♡ මැඩම් ♡
13දහතුන්වන කොටස

පෙර කොටසින්...
එයා එලියට ගියාට පස්සෙ, මම දිනූශි මිස් දිහා බැලුවා. දිනූශි මිසුත් තොල් දෙක ඇතුළට පෙරලගෙන මගෙ දිහා බලාගෙනයි හිටියෙ.
තත්පර කීපයක් ඒ විදිහට බලන් හිටපු අපි දෙන්නටම, එකපාරටම හිනා ගියා. නිකං, හොරවැඩක් කරල අහුවෙන්න ගිය පොඩි උන් දෙන්නෙක්ට හිනා යනව වගේ...
අදයි මම දන්නෙ...! දිනූශි මිස්ට තියෙන්නෙ අව්‍යාජ, සැහැල්ලු, සරල හිනාවක්.
එතැන් සිට...
"සකුන්... Come here... you have a little work to do..."
කාමරේ තිබුන නිශ්ශබ්දතාව බිඳිමින් මිස් කිව්වෙ, මේසෙ උඩ තිබ්බ ෆයිල් එකක් දිහා බලාගෙනයි.
උදේ උන සිද්දිය නිසා මමවත් දිනූශි මිස්වත් ඊට පස්සෙ වැඩියම කතාවට වැටුනෙ නෑ. තව ඩිංගෙන් ලෝක නඩුවක්නෙ කන්නෙ, මාට්ටු උනා නං එහෙම. මට ප්‍රශ්නක් නැතත්, මිස් වගේ ප්‍රසිද්ධ කෙනෙක්ගෙ ඕපයක් පිට වෙනකං බලන් ඉන්න සෙට් එකක් ඉන්නවනෙ.
"එනෝ මිස්..."
මම මිස්ගෙ මේසෙ ගාවට ගියාම, එයා ෆයිල් ක්ලිප් එකක් ගහපු කොල කීපයක් මගෙ දිහාට දික් කලා.
"මේ ටික ගිහින් දෙන්න HR එකේ ඉන්න මිස්ටර් ගයාන්ට. වෙන කිසිම කෙනෙක්ට නෙවෙයි, එයාගෙ අතටම ගිහින් දෙන්න ඕනෙ. තේරුනාද..."
"දෙන්නං මිස්. මොකක් හරි කේස් එකක්ද..."
"I'll tell you later. Now go... hurry up..."
"හරි හරි..."
වැඩිය ප්‍රශ්න අහන්නැතුව, මම ඒ දීපු කොල ටික අරන් සට ගාලා hr එකට ගියා. ඔය ගයාන් කියන්නෙ HR එකේ Investigation officer. මිනිහ එක්ක වැඩියම ඇඳුනුම්කමක් නැතත්, මම දන්නව ඒ කවුද කියල. ඉතින් මිස්ගෙ වැඩේ කරල ආපහු එන්න මට මිනිත්තු කීපයයි ගත උනේ.
"දුන්නද...? මෙච්චර ඉක්මනට...?"
මම ආපහු ඇවිල්ල කාමරේට ඇතුල් වෙද්දිම මිස් ඇහුවෙ, එයාගෙ මේසෙ උඩ තිබ්බ ෆෝන් එක අරන් ඒක දිහා එක පාරක් බලන ගමන්.
"ඇයි මිස් කිව්වනෙ ඉක්මනට යන්න කියල. ඉතින් දුවලම ගියා... හෙ හෙ..."
"Idiot... (සිනාසෙමින්) එච්චර දඟලන්න ඕන්නෑ. නෝමල් පේස් එකකින් වැඩ කරන්න මීට පස්සෙ..."
"අපි ආයෙ වැඩක් කලොත් ඉතින් කොලොම්බස්ටවත් සෙකන්ඩ් වෙන්නෑ."
"Yeah I figured that out unfortunately... oh... It's almost twelve... සකුන් ලන්ච් එක ගන්නෙ කීයටද..."
මිස් ඒක ඇහුවම මමත් මගෙ ෆෝන් එක අරන් වෙලාව බැලුව. දොළහටත් කිට්ටුයි.
"වෙනදට නං දොළහට බ්‍රේක් එක හම්බුනාම තමා කන්න යන්නෙ මිස්..."
"Ok then. ලන්ච් එක අරන් ඉමු මුලින්... ආ...! තව දෙයක්. මගෙ නම්බර් එකක් නැහැ නේද සකුන් ගාව... මගෙ ප්‍රයිවට් නම්බර් එක...?"
