♡ මැඩම් ♡

♡ මැඩම් ♡


පළමුවන කොටස

The beginning


[සියලුම_කොටස්]


"සකුන්..."


දිනූශි මැඩම් එයාගෙ මේසෙ ගාව වාඩි වෙලා, මේසෙ උඩ තිබ්බ ෆයිල් ගොඩකට බැහැගෙන ඉන්න ගමන්, කාමරේ අයිනෙ පුටුවක වාඩි වෙලා හිටපු මට කතා කලා.


"කියන්න මැඩම්..."


"මේ ෆයිල් තුන යවන්න කෙමිකල් වේස්ට් මැනේජ්මන්ට් යුනිට් එකට... එයාලට කියන්න රිපෝට් එක අනිද්ද උදේ වෙද්දි මගෙ මේසෙ උඩින් තියෙන්න ඕනෙ කියල..."


මැඩම් මේසෙ උඩ තිබ්බ කොලයක් කියවන ගමන්ම, කොහෙන්ද මංද ඇදල ගත්ත ෆයිල් තුනක් මගෙ පැත්තට දික් කලා.


"හරි මැඩම්..."


මම ඉක්මනට නැගිටල ගිහින්, මැඩම් අතේ තිබ්බ ෆයිල් තුනත් අරගෙන කාමරෙන් එලියට යන්න, ඔෆිස් රූම් එකේ දොර ගාවට ගියා.


ඒත් දොරේ හැන්ඩ්ල් එකට අත තියන්න කලින්, මැඩම් ආපහු පාරක් මට කතා කලා.


"සකුන්... ඉන්න..."


මැඩම්ගෙ සද්දෙට මම ඉක්මනට අනිත් පැත්ත හැරිලා, ඇස් දෙක පොඩ්ඩක් ලොකු කරල මැඩම් දිහා බැලුව.


"සකුන් ලන්ච් එක අරගෙනද ඉන්නෙ...?"


"තාම නෑ මැඩම්..."


"ගුඩ්... එහෙනං එනකොට කැන්ටින් එකෙන් කෑම එකක් අරන් එන්න..."


"හරි මැඩම්..." 


"ආ... අනිත් එක සකුන්..."


"කියන්න මැඩම්..."


කෑම එක ගේන්න කිව්වට පස්සෙ එලියට යන්න හදපු මම, ආයෙත් පාරක් හැරිල මැඩම් දිහා බලල ඇහුවෙ, එක අතකින් දොරේ හැන්ඩ්ල් එක අල්ලගෙන, දොර හිමීට ඇතුලට අදින ගමන්.


"අර... අපි ඕඩර් කරල ගෙන්නගත්ත හෑන්ඩ් කෆ් දෙක තියෙනව නේ කැබ් එකේ තාම... මට මතක අපි ඊයෙ ඩිලිවරි එකෙන් කෙලින්ම කැබ් එකට දාගත්ත වගේ... එළියට ගත්තෙ නෑ නේද ඒක..."


මැඩම් ඒ වචන දෙක කිව්ව හැටියෙම මගෙ ඇඟ දිගේම අමුතු හීතලක් පැතිරිලා ගියා. බයත් ආශාවත් සතුටත් අතර දෝලනය උන මිශ්‍ර හැඟීම් ගොන්නකින් මගෙ හිත පිරෙන අතරෙ, මැඩම් මගෙ දිහා බලල කට කොණකින් පොඩ්ඩක් හිනා උනා. ඒ සමහරවිට මගෙ හිතට දැනුණු දේවල්, ඒ වෙලාවෙ මගෙ මූණෙන් ප්‍රකාශ උන නිසා වෙන්නැති.


මම ඉක්මනට හිත හිත හිටිය ඒව නවත්තල දාලා මැඩම්ට කතා කලේ, අහපු දේකට උත්තර දෙන්න පරක්කු උනොත් එහෙම මැඩම්ට තරහ යන බව දන්න නිසයි.


"ති... තියෙනව මැඩම්... ඊයෙ කැබිහෝල් එකට දාපු ගමන්ම ඇත්තෙ තාම..."


"ගුඩ් බෝයි... එනකොට හොඳ ළමය වගේ ඒකත් අරන් එන්න... now goo... don't be late..."


"එ.. ඒත් මැඩම් ඔෆිස් එකේනෙ ඉන්නෙ..."


