... මම හදාගන්නං සර්..."


"පුලුවන්ද..."


"ඔ... ඔව් සර්..."


"හදාගන්න එහෙනං... මම වොශ් එකක් දාන් එන්නං... බෑග් එක මගෙ කාමරෙන් තියන්න... ඇඳුම් මොනව හරි තියෙනව නං අස්කරගන්න එලියට අරන්... මගෙ කබඩ් එකේ තට්ටුවක්ම හිස්..."


"හ... හා සර්..."


තුරුලි වෙනද වගේ නැතුව, අද මගෙ ළඟ අපහසුවෙන් වගේ හැසිරෙන්නෙ මම සැරෙන් කතා කරපු නිසාවත්ද කියල හිතන ගමන් මම ශර්ට් එක ගලව ගලවම කාමරේට ගියා.


කබඩ් එකෙන් ශෝටකුත් අරන් ගිහින් වොශ් එකක් දාගත්ත මම, ආපහු කාමරේට ආවෙ පැය කාලකින් විතර. තුරුලි එයාගෙ ඇඳුම් බෑග් එක මගෙ කබඩ් එකට හේත්තු කරල බිමින් තියල ගිහිල්ලා.


මම ඒ බෑග් එකත් කාමරේ කොනක තිබ්බ පුටුවක් උඩින් තියාගෙන සාලෙට ආවා. තුරුලි ඒ වෙද්දිත් නූඩ්ල්ස් එකක් හදාගෙන කන ගමන් හිටියෙ. එයා තනියම කන්න ආස බව දන්න නිසා මම එයාට පාඩුවෙ කන්න දීලා ටීවි එකත් දාගෙන සෝෆා එකෙන් වාඩි උනා.


ටිකක් වෙලා ටීවි එකේ චැනල් එකක බලන්න මොනව හරි හොය හොය ඉන්න අතරෙ, චුට්ටකින් තුරුලි මට පිටිපස්සෙන් ඇවිත් කතා කලා.


"ස... සර්..."


මම පිටිපස්ස හැරිලා එයා දිහා බැලුවා. කලින් තරන් දීප්තිමත් නැතත්, දැන් නං තුරුලිගෙ මූණ ටිකක් එළිය වෙලා.


"ම්ම්ම්ම්ම්ම්.... කෑවද...."


"ඔ... ඔව් සර්... ස... සර් කන්නෑද..."


"රෑට කන්නම්... මොනා හරි ගෙනල්ල කමු එළියෙන්...?"


"හ... හා සර්... ඒත්... මට උයන්න පුලු...."


"ඒකට කමක් නෑ... අදට මම එළියෙන් ගේන්නං මොනා හරි... වොශ් එකක් දාගන්නවද...?"


"රැ.. රෑ වෙලා දාගන්නම්ද සර්..."


"ම්ම්ම්ම් ඔයා ආස විදිහක්... වාඩිවෙන්න ඇවිල්ල..."


මම සෝෆා එකට තට්ටුවක් දාලා එයාට කිව්ව. තුරුලි හිමින් සැරේ ඇවිත් සෝෆා එකේ මට ළං වෙලා වාඩි උනා.


"තුරුලි..."


"ඇ... ඇයි සර්..."


"මෙහෙන් ඉන්න දිගටම... කොහෙවත් යන්න ඕන්නෑ..."


ටිකක් සාමාන්‍ය අතට පත් වෙලා තිබ්බ තුරුලිගෙ මූණ, මගෙ කතාවෙන් පස්සෙ ආපහු වෙනස් උනා. හැබැයි දැන් ඒ මූණෙ කලින් තිබ්බ අඳුරු බව නං පේන්න නෑ...


"ඇ.. ඇයි සර්... ඒ..."


"ම්ම්ම්ම්ම්...?"


"ස... සර්.. ඇයි මාව ආපහු ළඟට ගන්න හදන්නෙ..."


