♡ මැඩම් ♡

♡ මැඩම් ♡


හතරවන කොටස

පෙර කොටසින්...


"හහ්... (හිමීට හිනාවෙන ගමන්) ගුඩ් ගුඩ්... ඕකේ එහෙනං... හැබැයි මගෙ ඇසිස්ටන්ට් කියන්නෙ කම්පැනි ජොබ් එකක් නෙවෙයි... ඒක මගෙ ජොබ් එකක්... මගෙ...! ඒ නිසා සකුන්ට ගෙදර ඉඳන් යන එන එක නං කරන්න වෙන්නෑ... එක්කො මේ හරියෙන් නවතින්න තැනක් හොයාගන්න... නැත්තං අපේ ගෙදරින් මම කාමරයක් දෙන්නං... ඒකෙ ගාන පඩියෙන් කපන්නං..."


ඇහ්... එහෙම කතාවක් මෙයා කලින් කිව්වෙ නෑනෙ...?


"එ... එහෙම තීරණයක් මට තනියෙන් ගන්න බෑ ඉතින්... අම්මගෙන් අහන්න ඕනෙ... අම්ම බෑ කිව්වොත් ඒම..."


"ඒකෙ ගැටළුවක් නෑ... ගන්න තීරණයක් අරගෙන, එනවනං මෙහෙ නවතින්න ලෑස්ති වෙලා හෙට උදේ හත වෙනකොට මගෙ මේ රූම් එකේ දොර ගාවින් ඉන්න... විනාඩි 5කට වඩා පරක්කු උනොත් ජොබ් ප්‍රපෝසල් එක කැන්සල්... You can go now... Oh and (පන්දහේ කොලේට ඇඟිල්ල දික් කරන ගමන්)... take this with you...!"


[සියලුම කොටස්]



එතැන් සිට...


උදේ හයයි හතළිස් පහයි! හයවෙනි තට්ටුවෙ CEO රූම් එකත් වහල...එතන තියෙන ඔෆිස් එකත් හිස්... හෙනම අත්භූතයි. ලයිට් නං දාලා. ක්ලීනින් සර්විස් එකෙන් දාල ගිහින් වෙන්නැති.


මෙච්චර උදෙන් මම ඉස්කෝලෙවත් ගිහින් නෑ මම හිතන්නෙ.


ඊයෙ ගෙදර ගිය ගමන්ම, වෙච්ච දේවල් සංස්කරණය කරල අම්මලට කිව්ව මං. ඇත්තටම මම කිව්වෙ මට ප්‍රමෝශන් එකක් හම්බෙන්න යනව කියල. ජොබ් එකට හුචැස් උනා කියන්න ගියෙ නෑ. අම්මල බය උනොත් එහෙම.


අම්මයි තාත්තයි දෙන්නම මට කිව්වෙ, උදේ හවස බයික් එකේ ඔෆිස් යනවට වඩා, මේ කිට්ටුවක නැවතිලා ඉන්න එක සෑහෙන හොඳයි කියල. මම ඉතින් එයාලගෙ අවසර ඇතුව, ඇඳුම් ටිකකුත් ට්‍රැවලින් බෑග් එකකට දාගෙන කුකුළත් අතේ තියන්ම මේ ආවා. ඇයි අර යක්ෂ CEO නෝනා කිව්වනෙ හත වෙනකොටම ඇවිල්ල ඉන්න නැත්තං මාව ආයෙ පාරක් පන්නව කියල.


මට කෝමත් CEO ගෙ කාමරේ ඉස්සරහ ගොඩක් වෙලා ඉන්න උන්නෑ.


හතට පහක් තියෙද්දිම වගේ, ඒකි... ආ... නෑ නෑ... ඒ මිස් ආවා. එයා ඔෆිස් එක මැදින් එනකොට, මාව දැකල පොඩි හිනාවක් ගියා.


