♡ මැඩම් ♡

♡ මැඩම් ♡


නවවන කොටස

පෙර කොටසින්...


"Don't go that far boy... පස්සෙ දවසක හම්බෙනකං, ඔතනින් එහාට යන්නැතුව ඉන්න..."


මට ලැජ්ජ හිතුනත්, මිස් ඒක කිව්ව විදිහට ආසාවක් ඇති උනා.


"හී... හරි මිස්..."


"ගුඩ් බෝයි..."


මිස් මගෙ ඔලුවට තට්ටුවක් දාලා ආයෙ එයාගෙ වැඩේ කරන්න ගත්තා.


[සියලුම කොටස්]



එතැන් සිට...


පහුවදා මම උදේ හය වෙනකොටම ලෑස්ති වෙලා, මිස් පහළට එනකං පඩිපෙල ගාවින් හිටියා. තාම මට අලුත් සූට් සෙට් එක හම්බුන්නෑනෙ. ඒක ලැබෙන්න තව දවස් තුන හතරක් යාවි. එතකං මං ගාව තියෙන හොඳම ඔෆිස් කලිසම් කමිස අඳින්න කියල මිස් මට කිව්වා.


එහෙම හොඳම ඒව කියල බම්බුවක් නෑ ඉතින්. මහරගමින් ගත්ත ලෝකල් අයිටම් ටිකක් විතරයි මම ගාව තිබ්බෙ. සවුත්තු ඒව අඳින්න එපා කියල මිසා තරයේම කිව්ව නිසා, මම පුලුවන් තරන් හොඳට ඇඳගත්තා. සපත්තු දෙකෙත් ලෙල්ල යන්තමට ගෙවිල තිබ්බත්, පොලිශ් නාවල නාවල ඒක මූණ පේන ගානට ශයින් වෙන්න මැද්දා.


මිස් හයයි කාල වෙනකොට පහළට බැස්සෙ, එයාගෙ හෑන්ඩ් බෑග් එකයි තව පොඩි රෙදි බෑග් එකකුයි අතේ එල්ලගෙනයි.


මිස් නෝමල් බිස්නස් වැඩ වලට අඳින්නෙ ඩාක් කලර් ටයිඩ් ස්කර්ට් එකයි, ලා පාට බ්ලවුස් එකකුයි. හැබැයි පොඩ්ඩක් වැදගත් මීටින් වලට හරි, විශේෂ අවස්ථා වලදි හරි මිස් අඳින්නෙ ඔෆිස් ට්‍රවුසර් එකයි තද පාට බ්ලවුස් එකකුයි. මම ඊයෙ හවස මිස්ගෙ කකුල මසාජ් කරපු වෙලේ මිස් මේ දේවල් මට කිව්වා.


දැන් අද දිනූශි මිස් මේ යන්නෙ, වෙන මොකක්ද කම්පැනි එකක ඩිරෙක්ටර් බෝඩ් මීටින් එකකට. ඉතින් මිස් අද ඇඳන් ආවෙ ට්‍රවුසර් එකක්. කෝට් එකක් නං අරගෙන නෑ, ඕන්නැතුව ඇති.


"සකුන්... රෙඩී නේද..."


"ඔව් මිස්... මම කැබ් එක හරවල තිබ්බා උදේම... මිස්ගෙ වතුර බෝතලේට වතුර පුරවල කැබ් එකෙන් දැම්මා... එච්චරයි නේද මිස්..."


"Well done... Now, you are acting like a proper asisstant"


"හී..."


මම මේ ගෙදරට ආව මුල්ම දවසෙ වගේ නෙවෙයි. දැන් මම මිස් එක්ක කතා කරන්නෙ යම් තරමක සැහැල්ලුවකින්. ඒක, යාලුකමත් වෘත්තියත් අතරමැද අවස්ථාවක තියෙන ලෙන්ගතුකමක්. ගත වෙච්ච දවස් දෙකේ වෙච්ච දේවල් නිසා, අපේ ආගන්තුක බව ඒ තරමටම මැකිල ගියා.


"Let's go then..."


"හරි මිස්... මේ... මම ඩ්‍රයිව් කරන්නද මිස්..."


අපි ඉස්සරහ දොර වහගෙන කැබ් එක ගාවට යන අතරෙ මම ඇහුවෙ, මිස්ව පාස් කරල ඉස්සරහට යන ගමන්.


