♡ මැඩම් ♡

♡ මැඩම් ♡


හයවන කොටස

පෙර කොටසින්...


මිස්ගෙ ගෙවල් පිළියන්දල කියල කිව්වට, මේන් රෝඩ් එකෙන් ගොඩක් ඇතුළෙ මිස්ගෙ ගේ තිබ්බෙ. ටවුන් ඒරියා එකේ නෙවෙයි.


අපි මේන් රෝඩ් එකෙන් හරවල පොඩි ඇතුල් පාරක විනාඩි දහයක් විතර ආවට පස්සෙ, ඒ පාර ඉවර උනේ ලොකු සුදු පාට තාප්පයක් බැඳල තිබ්බ ගෙදරකින්.


ගෙයක්...? ගෙයක් කියන්නත් බෑ... ඒක මාලිගාවක්...!


[සියලුම කොටස්]



එතැන් සිට...


පාර ඉවරවෙනකොටම තිබ්බෙ උස ගේට්ටුවක්. අර උඩට රෝල් වෙන ජාතියෙ එකක්. රිමෝට් එකකින් අරින්න ඇත්තෙ. ඊට එහා පැත්තෙන් තව පොඩි ගේට්ටුවක් තිබ්බා මිනිස්සුන්ට යන්න හදපු.


හිතුව වගේම මිස් වාහනේ නවත්තනවත් එක්කම, ඒ ගේට්ටුව ඔටෝමැටිකලි ඇරුනා. වාහනේට යන්න පුලුවන් ගානට ගේට්ටුව ඉස්සුන ගමන්ම, මිස් කැබ් එක ඉස්සරහට අරන් ගිහින් වත්තට දැම්මා. මාත් ඒ පිටිපස්සෙන් ඇවිත් මිස්ගෙ කැබ් එක ගාවින්ම බයික් එක නවත්තල බැහැල, හෙල්මට් එක පිටින්ම බලන් හිටියා.


අර ඇරුන ගේට්ටුව, එහෙමම ආයෙ පහළට ඇවිත් වැහිල ගියා ඔටෝම.


මිස් වාහනෙන් බහිනකං, මම පොඩ්ඩක් මගෙ රේඩාර් එක ඔන් කරගෙන වටපිට බැලුවා. ගෙයි ලොකුවට තිබ්බට, ගෙට සාපේක්ෂව වත්ත පොඩ්ඩක් පොඩී වගේ. මොකද මිදුලෙ උනත්, මිස්ගෙ කැබ් එක නැවැත්තුවම තිබ්බ පොඩි ඉඩ ඇහිරිලා යනව.


ගේ වටේට තියෙන සුදු පාට තාප්පෙ සාමාන්‍යෙන් අඩි අටක් විතර උසයි. මිදුල පුරාම හීනි තණකොල ජාතියක් වවල. ගේට්ටුව ගාව ඉඳල ගෙදර වැරෙන්ඩා එකට යනකංම පාර දිගට ගල් අල්ලල. මහ ලොකුවට ගහක් කොලක් තිබ්බෙ නෑ වත්තෙ. යන්තමට වේලිලා ගිය රෝස පාත්තියක් නං තිබ්බා ගේට්ටුව ගාවම. වෙන කියන්න තරන් දෙයක් නෑ ඒ වත්තෙ.


ගෙදර නං ලොකුයි. නවීන පන්නෙට හදපු, උඩ තට්ටුවෙ සාලෙට ග්ලාස් වෝල් එහෙම ගහපු තට්ටු දෙකේ ලොකු ගෙදරක් ඒක. එලියෙ ඉඳන් බලලම කිව්වෑකි ලොවෙත් මේ ගෙදර නං කාමර පහක් වත් තියෙනව කියල.


ගේ ඇරෙන්න, ඒ බිම් කෑල්ලෙ වෙන කිසිම දෙයක් නෑ ඇත්තටම. සමහරවිට ඒක නිසා වෙන්නැති ගේ ලොකුවට පේන්නෙ.


