♡ මැඩම් ♡
අටවන කොටස

පෙර කොටසින්...
"ගුඩ් බෝයි... කියන දේ අහල කරන්න කිව්ව දේවල් එක පාරින්ම කලා නං ඊට වඩා දෙයක් ලැබෙන්න තිබ්බා... ඊළඟ පාර චාන්ස් එකක් දුන්නම, ඒක එක පාරින්ම කරනවා... මෝඩයෙක් නොවී... මම යනව දැන් නිදාගන්න... මේ ටික අස්පස් කරල දාලා, තමුනුත් දැන් නිදාගන්න. උදේ හයට එලාම් එක තියාගන්න. ගුඩ් නයිට්..."
"ඇහ්... ආ මේ... ගුඩ් නයිට් මිස්..."
මිස් ඇස් කොනින් මගෙ දිහා බලල සමච්ඡල් හිනාවක් දාගෙන මේසෙන් නැගිටල යන්න ගියා.
මොකක්ද මිස් ඒ අන්තිමට කිව්ව කතාව...?
'ඊළඟ පාර චාන්ස් එකක් දුන්නම, ඒක එක පාරින්ම කරනවා...'
ඇහ්...
එතැන් සිට...
සැඳෑ අඳුර ලොව.. ගලන වෙලාවට....
කවුළු පියන්පත්.. වැසෙන වෙලාවට....
හම්මා... මානව ශිෂ්ඨාචාරය පටන් ගත්ත දවසෙ ඉඳල මිනිහෙක් මේ වගේ සැපට නිදාගෙන නැතුව ඇති. කූල් ඒසී එකක, ඩබල් ලේයර් අඩි හයක මෙට්ටෙක, සද්ද බද්ද ඇහෙන්නැති නිස්කලංක පරිසරේක....
ම්ම්ම්ම්ම්.....
"ස.... න්.... ස..... කු...... ඇ... රෙ... වා..."
නිස්කලංක පරිසරේ අස්සෙන් මොකක්ද මංදා අමුතු සද්දයක් එනවා මගෙ නින්දට බාධා කරන. ඒත් කමක් නෑ... සද්ද නං කෝමත් එනවනෙ...
පටාස්......!
චිල් එකේ නිදන් ඉන්න අතරෙ, වැදුනා එකක් පස්සට කසේකින් ගැහුව වගේ. මම ඇස් දෙක ඇරල නැගිට්ටෙම ගහපු එකා මොකා උනත් හොඳ සිංහලෙන් කියල දෙනව කියල හිතාගෙන.
"තොගෙ අම්මට... (ඇඳ ගාව හිටන් හිටපු දිනූශි මිස් දිහා බලමින්) හො... හොදි බෙදන්නද මිස් ඇවිල්ල... උදේට කාලද දන්නෑ එයාලා නේ... හෙ හෙ..."
මම ඇඳෙන් නැගිටල ආව ගැම්මටම මිස් ගාවින් හිටගෙන, කියන්න කටට ආපු සිංහල වාග් මාලාව යන්තන් වෙන ඩිරෙක්ශන් එකක යැව්වා. මිසා මල පැනගෙන ඇස් දෙකත් ලොකු කරන් මට කෑගැහුව.
"What the fuck are you doing... මම තමුන්ට කිව්වෙ හය වෙනකොට එලාම් තියාගෙන නැගිටින්න කියල නේද... දැන් අටට කාලයි වෙලාව... කියන දෙයක් කරන්න තේරෙන්නැත්තං, මේක දාලා යනවා මම අස් කරල දාන්න කලින්..."
"සො... සොරි මිස්... නි... නින්ද යන්නැති පොඩ්ඩක්... මෙ... මේ මගෙ ෆෝන් එකත් පොඩ්ඩක් පරණයි මිස්... එ... ඒකෙ හිටිගමන් සද්දෙ ඇහෙන්නෑ ඒක වෙන්නැති..."
