♡ මැඩම් ♡
දෙවන කොටස

මෙය කතාවේ සත්‍ය ආරම්භයයි. සමහර තැන් වල මෘදු කාමුක දර්ශන ඇතුළත් විය හැකි බැවින් එවැනි දේවලට අකමැති අය කතාවෙන් ඈත්වී සිටින්න. ස්තූතියි...!
වසරකට පමණ පෙර...
"අඩෝ සොක්කා... ආන්න HR එකෙන් උඹට කතා කලා උදේ..."
8.30ට රතු ඉර වදින බව දැන දැනත්, ලොස් නැතුව 9.30ට ෆින්ගර්ප්‍රින්ට් එක තියන්න හදනකොටම තාරක අයියා එකපාරටම කොහෙන්ද මතුවෙලා මගෙ කණට මිමිණුව.
ඔෆිස් එකට එන්නත් කලින් මගදිම ඇහෙන්නෙ, ලොව නිදනා නිසල රැයේ දහසක් දේ සිදුවෙන නිව්ස් නෙ.
"ඈහ්... ඒ මොකෝ අයියෙ..."
මම ෆින්ගර්ප්‍රින්ට් එක තියන අතරෙම තාරක අයියගෙන් ඇහුව.
"මං දන්නෑ බං... මම මේ උඹව උදේ ඉඳල හොය හොය ඉන්නකොට සිකියුරිටි එකෙන් කිව්ව උඹේ බයික් එක දැන් ආව කියල. ඒකයි මෙතෙන්ට ආවෙ... අද අපේ අලුත් බොස් වැඩ බාරගන්න දවසෙනෙ... පොඩ්ඩක් ප්ලේස්මන්ට් මාරුවක් වෙයි මොනා හරි.."
'Chemlogix'. ඒක තමා මම වැඩ කරන කම්පැනි එකේ නම. මේක ඔය රෙදි පාට කරන, තීන්ත හදන කම්පැනි එකක්. සීදූවෙ තමා හෙඩ්ක්වාටස් එකයි ඩිස්ට්‍රිබියුශන් ස්ටෝර් එකයි දෙකම තියෙන්නෙ.
කම්පැනි එක අයිති වෙන්නෙ 'තෙන්නකෝන් හෝල්ඩින්ග්ස්' කියන මව් සමාගමට. ඒකෙ ලොක්කා ආසියාවෙ ධනවත්ම ලිස්ට් එකෙත් ඉන්න පොරක්.
මම මෙතන වැඩ කරන්නෙ මැටීරියල් හැන්ඩ්ලර් කෙනෙක් හැටියට. ඒ කියන්නෙ ඔය අධි සංවේදී කෙමිකල් ජාති හසුරවන කෙනෙක්. කරපු සයන්ස් ඩිග්‍රියටම සෙට් වෙන ජොබ් එකක් හම්බුනු සුලුතරයෙන් එකෙක් තමා මම. මේ මට දැන් කතා කරපු තාරක අයියා තමා මගෙ සුපර්වයිසර්.
ගිය සතියෙ අපිට නෝටිස් එකක් ආවා කම්පැනි එකේ හිටපු CEO ට ශොට් එක හම්බෙලා කියල. ඒ වෙනුවට අර තෙන්නකෝන් හෝල්ඩින්ග්ස් ලොක්කගෙම දුවෙක්ව මේකට එවනව කියල තමා කතාව ගියේ. ඕකට හේතුව කලින් CEO ගෙ මූල්‍ය අක්‍රමිකතා ටිකක් ඔඩිට් එකට අහුවෙලාද මොකක්ද කියල කට්ටිය කියනව ඇහිල තියේ මට.
"ඒ බං තාරක අයියෙ... දැන් මට විතරද එන්න කියල තියෙන්නෙ..."
ෆින්ගර්ප්‍රින්ට් එක චෙක් උනා කියල තහවුරු කරන්, මම තාරක අයිය දිහාට හැරිල ඇහුව.
