Telegram වල මා දුටු විවිධ චරිත

Telegram වල මා දුටු විවිධ චරිත

LearnBits

Tele people exclusive !

RL

ඉතින් කාලෙකින් ලිපියක් අරන් ආවෙ. අලුතෙන් චැනල් එකක් පටන් ගත්ත නිසා පොඩ්ඩක් වැඩ වැඩි උනා. වැඩිකතාවක් නැතුව ලිපියට යමු.


මම මේක ලියන්නෙ නං තනිකරම මගේ මතයකට අනුව විතරයි ඈ. මේ තියෙන්නෙ මම විසින් හඳුනාගත්තු telegram වල සැරිසරන එක එක මාදිලියෙ මිනිස්සු ගැන පොඩි සාරාංශයක්. ඒනං අපි එක එක අයව විස්තර කරගෙනම යමු.


1 කොල්/කෙල්... ලෙක්?

පළමු තැනට මම දානව මේ telegram වල ඉන්න අද්භූතම කොට්ඨාසයක්. උඹලත් දැකල ඇති කොල්ලෙක් ද කෙල්ලෙක්ද කියල හිතාගන්න බැරි උන්ව. සමහර උන් කොල්ලො වගේ acc වලිනුත් ඇවිල්ල , ආපහු කෙල්ලො වගේ acc වලිනුත් එනවා. මේ ජාතියෙ පුද්ගලයන්ට අවම acc 4ක් වත් තියෙනවා. කොලු acc දෙකයි කෙලි acc දෙකයි. අලුතෙන් මේ ෆීල්ඩ් එකට බැහැපු එකෙක්ව හොයාගන්න ලේසි උනාට , telegram ආපු කාලෙ ඉඳන්ම ලිංග දෙකෙන් පෙනී හිටපු උන් දැන් ප්‍රොපෙසනල් ලෙවල් එකේ ඉන්නෙ.


කෙල්ලොන්ටත් වඩා කොල්ලො තමා මේ කැටගරියෙන් ඉන්නෙ. මම අඳුරන කීප දෙනෙකුත් ඉන්නව. උන් ඒ කෙල්ලොන්ගෙ acc තියන් ඉන්නෙ , අන්ඩකවර් මිශන් වලට. සමහර වෙලාවට ඉතින් රොබරිත් දෙනවා වෙන කොල්ලොන්ට.


මම නං පොඩ්ඩක් අකමැති කැටගරියක් මේක. උඹලගෙ අදහස මොකෝ?



2. Low budget counselor

පොදු ව්‍යවහාරයේ අපි කියනව දුක අහන අයියල කියල. හැබැයි telegram එකේ ඉන්නෙ , පොඩ්ඩක් මොඩ් වර්ශන් ටිකක්. මේ ජාතියෙ උන්ගෙ ප්‍රමුඛතම රාජකාරිය තමා , යම් යම් මානසික පීඩාවන් වලින් ඉන්න කෙල්ලොන්ට උපදෙස් දෙන එක. එයාලගෙ ප්‍රශ්න අහන එක. දාර්ශනික වදන් දෙන එක. උඹලට කියන්න මාත් මේ කැටහරියෙ හිටපු එකෙක් කාලයක්. දෙතුන් දෙනෙක්ගෙම දුක අහල උපදෙස් දීල යැව්වා මං.


කිසිම ලාභයක් බලාපොරොත්තුවෙන් නැතුව ප්‍රශ්න වල ඉන්න අයට උපදෙස් දෙන අය උඹලත් දැකල ඇතිනෙ සමහරවිට. මේකෙ තියෙන අඳුරු පැත්ත තමා , සමහරවෙලාවට ඔය කෙල්ලොන්ගෙ අතිශය රහසිගත දේවල් පවා මේ වගේ අයට කියනව කෙල්ලො. පෞද්ගලිකව මටත් කිව්වා. මම ඒ වැඩෙන් ඈත් උනෙත් ඒ නිසා.