"නින්ද ගියා කියල මම දන්නව මෝඩයො... දැන් ඉක්මනට වොශ් එකක් දාගෙන එනවා... මගෙ ශෙඩූල් ඔක්කොම ඉවරයි අද... (අනික් පැත්ත හැරිල එලියට යන ගමන්) විනාඩි පහළොවයි බලන්නෙ මම. ශෝට් එකකුයි කමිසෙකුයි දාගෙන ඉස්සරහට එනවා. ඒ වෙලාවට එන්න බැරි නං ඔය ඔක්කොම පැක් කරගෙන ආයෙ ගෙදර යන්න ලෑස්ති වෙනවා..."
මිස් ඒක කියාගෙන එළියට ගියාට පස්සෙ, මම තත්පර දහයක් විතර එහෙමම ගල් වෙලා හිටියා. වෙච්ච දේවල් ප්‍රොසෙස් වෙන්න පොඩ්ඩක් වෙලා යනවනෙ. නින්දෙන් ඇහැරිච්ච ගමන්මනෙ.
තත්පර කීපයක් ඇතුලෙ ඒ වෙච්ච හැමදේම මොලෙන් ග්‍රහණය කරගෙන තත්වෙ තේරුම් ගත්ත ගමන්, මම පට ගාලා මූණ කට හෝදගෙන ලෑස්ති වෙන්න පටන් ගත්තා.
ඩෙඩ්ලයින් එක දීල තිබ්බෙ විනාඩි පහළොවකට උනාට, මගේ මූණ හෙදිල්ලෙ තරම නිසා විනාඩි හත අටක් යන්නත් කලින්ම මම රෙඩි උනා.
දිනූශි මිස් හිටියෙ එලියෙ වැරෙන්ඩ එකේ. ඉස්සරහ දොර ඇරගෙන එළියට ගියාම තමා මම සිද්දිය දැක්කෙ.
දිනූශි මිස් රෝස පාට ස්පෝට්ස් බ්‍රා එකකුයි, ඒ පාටින්ම කොටම කොට ටයිඩ් ශෝට් එකකුයි ඇඳගෙන වෝම් අප් එක්සයිස් එකක් කර කර හිටියෙ. සපත්තු එහෙමත් දාලා. එයා මට පිටුපාලා හිටපු නිසා මම ආව බවක් දැක්කෙ නැද්ද කොහෙද.
මිස් දැන් ඇඳන් ඉන්නෙ ඊයෙටත් වඩා ඇඟ පේන විදිහට උනත්, මට ඒක ලොකුවටම අලුත් දෙයක් උනේ නෑ. ඒ, ඊයෙ මම ගොඩක් දේවල් දැක්ක නිසා වෙන්නැති. මට අලුත් දේකට කියල බලන්න තිබ්බෙ, මිස් නැවෙන නැවෙන වාරයක් පාසාම, එයාගෙ ටයිඩ් ශෝට් එකට බේරිලා පේන පස්ස විතරයි.
මට ඇත්තටම හිතාගන්න බෑ සමාජෙට බැස්සම ඉන්න ගෑණිමද මේ ඉන්නෙ කියල. මොකද මම ඉන්ටනෙට් එකෙන් දැකපු, සෝශල් මීඩියා වල දැකපු හැම පොටෝ එකකම වගේ දිනූශි මිස් කිසිම රිවීලින් ක්ලෝත් එකක් ඇඳගෙන හිටියෙ නෑ. මාර ජෙනුයින් විදිහට ෆුල් ඩීසන් සූට් ඇඳන් හිටියෙ.