අද නං ඇදන් ඉන්නෙ ස්කර්ට් නෙවේ. කලු කලිසමකුයි සුදු ශර්ට් එකකුයි. අද කෝට් එහෙමත් නෑ. සමහරවිට ඊයෙ වැඩබාරගත්ත පළවෙනි දවස නිසා වෙන්නැති කෝට් එහෙම ඇඳන් හිටියෙ. ඇඳුම වෙනස් උනත්, ඒ මිස්ගෙන් පෙනුන තේජමාන බවේ නං පොඩිම අඩුවක්වත් නෑ. මට එයා එක්ක මලක් තිබ්බට ඇත්ත කියන්න එපැයි.


"ගුඩ් මෝනින්... මම කිව්වෙ හතට එන්න කියලනෙ...?"


කිට්ටුවටම ඇවිල්ල, අතේ බැඳල තිබ්බ වොච් එකෙන් වෙලාව බලන ගමන් මිස් මගෙන් ඇහුව.


මම උත්තර දෙන්නත් කලින්ම, එයා ආව වේගෙන්ම දොර ඇරන් එයාගෙ රූම් එකට ගියේ,

"එන්න ඇතුළට" කියාගෙන.


අරන් ආව ට්‍රැවලින් බෑග් එකත් තල්ලු කරගෙන මම කාමරේ ඇතුළට ගියාට පස්සෙ, එයා මට බෑග් එක තියල ඇවිත් මේසෙ ගාවින් වාඩි වෙන්න කිව්වා.


මම බෑග් එකත් දොර ගාවින් තියල මේසෙ ඉස්සරහින් වාඩි උනාට පස්සෙ, ඒ මිසුත් ඒසි එක එහෙම හදල ඇවිත් එයාගෙ ලොකු පුටුවෙන් වාඩි වෙලා මට කතා කලා.


"රයිට්... දැන් තාම මගෙත් එක්ක ප්‍රශ්න තියෙනවද මොනව හරි... ම්ම්ම්ම්...? මුලින්ම ඒව විසඳගෙන ඉමුකො මොනව කතා කරන්නත් කලින්."


එයා කතාව පටන් ගත්තෙම හෙන සොෆ්ට් තැනකින්. මම ඇත්තටම ඒකට ගොඩක් ආසයි. අඩියෙ ඉඳන් උඩට කතාවක් ගොඩනගන එකට.


"ඊයෙ මම පොඩ්ඩක් අවුලෙන් මිස් හිටියෙ... එකපාරටම වෙච්ච දේ නිසා... මම හිතල එහෙම කිව්ව නෙවෙයි... I'm extremely sorry for my bad behavior..."


"It's ok... I don't mind... වෙන ප්‍රශ්න මුකුත් නෑනෙ මාත් එක්ක... නේද..?"


"මිස් මේ... මිස් කිව්වෙ ඊයෙ තිහක් විතර අස් කලා කියල... මෙ... මේ... ඒ අයටත් මොකක් හරි සාධාරණයක් කරනවද මිස්... නැ... නැත්තං නිකං මට විතරක් වෙනම සලකනව කියල හිතයි කට්ටිය... ඒ අයත් පව්නෙ මැඩම්..."


"Oh don't worry about that... ඔයා ඇරෙන්න ඊයෙ ෆයර් කරපු හැමෝමල කම්පැනි එකට පාඩු කරපු අය. ඒ අයගෙ ලීවින් දෙන්න ශෙඩූල් කරල තිබිල තියෙන්නෙ කලින් ඉඳලම. මං ඇවිල්ල කන්ෆර්ම් කලා විතරයි... ඔයාව අයින් කරන්න සිද්ද උනේ ඇත්තටම බැලන්ස් එක හදාගන්න ඕනෙ නිසා. එක සෙක්ශන් එකක වර්ක් ලෝඩ් එක වෙනස් උනොත්, ඒක ප්‍රොසෙස් එකේ අනිත් හැම පාට් එකටම බලපානව... ඔයාට තේරෙනව ඇතිනෙ..."


"අහ්... එ... එහෙම නං කමක් නෑ මිස්... හරි හරි..."


"ගුඩ්... Now then... සකුන් දන්නවද දැන් මම මේ සකුන්ට දෙන්න හදන ජොබ් පොසිශන් එක ගැන..."


"එහෙම ලොකුවට අයිඩියා එකක් නං නෑ මිස්..."