"සකුන්... ඔයාගෙ බෑග් එක ගන්න..."


මම අවට වටපිටාව විශ්ලේෂණය කරන අතරෙ, මිස් වාහනෙන් බැස්සා එහෙම කියාගෙන.


"එනවා මිස්..."


මම ඩිකියෙන් මගෙ සූට් කේස් එක අරගෙන, හෙල්මට් එකත් ගලවල අනිත් අතට ගත්තා.


"ඇතුළට යමු... Come with me..."


"හරි මිස්..."


මම මුලින් හිතන් හිටියෙ දිනූශි මිස්ගෙ වත්කම් වල හැටියට, එයා ගෙදරට එනකොටම නටල ගයල පිළිගන්න හෙන සර්වන්ට්ල සෙට් එකක් හිටීවි කියල. ඒ උනාට මට තේරුන විදිහට නං ගෙදර වෙන කවුරුත්ම හිටියෙ නෑ.


මගෙ සැකේ තහවුරු කරමින්, දිනූශි මිස් ගෙයි ඉස්සරහ දොර ගාවට ගිහිල්ල, බෑග් එකෙන් ගත්ත යතුරක් අරන් දොර ඇරියා.


"ශූස් ගලවල එන්න... ඔය සූට් කේස් එකත් පිහිදාලා ඇතුළට යන්න... හැම තැනම බිම දාන් ඇදන් යනව ඒක..."


දිනූශි මිස් එයාගෙ හීල්ස් දෙක ගලවන ගමන් සැරෙන් වගේ ඒක කිව්ව පාර මම ගැස්සිලා ගියා.


"හ... හරි මිස්... මම පිහිදන් ඇතුළට ගන්නං..."


මිසා එයාගෙ සෙරෙප්පු දෙක ගලවල අතට අරන් ඇතුළට ගියාට පස්සෙ මාත් මගෙ සපත්තු දෙක ගලවල, ලේන්සුවෙන් සූට් කේස් එකේ අඩියත් පිහිදල, මේස් පිටින් ගේ ඇතුළට ගියා.


හම්මේ කූල් එක...!


ගේම ඒසී කරල. බිමට රෝස තිරිවාන ඩිසයින් එකක ටයිල් අල්ලල තිබ්බෙ. ඉස්සරහ දොරින් ඇතුළ් වෙනකොටම ලොකු සාලයක් තියෙනව. සාලෙන් කාමර දෙකකට යන්න පුලුවන්. සහ ගෙයි පිටිපස්සට යන්න, සාලෙ එහා පැත්තෙ කෙලවරේ කොරිඩෝවක් තියෙනව. දොර ගාවින්ම දකුණු අත පැත්තෙ පඩිපෙලක් තිබ්බා; ලස්සන කැටයම් දාපු ලී වැටක් එක්ක.


කොච්චර ලස්සනට තිබ්බත් මේ වගේ සල්ලිකාරයෙක්ගෙ ගෙදරක අනිවාර්යෙන්ම තියෙයි කියල හිතපු ගොඩක් දේවල් මම දැක්කෙ නෑ.


ටීවි එකක්, බෆල් සෙට් එකක්, මල් පෝච්චි, සෝෆා එකට අමතරව තියෙන පුටු සෙට් එකක්, ලක්ෂ ගනන් වටින පින්තූර, පිළිම, කොටින්ම සාලෙ බිත්ති ඔරලෝසුවක් වත් මම දැක්කෙ නෑ. ජනෙල් නං ලස්සනට කර්ටන් වලින් වහල තිබ්බා. ඒසි එකක් තිබ්බා සාලෙ. වෙන කියන්න තරන් දෙයක් නෑ.


"සකුන්... එන්න මෙහෙට... ඔයාගෙ කාමරේ මේක..."