"නෑ නෑ.. මේ සතිය මමම ඩ්‍රයිව් කරන්නං. ඔයා මම යන එන තැන් ගැන සැලකිල්ලෙන් ඉඳල ඒව මතක තියාගන්න. නැත්තං මට පාරවල් කිය කිය ඉන්න වෙයි..."


"ආහ් හරි මිස්... (කැබ් එකේ මිස්ගෙ දොර අරින ගමන්) මට පොඩ්ඩක් මිස්ගෙ ජෙනරල් ශෙඩූල් එක කියනවද වෙලාවක් හම්බුනාම"


"ඔව් ඒ ගැන කතාකරගමු පස්සෙ... සකුන් ඉස්සරහින් වාඩි වෙන්න..."


"හරි මිස්..."


දිනූශි මිස් කැබ් එකට නැගල දොර වහනකං ඉඳල, මම වාහනේ වටෙන් දුවගෙන ඇවිල්ල ඉස්සරහ පැසෙන්ජර් සීට් එකෙන් වාඩි උනා.


අද අපි යන්නෙ සීදුවෙ නෙවේ. අද යන්නෙ හෝමගම තියෙන කන්ස්ට්‍රක්ශන් කම්පැනි එකකට.


මිස් පැය බාගෙකින් විතර, හෝමගම ටවුන් එක කිට්ටුව තිබුන 'OMEGA CONSTRUCTIONS' කියල ලොකුවට ගහපු බිල්ඩින් එකක් ගාවින් වාහනේ පාක් කලා.


"සකුන්... ඇතුළට යන්න කලින්, මම තව ලෙසන් එකක් කියල දෙන්නං. මේක ඔයාට විශේෂයෙන්ම වැදගත් වෙන දෙයක්. ඒ නිසා හරියට ඔලුවට ගන්න..."


වාහනේ පාක් කරල ඉවර වෙලා, සීට් බෙල්ට් අයින් කරන ගමන් මිස් මට කිව්වෙ, හෙන සීරියස් මූඩ් එකකින්.


"ඔලුවට ගන්නං මිස්..."


"ගුඩ්... හොඳට අහගන්න... ඇසිස්ටන්ට් කෙනෙක් හැසිරෙන්න ඕනෙ විදිහ, එයාගෙ බොස් අනුව වෙනස් වෙනව. ඔයා දැකල ඇති සමහරු නිතරම හිනා වෙලා ඉන්නව, සමහරු හොඳට කතා බහ කරල ඉන්නවා."


මම 'ඔව්' කියල අඟවන්න ඔලුව වැනුවා.


"රයිට්... තමුන්, එහෙම කෙනෙක් නෙවෙයි. මට එහෙම ඇසිස්ටන්ට් කෙනෙක් වැඩක් නෑ. මට තමුන්ගෙන් ඕනෙ කෝල්ඩ් පර්සනැලිටි එකක්. එහෙම දෙයක් ගැන තමුන්ට කිසිම අයිඩියා එකක් නැහැ කියල මම දන්නව. ඒ නිසා මම මේ කියන විදිහට ඉන්න."


"හරි මිස්..."


දිනුශි මිස් මං ගැනත් සෑහෙන දේවල් හොයාගෙන මේ ටික කාලෙට.


"ගුඩ්... හැමතිස්සෙම මං ගාවින් ඉන්න ඕනෙ. මම කොහෙට ගියත්, අඩි තුනක සීමාවක් ඇතුළෙ තමුන් ඉන්න ඕනෙ. ඊළඟට, මම මොනව කිව්වත්, වටපිටාවෙ මොනව උනත්, මීටින් රූම් එකේ ඉන්න අය කොයි දේ ගැන කතා කලත්, තමුන් කිසිම වෙලාවක හිනාවෙන්න බෑ. රවාගෙන ඉන්න අවශ්‍ය නෑ. ඉමෝශන්ලස් ෆේස් එකක් තියන් ඉන්න.

සහ, හැමතිස්සෙම පපුව ඉස්සරහට දාගෙන පහසුවෙන් ඉන්නව වගේ ඉන්න. විශේෂම දේ, නිතරම අවට වටපිටාව ගැන සර්ච් එකේ ඉන්න බව අනිත් අයට පෙන්නන්න. මම දන්නව තමුන්ට ඒක කරන්න බෑ කියල. ඔලුවෙ හැමතිස්සෙම වෙන වෙන විකාරනෙ තියෙන්නෙ. අඩුම තරමෙ සර්ච් එකේ ඉන්න විදිහට ඇක්ට් කරන්න.