"හම්ම්... It's fine... පොඩ්ඩ පොඩ්ඩ ඒ ගැන ඉගෙන ගන්න පුලුවන්... ඔක්කෝටම කලින් මම විස්තර කරල ඉන්නං ඒ ගැන..."


"හරි මිස්..."


"මම ඊයෙත් කිව්ව වගේ, දැන් මේ කම්පැනි එකත් මට භාර උන නිසා, මගෙ වැඩ කොටස සෑහෙන්න වැඩි උනා. මට තනියෙන් මේ ෆයිල් ස්ටඩි කරන වැඩයි මැනේජ්මන්ට් වැඩයි සේරම කරන්න බෑ. ඒකයි මම ඇසිස්ටන්ට් කෙනෙක් හොය හොය හිටියෙ. මම මුලින් හිතන් හිටියෙ ඉන්ටවිව් කෝල් කරල කෙනෙක්ව තෝරගන්න... ඒත් ඊයෙ සකුන් ගැන අනුකම්පා හිතිල සහ සකුන්ගෙ ඒ කොලිෆිකේශන්ස් ඇතියි කියල හිතුන නිසයි මම ඒ පොසිශන් එක ඔයාට දෙන්න තීරණය කලේ. ඒ නිසා හොඳට සිහියෙ තියාගන්න. මට ඕනෙ වෙලාවක ඔයාව මේ තනතුරෙන් අයින් කරන්න පුලුවන්..."


එයා ඒක කිව්ව දැඩි විලාසෙ නිසා, මම ඔලුව වනල තේරුන බව ඇඟෙව්වා.


"මට අවශ්‍ය කරන්නෙ ඇසිස්ටන්ට් කෙනෙක්ව. ඇඩ්වයිසර් කෙනෙක්වවත්, කෙයාර්ටේකර් කෙනෙක්වවත් නෙවෙයි. ඇසිස්ටන්ට් කෙනෙක්ව. මම දෙයක් කිව්වම, ප්‍රශ්න අහන්නැතුව ඒක කරන්න පුලුවන් කෙනෙක්ව. තේරුනාද..."


"ඔ... ඔව් මිස්..."


"ගුඩ්... සකුන්ට මුලින්ම මම ලොකු වැඩ පවරන්නෑ. පස්සෙ වැඩ පුරුදු වෙනකොට ඒව භාර දෙන්නං මං. දැනට, සකුන්ට කරන්න තියෙන්නෙ මගෙ කැබ් එක ඩ්‍රයිව් කරන්නයි, මගෙ ෆයිල්ස් බෑග්ස් අරන් යන එන එකයි විතරයි. ඔයා මේ කම්පැනි එකේවත්, ශෙයාර්හෝල්ඩර්ස්ලගෙවත් කෙනෙක් නෙවෙයි, ඔයා මගේ ප්‍රොපර්ටි එකක්... මමයි ඔයාට පර්සනලි රස්සාව දෙන්නෙ."


"හරි මිස්..."


"ගුඩ්... ඔය ටික තමා මූලිකවම මට කියන්න තියෙන්නෙ... සකුන් මෙහෙම ෆීල්ඩ් එකට අලුත් නිසා, දැනට මුකුත් ඒ ගැන දැනගන්න ඕන්නෑ. පස්සෙ මම හිමින් හිමින් කියල දෙන්නං හැමදේම. මුලින්ම, ගැලපෙන සූට් ටිකක් අරගන්න ඕනෙ. ඔය ලෝ කොලිටි ශර්ට් කලිසම් ඇඳගෙන එහෙම මගෙ ඇසිස්ටන්ට් වෙලා එන්න බෑ. පිළිවෙල අංක එක. තේරුනාද."


"අහ්... මේක මේ හොඳ බ්‍රෑන්ඩ් එකක ශර්ට් එකක් මිස්... පොඩි ඩැමේජ් එකක් තිබ්බ නිසා අඩුවට ගත්තෙ. ඒක පේන්නෙත් නෑ වැඩිය..."


"වම් පැත්තෙ කොලර් එකේ ඇතුලෙන් තියෙන වැරදියට ගිය නූල් පාරද..?"


හුටා... මෙන්න මේකි ඒකත් දැකල ඒ ටිකට!!!