දිනූශි මිස්, මම අර කිව්ව කාමර දෙකෙන් මුලින්ම තියෙන කාමරේ දොර ඇරන් එලියට එන ගමන් කිව්වා.


"ඇහ්... මිස්.... එතකොට මම ගේ ඇතුලෙන්ද ඉන්නෙ...?"


"ඇයි... වහලෙ උඩ ඉන්න හිතන්ද ආවෙ මෝඩයො..."


"අනේ නෑ නෑ... මම හිතුවෙ මට එලියෙන් කාමරයක් හම්බෙයි කියල..."


"You ARE weird... Just come here... Take your shoes with you..."


හෙල්මට් සපත්තු සේරම අතින් කටින් එල්ලන් යන්න බැරි නිසා, මම හෙල්මට් එක හිමීට බිමින් තියල, සපත්තු දෙකයි සූට් කේස් එකයි අරගෙන ගියා, මිස් ඒ කිව්ව කාමරේට.


මිසුත් ආයෙ මගෙ පිටිපස්සෙන් කාමරේ ඇතුළට ආව.


අඩි හතක විතර පත ඇඳක් තිබ්බා කාමරේ මැදම. ඒසී එකක් තිබ්බ ඇඳට උඩින්. පොඩි කණ්නාඩි මේසෙකුයි අඩි පහක විතර යකඩ කබඩ් එකකුයි, ඇඳට එහයින් තිබ්බා. කාමරේ ටයිල් කරල නෑ. ඒ වෙනුවට රෙදි කාපට් එකක් දාල තිබ්බෙ. කාමරේ දොරට කෙලින්ම ඉස්සරහ බිත්තියෙ උස ජනෙල් හතරක් තිබ්බා කර්ටන් වලින් වහපු.


"ඒසී එකේ රිමෝට් එකයි, කාමරේ යතුරයි ඔය ටේබල් එක උඩ තියෙනව. දෙකම පරිස්සම් ඇතුව අරන් තියාගන්න. කාමරේ නිතරම වහල තියාගන්න. සද්ද බද්ද අඩු කරගන්න. ඕනෙවට වැඩිය සද්ද බද්ද ආවොත්, ඇත්තටම ඉන්න වෙන්නෙ වහළෙ උඩ. තේරුනානෙ..."


"ඔ... ඔව් ඔව් මිස්... හම්ම් සද්දයක් නැතුව ඉන්නං මම..."


"ගුඩ්... වොශ්රූම් තියෙනව ලිවින් ඒරියා එක පහුකරන් කොරිඩෝව දිගේ කෙලින්ම ගියාම. ඊට කලින් පොඩි කිචන් එකකුත් තියෙනව. මම නං මුකුත් උයන්නෑ. සකුන්ට ඕන්නං ඒක යූස් කරන්න. ගැටළුවක් නෑ. ප්‍රශ්න මොනව හරි තියෙනවද?"


"අහ් මේ... මෙහෙ එතකොට වෙන කවුරුත් නැද්ද මිස්... මිස් විතරද මෙහෙ ඉන්නෙ... තනියම ඉන්න බය නැද්ද මිස්... කාව හරි තියාගත්ත නං හරිනෙ... අනික... මිස් ඉන්නෙ එහා කාමරේද... නැත්තං උඩ තට්ටුවෙද... මට උඩ තට්ටුවෙන් කාමරයක් දෙන්න බැයිද...?"


මට හම්බුනු කාමරේ දැකල සතුටට මම මිස්ගෙන් ප්‍රශ්න වැලක්ම අහන් ගියා.


"නෑ... ඔව්... නෑ... අවශ්‍ය නෑ... නෑ... ඔව්... කොහෙත්ම බැහැ..."


ඇහ්... මිසා මම ඇහුව ඒවට පිළිවෙලට උත්තර දීගෙන දීගෙන ගියා. හැබැයි මට නං ප්‍රශ්න අහපු පිලිවෙල තියා ඇහුවෙ මොනාද කියලවත් මතක නෑ.


