රට සුරපුරයක් වෙයිද?

රට සුරපුරයක් වෙයිද?

Tele Hive

#Read_The_situation

RL

Read The situation ලිපි මාලාවේ පළවෙනි ලිපිය. මේ ලිපිමාලාව ගැන කෙටියෙන්ම කියනව නං වත්මන් තත්වය ගැන මගේ කෝණයෙන් කරන පොඩි විමසුමක්. ඒ නිසා අනවශ්‍ය මතගැටුම් ඇති කරගන්න අවශ්‍ය නෑ.


දේශපාලනය කියන්නෙ , මට නං ජුගුප්සාජනකම දෙයක්. කිසිම හොඳක් හෝ නරකක් නැති තනිකරම සැලසුම් මත ක්‍රියාත්මක වෙන දෙයක්. ඒ නිසා මම දේශපාලන විග්‍රහන් කරන්න යන්නෑ. මොකද නොදන්න දෙයක් ගැන කතා කරල වැඩක් නැති නිසා.


මම අද කතා කරන්නෙ රටේ තත්වය ගැන.


ලොකු අරගලයක් යනව. මිනිස්සු වලි ඇදගන්නව , ආරක්ශක අංශ වලට බනිනව , කන්න නැතුව මිනිස්සු දුක් විඳිනව , බේත් නැතුව මිනිස්සු මැරෙනව , හරි වෙලාවට තෙල් ටිකක් හොයාගන්න බැරුව මිනිස්සු ජීවිත එක්ක සටන් කරනව , meme හදනව , ආතල් ගන්නව , කෙහෙල් කොලේ බත් කනව , අමාරුවෙන් තෙල් ගහගෙන තාම ට්‍රිප් යනව. ආතල් ගන්නව.


රටේ මාර සීන් ටිකක් යන්නෙ. ඇයි මෙහෙම වෙන්නෙ?


උඹල දන්නව ඇති ලංකාව කියන භූමිය පින් බිමක් උනාට , ඒ පින් බිමේ පය ගහල ඉන්න 60%ක්ම පට්ට හොරු කියල. රටට බෝම්බ ගැහුවත් , ඒ බෝම්බ කෑලිත් විකුණල සල්ලි හම්බ කරන්න හදන නින්දිත මිනිස්සු පිරිසක් මේ ලංකාවෙ ඉන්නෙ.


මම බනින්න පටන් ගන්නං ළඟකදි මට උන සිද්දියක් කියල. මම පෙරේද ටවුමට යන්න බස් එකක් එනකං පාරෙ හිටන් හිටිය. පැය එකයි විනාඩි හතලිහක් පාරෙ. හැබැයි වෙනදට යන ලංගම බස් එක ආවෙ නෑ එදා. ඉතින් ආපහු හැරිල ගෙදර ආව. බස් එක ආපු නැති හේතුව පස්සෙ හොයල බලනකොට තමා දැනගත්තෙ , ඊට කලින් දවසෙ ඩිපෝවෙදි මොකා හරි බස් එකේ තෙල් ඇදල කියල.


නිකමට හිතපං. එක කාලකන්නියෙක්ගෙ පෞද්ගලික වාසිය වෙනුවෙන් , අපේ පාරෙ යන්න හිටපු මිනිස්සු 100 දෙනෙක් විතර , එදා අසරණ උනා.


හොරකම කියන එක වීරකමක් හැටියට සලකන , වංචාව කියන එක ශ්‍රේෂ්ඨ දෙයක් හැටියට සලකන රටක මිනිස්සුන්ගෙන් , ඇත්තටම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.