"ඔ... ඔව්නෙ මිස්... ඒක පේන්නෑනෙ ලොකුවට..."


"හරියට බලන කෙනෙක්ට ඕනෙම දෙයක් පේනව... වහාම කලු කලිසම් පහයි, සුදු හෝ ලයිට් කලර් ශර්ට් පහයි ගන්න ඕනෙ. ශර්ට් වලට ගැලපෙන්න ටයි ගන්න. ඩාක් කලර් ටයි තුනක් විතර තිබ්බම ඇති. කෝට් එකක් මහගන්න ඕනෙ. ඒක හැමතිස්සෙම ඕනෙ වෙන්නෑ. අවශ්‍ය වෙලාවට විතරයි..."


"මෙ... මේ මිස්.."


"යස්...?"


"මට මේ... පඩි හම්බුනෙත් නෑ... තාම... ඉතින් මේ... ඊට පස්සෙ ගන්නද මිස් හිමින් සැරේ..."


"No need, දැන් දවල් වෙලා ගිහිල්ල ඒ වැඩ කරගමු. අද මම දවල්ට ෆ්‍රී..."


"අහ්... හා මිස්..."


"ආ... සකුන්ට නවතින්න තැනක් තියෙනවද...? ගෙදර ගිහින් එන එක කරන්න වෙන්නෑ..."


"නෑ නෑ මිස්... මම නවතින්න බලන් ආවෙ... ඒත්... මේ හරියෙ නං බෝඩිම් ඔක්කොම හෙන ගනන් මිස්... මට ගෙදර ගිහින් එන එක ලාබයි ඊට වඩා. ඒකයි කලිනුත් මම එහෙම කලේ නැවතිලා ඉන්නැතුව."


මට පෙනුන විදිහද මංදා, මම ඒක කිව්වට පස්සෙ එයා ලාවට කට කොනින් වගේ හිනා උනා මගෙ දිහා බලල.


"ඉට්ස් ඕකේ. මම කාමරයක් දෙන්නං. ඒක මටත් ලේසී. මට කතා කරගන්න තිබ්බ බේසික් ටික එච්චරයි. ඉතුරුව හිමීට කතා කරගමු. තව ටිකකින් ඔෆිස් වැඩ පටන් ගන්නව. මේ key එක අරන් ගිහින්, කැබ් එකේ ෆ්‍රොන්ට් පැසෙන්ජර් සීට් එකේ තියෙන මගෙ බෑග් එකයි, ෆයිල් කීපෙයි අරන් එන්න."


මිස් මගෙ දිහාට රිමෝට් එකකට අමුණපු යතුරක් දික් කරල කිව්ව.


"ආහ්... දැන්ම ගේන්න ඕනෙද මිස්... මට දැන් රස්සාව හම්බෙලාද තියෙන්නෙ..."


"I told you once...!!! මම දෙයක් කිව්වම, ප්‍රශ්න අහන්නැතුව ඒක කරන එක තමයි තමුන්ගෙ ජොබ් එක... ආපහු මම කියන්නෑ ඒක... There is no next time again..."


"හ... හරි හරි මිස්..."


මම දඬි පඬි ගාලා එයාගෙ අතින් යතුර අරගෙන දොර ගාවට යන්න ගියා. ඒ යනකොට මිස් මට ආයෙ කතා කලා.


"මගෙ ලිෆ්ට් එකෙන් යන්න. ඔයාට ඒක පාවිච්චි කරන්න අවසර තියෙනව..."


"(ඔලුව හරවල බලන ගමන්) හරි මිස්..."


මම කාමරෙන් එලියට එනකොට, ඔෆිස් එකේ කීප දෙනෙක් ඇවිල්ල හිටිය. එයාල පුදුමෙන් වගේ CEO ගෙ කාමරේ අස්සෙන් මතු උන මගෙ දිහා බලල හිනා උනයින්, මමත් අනිත් පැත්තට ඒ අයට හිනා වෙලා ඔෆිස් එකෙන් එලියට ආව.


මිසා අවසර දීපු නිසා මම එයාගෙ ලිෆ්ට් එකෙන්ම පහළට ගිහිල්ල, විනාඩි දහයක් යන්නත් කලින් අර ගේන්න කිව්ව බෑග් එකයි ෆයිල් ටිකයි අරන් ආව.


