Writers ලගෙ අලුත් ට්‍රෙන්ඩ් එක
Honey_Bird#No category!

මුලින්ම මම මාතෘකාව නිවැරදි කරල ඉන්නං. මාතෘකාවට එන්න ඕනෙ Authors කියල. Writers ල කියන්නෙ ස්වනිර්මාණ කරන අය නෙවෙයි. එයාල දැනටම වෙච්ච දෙයක් හෝ යමක් වචන වලට හරවන අය. Authors ල කියන්නෙ නවකතා , කෙටිකතා ආදිය , තමන්ගෙ බුද්ධිය මෙහෙවල රචනා කරන අය. ඒ උනාට පහසුව සහ වැඩියෙන්ම කටට හුරු වචනෙ writer නිසා මම ඒකම භාවිත කරන්නං.
ඒක ගැන ඉවරයි. මම අද කතා කරන්න යන දේ , මම ගොඩක් සන්සුන්ව කතා කරන්නං. aggressive method එකකට යන්නෙ නෑ මම , මොකද මගෙ සහෝදර රචකයන්ට මම බනින්න කැමති නෑ. සහ එයාල මං ගැන වැරැදි විදිහට හිතනවට කැමති නෑ.
ළඟකදි ඉඳන් මට තැන් කීපෙකින්ම screen shots ආව. ඒ යම් යම් කතාවල අවසානයේ තියෙන සාප කිරීමක් ගැන. කෙටියෙන්ම කිව්වොත් , තමන්ට කමෙන්ට් නොකරන අයට සාප කරල යම් කිසි දෙයක් කතාවෙ අගට සම්බන්ධ කරල.
ඇත්තටම ඒක වැරැදි වැඩක්. මට වැඩක් නෑ රචකය කවුරු උනත්. මගෙ යාලුවොත් ඉන්නව writers ල ගොඩක්. ඒ අයගෙ උනත් එහෙම දෙයක් දැක්කොත් මම මූණටම කියනව මේක වැරැද්දක් කියල. මොකද මට කොහෙත්ම අවශ්‍ය නෑ , writers ල ගැන පාඨකයන්ගෙ හිතේ නරක අදහසක් ඇති වෙනව බලන්න.
මම මේක දැන්ම කියන්නෙ , තවත් කාලයක් ගිහිල්ලත් කවුරුත් මේ ගැන මුකුත් නොකිය හිටියොත් හැම කතාවකම අගට "........කමෙන්ට් නොකරන් උන්ට...... සාප වේවා!" කියල වැටෙයි. අන්න එදාට මම නං මේ සයිඩ් එකෙන් යනව.
නිකමට හිතපං බං ඒක කොච්චර වැරදි වැඩක්ද කියල. අපි බස් එකක යනකොට , බබෙක් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙක්ට සීට් එක දීල , "මට ස්තූතී කියපං , නැත්තං ඔය බබා නැති වෙලාම පලයන්" කියන්නෑනෙ බං. තත්වයන් දෙක සම්පූර්ණෙන්ම වෙනස් උනත් මෙතන වෙන්නෙත් ඒ වගේ දෙයක් නෙවේද?.
මම පිළිගන්නව. හැමෝම වගේ කතාවක් ලියන්නෙ comment එකක් අරගෙන තමන්ව ඇගයීමට ලක් වෙනව දකින්න ආසාවෙන්. ඒ උනාට දෙයක් ඉල්ලන යම්කිසි ක්‍රමවේදයක් තියෙනව බං. ඇයි ඒකෙන් පිට පැනල මේ වගේ දරුණු දේවල් වලට යන්නෙ.
රචකයො කියන ලේබල් එක අපි පැත්තකට දාමුකො. මනුස්සයො හැටියට ඇයි අපි වෙන කෙනෙක්ට සාප කරන්න තරන් පහත් වෙන්නෙ. තමන්ට comment එන්නැත්තං කතාව නොලිය ඉන්න. එක්කො comment එකක් දාන්න කියවන හැමෝම කියල ඉල්ලීමක් කරන්න. මම දන්නව කතාවලට එන views ගානෙන් 10%ක්වත් comment නෑ කියල.