ඒත් ගෙදරදි, මිස් අඳින්නෙ පුදුම විදිහට බාහිරට නිරාවරණය වෙන ඇඳුම් කෑලි. තනියම ඉන්නකොට නං කමක් නෑ. ඒ උනත් මම ඉන්නව කියලවත් ඒක වෙනස් කරගන්නෑ. මිස්ගෙ පර්සනල් දේවල් මට ගැටළුවක් නොවුනත්, මිස් තැන් දෙකකදි දෙවිදිහකට හැසිරෙන එක ගැන හිතාගන්න බැරි උනා. සමහරවිට ඒක වෙන්න ඇති හරිම දේ. හැම තැනකදිම එකම විදිහකට ඉන්නවට වඩා උචිතයි නෙ අදාළ තැනදි අදාළ විදිහට ඉන්න එක.
මම සද්ද බද්ද නොකර ඉස්සරහ දොර ගාවට වෙලා බලන් හිටියා මිස් දිහා. ඇත්තටම මට බැලුනෙ වෙන මුකුත් දිහා නෙවෙයි; මිස්ගෙ පස්ස දිහා.
ටිකක් වෙලා ඔහොම ඉන්නකොට, මිස් එයාගෙ ව්‍යායාමෙ නවත්තල මගෙ දිහාට හැරිල මට කතා කලා.
"ගුඩ් බෝයි... අන්න එහෙම මම වැඩක ඉන්න වෙලාවක, ඒ වැඩේට බාධා නොකර මම ඒක ඉවර වෙනකං ඉන්න ඕනෙ... තේරුනානෙ..."
ඇහ්... ඒ කියන්නෙ මිස් දැකලද මම එනව..? මම සතා වගේ මිස් දිහා බලන බව දැනගෙනම එයා දැක්කෙ නෑ වගේ ඉන්නැති.
"ආහ් හ... හරි මිස්... මේ... මට ඇයි එන්න කිව්වෙ මිස්... ශෝටකුත් ඇඳගන්න කිව්වෙ..?"
"ස්පෝර්ස් ශූස් නෑනෙ නේද? දැනට සෙරෙප්පු දෙකක් දාගෙන මගෙ පිටිපස්සෙන් එන්න... මම නැවතුනොත් ඇරෙන්න කොහෙවත් නවතින්න බෑ... වැටි වැටි හරි එන්න ඕනෙ..."
"ඇහ්... මට තේරුන්නෑ මිස්..."
"We are going for a jog... So hurry up..."
ඇහ්... අපි...? යකෝ මම කොයි වෙලාවෙද ඒකට එකඟ උනේ...
මොනව කරන්නද. රස්සාවක් හොයන්නෙ ආවෙ. දැන් දුවපංකො ඉතින්.
මිස් මම ලෑස්ති වෙනකං බලන් හිටපු නිසා, මම ඉක්මනට සෙරෙප්පු දෙකත් දාගෙන මිසා ගාවට ගියා.
දිනූශි මිස් ඊට පස්සෙ මට පස්සෙන් එන්න කියල, පොඩි ගේට්ටුවෙන් එළියට ගිහින් දුවන්න ගත්තා. ජොගින් කරනව කිව්වට ඇත්තටම මිසා මැරතන් එකක් දුවන්නෙ.
සෙරෙප්පු එක්ක දුවන එක සෙට් නැතත්, මම මිස්ගෙ පිටිපස්සෙන් ආව සේප් එකේ. මට නොනැවතී දුවන්න හම්බුනු එකම උත්තේජනය තමයි, දුවද්දි ඒ මේ අත වැනුනු හෙලවුනු මිස්ගෙ පස්ස.
බුහා හා හා...
මේ පිස්ටන් දෙක ෆලෝ කරගෙන අපායට උනත් දිව්වෑකි.
මිස් දුවගෙන ගියේ අපි ඊයෙ වාහනේ ආව පටු පාර දිගේ. ඒත් දිගටම ගිහින් මේන් රෝඩ් එකට වැටෙන්න කලින් මිස් එක පාරටම දකුණට හැරිල තව පොඩි අඩිපාරක දුවන්න ගත්තා.