ගැහෙන කටහඬකින් පහත් ස්වරයකින් එයා ඒ ඇහුව ප්‍රශ්නෙට දෙන්න ඕනෙ උත්තරේ හිතාගන්න බැරි උන නිසා මම තත්පර කීපයක් තුරුලිගෙ වෙව්ලන තොල් පෙති දෙක දිහා බලන් හිටියා.


"ආපහු ළඟට ගන්න...? ඒ කිව්වේ...?"


පාරෙදි මාව දැක්ක වෙලාවෙ ඉඳලම අමාරුවෙන් නවත්තගෙන හිටපු තුරුලිගෙ ඇඬුම, හරිම හිමීට එළියට ගලාගෙන ආවා.


කඳුලු බිංදු එක දෙකට ජීවය දීපු ඇස් දෙකෙන් මගෙ මූණ දිහා බලපු තුරුලි, ඊළඟ මොහොතෙ ඉකි ගගහ අඬන්න පටන් ගත්තා. 


"ස... සර්.... (සෲස්) ම... මාව සර්ට... වදයක් නෙවෙ...යිද සර්... (සෲස්)... සර් මාව... දාල යන්න හැ... හැදුවෙ ඒ... (සෲස්)... නිසා නෙවෙයිද... (සෲස්)... සර්... මාත් එක්ක ඉන්න එක... සර්ට හොඳ නැ... නෑ නේද..."


"......!"


තුරුලි මගෙන් අහන මේ ප්‍රශ්න වලට මම කොහොමද උත්තර දෙන්නෙ...? ඒ ප්‍රශ්න මගෙන් අහන එක සාධාරණද...?


ඒත්...


මමම නෙවෙයිද තුරුලිව මගෙ ජීවිතෙන් අයින් කරන්න හැදුවෙ... මමම නෙවෙයිද මේ කෙල්ලව හිතේ හැටියට පාවිච්චි කරලා විසි කරන්න හැදුවෙ... මේ කෙල්ල මගෙන් මේ අහන ප්‍රශ්න ඇත්තටම සාධාරණයි... ඊට සාපේක්ෂව මම එයාට කරපු වැඩේ මොන තරම් අසාධාරණද.!


මගෙ ජීවිතේ මම මේ වගේ කතා කරන්න බැරි තරම් හිර වෙලා නෑ මීට කලින්...


මේ වෙලාවෙ නිශ්ශබ්දව ඉන්නව හැරෙන්න, මට මං වෙනුවෙන් කියන්න දෙයක් නෑ තුරුලිට...


වචනයෙන් නිශ්චලව හිටියත්, මගෙ ගාව මේ කෙල්ල අඬද්දි මට නිකං ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.


මම තුරුලිගෙ අත් දෙකෙන් අල්ලල මගෙ ගාවට අරන්, ඔඩොක්කුවෙන් හරහට වාඩිකරගත්තා. එයා බෝනික්කියක් වගේ කිසිම ප්‍රතිචාරයක් නොදක්වා මගෙ ඔඩොක්කුවට වෙලා ගුලි උනේ, රැකවරණය හොයාගෙන ආව ලේන් පැටියෙක් වගේ. සමහරවිට තුරුලිට දැනෙන්න ඇති මම එයා කෙරෙහි වද වෙනව කියල...


තුරුලි මගෙ උකුල උඩ හැඩගැහුන අතරෙ එයාගෙ කොට ගවුම, යට ඇඳුම පේන තරමටම උඩට උනා ඒ බව මම දැක්කත් මට ඒ ගැන විශේෂ හැඟීමක් ඇති උන්නෑ.


මෙව් වෙලාවෙ මගෙ හිතේ උඩු දුවන්නෙ තුරුලි ගැන ඇති උන සෙනෙහසක් මිසක් රාගික හැඟීමක් නෙවෙයි...


ආපහු මේ කෙල්ලට වෙන කොහෙවත් යන්න දෙන්නෑ කියන අරමුණින්, මම තුරුලිගෙ ඉනෙන් අල්ලන් මගෙ ඇඟට තදකරගත්තෙ ඒ නිසයි.