මීටින් එක වෙලාවෙ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා, යම්කිසි කෙනෙක් මට කෑගැහුවොත් හෝ තරහින් මට කතා කලොත්---"


"ඌ දිහා කන්න වගේ බලල, උගෙ ආත්මෙටම වදින්න ඔරවන්න ඕනෙ නේ මිස්..."


මිසා කියන්න හදපු දේ ඉවර කරන්න කලින් මම ඒ කිව්ව දේ අහල මිස්ට හිනා ගියා.


"වෙරි ගුඩ්... (මගෙ ඔලුව අතගාමින්) සකුන්ට තේරෙනවනෙ..."


"ඔව් මිස්... නිකං ගිගා චැඩ් වගේ ඉන්නනෙ තියෙන්නෙ නේ..."


"Who..?"


ආ මිස්ට සෝශල් මීඩියා ගැන මෙලෝ හත්තිලව්වක දැනුමක් නෑනෙ. දැන් මතක් උනේ.


"නෑ නෑ මම ගානට ඇක්ට් එක දෙන්නං මිස්... බය වෙන්න එපා. මේ සොක්කට වැඩක් හම්බුනොත් හක්ක විකුණල හරි බොක්කෙන් වැඩේ දෙනව..."


"Stupid boy... ඔය විකාර එතන ගිහිල්ල එහෙම කියවනව නෙවෙයි... තේරුනානෙ..."


"හී... හරී..."


"Let's go... Remember... Be cold..!"


මම ඔලුව උඩට පහලට කරල ඒකට එකඟ උන බව අඟවල, වාහනෙන් බැහැල ඇවිත් මිස්ගෙ පැත්තෙ දොර ඇරියා.


මිස් එයාගෙ හෑන්ඩ් බෑග් එක කරට දාගෙන වාහනෙන් බැහැල, බිල්ඩින් එකේ එන්ට්‍රන්ස් එක පැත්තට ගියා. මමත් මිස් කිව්ව වගේ ෆුල් ගට් එකකින් මිස්ගෙ පිටිපස්සෙන් ආවා.


එදා අර ටේලර් ශොප් එකේ උනා වගේ, මිස් බිල්ඩින් එක ගාවට යනකොටම කීප දෙනෙක් ඇවිල්ල මිස්ට ගුඩ්මෝනින් අනං මනං කියල මිස්ව පිළිගත්තා. එතන හිටපු අය මාව කලින් දැකල නැති නිසා අමුතු විදිහට මගෙ දිහා බැලුවත්, මම මිස්ගෙ පිටිපස්සෙන් ගැම්මට ගිය නිසා කවුරුත් මාව නවත්තන්න හැදුවෙ නෑ.


බිල්ඩින් එකට ඇතුළ් උනාට පස්සෙ මිස් මාවත් එක්කගෙන ලිෆ්ට් එකකින් හතරවෙනි තට්ටුවට ආව.


මීටින් රූම් එක තිබ්බෙ ඒ තට්ටුවෙ. මීටින් රූම් එකක් කිව්වට, ඒ තට්ටුවම හදල තිබ්බෙ මීටින් අරගන්නමයි. ෆ්ලෝර් එකේ බාගයක්ම, වීදුරු බිත්ති ගහල ලොකු කාමරයක් විදිහට හදලයි තිබ්බෙ.


ඒ කාමරේ මැද වලල්ලක් වගේ පෙනුන ලොකු ලී මේසයක් තිබ්බා. මේසෙ මැද හිස්. මේසෙ වටේට පුටු විස්සක් විතර තිබ්බා.


අපි ඒ කාමරේට යනකොටත් හය හත් දෙනෙක්ම කාමරේ පුටුවල වාඩි වෙලා හිටියා. ඒ හැමෝම වගේ මැදි වයස් වල අය. කෝට් එහෙම දාගෙන හිටියෙ.


මිස් කාමරේට ඇතුළ් උන හැටියෙම ඒ අය නැගිටල මිස්ට අතට අත දුන්නා. එකෙක් මටත් අතට අත දෙන්න ආවත්, මම 'පහ මකයා' වගේ අත නොදී මිස් වාඩි උන පුටුව ගාවට ඇවිත් හිටගත්තා.