"so what..? is there any problem...?"


මැඩම් මගෙ දිහා බලල යන්තම් රවන ගමන්, කේන්තියෙන් වගේ ඇහුව.


"නැ... නෑ මැඩම්... මේ... කවුරුහරි ආවොත් එහෙම... මැඩම්ට හරි නෑනෙ... එ... ඒකයි... අපි ගෙදර ගි..."


"Shut your damn mouth boy... කී පාරක් කියන්න ඕනෙද... දෙයක් කිව්වට පස්සෙ එක පාරින් කරන්න කියල... ආ...!!! මෙතන තමුන්ගෙ ජොබ් එක මගෙ ඇසිස්ටන්ට් හැටියට මම කියන දේ කරන එක මිසක්, මගෙ ඇඩ්වයිසර් වෙලා මම කියන දේවල් වල හොඳ නරක හොයන එක නෙවෙයිනෙ... නේද...?"


"සො... සොරි මැඩම්... මම ගේන්නම්... මැඩම්... මේ... කෑම එක ගන්නෙ චිකන්ද..."


මම ඉබේටම වගේ ඔලුවත් පොඩ්ඩක් පාත් කරල කිව්වෙ, දිනූශි මැඩම්ගෙ කේන්තිය නිවන්න ඕනෙ නිසා.


හිතුව වගේම, මැඩම් මම ඔලුව පාත් කරනව දැකල ආපහු පොඩ්ඩක් කූල් ඩවුන් වෙලා කතා කලා.


"සකුන් කන දෙයක් ගේන්න මටත්... මොනව උනත් එකයි..."


"හරි මැඩම් මම අරන් එන්නං..."


මැඩම් ඔලුව වනල මට යන්න අවසර දුන්නට පස්සෙ මම ඉක්මනටම කාමරෙන් එලියට ආවා. කාමරේ ළඟ ඉඳන් අඩි දෙක තුනක් ඉස්සරහට ගිය මම, ඊළඟට කලේ ළඟ තිබ්බ බිත්තියකට හේත්තු වෙලා ලොකු හුස්මක් උඩට අරගෙන නිදහස් කරපු එකයි.


දිනූශි මැඩම් මේ කම්පැනි එකේ CEO වෙලා ආව දවසෙ ඉඳල, මගෙ ජීවිතේ උඩු යටිකුරු උනා. පුද්ගලයෙක් වශයෙන් මගේ ආශාවන්, හැසිරීම් සහ සිතුම් පැතුම් කියන හැමදේම වගේ වෙනස් උනා. ඒ, දිනූශි මැඩම්ගෙත් මගෙත් අතර ගොඩනැගිල තියෙන අමුතු සම්බන්ධය නිසයි...


සමහරුන්ට හිතෙයි මම දිනූශි මැඩම්ට බයෙන් ඉන්නව කියල. මගෙ හිතේ මේ වෙලාවෙ බයක් මිශ්‍රිත චකිතයක් තිබ්බත්, ඒක හුදෙක්ම මැඩම් මට අරන් එන්න කිව්ව දේ සම්බන්ධව ඇති උන චකිතයක් විතරයි. මොකද ඒක අරන් එන්න කිව්වා කියන්නෙ, අනිවාර්යෙන්ම මැඩම් ඒක පාවිච්චි කරනව දැන්. මේ වෙලාවෙම...! ඔෆිස් එක ඇතුළෙම...!


වෙන්න යන දේ ගැන ඇති උන අවිනිශ්චිතතාව ඇරෙන්න, හිත ඇතුළාන්තයෙන් මම අපේ මේ සම්බන්ධයට ගොඩක් ආශාවෙන් ඉන්නෙ... ඒක එහෙම උනේ කොහොමද කියල මම දන්නෑ... මම ඉස්සර මැඩම් එක්ක ගොඩක් තරහින් හිටියෙ...


ඒත්, දැන් මම මැඩම් පස්සෙන්ම වැටිල ඉන්න බලු කුක්කෙක් වෙලා... හිත පිළිගන්න අකමැති උනත්, මගෙ යටි හිතේ කලින් ඉඳලම මැඩම්ගෙ මේ අමුතු හැසිරීම් රටාවට ආශාවක් ඇති වෙලා තියෙන්න ඇති... එක පාරක් රස්සාව දමල ගහල ගියත්, ආයෙත් මැඩම් ගාවටම ආවෙ ඒ හින්දයි...