අපි දෙන්නා විනාඩි කීපයක් ඒ විදිහටම තද වෙලා හිටියා... තුරුලිගෙ ගැඹුරු හුස්මට නිරාවරණය උන මගෙ පපුවෙ තිබ්බ හීන් රෝම කූප කීපය, එයා හුස්ම හෙලන තාලෙට ලෙලදුන්නා.


පපුවට බර වෙලා තාමත් ඉකිගහන තුරුලිගෙ ඇස් වලින් බේරිලා ආපු කඳුලු බිංදු මගෙ පපුවටත් වැටෙනවා. කඳුලු බිංදු වැටිලා, පපුව දිගේ පහළට රූටලා යනකොට පුංචි කිතියකුත් දැනුනා මට.


කඳුලක බරට එකතු උන තුරුලිගෙ දුක නිසා, මට ඒවා තේරුනේ පුංචි දිය සීරාවන් මගෙ පපුව දිගේ ගමන් කරනවා කියල...


"තුරුලි...."


"ස... සර්... (සෲස්)..."


"අඬන්න එපා දැන්... ම්ම්ම්ම්ම්ම්ම්...."


"(සෲස්)... සර්... මට සර් එක්ක ඉන්න දෙනවද සර් හැමදාම..."


තුරුලි කලින් රළු විදිහට අහපු ප්‍රශ්නෙම සියුම් අනුවාදයක් නේද මේ එයා ආපහු ඇහුවෙ...

 

මම තුරුලිට මාත් එක්ක ඉන්න දෙනවද...?! සමාජ තත්ව... සමාජ සම්මත... මේ හැමදේම මෙච්චර කල් මගෙ ඔලුවෙ තිබ්බ කුණුගොඩවල්... ඒක මට තේරුනේ මම හවස ඔෆිස් එකේ ඉඳල කාර් එක ගාවට දුවන වෙලාවෙ...


අහිංසක කෙල්ලෙක්ගෙ ජීවිතයකට වඩා සමාජ සම්මත අසම්මතයන් ප්‍රමුඛද...? ඒ ප්‍රශ්නෙට උත්තරේ මම දැනටමත් දන්නවා... තවත් ඒ ගැන හිතන්න දෙයක් නෑ...


"ආයෙ කොහෙවත් යන්න ඕන්නෑ... මාත් එක්ක ඉමු..."


මං ඒ කිව්ව දේ නිසාද මංදා, අඩු වෙලා තිබ්බ තුරුලිගෙ ඉකිබිඳුම ආපහු පොඩ්ඩක් වැඩි උනා. එයා තවත් මගෙ ඇඟට තද වෙවී මට කතා කලා.


"හා සර්... (සෲස්)... සර් මට ඕනි දෙයක් කරන්න... මාව ඕනි විදිහකට පාවිච්චි කරන්න... මාව ආපහු ඈත් කරන්න එපා සර්..."


ඇත්ත... සමාජය අවලස්සන කරන්නෙ වෘත්තියකයන් විසින් නෙවෙයි... හැම සතුටම ලබාගෙන සතුටේ මූලාශ්‍රය විසි කරල දාන්න තරන් පහත් උන මම වගේ පුද්ගලයන් විසිනුයි සමාජය අවලස්සන කරන්නෙ...


"තුරුලි... මට සමාවෙන්න..."


හැම තත්පරයම පරිපූර්ණ මිනිසෙක් වෙන්න හදපු මම, අද මගෙන් උන වැරැද්දක් නිසා මේ කෙල්ලගෙන් සමාව ඉල්ලනවා... මම ඒ ගැන දුක් වෙනවද? අපෝ නෑ...


තුරුලිට 'සමාවෙන්න' කියපු වචනය තුළම මට දැනුනෙ ලොකු නිදහසක්...


