අතීතයේ කරපු අමුතු සත්ව අභිජනන පහක්

අතීතයේ කරපු අමුතු සත්ව අභිජනන පහක්


#Super_Five

RL

ඉතිහාසය පුරාවටම විද්‍යාඥයන් විසින් විවිධ පරීක්ශණ සිදු කරල තියෙනව. ඉතින් අද මම කතා කරන්නෙ ඒ විදිහට කරපු අමුතු භයානක අභිජනන කිහිපයක් ගැන. එහෙනං යමු ලිපියට.


1.මානව-චිම්පන්සි අභිජනනය (Humanzee)

මේ ගැන මුලින්ම වාර්තා වෙන්නෙ 1920 දි විතර. රුසියානු ජාතික ඉල්යා ඉවනොවිච් (Ilya Ivanovich) විසින් පළමු වරට මේ අදහස ඉදිරිපත් කරන්නෙ 1910 වර්ශයේ , සත්ව විද්‍යාඥායන්ගේ ලෝක සම්මේලනයේදී. මිනිස්-ච්මිපන්සි සුසංයෝගයක් ගැන තමයි මේ අදහස ඔහු කියන්නෙ. ඊට පස්සෙ 1920 වෙන කොට ඉල්යා ඉවනොවිච් පරීක්ශණ ගනනාවක් කෙරුව. මොහු මුලින්ම කලේ ගැහැණු චිම්පන්සි තිදෙනෙක්ට මානව ශුක්‍රාණු සමග සංසේචනය වෙන්න අවස්ථාව සලසපු එක. ඒ උනාට ඒ ප්‍රයත්නයන් අසාර්ථක උනේ චිම්පන්සි තිදෙනාම ගැබ් ගත්තෙ නැති නිසා.


ඊට පස්සෙ ඉල්යා විසින් පිරිමි චිම්පන්සියෙක්ගෙන් ශුක්‍රාණු ලබාගෙන , මිනිස් ස්වේච්ඡා කාන්තාවක් සමග සංසේචනය කරන්න හැදුව. ඊට අවුරුද්දකට පස්සෙ සෝවියට් රජය මගින් ඔහුට දේශපාලනික විවේඡන එල්ල කරපු නිසා ඔහු පරීක්ශණ කටයුතු අතෑරල කසාක් පශු වෛද්‍ය ආයතනයේ සේවයට ගියා.


ඊට පස්සෙ කාලයක් මේ ගැන කිසිම පුවතක් වාර්තා නොවී තිබිල 1980 දි චීනෙන් ආපහු මේ ගැන පරීක්ශණ කලා කියල වාර්තා උනා.


1967 දී සිදුකලා කියන මේ පරීක්ශණයේදී තරුණ ගැහැණු චිම්පන්සියෙකු , මිනිස් ශුක්‍රාණු මගින් ගැබ් ගෙන ඇති බවත් කලලය හොඳින් විකසනය උන බවත් සඳහන් වෙනව. ඒත් චීනෙ සිදු උන සංස්කෘතික විප්ලවයෙන් පස්සෙ මේ පරීක්ශණ ඇණ හිටල. මාස තුනක ගැබිණියක් උන තරුණ ගැහැණු චිම්පන්සියත් , නිසි වෛද්‍ය සැලකිල්ලක් නැති නිසාම මිය ගිහිල්ල.


2.මානව ගව කලලය (Human cow eggs)

මානව ගව කලලය

බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයන් පිරිසක් තමයි මේ ගැන පරීක්ශණ කරල තියෙන්නෙ. අභිජනනයකට වඩා පොඩ්ඩක් වෙනස් දෙයක් මේක. විශේෂ දෙකක ජීවින්ගේ ජණ්මාණු සංසේචනය කිරීමක් මෙතනදි වෙලා නෑ.


මේකෙදි කරන්නෙ ගව ශුක්‍රාණුවක් එක්ක සංසේචනය වෙච්ච ගව ඩිම්බයක් සිදුරු කරල මිනිස් DNA අඩංගු ගොණුවක් ඒ තුලට දාන එක. විද්‍යාඥයන් පවසල තියෙන විදිහට ඒ ඩිම්බය විකසනය වෙනකොට , ඔවුන්ට පුලුවන් වෙනවලු කලල මූලික සෛල ලබාගන්න. මිනිස් DNA අඩංගු වෙන නිසා එම කලල මූලික සෛල භාවිතයෙන් පාකිසන් රෝගයට බේත් කරන්නට තම මේ පරීක්ශණය සිදු කරල තියෙන්නෙ.


ඒ උනාට සදාචාරාත්මක විවේචන නිසා කෙටි කලකින්ම පරීක්ශණ නවත්තන්නට වෙලා තියෙනව.


3.කුන්ගා (Kunga)

ගල් සිතුවම් වල සඳහන් වන කුන්ගා

කුන්ගා කියන්නෙ නං මෑත කාලිනව කරපු අභිජනන සත්වයෙක් නෙවෙයි. පුරාණ සිරියාවෙ සහ මෙසපොතේනියාවේ ගල් රූප වලින් හඳුන්ගත් සතෙක් තමා කුන්ගා කියන්නෙ. කුන්ගා ගෙ ඇටසැකිලි පරීක්ශණයට ලක් කලාම හොයාගෙන තියෙනව මේ කුන්ගා කියන්නෙ ගැහැණු ගෘහාශ්‍රිත බූරුවෙකු සහ පිරිමි සිරියානු වල් බුරූවෙක් අතර කරපු අභිජනනයක් කියල. පිරිමි නං වල් තමා නේ.


