♡ මැඩම් ♡

♡ මැඩම් ♡


තුන්වන කොටස

පෙර කොටසින්...


තාමත් මට හීනයක් වගේ ඇත්තටම ඒ වෙච්ච දේ... උදේ මම ගෙදරින් එනකොට හිතන් හිටියෙ ලබන සතියෙ පඩි ගත්තට පස්සෙ, බයික් එකට ස්ටිකර් ටිකක් ගහගන්න ඕනෙ කියල.


"එක්ස්කියුස් මී මිස්ටර්... ආර් යූ ඩෙෆ් ඕර් සම්තින්..."


හීනෙන් වගේ ඇහුන කටහඬ නිසා මම ඔලුව උස්සල බැලුව සද්දෙ ආව දිහා.....!


ඒ අර ගෑණි... මීට ටික වෙලාවකට කලින් මාව ජොබ් එකෙන් පන්නපු තිරිසන් CEO ගෑණි...!


[සියලුම කොටස්]



එතැන් සිට...


ඒත්...!


මම ෆුල් ෆේස් හෙල්මට් දාගෙන ජැකට් එකත් දාන් ඉන්න නිසාද මංදා ඒ ගෑණි මාව අඳුනගත්ත පාටක් පේන්න තිබ්බෙ නෑ.


මම ඔලුව පොඩ්ඩක් උස්සල 'ඇයි' කියල ඉඟියෙන් ඇහුවා.


"ආ... so you are not a deaf person. I called you so many times... Ummm anyway... do you know about vehicles.. I mean, Can you fix a small issue in a vehicle..."


මේකි මොනාද මේ අහන ප්‍රශ්න.


මම ඔව් කියල ඔලුව දෙපැත්තට වනල ඇඟෙව්වට පස්සෙ, ඒ ගෑණි නලලෙන් අත තියන් මට කතා කලා.


"Ohh Thank god... එහෙනං අර පාක් එකේ කෙලවරේ නවත්තල තියෙන කළු පාට කැබ් එක පොඩ්ඩක් බලනවද. ස්ටාට් කලාම ඒකෙ ඩෑශ්බෝඩ් එකෙන් මොකක්ද ඉන්ඩිකේට් කරනව. මිකෑනික් කෙනෙක් ගෙන්නගෙන හදන් යන්න ටයිම් එකක් නෑ දැන්... ලොකු දෙයක් වෙන්නත් බෑ... මේ හරියෙ පේන්නවත් වෙන කවුරුත් නෑ. Can you help me... I'll pay you..."


ඒකි කිව්වෙ, පාකින් ලොට් එකේ එහා කෙලවරේම එන්ට්‍රන්ස් එක ගාව නවත්තල තිබ්බ කළු රේන්ජ් රෝවර් එකක් පෙන්නල.


මට මේකිව මරාගෙන මැරෙන්න තරන් කේන්තියක් තිබ්බත්, තාත්තගෙ වෘත්තියෙ නම්බුව රකින්න ඕනෙ නිසා, මම ඔලුව වනල බයික් එකෙන් බැහැල ඒකි පස්සෙන් ගියා. මේ මුලු වෙලාවෙම මම වචනයක්වත් කතා කලේ නෑ ඒ උනාට.


තාත්ත එක්ක පොඩි කාලෙ ඉඳන්ම ගරාජ් එකේ වේලිලා වේලිලා මමත් සෑහෙන දුරකට ඒ වැඩ ඉගෙන ගෙන තිබ්බෙ. ඉතින් වාහන වල පොඩි පොඩි ලෙඩකට පැලැස්තර ගහන එක මට ඒ හැටි අමාරු දෙයක් නෙවෙයි.