නිකං පොඩියට ප්‍රශ්නයක් කියල උපදෙසක් ගන්න එක වෙනමම වැඩක්. ඒ උනාට රහස්‍යභාවය 100%ක් ආරක්ශා කරගන්න ඕනෙ දේවල් , මෙහෙම දැකලවත් නැති අය ඉස්සරහ දිග අරිනව කියන්නෙ , ඒක ටිකක් බරපතල වැඩී නේද?.


සමහර low budget counselor ලගෙ විනෝදාංශයත් ඒකම තමා. නොමිලේ කලාට , රහස් දැනගන්න කොට එන ත්‍රිල් එකට තමා දිගටම ඒක කරන්නෙ. මම අනුමත කරන්නැති දෙයක්.



3. Open source projects

මෙන්න ඉන්නව නිකං වීදුරු වගේ සෙට් එකක්. ඒ වෙලාවෙ ඇඳන් ඉන්න ජොකාගෙ පාටෙ ඉඳන් හැම මගුලම ප්‍රසිද්ධියේ කියනවා. ගෲප් වල එහෙම දැකල ඇති මේ වගේ උන් චැට් කරනවා. ආයෙ කිසිම දෙයක් හංගන්නෑ. අමු අමුවේ ඔක්කෝම දිගාරිනවා. මාරම විනිවිදයි. එකම අවුල අපිට අහන්න ඕන්නැති ඒවත් උන් කියනව.



4. Fake Hacker

ගොන් ආතල් ගන්න සෙට් එකක්. කොහෙන් හරි අටවගත්ත userbot කෙනෙක් හදාගෙන රඟනව. හිතන් ඉන්නෙ මාක් සකර්බර්ග්ල කියල. Coding expert ල වගේ පෙනී හිටියට heroku , railway නැත්තං බොටෙක් හදලත් හමාරයි. ගොඩක්ම 11 වසර හෝ ඊට වඩා පහළ පංති වල උන් තමා මේ වගේ fake hacker ල වගේ පෙනී හිටින්න හදන්නෙ. අර මල විකාර dp එකක නමක් එහෙම ගහගෙන ඉන්න සෙට් එකක් ඉන්නෙ. කාටවත් හානියක් නෑ ඉතින්. පොඩ්ඩක් අතිශයෝක්තිය වැඩී.



5. ශෝක දුක්ඛාන්තදායකයා

මේ වගේ ඩෑල් ජීවත් වෙලා ඉන්න එකට සහතිකයක් දෙන්න ඕනෙ. මේ වගේ කෙනෙක් දාපු මැසේජ් 100ක් ගත්තොත් ඒකෙන් 88ක්ම උට තියෙන ප්‍රශ්න ගැන කියල දාපුවා.


ඇත්තටම ප්‍රශ්න වල ඉන්න අයටත් වඩා , සමහරු මේ වගේ හැසිරෙන්නෙ , අනුකම්පාව බලාගෙන හෝ ප්‍රසිද්ධිය උදෙසා විතරයි. සමහරවිට ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැති උනුත් බොරුවට ප්‍රශ්න හද හද අනිත් අයට කියනව. උන්ගේ පපුවෙ හිලක් , මොලේ සිදුරක් , පිටිපස්සෙ හිලක් නෑ අනං මනං ගගා. තවත් සමහරු කායික රෝග වලට අමතරව , ගෙවල් වල ප්‍රශ්න අනං මනං ගගාත් කියවනවා. ගොඩක් වෙලාවට මෙහෙම හැසිරෙන්නෙ යම් තරමක ජනප්‍රියතාවක් ඇතිකරගත්ත අය.


මනුස්සයෙක් දුක කියන එක සාමාන්‍ය දෙයක් උනත් මේ වගේ උන්ව නං මට පේන්න බෑ. උඹලට කොහොමද දන්නෑ.



6. සිව් දිශාත්මක ඇඩ්මින්වරයා.