"හෙ හෙ... හරි මිස්... වෙන ප්‍රශ්නයක් තිබ්බොත් මම මිස්ට කියන්නංකො... ආ... මිස් උයන්නෑ කිව්වෙ... එතකොට රෑට බඩගින්නෙද මිස් ඉන්නෙ..."


මටත් බඩගින්නෙ ඉන්න සෙට් වෙයිද දන්නෑ.


"නෑ... කෑම අරන් ළමයෙක් එනව හවසට... (ආපහු හැරිල කාමරේ දොර ගාවට යන ගමන්) මම උඩට යනව... තමුන්ට පඩිපෙලට අඩියක්වත් තියන්න තහනම්... තේරුනානෙ... මගෙ නිදහසට බාධා කරන ඕනෙම පොඩි වැඩකට උනත් මම දැඩිව දඬුවම් කරනව... මේක මගෙ හෝම් එක උනාට තමුන්ගෙ වර්ක් ප්ලේස් එකක්... ඒක හිතේ තියාගන්න..."


"ඇහ්... අයියො හරි හරි මිස්... මම කාමරේටම වෙලා ඉන්නම්... මම කෝමත් ගෙදරදි කරන්නෙත් ඒකම තමා..."


"(කට කොණින් හිනා වෙන ගමන්) ගුඩ් බෝයි... Behave yourself then..."


"හරි මිස්..."


දිනූශි මිස් එහෙමම පඩිපෙල දිගේ උඩට ගියා. මට ඉතින් එහෙ ඕෆ් ලිමිට් නෙ. මට මොකෝ උඩක්. මට තියෙන්නෙ යටක්... අනික මේවා ඒසී... හො හො හෝ...


පොඩ්ඩක් වෙලා කාමරේ තිබ්බ අංග උපාංග ටික බලල කරල, මම පට ගාලා මගෙ සූට් කේස් එකේ තිබ්බ ඇඳුම් අනං මනං ටික කබඩ් එකට අස් කලා. අම්මා ඒ අස්සෙ මතුරපු වැලි කුප්පියකුත් ඔබල බෑග් එකට. මිසා දැක්ක නං එහෙම මට තමා වැලි ගහපු නයා වගේ දොට්ට යන්න වෙන්නෙ.


ඇඳුම් සේරම අහුරල ඉවර උනාට පස්සෙ, මම මගෙ රූපලාවන්‍ය බඩු ටික අරන් කණ්නාඩි මේසෙන් තිබ්බා. උඹලට හිතෙයි ඉව්ව්ව්ව් මේකා ෆේශල් කරන කොල්ලෙක්නෙ කියල. අපොයි ඔව්. රැවුල කපල, ෆේශල් දාලා, 'අයිම් අ ලයිට් ඉට් අප් ඩයිනමයිට්' වගේ ඉන්න එකෙක් මං.


ඒ වැඩ ටිකට මට පැය බාගෙකට වඩා ගියේ නෑ. සූට් කේස් එක හිස් කරල, ඒක මම ගෙදරින් ගෙනාව ලොකු කවරෙකට දාලා හොඳට වහල ඇඳ යටින් දැම්මා. අස්පස් කිරිලි තිබ්බෙත් නෑ ඒ කාමරේ. හිස්වට තිබ්බට හොඳ ක්ලීන් කාමරයක් ඒක.


"සකුන්... කම් හියර්..."


අස් කරන ඒව ඉවර කරල ඇඳෙන් පොඩ්ඩක් වාඩිවෙන්න හැදුව විතරයි, දිනූශි මිස් ඉස්සරහ පැත්තෙන් කතා කරනව ඇහුන.


මම ටක් ගාලා කාමරෙන් එලියට ආවෙ, "එනවා මිස්" කියාගෙන.


මිස් හිටියෙ පඩිපෙලේ. එයා පඩි තුනක් විතර උඩට වෙලා, වැටට බර දීලා බලන් හිටියා මගෙ දිහා. ඒත් මගෙ ඇහැ ගියේ මිස්ගෙ මූණට නෙවේ...