"නෑ නෑ... උදේම හෙන ලිස්ට් එකක් එව්වා මේ මේ අයව HR එකට එවන්න කියල 8.30ට කලින්. උඹ ඉතින් ආවෙත් දැන්නෙ... ඉක්මනට පලයංකො එතෙන්ට... ගිහිල්ල ඒක බලල වරෙන් ලැබ් එකට... මම එතකං අනිත් උන් එක්ක අලුත් මික්සින් එක හදන්නං..."
"ආ හරි ඒනං... මේ කේස් එකක් නැති වෙයි නේ... කලින් කියල තිබ්බ නං මම 7.30ටම එනවා... අර HR එකේ අලුතෙන් ආව අක්කගෙ මාර කඳ බං... අයියට නං ඊසි ටෝක් වෙයි..."
"මම බැඳල ලබ්බො ඉන්නෙ... පලයන් මගෙන් කුණුහරප අහගන්නැතුව... තෝ හින්ද මගෙ රස්සාවත් නැති වෙනව දවසක..."
තාරක අයියා මල පැනගෙන එතනින් ගියාට පස්සෙ, මම මගෙ ඔෆිස් එක පැත්තට යන්නැතුව HR එක දිහාට ගියා.
අපේ කම්පැනියෙ මේන් බිල්ඩින් එකේ තමා HR එකයි මැනේජ්මන්ට් ඔෆිස් එකයි CEO ඉන්නෙයි අනිත් සේරමයි තියෙන්නෙ. ඒක තට්ටු හයක ලොකු බිල්ඩින් එකක්. HR එක තියෙන්නෙ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේමයි. CEO රූම් එක තියෙන්නෙ නං හයවෙනි තට්ටුවෙලු. මම නං ගිහින් නෑ කලින්.
කෙමිකල් මික්සින් යුනිට්, වේස්ට් මැනේජ්මන්ට් යුනිට්, ලැබ් එක වගේ ඒවට වෙනම බිල්ඩින් තියෙනව. ඒව තියෙන්නෙ කම්පැනි ඉඩමෙ පොඩ්ඩක් පස්සට වෙන්න. ත්‍රීවිල් එකක යන්න ඕනෙ කෙමිකල් මික්සින් යුනිට් එකට යන්න එහෙම නං. ඒ තරන් දුර.
මම හිමින් හිමින් මේන් බිල්ඩින් එකට ඇවිදන් ගිහිල්ලා, රිසෙප්ශන් නංගිටත් ලෝකෙ තියෙන පැණිම හිනාව දාගෙන HR ඔෆිස් එකේ වීදුරු දොර ගාවට ගිහින් තට්ටු කලා.
ඇතුලෙ හිටපු මිස් කෙනෙක් මාව දැකල අත වනල මට එන්න කිව්වට පස්සෙ, මම දොර ඇරන් ඒ මිස් ගාවට ගියා.
හම්මටසිරි මේකෙ හීතල... යකෝ HR එකේ ඉන්නෙ පෙන්ගුයින්ලද, ඒසී එක මෙච්චර හීතලට දාගෙන කොහොම ඉන්නවද මංදා.
"සකුන් නේද..."
මිසා මාව අඳුරනවද මංද.
"අ... ඔව් මිස්... උදේ HR එකට මාව එවන්න කියල තිබ්බලු... මොකක් හරි ප්‍රශ්නයක්ද මිස්..."
මගෙ ප්‍රශ්නෙ මොකක් උනත්, HR එකේ උන් නං අද 'අහසට පිඹිනා එරන් කලේයා, අල්ලපු කලයා ඔලුවට කෙලියා' සීන් එකේ ඉන්නෙ. මූණුත් ඇඹරැල්ලා වෙලා ගිහිල්ල.
ඒ මිස් කම්පියුටර් එකෙන් මොකක්ද මංද ටිකක් වෙලා හොයල බලල මට කතා කලා.
"සකුන් ඔහොම්ම යන්න සික්ස්ත් ෆ්ලෝර් (6th floor) එකේ CEO මැඩම්ගෙ රූම් එකට. දන්නව නේ තියෙන තැන...?"
"කලින් ගිහිල්ල නං නෑ මිස්..."