වම දකුණ , උඩ බිම කොහේ බැලුවත් , මොන ගෲප් එකේ බැලුවත් , මොන චැනල් එකේ බැලුවත් ඇඩ්මින් කෙනෙක් හැටියට ඉන්න උන්ව දැකල තියෙනව නේ උඹල. මේ ඉන්නෙ අන්න ඒ අය. චැනල්/ගෲප් 100කට වඩා මේ අය ඇඩ්මින්ල හැටියට කටයුතු කරනව. මමත් active චැනල් එකක් කරගෙන යනව LearnBits කියල. මට මේ ඒ , එකක් control කරගන්න වෙලාවක් නැතුව ඉන්නෙ. මුන් කොහොම 100ක් 200ක් manage කරගන්නවද කියල හිතාගන්නවත් බෑ මට.


අනිත් මිනිස්සුන්ගෙ සුබසාධනය වෙනුවෙන් මැරීගෙන වැඩ කරන මේ වගේ උන්ට hats off & respect!



7. ගරිල්ලා සටන්Teleකාමීන්

ගොඩක් වෙලාවට පොඩි එවුන්. Fake වලින් inbox ඇවිල්ල තර්ජනය කරනව. ලොකු උන් වගේ පෙනීසිටිනව. තව කෙල්ලොන්ගෙ inbox ගිහින් නොහොඹිනා විහිලුත් කරනවා. ගරිල්ලා ක්‍රමයට මේ ඔක්කොම කරන්නෙ. හොරෙන් හොරෙන්. චාටර් සහ පීචං ජාතියක්. Disgusting



8. Ben 10 ලා

මේ වගේ උන් මාර ඉක්මනට mood එක වෙනස් කරනවා. හරියට නිකං ben ten , ඔරලෝසුවෙන් alien form එක වෙනස් කරනව වගේ. මේ හොඳට කතා කර කර ඉඳල එකපාටම බැනගෙන බැනගෙන යනවා. බැනල බැනල එකපාරටම ආපහු හොඳට කතා කරනවා. ඊට පස්සෙ එකපාරටම දුක කියන්න ගන්නව. හිතාගන්න බෑ මේ එකම acc එකෙන් දෙතුන් දෙනෙක් ඉන්නවද කියල.


තවත් සමහරු එකම acc එකෙන් දෙන්නෙක් ඉන්නව වගේ පෙනී සිටිනව. "අරූ බං මේකෙන් චැට් කලේ මම නෙවේ" වගේ ටෝක්ස් දෙන්නෙ. ඒකෙ වැරැද්දක් නං දකින්න නෑ. ඒත් ඉතින් එපා.



9. Real Deal!

telegram වල තත්වයක් තියාගෙන ඉන්න නියමම වැඩ්ඩො ටික මේ ඉන්නෙ. ලොකු සීන් , පොර ටෝක් , ගොන් ජෝක් , හිඟන ආතල් නෑ. ඇත්තටම වැඩ්ඩො. ඉන්නෙත් කූල් එකේ. ගොඩක් වෙලාවට ඇත්තම bot developers ල එහෙම මේ වර්ගයට අයිති වෙන්නෙ. දෙයක් ඇහුවම කියල දෙනවා , රඟන්න යන්නෑ. සහ මාර ඩීසන් පිට ඉන්නවා.


Facts , knowledge , articles චැනල් ඇඩ්මින්ල සමහරු මේ වර්ගයේ. තත්වයෙන් ඉහළයි. දක්ශතාව ප්‍රභලයි.



10. Online පෙම්වතුන්

Telegram එකෙන්ම හම්බෙලා telegram එකෙන්ම ලව් කරන උන් දැකල ඇතිනෙ. ගොඩක් වෙලාවට මේ වර්ගයේ අය බොළඳ ආදරවන්තයින්. ජීවිතේට දැකලත් නෑ. හැබැයි ගෲප් වල වැලලෙන්න හදනව. ලව් කරන එක ප්‍රදර්ශනයට කරන දෙයක් හැටියට කරනව මිසක් සිරාවට ලව් කරන උන් අඩුයි. කාටවත් හානියක් නෑ.