හිතට දැනුන සියුම් බය පහ වෙනකං පොඩ්ඩක් වෙලා ගැඹුරින් හුස්ම ගත්ත මම, ඊළඟට ලිෆ්ට් එකට ගොඩ වෙලා ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට ගියා.


අනිත් අයට පාවිච්චි කරන්න වෙනම ලිෆ්ට් කම්ප්ලෙක්ස් එකක් තිබ්බත්, මම පාවිච්චි කරන්නෙ මැඩම්ට වෙන් කරල තියෙන ස්පෙශල් ලිෆ්ට් එකක්. මැඩම්ට ඇරුනම, ඒක පාවිච්චි කරන්න අවසර දීල තියෙන්නෙ මට විතරයි. ඒ, මම මැඩම්ගෙ ප්‍රයිවට් ඇසිස්ටන්ට් නිසා.


කෙමිකල් වේස්ට් මැනේජ්මන්ට් යුනිට් එක තියෙන්නෙ මේන් බිල්ඩින් එකෙන් පොඩ්ඩක් ඈතට වෙන්න තිබ්බ තැනක. ඒක ඇත්තටම පොඩි ලැබ් එකක් වගේ.


විනාඩි දහයක් දොළහක් ඇතුළෙ මම මැඩම්ගෙ ෆයිල් තුන එතනට භාරදීල පණිවිඩෙත් කියල, කෙලින්ම පාකින් ලොට් එකේ තිබ්බ මැඩම්ගෙ කැබ් එක ගාවට ගියා. කැබ් එකේ කැබිහෝල් එකේ තිබ්බ, මැඩම් ගේන්න කිව්ව ඒ පොඩි පාර්සලෙත් අතට අරගෙන මම ඉක්මනටම ආපහු මේන් බිල්ඩින් එකට ඇවිදන් ආවා.


ඇවිදගෙන ආව කිව්වට මගදි මට දිවවුනා. මොකද අඳුරන කෙනෙක් දැකල, කතා කරන්න නවත්තගත්තොත් එහෙම මගෙ අතේ තියෙන මේ පාර්සලේ ගැන අහනවනෙ. කලබල උන වෙලාවට මං තරන් කැතට බොරු කියන එකෙක් අපේ කම්පැනියෙම නැතුව ඇති.


ඒ ගිය වේගෙන්ම කැන්ටින් එකෙන්, මැඩම් කන්න ආස ඔම්ලට් රයිස් එකකුත් අරගෙන, මම ආපහු පාරක් ලිෆ්ට් එකට ගොඩ උනා. ලිෆ්ට් එකේ දොරත් වැහුනට පස්සෙ තමා මාව පොඩ්ඩක් සන්සුන් උනේ.


මගෙ අතේ මේ තියෙන පාර්සලේ ඇතුලෙ තමයි මැඩම් අර කිව්ව "හෑන්ඩ් කෆ්" දෙක තියෙන්නෙ.


චුට්ට වෙලාවකින් මම ලිෆ්ට් එකෙන් එලියට ඇවිත්, මැඩම්ගෙ කාමරේ දොරට තට්ටුවක් දාගෙන, දොර ඇරල ඇතුළට ගියා. මැඩම් ඔලුව උස්සල බලල, මගෙ අතේ තියෙන පාර්සලේ දැක්කම කට කොණින් පොඩි හිනාවක් දාලා මට කතා කලා.


"සකුන් දැන්ම කාලා ඉන්නවද... බඩගිනිද ගොඩක්...?"


මැඩම් මේ අහන ප්‍රශ්නෙට එයා බලාපොරොත්තු වෙන උත්තරේ මම හොඳාකාරවම දන්න නිසා, තත්පරයක්වත් පරක්කු නොකර මම උත්තර දුන්නා.


"මැඩම් එක්කම කන්නං... මට බඩගින්නක් නෑ තාම..."


"ගුඩ් බෝයි... එහෙනං කෑම එක ඔය කොහෙන් හරි තියල එන්න... ආ also... lock the door... we don't want any interruptions.. do we..?"


"නෑ මැඩම්..."