පාක් එක මැදින් ඒ ගෑණිගෙ වාහනේ ගාවට ඇවිල්ල, මම යතුරත් ඉල්ලන් කැබ් එක ස්ටාට් කලාම, ඩෑශ්බෝඩ් එකේ බැට්‍රියෙ එරර් එකක් පෙන්නුව. මම කටින් කතා නොකර, ඇඟිල්ලෙන් පෙන්නල ඇහුව මේකද අවුල කියල. ඒ ගෑණිත් ඔව් කිව්වට පස්සෙ, මම ඒකි ලව්වා කැබ් එකේ බොනට් එක ඇරගත්ත.


ඊට පස්සෙ මම මුලින්ම ඒකෙ බැට්‍රියෙයි වයර් දෙකෙයි කනෙක්ටිවිටි එක චෙක් කලා. එතෙනදිම මට තේරුනා ලූස් කනෙක්ශන් එකක් තියෙනව කියල. බැට්‍රියට එන පොසිටිව් වයර් එකේ නට් එක පොඩ්ඩක් ලූස් වෙලා.


මං ගාව ඒ නට් එක තද කරන්න යතුරක් නැති නිසා, සාක්කුවෙ තිබ්බ ලේන්සුව අරන්, ඒක නට් එකේ අඹරල අතින් තද කලා පුලුවන් තරන්.


ඒ කරල, මම ආයෙ වාහනේ ස්ටාට් කරල බැලුවම ඩෑශ්බෝඩ් එකේ අවුලක් මුකුත් පෙන්නුවෙ නෑ. ලෙඩේ හොයාගෙන හැදුවට සතුටින් සහ, උදව්වව කරපු කෙනා ගැන තරහින් මම වාහනේ බොනට් එකත් වහල අර ගෑණි ගාවට ගියා. ගිහින් යතුර ඒ ගෑණිගෙ අතට දීලා, ඔලුව දෙපැත්තට වනල 'වැඩේ හරි' කියල ඉඟි කරන් ආයෙ මගෙ බයික් එක තිබ්බ පැත්තට ඇවිදන් ආවා.


මම අඩි දෙක තුනක් තියන්නත් කලින්ම, අර ගෑණි මට ආයෙ කතා කලා.


"හේයි... වේට්... මම කීයක් හරි දෙන්නං... ඔයාගෙ ගාණ කියන්නකො..."


මට එහෙම්ම අනිත් පැත්ත හැරිල ඒකි දිහාට මැදගිල්ල දික් කරන්න හිතුනත්, මම දත කාගෙන ඇහෙන්නෑ වගේ දිගටම ඇවිද්ද.


ටොක්.... ටොක්.... ටොක්.. ටොක්.. ටොක් ටොක් ටොක්


වැඩිදුරක් යන්න උන්නෑ.


ඒකිගෙ හයිහීල්ස් වලින් එන සද්දෙ ළං වෙනවත් එක්කම, ඒකි මගෙ උරහිසින් අල්ලල නවත්තල පස්සට පොඩ්ඩක් ඇද්දා.


ඇත්තටම... ඒ වෙලාවෙ බැලන්ස් එකට හිටියෙ නැත්තං මාව ඇදගෙන වැටෙනව. ඒ ඇද්ද විදිහට.


"හේයි මිස්ටර්... මම කැමති නෑ කාටවත් ණය වෙන්න... මේ පන්දහෙන් ඔයාගෙ ගාන කවර් කරගන්න... චේන්ග් තියාගන්න මේ වෙලාවෙ මට කරපු උදව්වට..."


ඒ ගමන නං මට මල පැන්නා තුන්සිය අසූවට. මල පැන්න පාර මම එකපාරටම හැරිල ඒකිගෙ අතේ තිබ්බ පන්දහේ කොලේට ගැහුව විසි වෙලා බිමට වැටෙන්නම.


මම හිතුවෙ, මං එහෙම ගැහුවම ඒකි පොඩ්ඩක් ගැස්සිලා පස්සට වෙයි කියල. ඒත් ඒකි හෙල්ලෙන්නෙවත් නැතුව බිමට වැටුන පන්දහෙ කොළෙයි මගෙ දිහයි බැලුව මාරුවෙන් මාරුවට.