11. Sex educators

මෙන්න ඉන්නව බහුස්‍රැත සෙට් එකක්. ලිංගිකත්වය සම්බන්ධ ඕනෙම දෙයක් කියල දෙනවා. ලංකාවෙ පාසල් වලින් හෝ වෙනත් තැනකින් ලබා ගන්න බැරි ලිංගික අධ්‍යාපනික දැනුම , මේ වගේ එකෙක් ඉන්න ගෲප් එකකට ගියාම නිකංම හම්බෙනවා. ඕනෙම දෙයක් ප්‍රසිද්ධියේ කතා කරනවා. මේ ජාතියෙ කෙල්ලො නං මම තාම දැකල නෑ. කොල්ලො නං ඉන්නව ඕනෙ තරන්. මේකෙත් කොටස් දෙකක් ඉන්නව. කෙල්ලෙක්ගෙ කොණ්ඩ ගහක්වත් අල්ලල නැතුව සෙක්ස් ගැන කියල දෙන උන් සහ , කරන්න ඕනෙ හැමදේම කරල අත්දැකීම් වලින් සෙක්ස් ගැන කියල දෙන උන්. දෙගොල්ලොම ඉතින් හොඳයි.



12. ලොකු සීනාගේ Telegram user.

මේ වගේ උන් සෑහෙන උඩඟුයි. ලොකු සීන්. සාමාන්‍යෙන් ටිකක් ලොකු සමහර චැනල් වල owners ල සහ ඇඩ්මින්ලා මේ වර්ගයට අයිති වෙනවා. චැනල් එකේ සාමාජිකයන් කියන දෙයක් පිළිගන්නැති , පොඩ්ඩ ගැවුනම හැමෝටම බනින ජාතියෙ සෙට් එකක්. කෙටියෙන්ම කිව්වොත් මුල අමතක සෙටාර් එකක්. එහෙම උන් නං අඩුයි. හැබැයි ඉන්නවා.



13. Telegram කෑම්පර්

මේ වර්ගයේ මිනිස්සු telegram එක ඇතුලෙ කෑම්ප් ගහන් ඉන්නෙ. පැය 24ම online. මම දන්නෑ කොහොමද එහෙම ඉන්නෙ කියල නං. හැබැයි ඕනෙ වෙලාවක online. ලංකාවෙ telegram රන් කරන්නෙ මේ වගේ සෙට් එකක්.



14. පැපරාසි

මෙ ඉන්නෙ ඔත්තුකාරයො සෙට් එකක්. මුන්ගෙ වැඩේ තමා කුලියට වෙනත් චැනල් ගැන ඔත්තු බලන එක. සාමාන්‍යෙන් චැනල් ඇඩ්මින්ලමයි මේ වැඩේ කරන්නෙ. මෙයාල කරන්නෙ වෙනම acc එකකින් , ඔත්තු බලන්න අවශ්‍ය වෙන චැනල් එකට join වෙනවා. ඊට පස්සෙ ඉතින් අර චැනල් එකේ හැම දෙයක්ම සුපරික්ෂාකාරීව බලනව. ඔය attack එකට එන චැනල් වලට එහෙම හරියට පැපරාසි බහිනව.



15. ලේඛකයන්

හඳුනගන්න පහසුම විදිහ තමා නමට ඉස්සරහින් හෝ පිටිපස්සෙන් 🖋📝 මේ වගේ imoji යක් දාන් ඉන්නව. සමහරු නං bla bla bla - "හිතට කතා කරන සොඳුරු සිත්තරා" වගේ කැටයම් එක්කම පොලිශ් ගාපු අයිටම් දාන් ඉන්නව bio එකට. කාටවත් හානියක් හෝ කරදරයක් නෑ. entertaining පැත්ත බලාගෙන පාඩුවෙ ඉන්න සෙට් එකක්.