මම කෑම එක ළඟ තිබ්බ පුටුවක් උඩින් තියල, රූම් එකේ දොරත් ලොක් කරගෙන මැඩම් ගාවට ගියා. ගිහින්, මේසෙ උඩ මැඩම් ඉස්සරහින් අර පාර්සලේ තියල පොඩ්ඩක් පස්සට උනා.


"Ok let's see..."


මම කවදාකවත් දැකල නැති තරන් උද්‍යෝගයකින් මැඩම් එහෙම කියන ගමන්, ඒ පාර්සලේ දිගාරින්න පටන් ගත්තා.


පාර්සලේ ඇතුලෙ තිබ්බෙ පොඩි පෙට්ටියක්. ඒක ඉටිකොළේකින් සීල් වෙන්නම වහල තිබ්බෙ. මැඩම් හදිස්සියට කතුරක්වත් හොය හොය ඉන්නැතුව, නියපොත්තකින් ඉටිකෝලේ හිල් කරල ඒක ගලවල අයින් කලා.


කවරෙ අයින් කරපු හැටියෙම මැඩම් පෙට්ටිය ඇරල ඇතුළෙ තිබ්බ "හෑන්ඩ් කෆ්" දෙක එලියට අරන්, පෙට්ටිය මේසෙ උඩින් තිබ්බා.


මම හිතුවෙ හෑන්ඩ් කෆ් කිව්වම අර ෆිල්ම් වල දාන රිදී පාට වගේ රියල් ඩීල් එකක් කියල. ඒ උනාට පෙට්ටිය ඇතුළෙ තිබ්බෙ ප්ලාස්ටික් වලින් හදපු රෝස පාට මාංචු දෙකක්. ඒකෙ වටේට, බූල් රෙද්දකින් මහල. මේ වගේ ඒව මම සමහර වීඩියෝ වලින් දැකල තිබ්බට, මටත් එහෙම සීන් එකක ඇක්ට් කරන්න වෙයි කියල නං හිතිල තිබ්බෙ නෑ මීට කලින්.


"සකුන්..."


මැඩම් හෑන්ඩ් කෆ් දෙක බල බල ඉඳල, මට කතා කලා එක පාරටම.


"කි... කියන්න මැඩම්...."


"මගෙ හොඳ කොල්ලා නේද... ම්ම්ම්ම්ම්ම්..."


"ඔ... ඔව් මැඩම්..."


"ගුඩ් බෝයි... එහෙනං හොඳ පපී වගේ මෙන්න මේක දාගන්න අතට..."


මැඩම් මේ වගේ වෙලාවට කතා කරන සහ හැසිරෙන විදිහ දැක්කම ඇත්තටම හිතාගන්න බෑ මේ ඉන්නෙ මැඩම්මද කියල. මොකද දිනූශි මැඩම්ව අපේ කම්පැනි එකේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ මෙච්චර කාලෙකට ආව නිශ්ශබ්දම තැන්පත්ම සහ සැරම කෙනා හැටියටයි.


මැඩම් දිලිසෙන ඇස් දෙකකින්, කටින් පොඩි හිනාවකුත් දාගෙන ආසාවෙන් මං දිහාම බලන් හිටපු නිසා මම මැඩම්ගෙ පුටුව ගාවම දණින් නැවිල පාත් උනා.


පාත් වෙලා මැඩම් දිහාට අත් දෙක දික් කරන් හිටියා.


මැඩමුත්, හෑන්ඩ් කෆ් දෙක මමම දාගන්නව වෙනුවට එයා ලව්වා දාගන්න හදපු නිසා තවත් සතුටින්, හිමින් සැරේ ඒ දෙක මගෙ අත් දෙකට දාලා ලොක් කලා.


ඒකෙ යතුරු මුකුත් නෑ. නිකංම ලොක් එකක් පන්නන්න තියෙන්නෙ.


"අනේ.... කියුට්..... හී.... ඔහොම්ම දණගහගන්නවද... අවුලක් නෑනෙ... රිදෙන එකක් නෑ... කාපට් එක තියෙනවනෙ..."


"හා මැඩම්..."


පිරිමියෙක් විදිහට, ගෑණියෙක් ඉස්සරහ මම මේ කරන වැඩේ ගැන මටම මං ගැන පොඩි ලැජ්ජාවක් ඇති උනත්, මම කලින් කිව්වත් වගේ, මම හිත යටින් ඒකට ගොඩක් ආස කලා. දිනූශි මැඩම්ගෙන් මෙහෙම අමුතු ආදරයක් ලබන එක තමයි, මගෙ ජීවිතයේ මම අත්විඳල තියෙන අත්භූතම, ඒත් ලස්සනම දේ...!