"නෑනෙ මිස්..."
"Write down this number."
"අහ්... ඉන්න මිස්..."
මිසා මම ෆෝන් එක ගන්නකං ඉඳන් නම්බරේ කිව්වා.
"07* *** ****. Got it?"
"හරී..."
නම්බරේ ගහන්, 'දිනූශි මිස්' කියල සේව් පාරක් දාගෙනම මම ආපහු ෆෝන් එක සාක්කුවට දාගත්ත.
"ලන්ච් එක අරන් එමු ගිහින්. සකුන් කොහොමද කෑම ගන්නෙ. එලියෙන් ගන්නවද නැත්තං මෙහෙ කැන්ටින් එකෙන් ගන්නවද?"
"මෙහෙන් කන්නෙ මිස්... මෙහෙ බත් එක මරු දවල්ට... රුපියල් තුන්සීයකට හොඳට හම්බෙනව. චිකන් එක තුන්සීය... තව ඔම්ලට් එකක් තියෙනව දෙසිය හතළිහකට..."
දිනූශි මිස් පුටුවෙන් නැගිටල එයාගෙ ෆෝන් එක අතට ගත්තා.
"Is that so... එහෙනං මාත් කාල බලන්නං... ඉතුරු වැඩ ඇවිල්ල කරගමු... අර පේපර්ස් ටික හරියටම ගයාන්ට නේද දුන්නෙ?"
"ඔව් ඔව්... මේ... මිසුත් දැන් කැන්ටින් එකට යන්නද ඔය නැගිට්ටෙ...?"
"Yes... why..?"
ඇහ්... මම කලින් වැඩ කරපු තැන මගෙ සුපර්වයිසර් වෙලා හිටපු තාරක අයියවත් කැන්ටිමේ ඉඳගෙන කන්නෑ. කොටින්ම කිසිම ලොක්කෙක් කැන්ටිමෙන් කැම ගත්තට, කැන්ටිමට වෙලා කන්නෑ. දන්නැද්ද ඔය ඉහළ පෙළේ පොරවල්නෙ.
එහෙව් එකේ, මෙන්න මෙයා කැන්ටිමට යන්න හදනව.
"මි... මිස් මේ... මෙහෙ එහෙම ලොකු පුටුවල අය කැන්ටින් එකට ගිහින් කන්නෑනෙ... මිස් ඉන්නකො මම කෑම එකක් ගෙනත් දෙන්නං..."
"What kind of stupid rule is that...?"
මිස් නලල රැලි කරගෙන සද්දෙන් ඒක අහපු පාර, එයාට පොඩ්ඩක් තරහ ගිය බව මට තේරුනා.
"නෑ නෑ... නීතියක් නෙවේ... කැන්ටින් එකේ ඉඳල කන්නෙ ගොඩක්ම පූල් එකේ අය. ස්ටාෆ් එකේ අයට ඒ ඒ ඩිපාට්මන්ට් වල වෙනම රෙස්ට් රූම්ස් තියෙනවනෙ. ඉතින් මේ... ස්ටාෆ් වල අයත් නැතිකොට, ලොක්කො කවුරුත් කැන්ටිම පැත්‍තෙ යන්නෙවත් නෑ... අනික දන්නැද්ද... පූල් එකට ගන්නෙ ගොඩක්ම මේ පැතිවල ඉන්න අයවනෙ. ඉතින් කචල්කාරයො ඉන්නව ඕව අස්සෙ."
(පූල් එක, එහෙමත් නැත්තං Labor Pool කියල කියන්නෙ කම්පැනි එකකට තාවකාලිකව බඳවගන්න අයව අයිති වෙන කාණ්ඩයට. ඒ කියන්නෙ, එයාලගෙ ජොබ් එක කාලීනයි. උදාහරණෙකට, අපේ කම්පැනියෙ සේල්ස් වැඩිවෙන කාලෙට ස්ටොරේජ් යුනිට් එකට, කෙමිකල් වේස්ට් මැනේජ්මන්ට් යුනිට් එකට වගේ ඒවට පිට අයව ගන්නව. ඒ, මාස 6ක විතර කන්ට්‍රැක්ට් එකකට. මාස හයෙන් පස්සෙ සමහරුන්ගෙ ජොබ් එක ෆික්ස් කරනව සමහරුන්ගෙ නෑ.)