මිස් ඒ වෙලාවෙ ඇඳන් හිටියෙ ක්‍රීම් පාට මිනි කොට්න් ශෝට් එකකුයි, අලු පාට ක්‍රොප් ටොප් එකකුයි. මිස්ගෙ බඩයි, කලව දෙකෙන් ගොඩකුයි සම්පූර්ණයෙන්ම එලියට නිරාවරණය වෙලයි තිබ්බෙ.


ඩෑම්න්..


දිනූශි මිස්ගෙ සුදුපාට ඇඟේ හැඩේ බැලුවම නං හිතන්න බැහැ, මෙයා දවසම ඔෆිස් එකක පුටුවක වාඩි වෙලා ඉන්න කෙනෙක් කියල. ඒ තරන් ශේප් ඇඟක් තිබ්බෙ. නිකං දවස ගානෙම ජිම් ගිහිල්ල වගේ.


කෙල්ලෙක් මේ විදිහට ඇඳන් ඉන්නව ඇස් දෙකට ළඟට දැකපු පළවෙනි පාර නිසාද කොහෙද, මට ටික වෙලාවක් යනකං කිසිම දෙයක් හිතාගන්නවත් කරගන්නවත් බැරුව, මම මිස්ගෙ ඇඟ දිහාම බලන් හිටියා. ඒ තරන් ආකර්ෂණීය දර්ශනයක් ඒක. මගෙ දැහැන අන්තිමේට බිඳුනෙ, මිස් සැරෙන් සද්දෙට මට කතා කරනව ඇහිලයි.


"සකුන්...!!!! What the hell are you looking at..? කී පාරක් කතා කරන්නද... ආහ්..?"


"ඇහ්... අහ්... මෙ... සොරි මිස්... මේ... මම පොඩ්ඩක්... කල්පනා කරල බැලුවෙ මේ... දැන් කොටස් වෙළඳපල එහෙම ඇරලද දන්නෑ නේ... බඩු ටිකක් අරන් එන්න යන්න තියෙනව මට..."


මිසාට ඒකට හිනා ගියෙ නං නෑ. මිස්ටත් පේන්න ඇතිනෙ මම කන්න වගේ මිස්ගෙ කකුල් දෙක දිහයි, බඩ දිහයි බලන් හිටිය කියල. ටිකක් වෙලා රවාගෙන මං දිහා බලන් ඉඳල, දිනූශි මිස් ආයෙ මට කතා කලා; පොඩ්ඩක් විතර කූල් ඩවුන් උන වොයිස් එකකින්.


"මම පොඩ්ඩක් නිදාගන්න යනව. එලාම් තියන්නෑ මං. හයයි කාලට විතර රෑ කෑම අරන් එයි කෙනෙක් බයික් එකකින්. එලියට ගිහින් ඒක අරන් ඇවිල්ල, මම ඇහැරිලා හිටියෙ නැත්තං විතරක්, උඩට ඇවිල්ල මාව ඇහැරවන්න. මම ඉන්නෙ පඩිපෙල ගාවම තියෙන රූම් එකේ. හැබැයි ඇහැරිලා හිටියෙ නැත්තං විතරයි...!! තේරුනානෙ...?"


"ආ... හ... හරි මිස් මම එහෙම කරන්නං..."


"ගුඩ්... ආ... ගේට් එකේ රිමෝට් එක තියෙන්නෙ මගෙ ගාව... ඒක ඕන්නෑ... පොඩි ගේට් එකෙන් ගන්න කෑම එක... ඒකෙ කී ලොක් එකක් නෙවේ කෝඩ් එකක් ගහන්න තියෙන්නෙ. 2 2 1 9 කෝඩ් එක. මතකයි නේ..."