"හරි මම කෙනෙක් එවන්නං... පොඩ්ඩක් එලියෙන් ඉන්න..."
"හරි මිස්..."
මම ආයෙ එලියට ගිහින්, දොර ගාවට වෙලා හිටියා ඔහේ බලාගෙන. යකෝ CEO මට විශේෂයෙන් කතා කරල තියෙන්නෙ මගෙ වැඩ හොඳ නිසාද? ප්‍රමෝශන් එකක් කමින් සූන් වගේ...
"එන්න යං.."
මම මනෝ පාරෙ ඉන්න අතරෙ, HR එකෙන් ආව පොඩි කෙල්ලෙක් මටත් කතා කරන් ලිෆ්ට් කම්ප්ලෙක්ස් එක පැත්තට ගියා. මාත් ඒ පස්සෙන්ම යන ගමන් හීනියට ටෝකක් දැම්මා.
"මිස් මේ... අර අලුත් CEO ද දැන් ඉන්නෙ... අර ලොක්කගෙ දුවද කවුද කෙනාද...?"
ඒ කෙල්ල ලිෆ්ට් එක ගාවට යනකංම වචනයක්වත් කියන්නැතුව ගිහින්, ලිෆ්ට් එකට ගොඩ උනාට පස්සෙ මට කතා කලා.
"අලුත් මැඩම් පොඩ්ඩක් නීති වැඩී... අද උදේම තිස් දෙනෙක්ට විතර ලීවින් එක දුන්නා... එයා එක්ක කතා කරනකොට පරිස්සමට කතා කරන්න... මම දන්නෑ ඔයාට එන්න කිව්ව හේතුව නං... මොකක් උනත්, අලුත් මැඩම් හෙන තද සැර කෙනෙක්... ඒ නිසා විකාර කියවන්නෙපා එයා ගාවදි..."
ඇහ්... ප්‍රමෝශන් ඉල්ලෙයි වෙන්න වගේ යන්නෙ...
අපි දෙන්න ලිෆ්ට් එකෙන් හයවෙනි තට්ටුවටම ආවට පස්සෙ, ඒ මිස් මාව ඔෆිස් එකක් මැද්දෙන් අරන් ගිහින්, ඒ ඔෆිස් එකේ කෙලවරේම තිබ්බ 'CEO' කියල ගහපු කාමරේක දොරක් ගාවට එක්කන් ගිහින් ආපහු හැරිල යන්න ගියා. ඒක වටේටම අර එහාමෙහා නොපෙනෙන වීදුරු ගහල තිබ්බෙ.
මම දොරට පොඩ්ඩක් තට්ටු කලාට පස්සෙ ඇතුළෙන් ආවා හෙන සුකුමාල කටහඬක්. ඒ කියන්නෙ පොටෙන්ශල් කඳක් ඇතුලෙ ඉන්නවා..
"Wait a moment..."
ඇතුලෙන් ආව කටහඬට රහ වැටිල මගෙ හිත පිනා ගියත්, ඔෆිස් එකේ උන් මං දිහා බලන් හිටියෙ යන එන මං නැති ගොනා විදිහට.
විනාඩියක් විතර මම එහෙම හිටගෙන ඉන්නැති. ඇතුලෙන් අර කටහඬින් ආයෙ මට කතා කලා.
"Come in now please..."
කඩ්ඩෙන්මයි දෙන්නෙ. ඉන්න කෙනා කවුරු උනත්...
මම ඒ දොර ෆුල් ඩම් එක දාන් තල්ලු කරන් ඇරගෙන, ඇතුළට ගියා.
හම්මටසිරි...!
CEO ගෙ කාමරේ කිව්වට ඒ කාමරේ වැඩිය දෙයක් නෑ. කාමරේ අඩි පහළොවක් විතර ලොකුයි. දොර ඇරපු ගමන් කෙලින්ම ඉස්සරහ බිත්තියට ළං කරල බොස් නෝනගෙ මේසෙයි පුටුවයි තියෙනව. මේසෙට පිටිපස්සෙන් බිත්තියෙ, පැනල් ගහල වහපු ජනේලයක් තියෙනව. දොර ගාව අයිනෙන් පුටු කීපයක් තියෙනව. කාමරේ මැද තනිකරම හිස්. තව පුංචි කබඩ් එකක් තියෙනව අර ලොකු මේසෙට වම් පැත්තෙන් බිත්තියට හේත්තු කරල. මේසෙ ඉස්සරහින් එකම එක පුටුවක් තියෙනව.