අපි මේ දුවන ඒරියා එකේ, එක ගෙයක්වත් තිබ්බෙ නෑ. මම මුලින් හිතුවෙ මිස් වෙන කාගෙ හරි වත්තක මේ දුවනව කියල. ඒත් එහෙම පාටක් පේන්න නෑ. මම හේතුවක් නං දන්නෑ, හැබැයි ටවුන් එකක් කිට්ටුව තියෙන්න බැරි විදිහෙ පාලු පැත්තක් ඒක.
විනාඩි පහකට විතර පස්සෙ, මිස් ආපහු දකුණු පැත්තට හැරිල වෙන පාරක යනකොට මට තේරුනා අපි මේ දුවන්නෙ ලොකු කොටුවක කියල. හිතුව වගේම, තව ටික වෙලාවකින් මිස් ආයෙම දකුණු පැත්තට හැරුනා.
ඔය විදිහට ඊළඟ විනාඩි 40-45ම විතර මම කලේ, දිනූශි මිස් පස්සෙන් දුවපු එක. ඒ මුලු වෙලාවෙම මිස් තුන් පාරයි නැවතුනේ. විනාඩියක් විතර රෙස්ට් කරල, මිස් ආයෙ දුවන්න ගත්තා.
රන් එක ඉවර වෙලා අපි ආපහු ගෙදර වත්ත ඇතුළට ආව ගමන්ම, මම තණකොල කාගෙන මිදුලෙ වැතිරුනා. පෙර සූදානමක් නැතුව එක පාරටම මෙහෙම රන් එකක් ගිය නිසාද කොහෙද, මට පොඩ්ඩක් හුස්ම ගන්නත් අමාරු උනා.
ඒත් දිනූශි මිස් නං කිසිම ගානක් නැතුව, ආපහු කූලින් එක්සයිස් ටිකකුත් කලා. එයා මට කතා කලේ ඒ වැඩෙත් ඉවර උනාට පස්සෙයි.
"මීට පස්සෙ හැම සතියකටම දවසක් ඔය විදිහට යන්න වෙනව... ඒ නිසා දැන්ම පුරුදු වෙන්න... තේරුනානෙ..."
"හහ්... හා මිස්... අම්මෝ... මිස්ට මාන්සි නැද්ද... මට නං පාන් කියාගන්න බෑ..."
"(කට කොණින් හිනා වෙමින්) පොඩ්ඩක් දුවල පැනල පුරුදු වෙන්න වෙයි... ඔහොම නං බැහැ මගෙ ඇසිස්ටන්ට් වෙන්න... දැන් ඇතුළට ගිහින් වොශ් එකක් දාගෙන එන්න... බ්‍රෙක්ෆස්ට් එක ගේනවා නවයට, ඒක අරගන්න ගේට් එකෙන්. මමත් වොශ් එකක් දාගෙන එන්නං..."
"ඇහ්... ආහ්... හා මිස්... මම දාගන්නං... වොශ් එකක්... ආ... මිස් මේ..."
වොශ් දානව තියා මට ගේ ඇතුළට යන්නවත් පණ නැතුව ඉන්නෙ.
"Yes... What...?"
"ඇයි මිස් මේ හරියෙ ගෙවල් මුකුත් නැත්තෙ... නිකං පාලුවට ගිහිල්ලනෙ... මෙහෙ මොනා හරි වාස්තු දෝසයක් තියෙනවද...?"
"You mean... the area around us..?"
"ඔව් මිස්... අපි දැන් ඔය දිව්වෙ..."
"මේ වටේම තියෙන land ටික මම අරන් තියෙන්නෙ. මට නිස්කලංකව ජීවත් වෙන්න ඕනෙ. සහ ප්‍රයිවසි එකක් තියාගන්න ඕනෙ නිසා."
ටසිරි...!