"දෙක දෙක එක නවය... හරි මතකයි මිස්... මේ... මිස්... අර... මට දීපු කාමරේ තියෙන ඇඳෙන් මම නිදාගත්තට කමක් නැද්ද...?"


"What kind of stupid question is that..? මෝඩයො... මෝඩ ප්‍රශ්න අහන එකේ සීමාවක් තියාගන්නවා... කාමරේකට ඇඳක් දාන්නෙ නිදාගන්න මිසක් ඇඳ දිහා බල බල පොල් ගාන්න නෙවෙයි... තව මෝඩ ප්‍රශ්න අහන්නැතුව කටවගෙන මම කිව්ව දේ විතරක් කරනවා..."


මිසා හෙන සැරෙන් සද්දෙට ඒක කියල, නලල අතින් අතගගා ආයෙ උඩට ගියා මටත් ගස්සගෙන.


දිනූශි මිස්ට නං අම්බානකට කේන්ති ගිය පාටයි. කිසිම නෑ චිල් ගතියක්.


මිස් මට සැරෙන් කෑගැහුව වෙලාවෙ බිම බලන් හිටියත්, මිස් ආයෙ හැරිල යනකොට මම ඔලුව උස්සල සේපට බැලුව එයා දිහා.


ඔෆිස් එකට එනකොට අඳින ස්කර්ට් කලිසම් වලට වැඩියම මුකුත් නොපෙනුනත්, දැන් ඇඳන් ඉන්න ශෝට් එකට නං, පඩිපෙල දිගේ උඩට යනකොට මිස්ගෙ පිටිපස්ස හෙල්ලෙනව හොඳටම පෙනුනා. යටිතල පහසුකමුත් පැළඳගෙන නැද්ද මංදා.


සිරාම කතාව නං, මේ වගේ වෙලාවට බැනුම් ඇහුවත් කමක් නෑ කියල හිතෙනව ඒ වගේ කඳකින්.


දිනූශි මිස් උඩට යනකංම බලන් ඉඳල, මම කාමරේට ඇවිල්ල ඇඳුමක් මාරු කරගන්න හැදුවත්, මුලින් යට තට්ටුව ගවේෂණය කරන්න ඕනෙ කියල හිතුනු නිසා මම ආයෙ කාමරෙන් එලියට ආව.


මගෙ කාමරේටම අල්ලල තියෙන අනිත් කාමරේට යන්න විදිහක් තිබුන්නෑ. ඒකෙ දොර ලොක් කරල තිබ්බෙ. මිස් මගෙ කාමරෙන් තියල තිබ්බ යතුරෙන් ඒක අරින්න බැලුවත්, හරිගියෙ නෑ.


ඊළඟට මම සාලෙ කෙලවරේම තිබ්බ කොරිඩෝව හරහා ගෙදර පිටිපස්සෙ කෑල්ලට ආව.


කොරිඩෝව දිගේ මාරුවෙන් මාරුවට පැති දෙකේම දොරවල් තුනක් තිබ්බා. පිළිවෙලට, ඩයිනින් රූම් එක, කුස්සිය සහ වොශ්රූම් එක. ඩයිනින් රූම් එකෙයි කුස්සියෙයි කිසිම විශේෂ දෙයක් තිබ්බෙ නෑ. මිස් කිව්වනෙ එයා උයන්නෑ කියල. ඒ නිසා වෙන්නැති.


වොශ්රූම් එකේ නං බත්මුලක් දිගඇරන් කෑවෑකි. ඇඳකුත් දාගත්ත නං ආයෙ නිකං වෙනම කුලියට දෙන්න පුලුවන් කාමරයක් ඒක. මගෙ ගෙදර කාමරේටත් වඩා ලොකුද මංදා. බාත්ටබ්, හොට් වෝටර් ශවර්, පත කණ්නාඩි... ටික් ටොක් එකවුන්ට් එකක් තිබ්බ නං රස්සාව නවත්තල ටික් ටොක් පටන් ගන්න හිතෙන ජාතියෙ ලැට් එකක්... අවංකෙන්ම...!