හොඳම එක ඒක නෙවේ.
මේසෙ උඩින් අත් දෙක තියාගෙන ලොකු පුටුවක වාඩි වෙලා හිටියෙ චීස් කෑල්ලටත් මයෝනිස් දැම්ම වගේ සුදු පාට කෙල්ලෙක්. පොඩි කෙල්ලෙක් නෙවේ. මටත් වඩා පොඩ්ඩක් උසද මංදා. මට වඩා වයසිනුත් පොඩ්ඩක් වැඩි පාටයි. ඇඟ පත මූණ කඳ ගානට තිබ්බා. කොණ්ඩෙ ස්ට්‍රේට් කරල. පොඩි කරාබු දෙකක් දාන් ඉන්නෙ. ඔෆිස් කෝට් එකක් ඇඳගෙන, අතේ පෑනකුත් රඳවන්, ඇස් දෙකෙන් මගෙ ආත්මෙම දකින්න හදනව වගේ මං දිහා බලන් ඉන්නව එයා.
"ගු... ගුඩ් මෝනින් මිස්... මේ... HR එකෙන් මට එ..."
"Yes... සකුන් නේද... මට කිව්වා උඩට එවනව කියල... වාඩිවෙන්න ඇවිල්ල..."
"හ... හරි මිස්..."
ඒකි ලස්සන උනාට ඒකිගෙ අමුතු අත්භූත බවක් පේන්න තියෙනව. නිකං, මූණෙන් නොපෙන්නුවත් කොයිම වෙලාවක හරි ඇඟට කඩන් පැනල හක්ක ගලවල දෙයි වගේ කියල හිතෙන්න ගත්ත මට.
මම ගිහින් මගෙ සයිඩ් බෑග් එකත් උකුලෙන් තියන්, ඒ කෙල්ලගෙ මේසෙ ඉස්සරහින් වාඩි උනාට පස්සෙ එයා කතා කලා.
"සකුන් දැන්ද වැඩට එන්නෙ... ටයිම් එක දීල තියෙන්නෙ 7.30-8.30 නෙවෙයිද සකුන්ට..."
හුටා...
"ආ... මේ... මිස් මේ... මම එනකොට පාරෙ ඇන් ඇක්සිඩන්ට් එකක් හැප්පිලා තිබ්බා... ඔව්ව්... මේ... එක්කෙනෙක් නං එතනම ඔන් ද ස්පොට්... අනිත් කෙනා පැය එක හමාරකට විතර පස්සෙ හොස්පිට්ල් ඇඩ්මිට් කරල ඉන්නකොට ඔන් ද ස්පොට්ලු... පාරෙ පොඩ්ඩක් ට්‍රැෆික් ඉතින් අද මිස්..."
කලබල උන වෙලාවට මම තරන් කැතට බොරු කියන එකෙක් මේ කම්පැනියෙම නෑ.
මම කිව්වෙ පට්ට බොරුවක් උනත්, CEO මිස්ට හිනා ගියා ඒක අහල.
"හම්ම් හම්ම්... එහෙමද... මොකක්ද සම්පූර්ණ නම...?"
"ආ... මම සකුන් ප්‍රභාත් විජේපාල මිස්.."
"වයස...?"
"මේ එන අගෝස්තුවට අවුරුදු 25 සම්පූර්ණයි මිස්... තව මාස දෙකයි..."
"හම්ම්... සකුන්ගෙ ගෙවල් කොහෙද තියෙන්නෙ..."
"අපේ ගෙවල් නං කලවැල්ලාවෙ මිස්. ඔය බුලත්සිංහල පැත්තෙ..."
"ඒ කියන්නෙ උදේ හවස සීදූවෙ යනව එනවද... ඒක හරි රිස්කි වැඩක්... බයික් එකේද යන්නෙ එන්නෙ...?"