මම හිතන් හිටියෙ මිස්ට අයිති මේ පොඩි වතු කෑල්ල විතරයි කියල. බැලින්නං, තාප්පෙ ගේ ළඟින් ගහල තිබ්බට මේ මුලු ඒරියා එකම මිස්ගෙ වත්ත.
"Now go... Wash up...!"
දිනූශි මිස් අවවාදාත්මක ස්වරයකින් මට ඒක කියල, ගේ ඇතුළට ගියා. මට නං ඕනෙ උනේ තව ටික වෙලාවක් මේ විදිහටම තණකොල ටික බදාගෙන වැටිල ඉන්න.
ඒ උනාට පරක්කු උනොත් එහෙම මෙයා මාව කන්න හදන බව දන්න හින්දා, මම දඬි පඬි ගාලා නැගිටල ගෙට ගිහින් වොශ් එකක් දාගත්තා. ඔක්කොම වැඩ ඉවර කරල, නවය වෙද්දිම මම ගේට් එක ගාවට ගියා. ගිහිල්ල විනාඩි දෙක තුනක් යන්නත් කලින්, ඊයෙ හවස ආව පොරම ඇවිල්ල පාර්සල් එකක් දීල යන්න ගියා.
අදත් මම ඌ එක්ක ටෝකක් දාන්න හැදුවත්, ඌ කරබාගෙන යන්න ගියා මිසක් වචනයක්වත් කතා කලේ නෑ. ඌ එක්ක කතාවක් පටන් ගන්න හදනවට වඩා ලේසී හරකෙක්ට ගුරුත්වාකර්ෂණ නියමය කියල දෙනව.
මම කෑම එකත් අරන් ගෙට ඇවිත්, පඩිපෙල ගාවට වෙලා මිස්ට කතා කලා.
"මිස් කෑම එක ආවා... දැන්ම කනවද...?"
"(උඩ තට්ටුවෙ ඉඳන්) ඩයිනින් රූම් එක හදල තියන්න... මම එනවා..."
"හරී මිස්..."
මිසා ඊයෙ රෑ කිව්ව විදිහට මම හැඳි පිඟන් වතුර සේරම ටික මේසෙන් ලෑස්ති කරල තිබ්බා. ටිකකින් දිනූශි මිස් කෑම කාමරේට ආවෙ, ඊයෙ රෑ වගේම ශෝට් එකකුයි ටොප් එකකුයි ඇඳගෙනයි. එයා ආව ගමන්ම කෑම මේසෙ දිහා බලල "ගුඩ් බෝයි..." කිව්වට පස්සෙ, මට අවංකම පොඩි ආඩම්බරයක් දැනුන.
පැය බාගෙකින් විතර අපි කාලා ඉවර උනාට පස්සෙ, මිස් සාලෙට ගියා. කෑම මේසෙ අස් කරල දාල මමත් සාලෙට යනකොට, මිස් සෝෆා එකේ වාඩි වෙලා ඉන්නව කකුල් දෙකත් උඩට අරන්. මිස් ඔලුව උඩට හරවන් ඇස් දෙකත් වහගෙන සෝෆා එකට බර වෙලයි හිටියෙ.
නිකං... මහන්සියෙන් ඉන්නව වගේ...!
"මිස්... මොකක් හරි ප්‍රශ්නයක්ද..?"
මගෙ සද්දෙට මිස් ඇස් දෙක ඇරල බලල මට කතා කලා.
"සකුන්..."
"කියන්න මිස්..."
"Can you give me a foot massage... if you can... please...!"
ඇහ්... කකුල මසාජ් කරන්නලු..? මිසා ඊයෙ හැන්දෑවෙ වගේ ගේමක් දෙන්නද හදන්නෙ මට... නැත්තං මිස් අර කිව්ව 'ඊළඟ චාන්ස් එක' ද මේ...
"ඕන්නං කරන්නං මිස්... දැන් නේද..?"