"ඔයාට මගෙත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද...? එක කම්පැනි එකේ වැඩ කරනකොට එහෙම ප්‍රශ්න තියන් බැහැ... මොකක්ද ඔයාට.... ඕහ්... wait a minute... මට ඔය බෑග් එක දැන් මතක් උනේ...! ඔයා සකුන්ද...?"


ඒකි කිව්වෙ මම එල්ලන් හිටපු සයිඩ් බෑග් එක දිහා බලන්, පුදුම වෙන ගමන්.


මට ආපහු ඇඬෙන්න වගේ ආවත්, මම අමාරුවෙන් ඒක නවත්තන් හෙල්මට් එක ගලවල ඒ ගෑණිගෙ මූණ දිහා බැලුව.


ඒකිත් තව එක පාරක් මං දිහා බලල, නලල රැලි කරන් කතා කලා.


"ඔයා මෙච්චර වෙලා හිටියෙ පාකින් ලොට් එකේද... තාම ගියෙ නැද්ද...?"


"මම කොහේ යන්නද දැන්... යන්නෙ කොහෙද කියල තමයි මෙච්චර වෙලා හිත හිත හිටියෙ... උඩින් පාත් වෙච්ච ඔයාල ඇවිල්ල එලවන එලවන සැරේට කුදලගෙන යන්න තරන් අපි ලොකු මිනිස්සු නෙවේ..."


"අයිම් සොරි... මම ඔයාට කිව්වනෙ මේක කම්පැනි එක පැත්තෙන් ගත්ත ඩිසිශන් එකක් කියල... මාත් එක්ක තරහ වෙලා හරියන්නෑනෙ ඒකට..."


"තරහ...? හහ්...! තරහා...! තරහ නෙවේ... අපේ අම්ම මාව හදපු විදිහට පින් සිද්ද වෙන්න මම එතනින් බල්ලෙක් වගේ ආවෙ කටවහන්... තොපිත් එකයි තොපෙ මේ හු@& කම්පැනි එකත් එකයි... ඔය කුණු සල්ලි ගන්නවට වඩා හොඳයි පාරෙ ගිහින් හිඟා කනව. ඉගෙනගත්ත දේකට වටිනාකමක් දෙන්න දන්නැති උන්... ඔහෙල ඔය තියන් ඉන්න පරණ හැත්ත තමා අයිස් ගගහ පොඩි උන්ගෙන් වැඩ ගන්නෙ... අපි බල්ලො වගේ මැරිල මැරිල...."


තව කියන්න දේවල් හිතට ආවත්, ඊට කලින් මම මගෙ කට වහගත්තෙ, මේ ගෑණි එක එල්ලේම මං දිහා බලන් හිටපු නිසා.


"මැරිල මැරිල වට්... Go ahead.. මම අහන් ඉන්නෙ..."


"මට තව කියන්න දෙයක් නෑ... කැබ් එකේ බැට්‍රියෙ වයර් එකක් ලූස්... ඒක පස්සෙ හරියට හදාගන්න... හොඳට තද කරන්න මං ගාව යතුරක් නෑ..."


මහ සද්දෙන් කෑගහල බැන්න නිසාද කොහෙද, මෙච්චර වෙලා මගෙ හිතේ තිබ්බ දුකත් තරහත් සෑහෙන තරමකට අඩු උනා.


ඒ හන්දා මම ආයෙ මුකුත් කතා නොකර, හෙල්මට් එකත් දාගන්න ගමන් මගෙ බයික් එක දිහාට ගියා.


"මිස්ටර්..."


ඒ ගෑණි ආයෙ මට කතා කලත් මම ඒක ගැන සැලකිල්ලක් දැක්වුයෙ නෑ.