"ඔව් මිස්... බස් එකේ එන්න වෙලාවක් නෑනෙ..."
"ඒක තමයි... සකුන්ගෙ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක ගැන මට පොඩ්ඩක් කියනවද..."
"ආ... ලොකුවට ඉතින් බැක්ග්‍රවුන්ඩ් එකක් නෑ මිස්... තාත්තා ගරාජ් එකක් කරනව... අම්මා ගෙදර රෙදි මහනවා..."
"I see... ඔයා වැඩ කරන්නෙ මොන ඩිපාට්මන්ට් එකේද..."
"මම ඩයි ප්‍රොඩක්ශන් සෙක්ශන් එකේ මැඩම්... කෙමිකල් ඩිපාට්මන්ට් එකේ..."
"එතකොට ඩිග්‍රියක් තියෙනව නේ...?"
"ඔව් මිස්... කෙමෙස්ට්‍රි ඩිග්‍රියක් තියෙනව..."
"All right.. I think I've heard enough... No need to adjust my decision then..."
ඇහ්... ජොබ් ප්‍රමෝශන් එකක්ද නැත්තං පරක්කු වෙලා ආව නිසා පේ කට් එකක්ද... කට්ට මොන පැත්තට කැරකෙයිද... වමටද දකුණටද...
ඒ කෙල්ල මේසෙ ලාච්චුවකින් ගත්ත කොළ සෙට් එකකින්, එක කොළයක් අරන් ඒකෙ මොනාද ලිව්වා. ඒ කොළ සෙට් එකේ එකම දෙයක් මොකක් හරි ප්‍රින්ට් කරල තිබ්බෙ. සමහරවිට පේ කට් එකක් වෙන්නැති. පරක්කු වෙලා එන නිසා. මේ වගේ හමටි ලපයි කෙල්ලො කෝමත් වැඩි වැඩ දාන්න බයයිනෙ ලොක්කා උන පළවෙනිම දවසෙ... හොඳ වෙලාවට මෙහෙම කෙල්ලෙක් CEO උනේ. චිල් එකේ හිටියෑකි...
විනාඩියක් දෙකක්ම CEO මිස් ඔය විදිහට ඒ කොළේ එක එක ඒව ලිව්ව. ඊට පස්සෙ එයාගෙ අත්සනයි තව සීල් එකකුයි ගහල, කොළේ මට දික් කරන ගමන් කතා කලා.
"I'm very sorry සකුන්. බට් මට සිද්ද වෙනව ඔයාව අපේ කම්පැණි එකෙන් ඩිස්මිස් කරන්න. ඊට අදාළ හේතු කාරණා ඔය නෝට් එකේ ඔක්කොම ලියල තියෙනව. මමත් දැන් කියන්නම් කෝකටත්. අංක එක, ඔයා වැඩ කරන ඩිපාට්මන්ට් එකේ සේවක අතිරික්තයක් තියෙනව. ඔයත් ඒක දන්නව. ඒකයි ඔයා පරක්කු වෙලා ආව කියල කම්පැනි එකේ වර්ක්ලෝඩ් එකට කිසිම බලපෑමක් නොවෙන්නෙ. ඒ වගේ වෙලාවට කෙනෙක්ව අයින් කරනකොට මම මුලින්ම තෝරගන්නෙ අලුතෙන් කම්පැනි එකට ආව අයව. ඒ ගැන මට සමාවෙන්න. අංක දෙක, ඔයාගෙ ෆයිල් එකේ විනය විරෝධී වැඩ ගැන කම්ප්ලේන් දෙකක් ඇවිල්ල තියෙනව. බීමතින් කෑගැසීමක් සහ සුදුසු ඇඳුම්වලින් තොරව විද්‍යාගාර වල වැඩ කිරීමක් ගැන. අවසන් කාරණය, කම්පැනි එක මේ වෙලාවෙ තියෙන තත්වය. මට සමාවෙන්න. ඒ අන්තිම එකට ඔයාගෙ කිසිම වැරැද්දක් නැති උනත්, කම්පැනි එක බේරගන්න ඔයාට මේ කැපවීම කරන්න වෙනව. Any questions... mister sakun..?"