උඹලම නිකං හිතල බලහං. පංතියක කාඩ් මාක් නොකර හොරෙන් පංතියකට ගියාම , පේපර් එකක් ලියනකොට සේපට කොපි කලාම , තෙල් පෝලිමේ පෝලිම් පැනල තෙල් ගැහුවම , හොරෙන් තෙල් ගහගෙන ගබඩා කරගත්තම , ඒ තෙල් ටික ආපහු දහගුණේකින් විතර ගණන් උස්සල විකුණුවාම , බස් එකක ටිකට් නැතුව ගියාම , රුපියලක් හරි හොරකම් කලාම , වැඩ කරන තැනින් මොනා හරි අයතා ලෙස භාවිත කලාම , හේතුවක් නැතුව ගනන් උස්සල ලාභ ගත්තම අපේ මිනිස්සුන්ට අමුතු මොරාල් එකක් එනව නේද.


අම්මටසිරි මම මේම කලා අරම කලා , උඹලට බෑනෙ , මම හොරෙන් තෙල් ලීටර් 50ක් ගත්ත , මම අරූට ගානක් දීල තෙල් ටිකක් පන්නගත්ත , කියල පුරාජේරු ගහන එක සහ ඒ පුරාජේරුව අහන එක අපේ මිනිස්සු මහා ඉහළින් සලකන දෙයක්. හෙන මොරාල් වැඩක්.


මට කියන්නෙ තියෙන්නෙ , අන්න ඒ මොරාල් එක තමා , අවුරුදු හැත්තෑ ගානක් රට විනාශ කලේ.


අපි මේ පාර්ලිමේන්තුවෙ ඉන්න 225ක් ටාගට් කරන් උන්ට බනිනව. මොකද අපි පොඩි කාලෙ ඉඳන්ම පුරුදු වෙලා තියෙන්නෙ , අපේ වැරදි වැහෙන විදිහට , අනුන්ගෙ වැරදි හොය හොය කෑ ගහන්න.


අපි කවුරු හරි ගහන පදේකට නටනව. නැතුව අපිම හිතල තීරණ ගන්නෑ. අපේ මිනිස්සු හොඳටම කරන්නෙ වෙන කාව හරි අනුගමනය කරන එක. නැතුව හිතල බලල හරි දේ කරන එක නෙවේ.


225කට බැන බැන , අපේම උන් අපිටම අරිනකොට , උඹල හිතනවද රට ගොඩයයි කියල.


අරගලය කරපු එක හොඳයි. මම කියන්නෙත් ඒක කළ යුතුව තිබුණ දෙයක්. මොකද පාලන තන්ත්‍රය වෙනස් නොකර , කච්ඡපුට ආවත් මේක හදන්න බෑ. හැබැයි උඹල හිතනව නං අරගලය කල පමණින් රට සුරපුරයක් වෙයි , මුන් අයින් උන ගමන් රට සුරපුරයක් වෙයි කියල , ආපහු අපි යන්නෙ අතීතයටමයි.


රටක් දියුණු වෙන්නෑ , මිනිස්සු වැඩ නොකර ඉඳල. රටක් දියුණු වෙන්න නං මිනිස්සු වැඩ කරන්න ඕනෙ. ව්‍යාපාර ගොඩනගන්න ඕනෙ. හැබැයි අපේ මිනිස්සු කැමති නෑ වැඩ කරන්න. අපේ මිනිස්සුන්ට ඕනෙ ආතල් එකේ ඉන්න. චිල් එකේ ඉන්න. නිදහසේ ඉන්න.


වැඩිහිටියො රට කෑව කියන තරුණයන්ගෙන් කී දෙනෙක් දැනට රට වෙනුවෙන් වැඩක් කරල තියෙනවද? තරුණ තරුණියො තාම කරන්නෙ ෆේස් බුක් එකේ අරගල කරනව මිසක් රටට වැඩක් ඇති වැඩක් නෙවෙයි. බොහොම අතලොස්සයි රටට වැඩක් කරල අරගලයට සප් එක දෙන්නෙ. තාම රට දුවන්නෙ උඹල ඔය බනින වැඩිහිටියො නිසා.