"මිස්ටර්...! සකුන්...! පැයකින් මගෙ ඔෆිස් එකට එන්න ආයෙ... මම මේ ළඟට ගිහිල්ල එන්නං ඉක්මනට..."


මම හැරෙන ගමන් කතා කලා.


"මොකටද ආයෙ එන්නෙ... දෙවනි පාරටත් මාව පන්නනව කියල අහගන්නද..."


"ඔයාගෙ ඔය ඇටිටියුඩ් එකත් එක්ක නං ඔයාට ගොඩක් ලොකු ගමනක් යන්න අමාරුයි... ඔයාගෙ පරණ ජොබ් එක මට ආයෙ දෙන්න විදිහක් නෑ... මම සෑහෙන කන්සිඩර් කරල ඒ ඩිසිශන් එකට ආවෙ... ඒත් ඔයා මෙච්චර වෙලා මෙතන හිටපු එකයි, අවශ්‍ය වෙලාවට මට උදව් කරපු එකයි නිසා, මම ඔයාට වෙන ජොබ් ප්‍රපෝසල් එකක් දෙන්නං... කැමති නං පැයකින් එන්න මගෙ රූම් එකට... ඇතුළෙන් ඉන්න... එලියෙ ඉන්න එපා බොරුවට..."


ඒ ගැනි එහෙම කියන් යන්න හදල, ආයෙ නැවතිලා මට කතා කලා අර බිම වැටුන පන්දහෙ කොලේට අත දික් කරල.


"Also... මේ පන්දහේ කොලේ එනකොට අරන් එන්න... ඒක නැතුව ජොබ් ප්‍රපෝසල් එක ඇපෲ වෙන්නෑ..."


මොන මගුලක් කියනවද මංද මේකි. ට්‍රැක්ද කොහෙද.


ඒකි එහෙම කියල ආයෙ කැබ් එක ගාවට ගිහින්, ඒකෙ නැගල පාක් එකෙන් එලියට යනකංම මම ගොනා වගේ හිටගෙන බලන් හිටියා.


චුට්ට වෙලාවක් එහෙම්ම ඉඳල, මම ඒ බිම වැටුන පන්දහෙ කොළෙත් අහුලගෙන ආයෙ බයික් එකෙන් වාඩි වෙලා හිටිය ෆෝන් එක ඔබ ඔබ.


ඇත්තටම මට දැන්ම ගෙදර යන්නත් බෑ. මෙතනින් ගියත්, මම හවස් වෙනකං කොහෙට හරි වෙලා ඉඳල වෙනද වෙලාවටම ගෙදර යනව කියල හිතිල තිබ්බෙ මට.


ඔය ගැන කල්පනා කර කර ඉන්න අතරෙම, පැයකට කිට්ටු කාලයක් ගෙවිල ගිය බව මට තේරුනේ, අර ගෑණිගෙ කාර් එක ආයෙ පාකින් ලොට් එක ඇතුළට දානව දැකල.


ගෙදර මිනිස්සුන්ට මේක කියන විදිහක් ගැනම හිත හිත හිටිය මිසක්, මේකි අර කියල ගිය කෙහෙල්මල ගැන හිතන්න වෙලාවක් හම්බුන්නෑනෙ මට...


කරගන්න දෙයක් නැති නිසා මම ශේප් එකේ ඔලුව බිමට හරවන් එහෙම්ම හිටියා දැක්කෙ නෑ වගේ. මම හිතුවෙ ඒකි දැන් කැබ් එකෙන් බැහැල කෙලින්ම බිල්ඩින් එක ඇතුළට යයි කියල. ඒත් මගෙ කරුමෙට ඒකි වාහනෙන් බැස්ස ගමන් මගෙ දිහාට ඇවිදන් ආව.


කලින් මම ඒකිව මෙහෙම එලියෙදි දැක්කත්, ඒ වෙලාවෙ තිබ්බ තත්වෙ නිසා හරියට බලාගන්න බැරි උනානෙ. දැන් තමා මම හරියටම ඒකිව දැක්කෙ.