16. Bombers

කුජීතම සෙට් එකක්. මේ වගේ උන්ගෙ ප්‍රමුඛතම රාජකාරිය තමා , ගෲප් වලට පැනල වැල් වීඩියෝ , පොටෝ දාල ඒ ගෲප් නන්නත්තාර කරන එක. මුල් කාලීනව නං මේ වැඩේ ගොඩක් දරුණුයි. මොකද botla එහෙම අඩුයිනෙ. දැන් නං යම් තරමකට පාලනය වෙලා තියෙන්නෙ. මේ වගේ අයගෙ සුපුරුදු ගොදුරු තමා අධ්‍යාපනික ගෲප්.



17. Anime reviewer

පෞද්ගලිකව මම මේ වර්ගයේ එකෙක්. අපි වගේ උන් , නිතරම anime ගැන කතා කරනව. anime ඔලුව උඩ තියන් ඒවට වැඳුම් විදුම් පවා කරනවා. අපිට අනුව anime තරන් වෙන කිසිම දෙයක් හොඳ නෑ. marvel dc වගේ ඉහල පෙලේ කම්පැනි වලටත් ගේමට කතා කරනවා. කාටවත් හානියක් නෑ. හොයාගන්න ලේසිම ක්‍රමය තමයි dp එක , නම , bio එක වගේ හැමදේකම කාටුන් චරිතයක් ගෑවිලා ඉන්නවා.



18. Ads projector

දැන්වීම් පළ කිරීම සම්බන්ධව මාස්ටර් උපාධි තියෙන සෙට් එකක්. ගොඩක් වෙලාවට චැනල් ඇඩ්මින්ලා. මේ අයගේ කාර්යභාරය තමා අලුත් චැනල් හොය හොය Ads share කරගන්න එක. චැනල් එකට අදාළ contents දානවට වඩා , මේ අයගෙ රස්සාව වෙලා තියෙන්නෙ චැනල් එකේ Ads management පැත්ත බලාගන්න එක. මේ වගේ ඇඩ්මින් කෙනෙක් ඉන්න චැනල් එකක් නං , ඒ subscriberලට පැය 24ම ඇඩ් බලාගන්න පුලුවන්. ඇඩ් දාල දාල චැනල් එක වවාගෙන කනවා.



19. අලුත් සාමාජික

මේ අය ටෙලිග්‍රෑම් වලට ඇවිල්ල දවස් දෙක තුනකට වඩා නෑ. Rose බොට්ල එක්කත් කතා බහ කරනවා. හරි ඉක්මනට හොයාගන්න පුලුවන්. කාටවත් කරදරයක් නෑ. හැබැයි එයාලගෙ යාලුවොන්ට කරදරයි. හැමදේම ඇන ඇන කියල දෙන්න ඕනෙ.



20. සාමාන්‍ය පරිශීලක

ටෙලිග්‍රෑම් වල ඉන්න සාමාන්‍ය ජනතාව. වෙන දෙයක් බැලුවා දෙන දෙයක් කෑවා පාඩුවෙ හිටියා. ඕනෙ වෙලාවට කතා බහ කලා. අනිත් වෙලාවට තමන් ආපු වැඩේ කරන් නිකං හිටියා.



21. Imojier

මේ වර්ගයේ උන් හැම මගුලටම imoji reaction දදා යනවා. එලොවක් මෙලොවක් නෑ , ගෲප් එකක නං , හැම මැසේජ් එකකටම රිඇක්ශන් දදා යනවා. හොයාගන්න ලේසිම ජාතියක්. ගොඩක් වෙලාවට පොඩි උන්.



22. Memer

මේ ඉන්නේ meme එක්ස්පර්ට්ලා. මීම් චැනල් රන් කරන එක තමා කාර්‍ය භාරය. ඕනෙ වෙලාවට මීම් සපයන්න පුලුවන් එවුන්.



By members :

1. https://t.me/LearnBits/255?comment=526

ඉතින් මට අනුව මේ වගේ සෙට් තමා ඉන්නෙ. තව ඇඩ් වෙන්න ඕනෙ අය ඉන්නව නං කියාගෙන යන්න.


Report Page