"මිස්ට කරුණාරත්න... අපි මීටින් එක දාගත්තෙ කීයටද?"


මිස් කාමරේ හිටපු කෙනෙක්ගෙන් ඇහුවෙ, හෑන්ඩ් බෑග් එක ඇතුළෙන් ගත්ත මිස්ගෙ ෆෝන් එකෙන් වෙලාව බලන ගමන්.


"හයයි පනහට මිස් දිනූශි... දැන් නං හයයි පනහයි... අපි තව පොඩ්-"


"(සද්දෙන් කතා කරමින්) No need... හයයි පනහට මීටින් එක පටන් ගන්නව කියල ඉන්ෆෝම් කලා නං, බෝඩ් මෙම්බර්ස්ල දැනගන්න ඕනෙ හයයි පනහටම සීට් එකෙන් ඉන්න. අපි මීටින් එක පටන් ගමු."


මිස් ඒක සද්දෙන් කිව්ව පාර, කාමරේ හිටපු අනිත් සෙට් එක මූණට මූණ බලාගත්තා. හරියට නිකං 'දැන් මොකෝ කරන්නෙ' කියල අනිත් අයගෙන් අහන්න වගේ.


එයාල මූණෙ ඉඟි වලින්ම එකඟතාවෙකට ඇවිල්ල, මීටින් එක පටන් ගමු කිව්වට පස්සෙ, මිසා මම ජීවිතේට අහල තිබ්බෙ නැති අමුතු අමුතු දේවල් ගැන කතා කරන්න ගත්තා. ඒ කියන්නෙ ඔය බිස්නස් සම්බන්ධ දේවලුයි, ස්ටොක් ප්‍රයිස් අනං මනං එව්වා.


මීටින් එක අතරතුරේ බෝඩ් එකේ හිටපු අනිත් උනුත් එකා දෙන්නා කාමරේට ඇතුළ් උනත්, මිස් ඒ පස්සෙ ආව එකෙක්වවත් තඹ සතේකට ගණන් ගත්තෙ නෑ. උන් නෝන්ඩි මූණකින් මිස් දිහා බලල හිනා වෙලා, මිස්ගෙ පුටුව ගාවම හිටගෙන හිටිය මගෙ දිහත් සැකෙන් වගේ බලල මීටිමට සම්බන්ධ උනා.


මීටින් එකේ මම දැකපු අහපු දේවල් වල හැටියට දිනූශි මිස් ගැනයි, අනිත් අය දිනූශි මිස් ගැන හිතන විදිහ ගැනයි මට සෑහෙන අවබෝධයක් ඇති උනා.


දිනූශි මිස් කිසිම කෙනෙක්ට සෙකන්ඩ් වෙන්න කැමති නෑ. එයා කතා කරන හැමදේම බැක් කරන්න සාක්ෂි එයා ගාව තියෙනව. එහෙම සාක්ෂි නැතුව එයා ආවට ගියාට කතා කරන්නෙත් නෑ. මිස්ට පුලුවන් ඕනෙම ටෆ් වෙලාවක මිස්ගෙ සාමාන්‍ය ස්වරූපය පවත්වගෙන ඉන්න. මොකද අර අනිත් මිනිස්සු සමහර වෙලාවට කෑගහගෙන ආවත්, මිස් එයාගෙ සාමාන්‍ය ටෝන් එකෙන්මයි දිගටම කතා කලේ.


මම දැක්ක විශේෂම දේ ඒක නෙවේ. එතන හිටපු අනිත් බෝඩ් මෙම්බර්ස්ලත් ලොකු ලොකු කම්පැනි කරන සල්ලිකාරයො වෙන්නැති. හැබැයි ඒ කවුරුත්, දිනූශි මිස්ට උඩින් යන්න හැදුවෙ නෑ. ඒක බයක්ද, ගෞරවයක්ද කියන ප්‍රශ්නෙට උත්තරේ මං ළඟ නැති උනත්, මම එක දෙයක් හොඳටම දන්නවා.


බිස්නස් වැඩ වලදි, දිනූශි මිස්ව තරහ කරගැනීම කියන්නෙ, ඔප්ශන් එකක් නෙවෙයි...! ඒක කිසිම වෙලාවක නොකළ යුතු දෙයක්..