"......."
ඇහුන දේ නිසා මගෙ පපුව ගැහෙන එක පොඩ්ඩකට නතර උනත්, ඒ කෙල්ල කිසි ගානක් නැතුව මට ආයෙ කතා කලා.
"මිස්ටර් සකුන්...? ප්‍රශ්නයක් මුකුත් නැත්තං ඔයාට යන්න පුලුවන්... අද දවසෙ පේ එකත් ඔයාට ගෙවනව. ඔයා අද ඒත් වැඩ කරන්න අවශ්‍ය නෑ... Have a good day, you can leave now.."
මට කතා කරගන්න ඕනෙ උනත්, මගෙ කටින් එලියට කිසිම වචනයක් ආවෙ නෑ. පොඩ්ඩක් වෙලා කටින් වචනයක් එලියට දාගන්න දඟලපු මම, ඊට පස්සෙ අමාරුවෙන් වෙව්ලන කටහඬින් මිස්ට කතා කලා.
"මි... මිස්..."
"Yes..."
"මෙ... මේ... හො... හොඳටම ශු... ශුවර්ද මිස්... ම... මාව තමා එ... එහෙම අයින් ක... කරන්න ඕනෙ කිය... කියල..."
උදේ වෙලත්, ඒසී එකක ඉඳලත් මටම තේරුනා මගෙ කම්මුල දිගේ එකපාරටම මතු උන දාඩිය බිංදුවක් රූටල යනව. ඒත් එක්කම මගෙ ඇස් දෙක තෙත් වෙලා ගියැයින්, මට පේන මිස්ගෙ රූපේ බොඳවෙන්න පටන් ගත්තා. සාක්කුවෙ ලේන්සුව තිබ්බත් ඒ ගැන සිහියක් තිබ්බෙ නෑ මට. ඉතින් මම ඇඟිල්ලෙන්ම ඇස් දෙක පිහිදන් ආයෙ මිස් දිහා බැලුව.
"ඔව්... එහෙම වැරැද්දක් වෙලා නෑ... මම හැමෝගෙම ෆයිල් බලල තමා මේ ඩිසිශන් එකට ආවෙ..."
"ම... මම අම්මලට මොකක්ද කියන්නෙ මිස්... අ... අනේ... ආපහු පොඩ්ඩක්... මේ.... අනේ මිස්... ඇ.. ඇයි මාවම... ම... මම..."
"මිස්ටර්... මේක කම්පැනිය පැත්තෙන් ගත්ත තීරණයක් විතරයි... පර්සනල් ඩිසිශන් එකක් නෙවෙයි... මට කණගාටුයි... ඒත් මට කරන්න දෙයක් නෑ... අනික ඔයාව විතරක් නෙවෙයි, ඔයාට කලින් විසි හත් දෙනෙක්ව අපි ෆයර් කරල තියෙන්නෙ උදේ ඉඳන්. ඔයා එන්න පරක්කු උන ගැටළුව විතරයි තිබ්බෙ. වෙන කිසිම දෙයක් වෙනස් වෙන්නෑ... දැන් කාමරෙන් යන්න පුලුවන්..."
"මි... මිස්... මට... මාසයක්වත් ත... තව..."
"Don't push my limit boy...!!! Now get out of here before I call the security...!!"
ඒ මිස් එක පාරටම කෑගහපු විදිහට, එච්චර වෙලා දත කාගෙන හිටපු මට කෑගැස්සිලා ඇඬුනා.
උදේ හිනාවෙලා ගෙදරින් ආව මට මෙහෙම දෙයක් වෙයි කියල කවුද දෙයියනේ හිතුවෙ... තව පාරක් මිස්ගෙන් වැඳල හරි ඉල්ලන්න කියල හිතන් මිස්ගෙ මූණ දිහා බැලුවම, මම ඒ අදහස අත හැරගත්තා.
