වඳුරෙක් වෙන්න එපා. සිංහයෙක් වෙන්න.
#Society

එක්තරා යුවලක් , ඒ කියන්නෙ සැමියා සහ බිරිඳ දවසක් යනව සත්තු වත්තකට. මෙයාල සත්තු වත්තෙ ඇවිදින අතරෙ මේ දෙන්න එනව වඳුරො දෙන්නෙක් හිටපු ලොකු කූඩුවක් ගාවට. මේකෙ ඉන්නෙ වඳුරයි වැඳිරියි. ඉතින් අර යුවල මේ කූඩුව දිහා බලනකොට මේ වඳුරයි වැඳිරියි දෙන්න බොහොම ආදරයෙන් වෙලීගෙන සෙල්ලම් කර කර ඉන්නව.
මේක දැකල අර බිරිඳ , එයාගෙ සැමියට කතා කරල කියනව , "ආනේ බලන්න හරිම ආදරණීය යුවලක්. ඒ දෙන්න බොහොම සතුටින් ඉන්නව. ඒ වඳුරා වැඳිරි ගැන ගොඩක් හිතනව වගේ" කියල.
අර සැමියා මේකට මුකුත් කියන්නැතුව හිටිය.
ඉතින් මේ යුවල වඳුරො දෙන්න හිටපු කූඩුව පහු කරන් ටික දුරක් එනකොට දැක්ක , සිංහයෙකුයි සිංහ ධේනුවකුයි හිටපු තව ලොකු , දැල් ගහල වටකරපු බිම් කෑල්ලක් ගාවට.
මේ සිංහයයි සිංහ ධේනුවයි එකිනෙකාගෙන් ඈතට වෙලා හිටියෙ. ඒ දෙන්න කිසිම ආදරයක් පෙන්නුවෙ නෑ. සිංහය හැසිරුනේ සිංහ ධේනුවක් එතන නෑ වගේ.
මේක දැකල අර බිරිඳ කියනව , "අනේ අර බලන්නකො. මේ දෙන්න අතරෙ නං කිසිම ආදරයක් නෑ වගේ. අර සිංහය , සිංහ ධේනුවව ගනන් ගන්නෙවත් නෑනෙ" කියල.
මෙතනදි මේ සැමියා කියනව , "ඔබ හිතන්නෙ එහෙමද?. මම කියනවට ඔය වැටිල තියෙන ගලක් අරන් සිංහ ධේනුවට ගහන්න" කියල.
ඉතින් බිරිඳත් , සැමියා කියපු නිසා බිම තිබ්බ ගලක් අරන් අර සිංහ ධේනුව දිහාට විසි කලා.
එතකොටම අර පැත්තකට වෙලා හිටපු සිංහය නැගිටල ඇවිල්ල මේ යුවල දිහාට ගොරවල , සිංහ ධේනුව ඉස්සරහට ඇවිත් ඇයව ආරක්ශා කලා. කලින් සිංහ ධේනුව දිහා බැලුවෙ වත් නැති , මේ සිංහය කරපු වැඩේ දැකල අර කාන්තාව පුදුම උනා.
මේ යුවල සත්තු වත්තෙ ඇවිදල ආපහු එන අතරෙ ආපහු අර මුලින්ම හම්බුනු වඳුරු කූඩුව ගාවට ආව. සැමියා එයාගෙ බිරිඳට කිව්ව මේ වැඳිරි ගාවටත් අර වගේ ගලක් විසි කරන්න කියල.
ඉතින් බිරිඳ ගලක් අහුලන් , ඒක අර වැඳිරි ගාවට විසි කරපු ගමන් බය උන වඳුරයි වැඳිරි දෙන්නම හෝ ගාල දුවන්න ගත්ත. කලින් වැඳිරි එක්ක ආදරෙන් සෙල්ලම් කරපු වඳුර , ඒ වැඳිරිවත් පෙරලගෙන දිව්වෙ.
ආදර සම්බන්ධයක උනත් , මොනයම් සම්බන්ධය උනත් අපිට මේ දෙආකාරයෙම පුද්ගලන් හම්බෙනව. පිටින් පේන්න ආදරේ කරල , ප්‍රශ්නයක් උන තැනකදි ඒ ඔක්කොම අමතක කරල තනියම දුවන අය වගේම , කිසිම ආදරයක් නොපෙන්නුවත් , ප්‍රශ්නයක් උන තැනකදි අනෙකා වෙනුවෙන් ඉදිරිපත් වෙන අය ඕනෙ තරම් මේ සමාජෙ ඉන්නව.
සමහරවිට ඔයාලටත් මේ දෙආකාරයේම මිනිස්සු ගැන අත්දැකීම් පවා ඇති.
වර්තමානයේ සිංහයන්ට වඩා සිටින්නේ වඳුරන් කියල අවිවාදයකින් තොරවම අපිට දැකගන්න පුලුවන් දෙයක්. ආදර සම්බන්ධයක උනත් , ලව් කරන මුල් කාලෙ දෙන රොමෑන්ටික් වදන් , මැසේජ් වලටම විතරක් සීමා වෙලා පවුල් ජීවිතේ කරුමයක් කරගත්තු මිනිස්සු ඕනෙ තරම් ඉන්නව. එහෙමත් නැතිනං ජීවිතේම දීල ආදරේ කරල අන්තිමට තනිකම උරුම කරගත්ත මිනිස්සුත් ඉන්නව.
අපිට වර්තමාන සමාජෙදි මේ දේවල් පුදුමක් නෙවෙයි. බූටක් කන එක , ලව් එකක් කැඩෙන එක , කෙල්ලට හොරෙන් වෙන කෙල්ලො පස්සෙ යන එක , කොල්ලට හොරෙන් වෙන කොල්ලො එක්ක යන එක , මේව දැන් අපිට හෙන සාමාන්‍යයයි. මොකද වඳුරො එක්කම ඉඳල ඉඳල අපිත් ඒකට පුරුදු වෙලා. මිනිස්සු පිටින් පේන්න මාර කැටයම් දාල ආදරේ කලත් ඇතුලාන්තෙන් ඒ හදවත් හිස්.
ආදරේ බොළඳ උනේ මේ හින්ද. ආදරේ බොරුවක් උනේ මේ හින්ද. ආදරේ කියල දෙයක් නෑ කියල මිනිස්සු හිතන්න පුරුදු උනේ මේ හින්ද. මේ ඔක්කොටම හේතුව අපි අතරෙ ඉන්න වඳුරො රැල. පූජනීය දෙයක් උන ආදරේ කියන ආයුධය වඳුරෙක්ට දුන්නම , වඳුර දන්නෑ ඒක පාවිච්චි කරන්න. ඌ ඒක සෙල්ලමකට අරගෙන ආතල් ගන්නව.
ආතල් ඉතුරු වෙනව , ආදරේ කියන නමට කෙල වෙනව.
ඉතින් කවදාවත් ඔයා වඳුරෙක් වෙන්න එපා. සාමාන්‍ය විදිහට ආදරේ කරන්න බැරි නං , අඩු ගානෙ සිංහයෙක් හරි වෙන්න!