"ඔව්.... පුලුවන් නං විතරක්..."
"අයියෝ කරන්නං... හැබැයි මට හරියටම නං තේරෙන්නෑ... ලාවට වගේ තමා පුලුවන්.."
"It's ok... come here... and sit.."
මිස් සෝෆා එකේ කෙලවරකට ගිහින්, මට අනිත් කෙලවරින් වාඩි වෙන්න ඉඟි කලා.
මම ගිහින් ඒ පෙන්නපු තැනින් වාඩි උනාට පස්සෙ, මිස් කකුල් දෙකම මගෙ පැත්තට දික් කරල යන්තමට උඩට උස්සන් හිටියා. මිස් ඒකෙන් අදහස් කරපු දේ තේරුම් ගත්ත මම, මිස්ගෙ කකුල් දෙකෙන්ම අල්ලගෙන මගෙ උකුලෙන් තියන් හිමින් සැරේ මසාජ් කලා.
මිස්ගෙ කකුල් නිකං වාත්තු කරල වගේ වගේ. එක රැල්ලක් නෑ. එක පැල්ලමක් නෑ කකුලෙ. හෙන සිනිඳුයි. මිස් වොශ් දාලා ආව ගමන්ම නිසාද මංදා, කකුලෙනුත් අමුතු සබන් සුවඳක් එනව.
මම කකුල් දෙක මසාජ් කරන අතරතුරේ, මිස් සෝෆාවෙ ඇන්දට හාන්සි වෙලා ඇස් දෙක පියාගෙනම හිටියා. එයා වචනයක්වත් කතා කලේවත් ඇස් ඇරල මම කරන වැඩේ දිහා බැලුවෙවත් නෑ.
විනාඩි කීපයක් නිශ්ශබ්දවම පහු උනාට පස්සෙයි, මිස් ඇස් ඇරල මට කතා කලේ.
"සකුන්... Do you know...?"
"මොකක්ද මිස්..."
"මම ආස නෑ වෙන කිසිම කෙනෙක් මාව ටච් කරනවට..."
ඇහ්... පට්ට බොරුවක්නෙ ඒ කිව්වෙ...? එතකොට මම මේ මසාජ් කරන්නෙ බ්ලූටූත් වලින්ද. මෙයා මට මේ බයින්නද හදන්නෙ?
හදිසියෙම ඇති උන සැකය නිසා මම වැඩේ නවත්තන්න හැදුවත්, මිස් ඔලුව දෙපැත්තට වනල නවත්තන්න එපා කියල ඉඟි කලා.
"එ... ඒ කිව්වෙ මිස්..."
"මම හොඳ මසාජ් එකකට ආස උනත්, මම ආස නෑ ඔය ස්පා වල ඉන්න ඩර්ටි අය මාව අල්ලනවට. සකුන්ට හොඳට පුලුවන්නෙ ඒ වැඩේ... (සැකෙන් වගේ නලල රැලි කරමින්) මීට කලින් ඒ වගේ තැනක වැඩ කරල තියෙනවද?"
"අනේ නෑ මිස්... ගිය අවුරුද්දෙ අම්මා කකුල පෙරගත්තා. ඉතින් මම තමා තෙල් බේත් ගාලා කකුල තැව්වේ, මසාජ් කලේ සේරම..."
"ඕහ්... I see... සකුන්ට කරදරයක් නෙවෙයි නං... මම ආයෙ ඉල්ලුවම මට මසාජ් එකක් දෙන්න පුලුවන්ද... I'll pay you for every turn..."
"අයියෝ කියන්න මිස් ඕනෙ වෙලාවක... සල්ලි නං නැතත් කමක් නෑ... තිබ්බත් කමක් නෑ ඉතින්..."
"(සිනාසෙමින්) Idiot... Do it a bit more... ok..?"
"හරී..."