උඩ තට්ටුව ඕෆ් ලිමිට් නිසයි, වත්තෙ වෙන ඇති දෙයක් නැති නිසයි මගෙ ගවේෂණය එතනින් ඉවර උනා. මම එළියට ගිහින් බයික් එකේ යතුර අරන් හැන්ඩ්ල් එක ලොක් කරල, ඉස්සරහ දොරත් වහගෙන ආපහු මගෙ කාමරේට ආවා. අම්මලටත් කෝල් එකක් දීලා විස්තරේ කිව්වා. හැබැයි ඒ, මම බෝඩිමකට ආව විදිහට. ලොක්කිගෙ ගෙදර නවතින්න ආව කිව්වොත් අම්මල හිතයි මම බර අත්තකට තට්ටු කරන්න යනව කියල.


හවස් වෙනකං එක එක වැඩ කර කර ඉඳල, වොශ් එකක් එහෙම දාගෙන මම මගෙ නැශනල් කිට් එකට බැස්සා. ශෝටයි ලූස් කමිසෙයි.


මිසා කිව්ව වෙලාවට පොඩ්ඩක් කලින්, අර එනව කිව්ව කෙනා ඇවිල්ල කෑම එක බාර දුන්නා. මම මෑන් එක්ක කතාවක් දාන්න හැදුවත් ඌ වචනෙන් දෙකෙන් ශේප් වෙලා කෑම එක බාර දීල යන්න ගියා.


මේක බාරගත්තට, මම දන්නෙත් නෑ මොනාද තියෙන්නෙ කියල ඇතුලෙ. මිසා කන දෙයක් වෙන්නැතිනෙ. වහ නෙවෙයි කියල ශුවර් ඒ නිසා.


මම ආයෙ ගේට්ටුවත් වහල ගෙට ඇවිත්, ඒ කෑම පාර්සලේ ඩයිනින් රූම් එකේ මේසෙ උඩින් තිබ්බ. මොනව උනත් ටිකක් ලොකු පාර්සල් එකක්. බඩගින්නෙ ඉන්න වෙන එකක් නෑ මට.


ඒ කරල, මම පඩිපෙල ගාවට ගිහින් දෙතුන් පාරක් උගුර පාදල, මිස්ගෙන් ප්‍රතිචාරයක් නැති පාර හයියෙන් කතා කලා.


"මිස්... දිනූශි මිස්... කෑම ආවෝ... මී... මෝ... මී... මෝ... මීස්ස්ස්ස්... ඕන් ටානියා... මීස්ස්...?"


ඒ කෑගැහුව විදිහටත් කිසිම ප්‍රතිචාරයක් නෑ කියන්නෙ මිසා ලොවෙත් නිදි.


බුහා හා හා... ඒ කියන්නෙ උඩ තට්ටුවට මට යතෑකි.


වටේම කළුවර කරල තිබ්බ නිසා, මම පඩිපෙලේ මැද තිබ්බ ලයිට් එක හොයාගෙන ඒකත් දාන් පඩිපෙල දිගේ උඩටම ගියා.


උඩ තට්ටුවෙත් සාලයක් වගේ එකක් තියෙනව. හරියටම පේන්නෑ ඒත්. එහෙ ලයිට් දාන්න ස්විච් තියෙන්නෙ කොහෙද කියල මම දන්නෑනෙ.


මිස් කිව්ව විදිහටම, මම පඩිපෙල ගාවම තිබ්බ කාමරේ දොර පොඩ්ඩක් තල්ලු කරගෙන ඇතුළට ගියා. ඒත් එක්කම පඩිපෙලේ ලයිට් එකේ එලිය දොර හරහා ඒ කාමරේ ඇතුළට වැටුන කොටුවක් වගේ.