දිනූශි මිස් අත් දෙක බැඳගෙන බොහොම සාවධානව මම කිව්ව එක අහගෙන හිටිය.
"ඒ කිව්වෙ මොන වගේ අයද? Like, thugs or drug addicts?"
"දෙකම වගේ... හෙ හෙ... මම ජොබ් එකට ආවම කාලෙ කෙල්ලෙක්ට ලයින් දාන්න ගිහිල්ල ඔයින් එකෙක් මට ගහන්නත් ආවනෙ. යන්තන් ගොඩින් බේරගත්තෙ. ඔය වගේ කේස් හින්ද මමත් ඉතින් ඉස්සර ඉඳලම කැන්ටිමට වෙලා කන්නෑ. මම ඒ හන්ද අරන් එන්නං මිස් කෑම දෙකක්... හානෙ..."
සාමාන්‍ය මිනිහෙක් මම ඒ කිව්ව ටික අහල කැන්ටිම පැත්තෙවත් යන්නෑ. ඔෆිස් එකට වෙලා උයාගෙන කයි. ඒ උනාට මම ඇත්ත තත්වෙ කියන්න කියන්න, මිස්ට කැන්ටිමට යන්න තිබ්බ උවමනාව වැඩි වෙනව වගේ කියල හිතුන මට.
මිස් ආපහු ගිහින් වාඩිවෙන පාටක් පෙනුනෙත් නෑ. යන්තමට මල පැනල වගේ මගෙ කතාව අහන් හිටිය විතරයි.
"So... දැන් සකුන් කියන්නෙ temporary පූල් එකේ ඉන්න කීපදෙනෙක් හින්ද fixed staff එකේ වෙන කාටවත් එතෙන්ට යන්න බෑ කියලද?"
"යන්න බෑ නෙවේ මිස්, යන්නෑ සාමාන්‍යයෙන්... බොරුවට මේ පැත්තෙ මිනිස්සුන්ව අවුස්සගන්න ඕන්නෑනෙ. හෙ හෙ... මිස් ඉන්නකො මම ගිහින් කෑම-"
"We'll see about that... Let's go..."
මෙච්චර වෙලා මම කිව්ව ඒව ගඟට පුවක් කැපුව වගේනෙ. මිසා නවතින පාටක් නැති නිසා, වෙන දෙයක් වෙච්චාවෙ කියල හිතන් මමත් මිස්ගෙ පස්සෙන් ගියා. මොකෝ, කියල දෙයක් තේරුම් කරවන්න පුලුවන් කෙනෙක්යෑ.
කම්පැනියෙ කැන්ටින් එක තියෙන්නෙ ඉඩමෙ මැදට වගේ වෙන්න. ඒ නිසා කැන්ටින් එකට යන්න නං, අපි ඉන්න මේන් බිල්ඩින් එක පහු කරල, තව ඇතුළට ටිකක් යන්න ඕනෙ.
මිස් තාම කම්පැනි එකට ඇවිල්ල දවස් තුනයිනෙ. ඉතින් ලොක්කො ටිකයි, සුපර්වයිසර්ලයි, මේන් බිල්ඩින් එකේ ඔෆිස් තියෙන මැනේජ්මන්ට් සෙක්ටර් එකේ අයයි ඇරෙන්න වෙන කවුරුත් මිස්ව දකින්න විදිහක් නෑ. කොටින්ම මට පළවෙනි දවසෙම එන්න කිව්වෙ නැත්තං, මමත් තාම මිස්ව දැකල නැහැ.
ඒ හේතුව නිසා, මේන් බිල්ඩින් එක පහුවෙලා කැන්ටිමට යන අතරෙ හම්බුන ගොඩක් අය මාව අදුරගෙන මට කතාකලත්, මිස් දිහා අමුතුවට බලල යන්න ගියා. එතකොටයි මට තේරුනේ වැඩේ තවත් සීරියස් කියල. කවුරුත් අඳුනගත්තෙ නෑ මිස් කවුද කියල.
කැන්ටිමට ළං වෙනවත් එක්කම ඒක ඇතුළෙන් ඇහුන ඝෝසාව එන්න එන්නම වැඩි උනා.