තෙල් පෝලිම් වල... ආ නෑ වැරදුනා... ත්‍රී වීල්/බයික් පෝලිම් වල , ත්‍රී විල්/බයික් තියන් ෆෝන් ඔබ ඔබ ඉන්නෙ මම දැකපු හැටියට වයස අවුරුදු 20-35 සීමාවේ පිරිමි.


රටක ශ්‍රමයක් පාරට ඇදල දැම්මද , අපේ අයියල විහින්ම පාරට වැටුනද කියල එතනින් තේරෙන්න ඕනෙ උඹලට. මගෙ යාලුවො තනියම බිස්නස් පටන් ගත්ත. අවුරුදු 20 කොල්ලො. උන් තෙල් නෑ , අම්නේ... මට කරන්න බෑ... වීල් එක තියන් පෝලිම්‍ර ඉඳල තෙල් ගහන් වැඩි ගානට විකුණන එක විතරයි මට පුලුවන් කිය කිය වැලලුන්නෑ. මගෙ එක යාලුවෙක් වරායෙ වැඩ කරන්න ගියා. අමු කට්ටක්. එහෙමයි කියල උන් වාහන අරන් , ෆෙස්බුක් ආතල් ගන්න තැන් තැන් වල පෝලිමෙ හිටියෙ නෑ.


ආට් ඩිග්‍රිය පෙන්නල රාජ්‍ය සේවයට පොර කාගෙන ගියාට රටට සත පහක වැඩක් වෙන්නෑ. දැනටමත් රාජ්‍ය සේවයේ අතිරික්තයක් තියෙන්නෙ.


මගේ මතය හැටියට නං , රජයේ පුටු රත් කරන මිනිහට සර් කියනවට වඩා නම්බුයි බල්ලෙක්ට සර් කිව්ව නං.


මගේ අම්මයි තාත්තයි දෙන්නම රාජ්‍ය සේවකයො. පොඩි පොඩි තනතුරුත් නෙවෙයි. එක්කෙනෙක් සහකාර අධ්‍යක්ෂ කෙනෙක්. හැබැයි කොවිඩ් කාලෙත් මගේ අම්මයි තාත්තයි දෙන්නම වැඩට ගියා. සතියට දින තුනක් ගෙන්නනකොටත් මගේ අම්මයි තාත්තයි දවස් පහම වැඩට යනව. වාහනයක් නැත්තං බස් එකේ හරි යනව. ගන්න පඩියට සාධාරණයක් කරනව ඒ මිනිස්සු. 40%ක් උපරිම ඒ වගේ මිනිස්සු ඉන්නව රාජ්‍ය සේවයේ. ඉතුරු අය ගැන මම කතා කරන්නෑ.


මෙහෙම රටක , හොරකම කියන එක ලේවලටම කාවැදුන මිනිස්සු ඉන්න රටක , අපි කොහොමද බං සිස්ටම් චේන්ජ් කරන්නෙ.


මගේ පෞද්ගලික අදහස අනුව , පාර්ලිමේන්තුවෙ 225ටම වඩා , මට රටේ මිනිස්සුන්ව පිලිකුල්. හේතුවක් ඇතුව මම එහෙම කියන්නෙ.


සාක්ෂරතාව 90%කට වඩා තියෙන රටේ , තිරිසන් හැත්තක් එක්ක අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ.


අඩුම තරමෙ.... ඉදිරි අවුරුදු පහ හය තුළවත් රටේ ලොකු ආකල්පමය වෙනසක් නොවී , මේ රට හදන්න බෑ.


ඉන්දියාවෙන් පන්නපු පට්ට හොරෙක් උන , විජය කුමාරයගෙ ලේ නෙ අපේ ඇඟේ තාම දුවන්නෙ. ඒ ලේ පරපුර ඉවර වෙනකං මේ රටේ හොරුම තමා රජ කරන්නෙ.


#Read_The_situation

Report Page