සල්ලි නං ඕනෙත් නෑ මේ සුදු කකුල් දෙක මේම අල්ලල මිරිකන්න හම්බෙනව නං. මම මේ මුලු වෙලාවෙම බැලුවෙ මිස්ගෙ කොට්න් මිනි ශෝට අස්සෙන් මොනව හරි පෙනෙයිද කියල. ඒ උනාට මිස් කකුලක් උඩ කකුලක් දාන් ඉන්න නිසා මට කිසිම වාසනාවක් සෙට් උනේ නෑ.
තවත් විනාඩි පහකින් විතර, මිස් කකුල් දෙක පහළට අරන් නැගිට්ටා.
"දැන් ඇති... සකුන් තියෙන වැඩක් කරගන්න... මම කතා කලොත් විතරක් උඩට එන්න... ගෙදර ඉන්න දවසට මම නං ලන්ච් එක ගන්නෑ... සකුන්ට ඕනි නං මම මොනව හරි ඕඩර් කරන්නං."
"ආ... එපා මිස්. මටත් එහෙම ලොකුවට ඕනෙ වෙන්නෑ. රෑටම කමු... කෝමත් හවස් වෙද්දිම හම්බෙනවනෙ"
"ගුඩ්... එහෙනං සද්ද බද්ද නොකර ඉන්න."
"හරි මිස්..."
මිසා පඩිපෙල ගාවට ගිහින්, ඒක නැගගෙන උඩට යන අතරෙ මම මගෙ කාමරේට ඇවිල්ල ඇඳට වැටුනා.
දුවපු එකේ තෙහෙට්ටුවටද මංදා, ඇඳෙන් ඇල වෙලා පොඩ්ඩ වෙලාවක් යන්නත් කලින් මට ඇහැ පියවුනා.
_____________
මම ඇහැරෙනකොට හවස තුනත් පහුවෙලා...
නිදන් ඉන්න අතරෙ දිනූශි මිස් කතා කලාද දන්නෑ කියන සිතුවිල්ලට, මම ඉක්මනට කාමරෙන් එලියට ඇවිත් පඩිපෙල ගාවට යන්න හැදුව.
ඒත් මම කාමරෙන් එළියට එනකොටම, දිනූශි මිස් සාලෙ සෝෆා එකේ වාඩි වෙලා ඉන්නව දැකල මං කාමරේ ගාවම නැවතුනා. එයා කකුල් දෙක උඩට අරන්, ලැප් එකකුත් ඔඩොක්කුවෙන් තියන් මොකක්ද වැඩක හිටියෙ.
මම කාමරෙන් එළියට එනව ඇහිල, මිස් ඔලුව උස්සල මගෙ දිහා බැලුව.
"ආ... ඇහැරුනාද... මම හිතුව අද ඇහැරෙන එකක් නෑ කියල..."
"හෙ හෙ... මාන්සියට නින්ද ගියා මිස්... මේ... මිස් ඇයි මෙතන... මිස් මට කතා කලාද..."
"කතා නං කලා. උත්තර දෙන්නැති පාර ඇවිල්ල බලනකොට තමුන් හීනෙන් කෙඳිරි ගානව ඇහුන. මම බයට පහළින් හිටියෙ. හදිස්සියක්ද දන්නැති නිසා. ඒ පොඩ්ඩ දුර දුවල ඔච්චර මහන්සිද?"
මම කෙඳිරිත් ගාලද... ඩෑම්න්...
"හුඟ කාලෙකින් මිස් එහෙම දිව්වෙ... ඒ නිසා වෙන්න ඇති..."
"ඒකට කමක් නෑ, ඊළඟ දවසෙ ඉඳන් අඩු ඩිස්ටන්ට් එකකින් පටන් ගමු එහෙමනං. (ලැප් එකත් අරන් නැගිටින ගමන්) මම එහෙනං උඩට යන්නං. අමාරුවක් මුකුත් තිබ්බොත් කියන්න මට..."