කුන්ගාව හදන්න මූලිකම හේතුවක් වෙලා තියෙන්නෙ කරත්ත අදින්න. ඒ කාලෙ අශ්වයො ඉඳල නෑනෙ. ඉතින් පුරාණ මිනිස්සු මේ කුන්ගාව නිපදවල ඒකට විසඳුමක් ලෙස. විවාහ උත්සව සඳහා තෑගි දෙන්නත් කුන්ගාව බහුලව භාවිත වෙලා තියෙනව. අති බහුතර අභිජනන ජීවින් වගේම කුන්ගාත් වඳ සත්ව අභිනනයක්. මෙයාලට නැවත වර්ගයා බෝ කරන්න බෑ. ඉතින් ආපහු ආපහු මේ සත්වයන්ව හදන්න වෙලා තියෙනව.


4.පිරෙනියානු අයිබෙක්ස් (Pyrenean ibex)

පිරෙනියානු අයිබෙක්ස් කියන්නෙ 2000 වසරෙ මුල් බාගයේදි ලෝකයෙන් වඳවී ගිය සත්ව උප විශේෂයක්. ලොකයේ අවසන් අයිබෙක්ස් සත්වයා ගැහැණු සත්වයෙක්. ඇය මිය යන්න වසරකට පමණ පෙර , විද්‍යාඥයන් ඇයගේ කණෙන් පටක සාම්පල අරන් ගබඩා කරගෙන තියෙනව.


ඉතින් මේ පටක සාම්පල හරහා පිරෙනියානු අයිබෙක්ස් ව ක්ලෝණකරනයක් කරල නැවත එම සත්ව ගහනයක් හදන්න තමයි යෝජනා වෙලා තිබුණෙ. ඒ වැඩේ බාර දුන්නෙ ඇමරිකානු ජෛව තාක්ශණික සමාගමක් වන advance cell technology කියන සමාගමට. කොහොම උනත් මේ ව්‍යාපෘතියට බාධාවක් එල්ල උනා.


පටක කොටස් ගත්තෙ ගැහැණු සත්වයෙකුගෙන් විතරක් නිසා ක්ලෝණකරණය මගින් නිපදවන්න හැකි උනෙත් ගැහැණු සත්තු විතරයි. ඉතින් ගහනයක් නිපදවන්න පිරිමි සත්තුත් එපැයි.


කොහොම උනත් මේ පරීක්ශණය අසාර්ථක උනා. ක්ලෝන කලල 284කින් 54ක් විතරක් නිරුපද්‍රිතව සාදගන්න හැකි උනත් ඒ 54නුත් මුල් මාස දෙක ඇතුලත 52ක් විනාශ උනා.


2003 ජූලි 30 වෙනිද එක ක්ලෝනයක් පණපිටින් උපත ලැබුවත් පෙණහලු වල දෝශයක් නිසා විනාඩි කීපයකින් මිය ගියා.


5.අප්‍රිකානු-ආසියානු සිංහ අභිජනනය.

1980 ගණන් වල ඉන්දියාවෙ විද්‍යාඥයන් පිරිසක් විසින් සර්කස් එකක හිටපු අප්‍රිකානු පිරිමි සිංහයන් දෙදෙනෙක් , ආසියානු හීලෑ සිංහ ධේනුවන් සමග සංසේචනය වෙන්නට ඇරිය. ඉතින් මේ පරීක්ශණයෙන් බලාපොරොත්තු උනේ අප්‍රිකානු සිංහයන් සතු ශක්තිය සහ ආසියානු සිංහයන් සතු හීලෑ වීමේ ගුණය එකතු කරල පරිසරයට උචිත නව විශේෂයක් හොයාගන්න එක. නමුත් අවාසනාවකට ඒ පරීක්ශණයෙන් ප්‍රථිඵල උන සිංහ පැටව් 70කට ආසන්න ප්‍රමාණයෙන් ගොඩක් පැටවුන්ට පාද අප්‍රාණික වීම , ප්‍රතිශක්ති පද්ධතියේ දුර්වලතා , කායික ආබාධ වගේ දේවල් උපතින්ම උරුම උනා.


ඉතින් පස්සෙ මේ ව්‍යාප්තිය නවත්තල දාන්න තීරණය කලා. රෝගවලට ලක් උන පැටවුන්ව මරන එක සදාචාර සම්පන්න නැති නිසා ඔවුන් ස්වභාවිකව මිය යනකං බලන් ඉන්නත් සිදු උනා.


ඉතින් මේ වගේ දේවල් තමා අතීතයේ මිනිස්සු සත්තු සහ විද්‍යාව භාවිතයෙන් කරල තියෙන්නෙ. ඔයා මොකක්ද හිතන්නෙ මේ ගැන.


#Super_Five

Report Page