මට ඒක අද හොඳටම තේරුනා. මම වැඩ කරන්නෙ ඒ වගේ කෙනෙක් යටතේ කියන සිතුවිල්ල නිසා, මටත් අමුතු මොරාල් එකක් ඇවිත් කලින්ටත් වඩා ගැම්මෙන් මම මිස් ගාව හිටගත්තා.


පැය එක හමාරකට ආසන්න වෙලාවක් තිබුන ඒ මීටින් එක අන්තිමේදි ඉවර උනේ, දිනූශි මිස් පුටුවෙන් නැගිට්ටට පස්සෙයි.


මේසෙ වටේට වාඩි වෙලා හිටපු හැමෝම දිනූශි මිස් නැගිට්ටට පස්සෙ එයාලගෙ පුටුවලින් නැගිට්ටත්, ඒ කවුරුත් මිස් මාත් එක්ක කාමරෙන් එළියට යනකං ඉන්න තැනින් හෙල්ලුනේ වත් නෑ.


මීටින් රූම් එකෙන් එලියට ඇවිත් ටිකක් දුර ගියාට පස්සෙ, මිස් මට කතා කලා.


"Great work out there... මම හිතුවට වඩා සෑහෙන හොඳට රෝල් එක කලා..."


මිසා මෙහෙම මාව අගයනකොට, මට සිරාවටම අමුතු ලැජ්ජාවක් එක්ක ආඩම්බරයක් මිශ්‍රිත මොරාල් එකක් දැනෙනව. මොකද පොඩි කාලෙ ඉඳලම මම මැට්ටා වගේ හිටපු එකෙක් නිසා, කාගෙන්වත් වැඩිය ප්‍රසංශා ලබල නෑ.


"තැන්ක් යූ මිස්... හී හී... මිස් කිව්ව විදිහට කලේ ඉතින්..."


"Yes... But මම ඒ තරන් හොඳ ඇක්ට් එකක් බලාපොරොත්තු උන්නෑ... වැඩේ හොඳට කරපු නිසා, (මූණ පැත්තට හරවල මගෙ දිහා බලන් ඇහැක් ගහන ගමන්) ගෙදර ගිහින් පොඩි ට්‍රීට් එකක් දෙන්නං..."


ඇහ්... තවත් මොනා හරි හම්බෙනවද අද...!!!


මිස් ඒක කිව්ව විදිහ නිසා, මගෙ හිතේ ඉවසගන්න බැරි තරම් ආශාවක් එකපාරටම ඇති උනා. ඒ ආශාව, සෙල්ලම් බඩුවක් අරන් දෙනව කියල අම්මල පොරොන්දු උනාම පොඩි එකෙක්ට දැනෙන ආශාවකට සමානයි. ලැබෙන්නෙ කොයි වෙලාවෙද කියල ඇඟිලි ගැන ගැන බලන් ඉන්න තරමේ ආශාවක් ඒක.


හරිම පුදුමයි...!


මීට දවස් දෙකකට උඩදි, මිස්ව මුලින්ම දැකපු වෙලේ මගෙ හිතේ දිනූශි මිස් ගැන ඇති උනේ පුදුමාකාර වෛරයක්. මිස්ගෙ ලස්සන තියා මට මිස්ව බලන්නවත් ඕනෙ උනේ නෑ.


ඒත් දැන්...


කෑමකට කෑදරකමෙන් පස්සෙන් යන බලු කුක්කෙක් වගේ, මම මිස්ගෙ පස්සෙන් වැටිලා ඉන්නවා. මිස්ගෙ ශරීරය රස විඳින්න අවස්ථාවක් එනකං සහ අවසර ලැබෙනකං මග බලන් ඉන්නවා...


මිනිහෙක්ගෙ හිතක් ඒ වගේ කෙටි කාලෙකින් වෙනස් වෙන විදිහ ඇත්තටම පුදුමාකාරයි...


ඒ දේවල් ගැන හිත හිතම අපි ලිෆ්ට් එකෙන් පහළට ඇවිත්, බිල්ඩින් එකෙන් එලියට ආව.


මිස් මට ආයෙම කතා කලේ, අපි වාහනේටත් නැග්ගට පස්සෙයි.