"ඒම කියන්න එපා සර්... (සෲස්)"


"ඒකට කමක් නෑ... දැන් අඬන්න එපා තුරුලි... ඔය... ගවුමත් උඩට වෙලා..."


"කමක් නෑ..."


"මැට්ටි..."


"(සෲස්)... හී... සර්... චුට්ටක් වෙලා මෙහෙම ඉන්නද මම..."


"ඕනි තරන් වෙලා ඉන්න..."


"මං ආසයි සර් එක්ක මෙහෙම ඉන්න..."


"මං දන්නවා..."


......!


"සර්...."


"ම්ම්ම්ම්ම්"


"සර් කොහොමද දන්නෙ නිලූකා මැඩම් මෙහෙ නැ කියල... සර් සාමාන්‍යෙන්... (සෲස්)... ඒ දේවල් හොයන්නෑනෙ..."


"ඔයාව මතක් වෙලා යාලුවෙක්ට කියල හොයාගත්තෙ... ඒ සිද්දිය දැනගත්ත ගමන්ම තමා මම ආපහු ආවෙ ඔයා මොකද කරන්නෙ බලන්න... ඔයාගෙ ෆෝන් එක වැඩ කලේ නෑ.. මොකක් හරි උනාද..."


"ආහ් නෑ සර්... හී... මම ඉන්න ගෙදර ලයිට් කපලනෙ ඊයෙ අපි එනකොට... බිල ගොඩක් වැඩී සර්... ගෙවන්න බැරි උනා මට ගිය මාසෙ..."


"කීයද බිල..."


තුරුලි කියන්න කලින්ම මම දැනගත්තා ඒ 'ගොඩක් වැඩි බිල' අපි ගොඩක් දෙනෙක්ගෙ සාමාන්‍ය අගයක් කියල.


"හත්සීයක් සර්... හී...(සෲස්).. මම ලයිට් දාන්නෙම නෑ... ඒත් පොඩි ෆ්‍රිජ් එකක් තියෙනව එහෙ..."


"හම්ම්... ඔයා කුලියට නේ ඉන්නෙ..."


"ඔව් සර්..."


"හෙට උදේම ගිහිල්ලා කුලිය ගෙවල ඔයාගෙ බඩු මොනව හරි තියෙනව නං ඒවත් අරගෙන එමු... ෆෝන් එකක් මම අරන් දෙන්නං මේ සතියෙ..."


"සර්..."


"ම්ම්ම්ම්ම්ම්ම්"


"සර්ට මට ආපහු ගෙවන්න බැරි වෙයි (සෲස්) ඒ වගේ ලොකු ගානක්..."


"මාත් එක්ක ඉන්න... ඒක තමා ගෙවීම..."


මෙච්චර වෙලා මූණ බිමට හරවන් ගුලි වෙලා හිටපු තුරුලි, ඒ කතාවෙන් පස්සෙ හිමීට කෙලින් වෙලා මගෙ මූණ දිහා බැලුවා.


තාම තුරුලිගෙ ඇස් දෙකේ කඳුලු බිංදු උනමින් තිබ්බත්, දැන් ඒ ඇස් දේ ලස්සන දීප්තියක් පේනවා. හවස ඉඳලම බොරු හිනාවක් අටවන් හිටපු එයාගෙ මූණෙ දැන් තියෙන්නෙ හරිම ලස්සන අව්‍යාජ හිනාවක්...


තුරුලි එයාගෙ අත් දෙකෙන් මගෙ කම්මුල් දෙක අල්ලගෙන හිමීට පිරිමදින ගමන්, මගෙ තොල් වල එයාගෙ නලල ගෑවෙන විදිහට ඔලුව පාත් කලා.


එයා අඟවන දේ තේරුම් ගියාට පස්සෙ, මමත් තුරුලිගෙ නිකටෙන් අල්ලල එයාගෙ නලල සිපගත්තෙ එයා ගැන ඇති උන අවංක ආදරයක් හිතේ පුරවගෙනයි....


මතු සම්බන්ධයි... 

Report Page