ඒකි ඇඳන් හිටියෙ ඇඟට ෆිට් වෙන්න ඇඳපු ක්‍රීම්පාට බ්ලවුස් එකයි, ටයිඩ් ස්කර්ට් එකයි. බ්ලවුස් එකට උඩින් ඔෆිස් කෝට් එකක් දාගෙන. අතේ දිග පර්ස් එකකුයි ෆෝන් එකකුටි තිබ්බා. කකුලට දාන් ඉන්නෙ දිලිසෙන කලු පාට හයිහීල්ස් දෙකක්. හයිහීල්ස් නැතුවත් මට වඩා පොඩ්ඩක් උසයි වගේ පෙනුමෙන් නං.


අපිට සලකන විදිහෙන් යක්ෂණියක් වගේ උනාට, හැසිරීම නං හෙනම නීට්. වැඩියම වැනිලි නැති ඇවිදිල්ලයි, ඇස් දෙකෙන් වටේම හැමතිස්සෙම සර්ච් කර කර බලන බැලිල්ලයි දැක්කම නං හිතෙන්නෙ හෙනම ඩීසන් කෙනෙක් කියල.


අපිනෙ දන්නෙ මෙයාගෙ හැටි. සුදුවට ලස්සනට හිටියට අපායෙ යමපල්ලො පරාදයි මෙයාගෙ යක්ෂ ගති වලට.


මම හිතන් හිටියෙ ඒකි මගෙ ළඟට ආවත් බයික් එකෙන් බහින්නෑ කියල. ඒත් ඒකි කිට්ටුවට එනකොට මොකක්ද මංදා හේතුවකට මාව නොදැනුවත්වම බයික් එකෙන් බැස්සවුනා.


"මොකෝ තාම මෙතන ඉන්නෙ... මම කිව්වෙ ජොබ් ප්‍රපෝසල් එක කතා කරගන්න ඕන්නං ඇතුළට එන්න කියලනෙ...?"


"නැ... නෑ මේ... මට ඕන්නෑ ඕවා... මම... මම මට ඕන උනාම මෙතනින් යනව..."


"එහෙම කරන්න බෑනෙ... සිකියුරිටි එකට කෝල් කරන්නද මං...?"


"එ... එපා.. එපා..."


මේකි ඇත්තටම සිකියුරිටි එකට කතා කරයි. එහෙම ගෑණියෙක්නෙ.


"Come to my office right now. And drop your attitude towards me..."


ඒකි ඇඟිල්ල මගෙ මූණට දික් කරල කියල, ආයෙ එක පාරක්වත් පස්ස නොබල, පාකින් ලොට් එක ගාව තිබ්බ දොරකින් බිල්ඩින් එක ඇතුළට ගියා.


වෙන කරන්න මගුලකුත් නැති නිසා, වෙන දෙයක් වෙච්චාවෙ කියල මමත් හෙල්මට් ජැකට් ගලවන ගමන්ම ඒකි පස්සෙන් දුවන් ගියා. මම ඒ පරක්කු උන තත්පර කීපෙටත් ඒකි සෑහෙන දුර ගිහිල්ල. ඉතින් මට දුවන්න උනා ඒකිව අල්ලගන්න.


මම ඒ ගෑණි එක්කම ටිකක් දුර ඇවිල්ල, ලිෆ්ට් කම්ප්ලෙක්ස් එක ගාවදි වැඩා වගේ ඉස්සර වෙලා ලිෆ්ට් එකක බට්න් එක එබුව.


"ඕකෙ නෙවෙයි යන්නෙ... කම් විත් මී.."


මම පොර වෙන්න හැදුව විතරයි. ඒකි මාව ගල් රෝලකින් තලාගෙන යනව වගේ, මාව පහු කරන් දිගටම ගියා. මමත් වටපිට බලල කාටවත් නෝන්ඩි නැති බව සැකහැර දැනගත්තට පස්සෙ, සේපට ආයෙ ඒකි පස්සෙන් ගියා.