"මේ හරි නේද මිස්... හෑන්ඩ් බෑග් එකයි ෆයිල් හතරකුයි තිබ්බා..."


මම මිස්ගෙන් ඇහුවෙ, ෆයිල් ටිකයි බෑග් එකයි මිස්ගෙ මේසෙ උඩින් තියන ගමන්. ෆයිල් ෆයිල් කිව්වට පොඩි එව්වා නේ. ඒවගෙ සෑහෙන්න කොළ පුරවල තිබ්බා.


"ආ රයිට්... දැන් ඔය ෆයිල් හතර අරන්, කබඩ් එකේ දෙවනි තට්ටුවෙන් තියන්න ගිහිල්ල..."


"හරි මිස්..."


මම ෆයිල් හතර අරගෙන, මිස්ගෙ මේසෙට වම් පැත්තෙන් තිබ්බ කබඩ් එක ඇරල ඒ කිව්ව තැනට දැම්මා. ඒ අතරෙ මිස් එයාගෙ හෑන්ඩ් බෑග් එක උකුලට අරගෙන, ඒක ඇතුළෙන් ෆෝන් එකකුයි දිග පර්ස් එකකුයි අරන් මේසෙ උඩින් තියල, හෑන්ඩ් බෑග් එක දැම්මා මේසෙ පහළ ලාච්චුවකට.


මම මෙච්චර වෙලා මිස් මිස් ගෑව මිසක තාම මෙයාගෙ නමක් ගමක්වත් දන්නෑනෙ.


"මේ... මම තාම මිස්ගෙ ඩීටේල්ස් මුකුත් දන්නෑනෙ මිස්... හෙ හෙ..."


"ම්ම්ම්ම්ම්... ඕහ් මටත් අමතක උනා... සර්ච් කරල බලන්න කොහේ හරි දිනූශි තෙන්නකෝන් කියල... මම දන්නවටත් වඩා මං ගැන විස්තර හොයාගත්තෑකි..."


"හහ් හහ්... හරි මිස් මම බලන්නං... තව වැඩ මොනව හරි තියෙනවද මිස්..."


"නෑ දැනට සකුන් ගිහිල්ල ඔය පිටිපස්සෙ අයිනකින් වාඩි වෙලා ඉන්න. වැඩක් තිබ්බොත් මම කියන්නං. කොහොමත් මේ වැඩ හුරු වෙනකං සකුන්ට කරන්න ලොකු දෙයක් හම්බෙන්නෑ."


"හරි මිස් එහෙනං.."


මිසා මට කතා කරල ඉවර වෙලා, ඊයෙ වගේම මේසෙ උඩට අනං මනං කොළයි ෆයිලුයි අරගෙන ඒව කියව කියව මොනාද මොනාද ලියන්න ගත්තා. මම ඒ නිසා පිටිපස්සෙ පුටු පේලියෙ, කොණකින් වාඩි උනා මගෙ බෑග් එකත් ළඟට කරගෙන.


ඒ කරල මම ෆෝන් එක අරන් ගූගල් එකේ ගහල බැලුව 'දිනූශි තෙන්නකෝන්' කියල.


මිස් කිව්වත් වගේ, සෑහෙන විස්තර තොගයක් ගූගල් සර්ච් රිසල්ට් වල පෙන්නුව.


මම කෙටියෙන් ඒ පෙන්නුව තොරතුරු ගැන විස්තර කරන්නං.


මිස්ගෙ නම දිනූශි ලවන්‍යා තෙන්නකෝන්. වයස අවුරුදු 27යි. මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්. තෙන්නකෝන් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක නිහාල් තෙන්නකෝන්ගෙ දෙවනි දරුවා. ළමයි තුන් දෙනෙක් ඉන්නව පවුලෙ. ලොකුම පුතෙකුයි. දිනූශි මිසුයි. තව බාල දුවෙකුයි. පුතා පිටරට කම්පැනියක් කරගෙන ඉන්නවලු. අර බාල නංගි තාම කැම්පස් ලු. දිනූශි මිස් විතරයි පවුලෙ ව්‍යාපාර වලට සෘජුවම සම්බන්ධ වෙන්නෙ.