මෙතන පිරිමිය මම උනත්, මම ගියේ දිනූශි මිස්ට පිටිපස්සෙන් එයාට කවර් වෙලා වගේ. මොකක්ද හේතුවකට මට නිකමට හිතුන දිනූශි මිස් ඉන්නකං බය වෙන්න දෙයක් නෑ කියල. ඇත්තටම ඉතින් බය වෙන්න දෙයක් නෑ. එයා මේකෙ ලොක්කනෙ.
"සකුන් මගෙ පස්සෙන්ම ඉන්න... මම කියනකං ඉස්සරහට පනින්නවත්, කතා කරන්නවත් එපා කාත් එක්කවත්... ඇන්ඩ් අපි දෙන්නගෙ කනෙක්ශන් එකක් තියෙනව කියල පෙන්නන්නත් එපා... මම තනියෙන් වගේ ඇඟවෙන්න දෙන්න අරින්න..."
"මිස්... මො... මොකක්ද කරන්න හදන්නෙ...?"
ඉස්සරහින් හිටපු දිනූශි මිස්, කට කොණින් හිනාවක් දාගෙන මගෙ දිහා බැලුව.
"මීට ගොඩ කාලෙකට කලින් කරන්න තිබ්බ පුංචි ක්ලීන්-අප් එකක් පටන් ගන්න හදන්නෙ."
නොකිය කිව්වෙ අද කම්පැනියම බැට්ල් රෝයල් එකක් කරන්න හදනව කියලනෙ ඔය.
අපි දෙන්න කැන්ටින් එකට ඇතුළ් උනාට පස්සෙ, මිස් උපදෙස් දීපු විදිහටම මම එයාගෙ පිටිපස්සට වෙලා හිටිය. මට තේරුනා අපි ආව හැටියෙම හැමෝගෙම ඇස් අපි දිහාට එල්ලවෙනවයි, ඇතුළෙ තිබ්බ ඝෝෂාව ටිකෙන් ටික අඩු වෙනවයි.
"රයිස් ඇන්ඩ් කරි තියෙනවද මිස්... ගණන් කොහොමද..."
මම ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වගේ every possible outcomes ටික හිතින් ගණනය කරන අතරෙ, දිනූශි මිස් කැන්ටිමේ හිටපු ඇන්ටිට කතා කලා.
ඇන්ටිත් මෙයා කවුද කියල දන්නෑ මම හිතන්නෙ.
"චිකන් එක පන්සීයයි, මාලු එක හාරසිය පනහයි.. ඔම්ලට් ඉවරයි අද..."
ඇහ්... මට ඇහුන විදිහද නැත්තං නැන්දට ගණන් වැරදුනාද. මම මේ ඊයෙ පෙරේද කෑවෙත් චිකන් එක තුන්සීයටනෙ.
"ඔහ්... මට මේ කෙනෙක් කිව්වනෙ තුන්සීයයි කියල කෑම එකක්...?"
දිනූශි මිස් ඇඟට නොදැනෙන්න කිව්වෙ කැන්ටිමේ ස්ටාෆ් එක දිහා ඇහැ කරකවල බලන ගමන්.
"ඒ කලින්... ගණන් වැඩි කලා පෙරේද ඉඳල... අලුතෙන් ආව බොස් කිව්වා ගණන් වැඩි කරන්න කියල... කෑම ගන්නව නං ගන්න නැත්තං එහයින් ඉන්න, වෙන කෙනෙක්ට එන්න ඉඩ දීලා..."
"ඔහ්... It's ok... චිකන් දෙකක් දෙන්නකො මිස්... (පිටිපස්ස හැරිල මගෙ දිහා බලන ගමන් රහසින් වගේ) සකුන් චිකන් කනව නේ..."
මම ගොනා වගේ ඔලුව වනල 'ඔව්' කියල කිව්ව.
දිනූශි මිස් කෑම දෙක අරන් ඒවට සල්ලිත් ගෙවල ඉවර උනාම, අපි දෙන්න ඇවිත් කැන්ටිමේ කවුන්ටරේ ගාවම තිබ්බ ස්ටාෆ් සෙක්ශන් එකට වෙන් කරපු කෑල්ලෙන් ඇවිත් වාඩි උනා. අපිට අමතරව හිටපු කීප දෙනෙක් ඇරෙන්න ඒ කෑල්ල හිස්වට වගේ තිබ්බෙ.
අපි මුල්ලක තිබ්බ මේසෙකින් මූණට මූණ බලාගෙන වාඩි උනාට පස්සෙ මම කටහඬ පොඩ්ඩක් බාල කරල දිනූශි මිස්ට කතා කලා.