පොඩ්ඩක් වෙලා ඔහොම ගියාට පස්සෙ, ඒ ගෑණි අමුතු ලිෆ්ට් දොරක් ගාව නැවතිලා ඒකෙ බට්න් එකක් එබුව.


මම ඇත්තටම මේන් බිල්ඩින් එකට ඇවිල්ල තියෙන්නෙ පස් පාරක් විතර. ඒ ආව එක පාරකවත් මම මෙහෙම තැනකට නං ඇවිල්ල තිබ්බෙ නෑ.


බොත්තම ඔබල තත්පරේකින් විතර ලිෆ්ට් එකේ දොර ඇරුනට පස්සෙ, අර ගෑණි ඒක ඇතුළට ගිහින් මටත් ඇතුළට එන්න කිව්වා. මම ඇතුළට ගියාට පස්සෙයි දැක්කෙ..., ලිෆ්ට් එකේ තිබ්බෙ බට්න් දෙකයි. ඒ හය වෙනි තට්ටුවටයි ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකටයි විතරයි.


මේකි ඒකෙ හයවෙනි තට්ටුව ගහල තිබ්බ බට්න් එක ඔබල පොඩ්ඩක් පස්සට උන නිසා, මමත් පිටිපස්සෙ මුල්ලකටම හේත්තු වෙලා බලන් හිටියා.


"Relax... I'm not going to eat you..."


මම මුල්ලට හේත්තු වෙලා යන බව, ඇස් කොණින් දැකල ඒකි මට කිව්ව.


"නැ... නෑ ඒම එකකට නෙවේ..."


"You're weird... you know that?"


"what..? ඈහ්..."


"Never mind.."


ඒ පුංචි සංවාදෙන් පස්සෙ, ඊළඟට ලිෆ්ට් එකේ දොර ඇරෙනකංම අපි අතරෙ කතාවක් ඇති උන්නෑ.


ලිෆ්ට් එකේ දොර ඇරුනට පස්සෙ, ඒකි මාව ආයෙ අර ඔෆිස් එක මැද්දෙන් ඒකිගෙ කාමරේට එක්කන් ගියා.


මම දන්නෑ මේ ගෑණි මේ ඔෆිස් එකේ උන්ට මොනා කරලද කියලද කියල, ඒ උනාට ඒ හැමෝම අම්බානෙකට බය වෙලා වගේ ඔලුවවත් උස්සන්නැතුව හෙනම බිසී සීන් එකේ හිටියෙ ඒ මුලු වෙලාවෙම.


කාමරේට ගියාට පස්සෙ, ඒකි මට මගෙ බෑග් එක දොර ගාව පුටුවකින් තියල ගිහින්, මේසෙ ඉස්සරහ තිබ්බ පුටුවෙන් වාඩි වෙන්න කිව්වා.


මමත් ඒ කිව්ව විදිහටම කලා. ඊළඟට ඒකිත් ඒකිගෙ අර සැප පුටුවෙ වාඩි වෙලා, මේසෙ උඩ තිබ්බ රිමෝට් එක අරගෙන ඒසී එකත් වැඩි කරල මට කතා කලා.


"Soo... Do you want to hear about my job proposal..?"


මම නිකං ගනන් ගන්නැති ලයින් එකේ සේපට ඔලුව උඩ පහල කලා අහල බලාගෙන.


"I asked you a question..! And I want an answer for that..."


ඒකි පොඩ්ඩක් දැඩි කටහඬින් කිව්වා මගෙ මූණ දිහා බලාගෙන.


"ඔ... ඔව් ඔව්... ජොබ් ප්‍රපෝසල් එක ගැන අහන්න කැමති... රස්සාවක් නෑනෙ කෝමත් දැන්... හිටිය එකෙන් අයින් කලානෙ..."