දිනූශි මිස්ව ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ, වැටෙන්න ගිය ව්‍යාපාර සෑහෙන ප්‍රමාණයක් හාස්කමකින් වගේ ගොඩගත්ත කෙනෙක් හැටියටලු. හරි කෙලින් කතා කරන, යකෙක්වත් බය නැති හෙන ශක්තිමත් කාන්තාවක්ලු. (ඔව් මටත් තේරිලා තිබ්බෙ ඒක නං කලින්ම).


කොහොම උනත්, අමුතුම වැඩේ කියන්නෙ දිනූශි මිස් ගැන හැමෝම දන්න දේවල් ඇරෙන්න, එයාගෙ පෞද්ගලික තොරතුරු මුකුත්ම හොයාගන්න නෑ. ඒ කියන්නෙ, මිස්ගෙ යාලුවො ගැන, එයා ආශ්‍රය කරන අය ගැන, එයාගෙ සම්බන්ධකම් ගැන, කිසිම සඳහනක් නෑ කොහෙවත්. මිස්ගෙ ෆේස්බුක් ඉන්ස්ට එකවුන්ට් තිබ්බ උනත්, මිස් ඒව වැඩිය පාවිච්චි කරන බවක් නං පේන්න තිබ්බෙ නෑ.


"Excuse me miss... may I come in..."


මම ෆෝන් එකේ දිනූශි මිස් ගැන හොය හොය ඉන්න අතරෙ, දොර ගාව එලියෙ ඉඳන් කවුද ගෑණු කෙනෙක් කතා කලා. හතයි විස්සත් වෙලා වෙලාව.


"Yes come in please.."


දිනූශි මිස් ඔලුව උස්සල බලල මාව සැලකිල්ලකට ගන්නැතුව ඒ ආව කෙනාට එන්න කිව්වා.


ඊට පස්සෙ කාමරේ ඇතුළට ආවෙ, බෑග් එකකුත් එල්ලගත්ත කණ්නාඩි දාන මැදිවියේ ගෑණු කෙනෙක්. සාමාන්‍ය විදිහට සායකුයි බ්ලවුස් එකකුයි ඇඳන් හිටියෙ එයා. අර අක්කා කියන්නත් බැරි ඇන්ටි කියන්නත් බැරි ඒ අතරමැද අය ඉන්නෙ. අන්න ඒ වගේ කෙනෙක්.


ආව කෙනා මගෙ දිහා එක පාරක් බලල, දිනූශි මිස්ගෙ මේසෙ ඉස්සරහින් වාඩි උනා. වාඩි වෙලා, බෑග් එක ඇතුළෙන් කොළයක් අරන් ඒක මේසෙ උඩින් තියන ගමන් කතා කලා.


"මිස් මම අමායා... මිස් ඊයෙ මට එන්න කියල තිබ්බලු... මම වැකේශන් එකක හිටියෙ... උදේ ආපු ගමන්මයි මේ ආවෙ..."


ආ... හුටා... ඊයෙ එන්න කියල තිබ්බ කෙනෙක් නං... අක්කේ නැන්දේ ඔබට ගෞරවයෙන් තෙරුවන් සරණයි.


මම කටත් තද කරන් ඒ ආව ගෑණු කෙනා දිහාට අනුකම්පා සහගත බැල්මක් හෙලනව දැකල, දිනූශි මිස්ට කේන්ති ගියාද මංදා; මගෙ දිහා රවල බැලුව. මම සුටුස් ගාලා ඊට පස්සෙ ආයෙ අහක බලාගත්තා.


"ඔයා වැඩ කරන්නෙ ඉශූයින් සෙක්ටර් එකේ නේද...?"


දිනූශි මිස් මොකක්වත් බලන්නැතුව මතකෙන් වගේ අහපු පාර, අර ආව ගෑණු කෙනා පුදුම උනා.


"ඔ... ඔව් මිස්. මම අවුරුදු දෙකක් තිස්සෙ එතන වැඩ කරනව.."