ඉතින් ඒකට අපි මොනා කරන්නද බං. ඇයි අපි අපේ තත්වෙ නැති කරගන්නෙ අර වගේ දේවල් දාල. Comment කරන්නැති අයට අරව වේවා! මෙහෙම වේවා! සාප වේවා! කියල , රචකයෙක් ලෙස හෝ මිනිහෙක් ලෙස හෝ උඹල ඔය කරගන්නෙ සමාජෙ පල්ලෙහාටම වැටෙන වැඩක් නෙවේද?
කුල භේද අනුව සමාජෙන් ලැබුණ තැන තීරණය උන කාලෙ ඉවරයි දැන්. ගුණධර්ම අනුව සමාජෙ තැනක් ලැබෙන කාලෙක අපි ඉන්නෙ. Writers ල කියන්නෙ ගුණධර්ම , සාරධර්ම , යහපත් ගති පැවතුම් අතරින් ඉහළින්ම ඉන්න ඕනෙ පිරිසක්. ඇයි උඹල ඒක විහින් නැති කරගන්නෙ.
ඒ නිසා please. මම මේ ඉල්ලීමක් කරන්නෙ ඇත්තටම. වෙන writers ලගෙ වැඩ වලට ඇඟිලි ගහන එක මගෙ සාමාන්‍ය සිරිතක් නෙවෙයි.
සාප කිරීම සම්බන්ධව කවුරුත් මුකුත් කියන්නෑ , ඒකට තද වෙලා උඹල කතා දෙන එක නවත්තයි කියල බයට. ඒ කියන්නෙ උඹලගෙ කතා ඒ තරන් කියවන උන්ට හිතට වැදිල. ඒ කියන්නෙ උඹ හෙන දක්ශයෙක්. ඒ දක්ශකම , අර වගේ පහත් දෙයක් නිසා බාල්දු කරගන්න එපා.
මම වැඳවැටිල හරි කරන ඉල්ලීමක් මේක. සමස්ථ රචකයො හැමෝම වෙනුවෙන්. ඒ විදිහට සාප කිරීම් , දරුණු බැන වැදීම් තමන්ගෙ කතාව තුළට ඇතුල් කරගන්න එපා. මීට පස්සෙවත් එහෙම නොකර ඉන්න. ඒක මේ කලාවට කරන අපරාධයක්.
ඒ වගේම ඒ වගේ දේවල් දැක්ක , මුහුණ දුන්න සියලුම පාඨකයන්ට , ඒ Writers ල වෙනුවෙන් මම සමාව ඉල්ලනව. සමහරවිට මේක එයාල කියෙව්වොත් ආපහු එහෙම දාන එකක් නෑ. හැම රචකයෙක්ම එහෙම නෙවෙයි. එක comment එකෙන් උනත් අසීමිතිව සතුටු වෙන Writers ල ඉන්නව. පාඨකයන්ගෙන් මම ඉල්ලන්නෙ , හැම writer කෙනෙක් දිහාම ඒ වගේ බලන්න එපා. හැමෝම එහෙම නෑ.
මම පැණි කුරුල්ලා. ඒ වගේ දේවල් කතාවලට දාපු කවුරු හරි කෙනෙක්ට මාත් එක්ක පෞද්ගලිකව කතා කරන්න ඕන්නං මෙන්න මගෙ acc එක :- @HB_Ruu_comment
සුභ දවසක් හැමෝටම!
කිසිම කෙනෙක් මේකට comment කරන්න එපා. මේක මම ලිපියක් විදිහට ලියපු එකක් නෙවෙයි. දැන්වීමක් හැටියට ලියපු එකක්.
##මම අද කතාව type කරන එකත් නවත්තල මේක ලියන්න ගත්තෙ. ඇත්තටම දුකෙන් ලියන්නෙ. මේ වගේ දේවල් වලට මම ගොඩක් සංවේදී. රචකයෙක් විදිහට නෙවෙයි. මනුස්සයෙක් විදිහට.