බොරුවට ආදරේ කියල ලේබල් ගහගෙන කරන හිත් රිද්දගැනීම් වලට වඩා... මැඩම්ගෙන් මට මේ ලැබෙන ආදරේ කොච්චර පිරිසිදුද...!


මැඩම් හිනා වෙවී, මගෙ ඔලුව අතගගා ටිකක් වෙලා මං දිහා බලන් හිටියා. මැඩම්ගෙ සුදු පාට අත් වල හිරිගඩුත් පිපිලා. ඒ තරන් එයා සතුටින් ඉන්නෙ...


"සකුන්...."


"කියන්න මැඩම්..."


"අමාරු නෑ නේද... "


"නෑ මැඩම් එහෙම අවුලක් නෑ..."


"වෙරි ගුඩ්... ඒනම්... අම්ම්ම්ම්ම්ම් (ලැජ්ජාවෙන් වගේ) you know what to do now... go ahead... please your madom..."


මැඩම් එහෙම කිව්වෙ, පුටුවෙන් කැරකිලා මගෙ පැත්තට කකුල් දෙක දාගෙන, දණහිසට ඇඟිල්ලෙන් තට්ටුවක් දාන ගමන්.


කරන්න ඕනෙ වැඩේ දන්න හන්දා මම ප්‍රශ්න කිරීමකින් තොරවම, මැඩම් ගාවට තව ළං වෙලා, මැඩම්ගෙ සිනිදු කකුල් දෙකට උඩින් තොල් තියාගෙන හිමීට කිස් කලා.


මැඩම් ඇඳන් ඉන්න ඔෆිස් ස්කර්ට් එක දණහිසට පොඩ්ඩක් උඩින් ඉවරයි. මම ස්කර්ට් එක ගාවට වෙනකංම කකුල් දෙකම හිමින් සැරේ කිස් කර කර හිටියා. මැඩම් මට දණහිස ගාවින් වැඩිය පහළටවත් උඩටවත් යන්න දුන්නෑ. මම සීමාව ඉක්මවල උඩට හෝ පහළට යනකොට මැඩම් මගෙ කොණ්ඩෙන් හිමීට අල්ලල පහළට තල්ලු කරනව හෝ ඉහළ අදිනව.


ඇත්තටම... මැඩම් මේ පනවන සීමාවන් ඔක්කොම අපි ඔෆිස් එකේ ඉන්න නිසා විතරයි...!


එහෙම නැත්තං, මැඩම් ගෙදරදි මීට වඩා 'ගොඩක්' එහාට මට යන්න දෙනව.


"සකුන්... දැන් ඇතී... කෝ උඩට එන්න... හොඳ ළමය වගේ..."


මැඩම්ගෙ කකුල් දෙක කිස් කර කර ඉන්න අතරෙ මැඩම් මගෙ කම්මුලකින් අල්ලල උඩට අදින ගමන් කිව්වා.


මමත් මැඩම්ගෙ කීමට, ඒ වැඩේ නවත්තල මැඩම් ගාවින් ආයෙ හිටගත්ත.


මැඩම් හිනාවෙවී, ඒත් හරිම ආදරණීය බැල්මකින් මගෙ දිහා පොඩ්ඩක් වෙලා ඇස්පිය හෙලන්නැතුවම බලන් හිටියා. ටිකකින් මැඩමුත් පුටුවෙන් නැගිටල මගෙ ඉස්සරහින් හිටගෙන, මූණට බර වෙලා මගෙ කම්මුල් දෙක කිස් කලා.


"ගුඩ් බෝයි මගෙ... අද ගෙදර ගියාම... හොඳ තෑග්ගක් දෙන්නං මැඩම්... හානෙ..."


සිද්ද උන පොඩි දෙයින් උනත්, ආශාවෙන් මුසපත් වෙලා හිටි නිසාද මංදා, ඒක ඇහුන හැටියෙම මගෙ මූණෙ ලොකු හිනාවක් ඇඳුනා මටත් නොදැනිම.


"හරි මැඩම්..."