"වැඩ කරපු කාලය අදාළ නෑ. ඊයෙ නිවාඩුව දැම්මෙ හදිසි දෙයක් නිසාද. නැත්තං ඔයාට ගන්න නිවාඩු ඉතුරු වෙලා තියෙන නිසාද?"


"හදිසි... දෙයක්ම නෙවෙයි මිස්... අපි ට්‍රිප් එකක් ගියා ඊයෙ. අපේ යුනිට් එකේ අය. එයාල නං දවස් දෙකම නිවාඩු දැම්මා. අදත් එන්නෑ ඒ අය. මම අද ආවා ඒ උනාට..."


ආහ්.. මෙන්න මේකි ඒ ගමන එකට වැඩ කරන උන්ව පාවල දෙනව?


"ඔව් ඒක තමයි. දැන් මට කියන්න, ඔයාල හත් දෙනෙක් එහෙම එක පාර නිවාඩු දැම්මට පස්සෙ, සම්පූර්ණ ඉශුවින් යුනිට් එකක්ම ශට්ඩවුන් වෙනව. එතකොට, දවසකට අපි ඉශූ කරන කෙමිකල් ප්‍රමාණයේ අඩුවක් වෙනව. එතකොට, අපිට දිනකට හම්බෙන ප්‍රොෆිට් එක මිලියන ගානකින් අඩු වෙනව. ඔයාටයි ඔයා එක්ක නිවාඩු දාපු අනිත් අයටයි පුලුවන්ද ඒ මිලියන ගානක පාඩුව අද දවසෙ ඇතුළෙ කම්පැනි එකට අරන් දෙන්න?"


අර ගෑණු කෙනාට කට උත්තර නැතුව ගියා ඒ අහපු ප්‍රශ්නෙන්.


"මිස් මේ... මේ... ඒ උනාට... මේ... නිවාඩු ති... තිබ්බනෙ මට... ඒකයි මම... නිවාඩුවක් දැම්මෙ..."


"නිවාඩුවක් දාපු එකේ වැරැද්ද නෙවෙයි මෙතන තියෙන්නෙ. එකක්, ඔයා කලින් කම්පැනි එකට ඉන්ෆෝම් කරල තිබ්බෙ නෑ මෙහෙම නිවාඩුවක් ගන්නව කියල. දෙවනි කාරණේ, සම්පූර්ණ යුනිට් එකක්ම ඒ විදිහට නිවාඩු දැම්මම, මමද ඒ වැඩේ කරන්න ඕනෙ ගිහිල්ල..?"


"ස... සමාවෙන්න මිස්... ආයෙ එහෙම... වෙන්නෑ... ම... මම ඒ උනාට අද හරි ආව මිස්... අපේ අනිත් අය අදත් නෑ..."


"මට වෙන කතා කරන්න දෙයක් නෑ. හවසට HR එකට ගිහිල්ල ලීවින් එක අරගන්න. මම ඩොකියුමන්ට් සේරම හදන්න යවල තියෙන්නෙ ඔයාල හත් දෙනාගෙම. ඔයාල මීට පස්සෙ පාඩුවෙ වැකේශන් අරගන්න... ගුඩ් ඩේ..."


හරිනෙ... තව කෙනෙක්ව අස් කලා. ආ නෑ තව හත් දෙනෙක්ව අස් කලා. ඇත්තටම දිනූශි මිස්ගෙ හිතක් පපුවක් නැද්ද අප්පා. මට මුකුත් කියන්නත් බෑ ඉතින්. මාව අස් කරන්නත් හේතු තිබිලනෙ.


දිනූශි මිස්ගෙ දැඩි ස්වරූපය නිසා, අර ආව ගෑණු කෙනා ඊට පස්සෙ වැඩිය මුකුත් කතා නොකරම කාමරෙන් එලියට ගියා. සමහරවිට එයා දැනගෙනම තමා එන්න ඇත්තෙ. කවුරු හරි නිව්ස් එක දෙන්නැති කලින්.


"සකුන්, Come here... Right now...!!!"


ඕන් මටත් බඩු පත්තු වෙන්න හදන්නෙ...


"එනව මිස්..."


මතු සම්බන්ධයි...!




කමෙන්ට් රිඇක්ට් දාන හැමෝටම ගොඩක් ස්තූතියි ❤

Report Page