මේ මිස්ගෙ කාමරේ බව මම සැකහැර දැනගත්තෙ, කාමරේ මැද තිබ්බ ඇඳේ නිදන් හිටපු මිස්ගෙ කකුල් දෙකේ යට ඉඳල ඉන ගාවට විතර එනකං අර එළිය වැටුන නිසයි.


හැබැයි ඉනට උඩ කොටස තාමත් තියෙන්නෙ ඝණ අඳුරෙ. මට මූණක් හරියට පෙනුන්නෑ. ඇඳ තියෙන්නෙ හරියටම දොරට සමාන්තරව.


දොර හරහා වැටුන එළිය මහ ලොකු එකක් නොවුනත්, පොඩ්ඩක් උඩට ගිහින් තිබ්බ ශෝට් එකට පහළින්, දිලිසිලා පෙනුන ඒ කලව දෙකත් කකුලුත් දැකගන්න ඒ එළිය හොඳටම ප්‍රමාණවත් උනා.


මම ආවෙ මිස්ව ඇහැරවන්න උනාට, මට ඕනි උනේ නෑ මේ දකින දේ නැතිකරගන්න. මම ඒ නිසා දිගටම කාමරේට පොඩ්ඩක් එබිලා, ඇඳේ වැතිරිලා හිටපු මිස් දිහාම බලන් හිටියා.


"What are you doing...?"


තත්පර විස්සක් තිහක් යන්නත් කලින්ම මට ඇහුනෙ, අඳුර තුළින් ආපු මිස්ගෙ දැඩි කටහඬ.


"ආහ්... මෙ... මේ මිස්... කෑම ගෙනාව... මේ... එන්න මිස් කන්න..."


මිසා දැන් වෙන්නැති ඇහැරෙන්න ඇත්තෙ. මම මෙතන පැණි හල හල බලන් හිටිය කියල මීටර් නැතුව ඇති...


"මම කිව්වෙ උඩට ඇවිල්ල මාව ඇහැරවන්න කියල මිසක්, උඩට ඇවිත් මගෙ දිහා බලන් ඉන්න කියල නෙවෙයි නේද..."


තාමත් මට මිස්ගෙ කටහඬ ඇහෙනව විතරයි. මිස්ගෙ ඉනෙන් උඩ අඳුරෙ. ඒත් මිස් කේන්තියෙන් ඉන්න බව තේරුම් ගන්න මට අමුතුවෙන් රූපයක් ඕනෙ උනෙ නෑ.


"සො... සොරි මිස්... අ... ආයෙ එහෙම කරන්නෑ..."


"Do you like them that much...?"


"මො... මොනවද මිස්..."


"My feets... Do you like them...? කලිනුත් පහළදි මෙලෝ සිහියක් නැතුව බලන් හිටියෙ..."


"නැ... නෑ ඉතින් මේ... අ... අපිත් අ... ආසයිනෙ හෙ හෙ... ම... මම පහළට යන්නං මිස්... මි... මිස් එන වෙලාවක එන්නකො... කැ... කෑම එක මම අරන් තියන්නං මිස්... මි... මිස්ට පස්සෙ මම කන්..."


මම ගොතගගහ කියන්න හදපු එක කියල ඉවර වෙන්න කලින්, දිනූශි මිස් සැරෙන්, ඒත් වෙන අමුතු ස්වරූපයකින් මට කතා කලා.


"Come inside... Don't turn on the light... And close that door a bit more... "


ඇ... ඇහ්...!!


මතු සම්බන්ධයි...!




කමෙන්ට් රිඇක්ට් කරන හැමෝටම ස්තූතියි. නිර්නාමිකව (Anonymous) පණිවිඩ එවන අයටත් ගොඩාක් ස්තූතියි. (නිර්ණාමිකව පණිවිඩ එවීමට මගේ බොට්ව පාවිච්චි කරන්න. @DrgNoBot. බොට්ගෙ මෙනු එකේ Anonymous බොත්තම ඔබල එන mini app එක හරහා නිර්ණාමික අදහස් එවිය හැක.)

Report Page