මිස්... නෑ... මොකටද මිස් කියන්නෙ... මේ ගෑණි කිසිම මනුස්සකමක් නැති දුෂ්ඨ ගෑණියෙක් විතරයි... මනුස්සයෙක්ගෙ දුකක් තේරෙන්නැති සැප පවුල් වල හැදුනු අධම ගෑණියෙක්...
මම කඳුලු පෙරන් අඬනව දැක දැකත් ඒ ගෑණි කිසිම හැඟීමක් නැතුව මගෙ මූණ දිහා බලන් ඉන්නවා.
හිතෙ තිබ්බ දුක ටිකෙන් ටික තරහවකට පරිවර්තනය වෙන අතරෙ මම මගෙ බෑග් එකත් කරට දාගෙන වේගෙන් දොර ඇරන් ඔෆිස් එක මැදින් ඇවිදන් ගියා.
ඔෆිස් එකේ සමහරු මං දිහා අනුකම්පාවෙන් බැලුව. සමහරු උදේ ඉඳලම මේ වගේ ඒව දැකලද කොහෙද වැඩිය ගනන් ගත්තෙ නෑ...
මම ලිෆ්ට් එකෙන් පහළට ගිහිල්ල, ඊළඟට කෙලින්ම ගියේ පාකින් ලොට් එකේ බයිසිකල් දාන තැන නවත්තල තිබ්බ මගෙ බයික් එක ගාවට... මම කාවවත් හම්බෙන්නවත් ගියෙ නෑ. අඩු ගානෙ තාරක අයියවවත්.
හිතේ තිබ්බ දුකයි තරහයි නිසා මට ඉක්මනටම ගෙදර යන්න ඕනෙ වෙලා තිබුනෙ. ඒත් ජැකට් හෙල්මට් දාගෙන බයික් එකට නැග්ගට, ඒක ස්ටාට් කරන්නත් කලින් මට ආයෙ ඇඬුන... මම එහෙම්ම බයික් එක ස්ටාට් නොකර, බයික් එකේ තෙල් ටැංකියට මූණ ඔබාගෙන පුලුවන් තරන් සද්දෙන් ඇඬුවා... ඒක අහන්නවත් වාහන පාක් එකේ කවුරුත් හිටියෙ නෑ ඒ වෙලාවෙ...
ගෙදර ගිහිල්ල අම්මගෙ මූණ බලන් මේක කියන්නෙ කොහොමද දෙයියනේ... තාත්තට මූණ දෙන්නෙ කොහොමද... මෙච්චර කල් ඉගෙන ගෙන මෙහෙම එලවල දැම්මම බල්ලෙක් වගේ යන්න උනේ මොන පාපෙකටද...
මම පැය බාගයක්, නෑ... විනාඩි හතළිහක් විතර ඒ විදිහට බයිසිකලේ තෙල් ටැංකියට ඔලුව තියන් ඉන්නැති. ඒ මුලු වෙලාවෙම මගෙ ඔලුවෙ එක එක ඒවා.. එක එක විකාර මැවුනා..
"මිස්...ටර්..."
තාමත් මට හීනයක් වගේ ඇත්තටම ඒ වෙච්ච දේ... උදේ මම ගෙදරින් එනකොට හිතන් හිටියෙ ලබන සතියෙ පඩි ගත්තට පස්සෙ, බයික් එකට ස්ටිකර් ටිකක් ගහගන්න ඕනෙ කියල.
"එක්ස්කියුස් මී මිස්ටර්... ආර් යූ ඩෙෆ් ඕර් සම්තින්..."
ඔලුව අස්සෙ විකාර දුවන අතරෙම, හීනෙන් වගේ ඇහුන කටහඬ නිසා මම මූණ උස්සල බැලුව සද්දෙ ආව දිහා.
....!
ඒ අර ගෑණි... මීට ටික වෙලාවකට කලින් මාව ජොබ් එකෙන් පන්නපු තිරිසන් CEO ගෑණි...!
මතු සම්බන්ධයි...!
කමෙන්ට් දාපු කීප දෙනාට ගොඩක් ස්තූතියි... කතාව ගැන හිතෙන දෙයක් කියාගෙන යන්න. රිඇක්ට් එකකුත් දාන්නෝ...