"අදට වැටිල තිබ්බෙ මේ වැඩේ විතරයි. මම හිතන් හිටියෙ වරුවක් විතර Chemlogix එකට ගිහිල්ල එතන වැඩ ටික බලන්න. ඒත් ඒක අත්‍යවශ්‍ය නෑ මේ වෙලාවෙ. So now... back to home..."


මිස් මගෙ දිහා බලල ඒක කිව්වෙ, මගෙ විරුද්ධත්වයක් තියෙනවද කියල අහන්න වගේ.


මම ඔලුව වනල හා කියල ඉඟි කලාට පස්සෙ, මිස් වාහනේ ස්ටාට් කරන් මේන් රෝඩ් එකට දාගත්තා.


උදේ පැය බාගෙන් ආවට, පාරෙ ට්‍රැෆික් වැඩි වෙලා තිබ්බ නිසා, අපිට ආයෙ ගෙදරට යන්න පැයකට කිට්ටු කාලයක් ගත උනා.


අවසානයේදි මිස් වාහනේ වත්තට දාලා නවත්තල, ගේට්ටුවත් රිමෝට් එකෙන් වැහුව. ඒ කරල හෑන්ඩ් බෑග් එකත් අතට අරන් මිස් වාහනෙන් බැස්සෙ, ලොකු හුස්මක් පිටකරමින්.


මමත් වාහනෙන් බැහැල මිස්ගෙ පස්සෙන් ගෙයි ඉස්සරහ දොර ගාවට යන අතරෙ, මිස් පොඩ්ඩක් හෙමින් මට කතා කලා.


"සකුන්... I'm so tired of this lifestyle..."


මිස් ඒ කිව්ව දේ අහල මට පුදුමත් හිතුන. ඒත් මම ඒ බවක් නොපෙන්වා මිස්ට කතා කලා.


"මොකක් හරි ප්‍රශ්නයක්ද මිස්... නැත්තං මහන්සිද...?"


"No... not like that... මට මේ ඒකාකාරි ජීවිතේ දැන් එපා වෙලා තියෙන්නෙ සකුන්... (බෑග් එකෙන් ගත්ත යතුරෙන් දොර අරින ගමන්) හැමදාම එකම වැඩ ටිකනෙ..."


මිස්ගෙ මූණත් කලින්ට වඩා අමුතු වෙලා. නිකං මැලවිලා ගිහින් වගේ.


මිස් මට මිස්ගෙ හිතේ තියෙන දෙයක් කිව්ව පළවෙනි පාර මේ...! මට ඒ ගැන සතුටු හිතුනත්, මිස් ගැන පොඩ්ඩක් දුක හිතුනා. ඇත්තටම, මිස් කිසිම විවේකයක් නැතුව හැම වෙලේම මොකක් හරි හිත හිත ඉන්න විදිහ දැක්ක නං, කාට උනත් මිස් ගැන දුක හිතෙනව.


"මිස් මට ලොකු දේවල් නං කරන්න තේරෙන්නෑ... ඒත් මිස් ආසයි නං මම අදත් මසාජ් එකක් දෙන්නං..."


මම ඒක කිව්ව හැටියෙම මැලවිලා තිබ්බ මිස්ගෙ මූණට පුංචි හිනාවක් ආරෝපණය උනා.


"ම්ම්ම්ම්ම්ම්ම්... I knew I can count on you...(හීල්ස් දෙක ගලවල ගෙට ඇතුළ් වෙමින්) වොශ් එකක් දාගෙන මගෙ කාමරේට එන්නකො එහෙනං... පැය බාගෙකින් විතර..."


"හරී... මම එන්නං මිස්..."


මිස් කට කොණින් හිනාවක් දාගෙන මගෙ දිහා බලල, පඩිපෙල නැගගෙන උඩට ගියා.


ආසාව වැඩි කමටම මමත් ඉක්මනට වොශ් එකක් දාගෙන ඇවිත් ශෝටකට බැස්සා. ඒ ටික කරගන්න විනාඩි පහළොවකට වඩා යන්නැතුව ඇති.


ඊළඟට අමාරුම වැඩේ උනේ පැය බාගෙ ගෙවිල යනකං බලන් ඉන්න එක. මම ඇවිද ඇවිද ෆෝන් එක ඔබ ඔබ යන්තම් පැය බාගයක් ගෙවුන ගමන්ම, පඩිපෙල දිගේ දුවගෙන උඩට ගියා.