"මිස් මේ..."
"ම්ම්ම්ම්... කියන්න සකුන්..."
"අපිව නෝට් උනා වැඩී වගේ කට්ටියට, ඉක්මනට කාල යමු ඒ නිසා..."
"Don't worry... just stay as I said..."
"ඒත් මි-"
"Boy...!!! I told you once...!!!"
මිස්ගෙ මූණෙන්වත් කටහඬින්වත් කේන්තියක් නොපෙන්නුවට, මට හොඳටම තේරුනා එයාට මල පැනල ඉන්නෙ කියල. ඒ හින්ද මම ඊට වඩා කතා කරන්න ගියෙ නෑ.
විනාඩි දහයකින් විතර කෑම කාල නැගිටිනකන්ම අපි දෙන්න අතරෙ තිබ්බෙ නිශ්ශබ්දතාවක් විතරයි. ඒත් කාල ඉවර කරල කැන්ටිමේ දොර ගාවට එනකොට, දිනූශි මිස් හදිසියෙම මූණ පැත්තට හරවල මට කතා කලා.
"සකුන්... Get ready... මම කිව්ව විදිහටම ඉන්න..."
මොකක් හරි දිරපු පරාලයක් අපි ගාවට ඇප්‍රෝච් වෙනව කියල ඒ කතාවෙන් මට තේරුන නිසා, මම සෙනික වටපිට බැලුව. එතකොටයි මමත් දැක්කෙ, එලියෙ හිටපු ඕවරෝල් සූට් එක දාගත්ත කොල්ලො හතර පස් දෙනෙක් එළියට වෙලා කැන්ටිමට එන පාර බ්ලොක් කරන් අපි දෙන්න දිහා බලාගෙන ඉන්නව.
මම නං බය උන්නෑ. (බොරු). බිකෝස් මට සාමාන්‍යයෙන් හය දෙනෙක්ව එක පාර හැන්ඩ්ල් කරන්න පුලුවන්. (ඒකත් බොරු). හැබැයි මේ වෙලාවෙ අතින් පයින් කරන ගැටුමක් හරියන්නෑ. (මොකද ඒක ලොවෙත් මම පරදිනව). මේ වෙලාවට මොලේ කල්පනා කරල මෙතනින් සේප් වෙන්න ඕනෙ. (මොලේ කතාවක් නං දන්නෑ. හැබැයි සේප් වෙන්න ඕනෙ).
දිනූශි මිස් දොරෙන් එළියට යනවත් එක්කම, අර කොල්ලො ටික මිස් ගාවට ඇවිත් රවුමට හිටගත්ත. මම මිස්ට පොඩ්ඩක් පස්සෙන් නැවතුනා.
"මේ මිස් කොහෙද යන්නෙ... පෙනුමෙන් නං අලුත් කෙනෙක් වගේ..."
"ඒකනෙ.. මේම කිරි ටොයිය කෑල්ලක් මේ පැත්තෙ එනව දැක්කමයි මේ... කොහෙද ඉතින් නංගි වැඩ කරන්නෙ... මොන ඩිපාට්මන්ට් එකේද..."
"කවුද අර පිටිපස්සෙන් ඉන්නෙ... නංගිගෙ කොල්ලද...?"
"කොල්ල නං වෙන්න බෑ බං... මේකිගෙ සීනියර් කෙනෙක් වෙන්නැති..."
එතන හිටපු ටිකක් ඇඟපත තියෙන එකෙක්, මිස්ගෙ උරහිසට උඩින් එබිල මට කතා කලා එක පාරටම.
"ඒ උඹ පලයන්... අපි මේකිව එවන්නං..."
මම උන්ට කතා කරන්න හදලත්, මිස් කලින් එපා කිව්ව නිසා ඇහෙන්නෑ වගේ ඔහේ හිටගෙන බලන් හිටිය.
"උඹ ගොලුද බං... ඇහෙන්නැද්ද කියන එක... තෝ පලයන්... උඹව ටෝක් කරන්න නෙවේ ආවෙ..."
"ඔන්න ඕකා ඉඳපුවාවෙ... මේකිගෙ නම්බරේ ගනින්කො..."