"අහ්... මේ... මිස් ඉන්න ඕන්නං ඔතනින්... හෙ හෙ... මටත් පාලුයිනෙ..."
මම ඒක කිව්ව හැටියෙම මිස් මගෙ මූණ දිහා බලල අමුතුවට හිනා වෙලා ආයෙම වාඩි උනා. ඒත් මිස් කකුල් දෙක උඩට ගන්නැතුව මට කතා කලා.
"ම්ම්ම්ම්ම්... Fine... Then, can you do that for me again... while I'm working...? It's so relaxing..."
"ආහ්... මසාජ් එකක්ද මිස්..."
"Yes... can you...?"
"දෙන්නං මිස්..."
මම උඩ පැනගෙන ගිහින් සෝෆා එකෙන් වාඩි වෙන්න හැදුවත්, මිසා මාව නැවැත්තුව.
"එහෙම හිටියම මට වැඩ කරන්න බෑනෙ... (කට කොණින් සමච්චල් හිනාවක් දමමින්) මෙතන සෝෆාව ගාවින් බිමින් වාඩි වෙන්නකො... එතකොට හරි..."
"හරී..."
එවෙලෙ මමත් මිසාගෙ සුදු කකුල් දෙක අල්ලන්න තිබ්බ කෑදරකමට, වෙන මුකුත්ම හිතන්නැතුව වැඩේට එකඟ උනා.
මම සෝෆාව ගාවින්ම බිමින් වාඩි උනාට පස්සෙ, මිස් කකුල් දෙක මගෙ උකුලෙන් තියල, සම්පූර්ණ බරම මට දුන්නා.
"පොඩ්ඩක් කලින්ට වඩා රෆ් (rough) විදිහට කරන්න..."
"හරි මිස්..."
ඉබ්බ දියේ දැම්මම මාරපන ගියා වගේ කිව්වලු. හම්බුනු පොට්ට චාන්ස් එකෙන් උපරිම ඵල නෙලාගන්න ඕනෙ හන්ද මම හොඳට ඒ පිරුණු කකුල් දෙක මිරික මිරික අතගෑව.
ටෙස්ටින් පාරක් දාන්න කියල හිතාගෙන, මම අත් දෙක හිමින් හිමින් උඩට අරන් ආව මසාජ් කරගෙනම. මිස් ඒත් මුකුත් කිව්වෙ නෑ මට. දණහිස ගාවට වෙනකංම ඔය විදිහට ඇවිල්ල, ඊට උඩට යන්න හදපු ගමන් මිස් හෙමින්, ඒත් සැරෙන් කතා කලා මට.
"Don't go that far boy... පස්සෙ දවසක හම්බෙනකං, ඔතනින් එහාට යන්නැතුව ඉන්න..."
මට ලැජ්ජ හිතුනත්, මිස් ඒක කිව්ව විදිහට ආසාවක් ඇති උනා.
"හී... හරි මිස්..."
"ගුඩ් බෝයි..."
මිස් මගෙ ඔලුවට තට්ටුවක් දාලා ආයෙ එයාගෙ වැඩේ කරන්න ගත්තා.
පිටට නොපෙන්වුවත්, හිතට අවබෝධ නොවුනත්, දිනූශි මිස්ගෙත් මගෙත් අමුතු සම්බන්ධයේ ආරම්භය, ඒ පුංචි සිදුවීම බව එදා මට හිතුන්නෑ...!
මතු සම්බන්ධයි...!
කමෙන්ට් කරන අයට ගොඩක් ස්තූතියි... anonymous comment වලට භාවිත කරන mini app එකේ ලින්ක් එක කතාවෙ ප්‍රධාන පිටුවට ඇතුළත් කරල තියෙන්නෙ. 'සියලුම කොටස්' බට්න් එක හරහා ඒ පිටුවට ඇතුළ් වෙන්න පුලුවන්.