මිස්ගෙ කාමරේ දොර වහල තිබ්බෙ ඒත්. මම දොරට තට්ටුවක් දාලා මිස්ට කතා කලේ නොඉවසිල්ලෙන්. ඒක මගෙ කටහඬින්ම මිස්ට තේරෙන්න ඇති.


"මි... මිස් පැය බාගෙ ගියා... මම එන්නද මිස්... දොර වහල නිසා බැලුවෙ... මිස්..."


"Come inside..."


ඇතුළෙන් මිස්ගෙ විධානය ඇහුන හැටියෙම මම දොර ඇරගෙන කාමරේට ගියා. කලින් දවසෙ ආවෙ රාත්‍රියක නිසා මට ඒ කාමරේ හරියට බලාගන්නත් බැරි උනානෙ...


දැන් කාමරේ හැමදේම පැහැදිලිව පෙනුනත්, බලන්න ගොඩක් දේවල් තිබුන උනත්, මගෙ ඇහැ ගියෙ කාමරේ මැද තිබුන ඇඳ උඩ වැතිරිලා හිටපු මිස්ගෙ ශරීරය දිහාට විතරයි.


මිස්ගෙ ඇඟේ එවෙලෙ තිබ්බෙ රෝස පාටින් ලයිනින් කරපු සුදු පාට හොට්පෑන්ට් එකකුයි, ලා රෝස v-neck ටොප් එකකුයි විතරයි. එයා කොට්ටෙකට ඔලුව තියන්, කකුල් දෙක පටලවන් ඇඳ උඩ වැතිරිලයි හිටියෙ.


මට හිතෙන විදිහද පේන විදිහද මංදා, ඒත් දවසින් දවස මිස් අඳින ඇඳුම් වලට මිස්ගෙ ඇඟ පේන ගතිය වැඩි වෙනව වගේ.


"What are you waiting for... Come here..."


මිස් උස් හඬින් ඒක කිව්වෙ, මගෙ දිහා එක එල්ලේම බලාගෙනයි.


"එනවා මිස්... (ඇඳ ගාවට යන ගමන්) මේ... කකුල් නේද මිස්..."


ඊයෙ හවසත් මිස් මට සීමා මායිම් පනවපු නිසා මම ඒක ඇහුවෙ, පොඩ්ඩක් විතර බලාපොරොත්තු බිඳුනු ටෝන් එකකින්.


"(කට කොණින් පොඩි හිනාවක් දාලා) ඇයි... තමුන්ට කොහෙද මසාජ් කරන්න ඕනෙ... ම්ම්ම්ම්ම්..."


පිටතට නොපෙන්නුවට, දිනූශි මිස් ස්වභාවයෙන්ම කාමුක දේවල් වලට ආශා කරන කෙනෙක් බව මට තේරිලයි තිබ්බෙ. ඉතින් මම විතරක් මෙතන ලැජ්ජ වෙවී ඉඳල වැඩක් නැති නිසා, මම කටට ආව එක කියල දැම්මා.


"මම නං ආසයි මිස්ගෙ ඇඟම අතගාන්-... ආ... නෑ නෑ... ඇඟම මසාජ් කරන්න.. හී... ඒත් මිස් කීවනෙ ඊයෙ දණහිසෙන් උඩට යන්න එපා කියල... ඒකයි ඇහුවෙ..."


"ම්ම්ම්ම්... ගුඩ්... Then... Let's just say, this is the treat I promised you earlier.."


"ඇහ්... ඒ කිව්වෙ මිස්...?"


"මෝඩයො... එහෙම ලිමිට් එකක් නෑ දැන්... කැමති තැනක් මසාජ් කරන්න... I just want to feel good... I'm tired of all this shit..."


"ක... කමක් නැද්ද මිස්..."


මිස් මට කිසිම උත්තරයක් දුන්නෑ. ඒ වෙනුවට එයා කලේ, ඇඳ උඩ පටලගෙන හිටපු කකුල් දෙක පොඩ්ඩක් ඈත් කරල ඇස් පියාගත්ත එක විතරයි...


මතු සම්බන්ධයි...




කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තූතියි... නිර්නාමිකව අදහස් එවන අයටත් ස්තූතියි... කතාව ලියන්න ලොකු හයියක් ඒක...❤

Report Page