"කෙල්ලේ... නම්බරේ කියන්නකො... නැත්තං මගෙ නම්බරේ ලියාගන්නකො... අල්ලුතෙන්ද ආවෙ... මීට කලින් දැකලම නෑනෙ... නංගි මේ පැත්තෙද...?"
මට දිනූශි මිස්ගෙ මූණක් පේන්නෑ. එයා මට ඉස්සරහින් පිටුපාල ඉන්න නිසා. ඒ උනාට මට හිතාගත්තෑකි මිස්ගෙ ඔලුවෙ මේ වෙලාවෙ තියෙන දේවල්.
"Excuse me mister. Please get off the road... I want to leave...!"
දිනූශි මිස්ගෙ සන්සුන්, ඒත් පැහැදිලි නිරවුල් කටහඬ ඇහුන හැටියෙ අරුන් ටික පොඩ්ඩක් විතර බැක් උනා. ඒත් පාරෙන් අයින් උනේ නෑ.
මම හිතුව මුන් දැන් යයි කියල. ඒ උනාට පොඩ්ඩක් වෙලා ඉඳල උන් තව ටිකක් මිස්ට ළං උනා.
"අප්පටසිරි... මේන් මේ නංගි කඩ්ඩෙන් ටෝක් දෙනව..."
"ඈ නංගි... මොකක්ද ඒ කිව්වෙ... මටත් ඉංග්‍රීසි ක්ලාස් එකක් කරල දෙන්න බැරිද... හහ් හහ්..."
"මේකිගෙ කට නං වැඩී වගේ පොඩ්ඩක්... අඩු කරල දෙන්නද නංගි... ම්ම්ම්ම්ම්ම්... (මිස්ගෙ මූණ ගාවට අතක් ගේන ගමන්) මෙහෙම කෑලි මේ මගුල් කොම්පැනියට එනව නං අපිත් හැමදාම වැඩට එනවනෙ... නේ බං..."
මෙච්චර වෙලා ඔහේ බලාගෙන හිටියත්, එකෙක්ගෙ අතක් මිස්ගෙ මූණ ගාවට ගේනව දැක්ක හැටියෙ මට හිතාගන්න බැරි කේන්තියක් හිතට ආව.
ඒ හින්ද මම මිස් කලින් කිව්ව එක ඔලුවෙන් අයින් කරල, අඩියට දෙකට මිස් ගාවට ගියේ පොඩ්ඩක් සද්දෙන් කෑගහන ගමන්.
"ඒයි... ඒයි... ගනින් අත අහකට... උඹල කවුරු කියලද හිතන් ඉන්නෙ...?"
මම එහෙම දෙයක් කරයි කියල අර කොල්ලො ටික වගේම මිසුත් අපේක්ෂාවෙන් ඉඳල නෑ කියල මට තේරුනේ, ඒ කොල්ලො ටික එක්කම දිනූශි මිසුත් පිටිපස්ස හැරිල පුදුමෙන් වගේ මගෙ දිහා බලපු නිසයි.
මම එහෙම්ම මිස්ව පාස් කරගෙනම ගිහිල්ල, උන් ටිකයි මිසුයි මැදට ඇවිත් හිටගත්තා. ඒ කරල දකුණු අත පස්සට දාලා මිස්ගෙ ඉනේ ගෑවෙන නොගෑවෙන තරමට තියාගෙන මම උන්ගෙ මූණු දිහා එක එල්ලේ බැලුව.
"මෙතන පිස්සු කෙලින්න එපා මල්ලි ඈ... කම්පැනි එකේ හයි රෑන්කින් ඔෆිසර්ලට කරදර කරල, උඹලගෙ රස්සාවට අත හෝදගන්න හදන්නෙ ඔය... ඒ නිසා වදයක් නොවී අයින් වෙයන් පාරෙන්..."
උන් ටිකට කියන්න දෙයක් හිතාගන්න බැරුව මං දිහා බලන් ඉන්න අතරෙ, පොඩ්ඩක් ඈතින් මට ඇහුන හුරුපුරුදු කටහඬක්.
"ඕයි... ඔය කෙල්ලට යන්න දීපං... කෙල්ලෙක්ටවත් පාරෙ යන්න දෙන්නැති පාහර හැත්ත... පලයල්ල මෙතනින්..."
කෑගහගෙන කුංචනාද කරගෙන අපි ගාවට ඒ ආවෙ තාරක අයියා...!! මගෙ කලින් සුපර්වයිසර්...
මතු සම්බන්ධයි...