"දැන් එන්න කවන්න... ඔහොම කියන දේ අහන් ඉන්නව නං මැඩම් හැමදාම ආදරෙයි... තේරුනා නේද..."


"ඔ... ඔව් මැඩම්..."


"ගුඩ්... පුටුවක් අරන් එන්න... බත් එකත් ගේන්න මේසෙට..."


"හරි මැඩම්..."


මම එහෙම්ම ආයෙ හැරිල කෑම එක ගේන්න යන්න හදනකොට, මැඩම් මගෙ කමිසෙ කොලර් එකෙන් අල්ලල පස්සට ඇදල ගත්තා.


"මෝඩයො... ඕක ගලවන් ඉන්න මුලින්... මරු ඇසිස්ටන්ට්... ඒකටවත් සිහියක් නෑ..."


"අහ්... සොරි මැඩම් අමතක උනා..."


මැඩම් හිනා වෙවීම, හෑන්ඩ් කෆ් දෙකේ ලොක් එක පන්නල ඒක ආයෙ අර පෙට්ටියටම දැම්මා. දාලා මගෙ නහයට හිමීට ඇඟිල්ලෙන් තට්ටුවක් දාලා කෑම එක අරන් එන්න කියල ඇඟෙව්වා.


මම වේගෙන් ඇවිදන් ගිහින්, කෑම එකත් අරන් පුටුවකුත් උස්සන් මැඩම්ගෙ මේසෙ ගාවට ආවම, මැඩම් එයාගෙ පුටුව එහාට කරගත්ත. මම ඒ හම්බුනු ඉඩෙන් පුටුව තියාගෙන, මැඩම් ගාවින්ම වාඩි උනා.


"ඔම්ලට්ද ගෙනාවෙ... අනේ මෝඩයො... මම කිව්වෙ ඔයා කන ජාතියක් ගේන්න කියලනෙ..."


මැඩම් වාඩි වෙලා බත් එක ලිහන ගමන් ඇහුවෙ, ආපහු මගෙ ඔලුවට තට්ටුවක් දාන ගමන්. මොකද, මම ගෙනාවෙ මැඩම් කන්න ආස ජාතියනෙ...


"අවුලක් නෑ මැඩම්... මම කනව ඕවත්..."


"හරි එහෙනං එන්නකො වැඩියෙන් කවන්නං අද... හානෙ..."


මං ඔලුව වනල 'හා' කිව්වට පස්සෙ මැඩම් බත් එක අනල හිමින් හිමින් මට කැව්වා.


දිනූශි මැඩම්ගෙ හැසිරීම්, එක එක වෙලාවලට වෙනස් වෙන එක හරි අමුතුයි.. මම දිනූශි මැඩම්ව දැක්ක පළවෙනිම දවසෙ හිතන් හිටපු කෙනාට වඩා ගොඩාක් වෙනස් කෙනෙක් දැන් මේ එහා පැත්තෙන් ඉඳගෙන මට කවන්නෙ... ඇත්තටම... දිනූශි මැඩම් මට මෙහෙම කවන එක මට ඊට වඩා පුදුමයක්...!


පාඨක ඔබට හිතෙයි මම 'මැඩම්' 'මැඩම්' කිව්වට මේ මගෙ පෙම්වතිය කියල... ඒත් අපි දෙන්න අතරෙ තියෙන්නෙ එහෙම සම්බන්ධයක් නෙවෙයි... ඒක ආදරයක් තමයි... ඒත් වෙනස් විදිහක ආදරයක්...


දිනුශී මැඩම්ව දැක්ක පළවෙනිම දවසෙ, අපි දෙන්න අතරෙ මෙහෙම දෙයක් වෙයි කියල හීනෙකින්වත් නොහිතුනු විදිහෙ අමුතු ආදරයක්...!


දිනූශි මැඩම්ව දැක්ක පළවෙනිම දවස...!?


ඒ සිද්දිය උනේ මීට අවුරුද්දකට විතර කලින්... එදා තමා මගෙත් 'මැඩම්'ගෙත් කතාව ආරම්භ උනේ... 


මතු සම්බන්ධයි...!



කතාව ගැන හිතුනු දෙයක් කියාගෙන යන්න. ඉස්සරහට ඕනෙද හෝ එපාද කියල. රිඇක්ට් එකකුත් දාගෙන යන්නෝ...

Report Page