"අහන දේට විතරක් උත්තර දුන්නම ඇති... හරි එහෙනම්... මේකයි මගෙ ප්‍රපෝසල් එක... ආ... කෝ අර පන්දහ... ඒක ගෙනාවද..."


මම සෙනිකෙට පර්ස් එකෙන් ඒකිගෙ පන්දහේ කොළේ අරන් මේසෙ උඩින් තිබ්බා.


"ගුඩ්... එහෙනං අහගන්න මගෙ ජොබ් ප්‍රපෝසල් එක... මුලින්ම... මම දැනට කම්පැනි කීයක ඇඩ්මින් පැත්ත හැන්ඩ්ල් කරනවද කියල දන්නවද.."


"මම කෝමද ඒව දන්නෙ..."


"මම මේ කම්පැනියෙ CEO ට අමතරව තව කම්පැනි තුනක ඩිරෙක්ටර් බෝඩ් වල ඉන්නව. ඉතින් මම ගොඩක් බිසී... මම දැන් කාලෙක ඉඳල පර්සනල් ඇසිස්ටන්ට් කෙනෙක් හොය හොය හිටියෙ... මගෙ වර්ක් ලෝඩ් එක ඒ තරන් වැඩිවෙලා තියෙන්නෙ.... කොලිෆිකේශන්ස් මුකුත් අවශ්‍ය නෑ මට. ඩ්‍රැයිවින් ලයිසන් තියෙන්න ඕනෙ... ඉංග්‍රීසි පුලුවන් වෙන්න ඕනෙ... කිව්වම දෙයක් එක පාරින් තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ... ඒ මම කිව්ව ටික සකුන් ගාව තියෙනව කියල හිතනවද...?"


"ඔව් ඉතින්... ලයිසන් තියෙනව... බස් ලයිසන් නං නෑ... ඔහේ... නෑ මම කිව්වෙ... මිස් ඉතින් බස් වල යන්නෑනෙ... ඉංග්‍රීසිත් පුලුවන්... අර අන්තිමට කිව්ව එකත් එක පාරින්ම තේරුනා..."


"හහ්... (හිමීට හිනාවෙන ගමන්) ගුඩ් ගුඩ්... ඕකේ එහෙනං... හැබැයි මගෙ ඇසිස්ටන්ට් කියන්නෙ කම්පැනි ජොබ් එකක් නෙවෙයි... ඒක මගෙ ජොබ් එකක්... මගෙ...! ඒ නිසා සකුන්ට ගෙදර ඉඳන් යන එන එක නං කරන්න වෙන්නෑ... එක්කො මේ හරියෙන් නවතින්න තැනක් හොයාගන්න... නැත්තං අපේ ගෙදරින් මම කාමරයක් දෙන්නං... ඒකෙ ගාන පඩියෙන් කපන්නං..."


ඇහ්... එහෙම කතාවක් මෙයා කලින් කිව්වෙ නෑනෙ...?


"එ... එහෙම තීරණයක් මට තනියෙන් ගන්න බෑ ඉතින්... අම්මගෙන් අහන්න ඕනෙ... අම්ම බෑ කිව්වොත් ඒම..."


"ඒකෙ ගැටළුවක් නෑ... ගන්න තීරණයක් අරගෙන, එනවනං මෙහෙ නවතින්න ලෑස්ති වෙලා හෙට උදේ හත වෙනකොට මගෙ මේ රූම් එකේ දොර ගාවින් ඉන්න... විනාඩි 5කට වඩා පරක්කු උනොත් ජොබ් ප්‍රපෝසල් එක කැන්සල්... You can go now... Oh and (පන්දහේ කොලේට ඇඟිල්ල දික් කරන ගමන්)... take this with you...!"


මතු සම්බන්ධයි..!




කමෙන්ට් රියැක්ට් කරන හැමෝටම ගොඩක් ස්තූතියි...

Report Page