ඇෆ්‍රඩයිටි (Aphrodite)
#GreekMythology

Aphrodite (a·fruh·dai·tee) කියන්නෙ ආදරය, අලංකාරය, ලිංගික සතුට සහ සශ්‍රීකත්වය කියන අංශයන්ට අධිපති වන ඔලිම්පියන්ස් දෙවඟනයි. "ආශාව" කියල අපි පොදුවේ හඳුන්වන හැඟීම භාරව ඉන්නෙ ඇයගේ දරුවෙක් උන Erotes කියන දෙවිවරයා.
Aphrodite කියන නම හැදිල තියෙන්නෙ, යුරේනස් ගෙ ශිෂ්ණයෙන් වැටුණ පෙණ (foam/aphros) වලින් මැවුණ කියන අර්ථය ඇතුව. සරලවම කිව්වොත් ශුක්‍රාණු.
Aphrodite විවාහ උනේ Hephaestus එක්ක උනත්, ඇය සියුස් සහ හේඩිස් එක්ක ඇරෙන්න අනිත් හැම ඔලිම්පියන්ස් දෙවි කෙනෙක් එක්කම සම්බන්ධකම් පවත්වල තියෙනව. ඒ අන්සතු පෙම් අතරෙන් ප්‍රසිද්ධම සම්බන්ධය තමයි Ares එක්ක පවත්වපු සම්බන්ධය.
Aphrodite ගෙ උපත සම්බන්ධව ප්‍රධාන මත දෙකක් තියෙනව. එකක් තමයි උඩදි අපි කතා කරපු යුරේනස්ගෙ ශුක්‍රාණු වලින් ඇයව මැවුන කියන කතාව. අනික තමයි ඇය, සියුස් සහ ඩියෝනා (Diona) කියන ටයිටන්වරියට දාව උපන් දරුවෙක් කියන කතාව. කොහොම උනත් Aphrodite කියන්නෙ, ගොඩක් ඔලිම්පියන්ස් දෙවිවරු වගේම දෙවනි පරම්පරාවෙ දෙවඟනක්.
Aphrodite කොච්චර ලස්සනද කියනව නම්, ඒ කාලයේ පිරිසිදු කාන්තාවන් ලෙස සැලකුණ (කන්‍යාවියන්/ ලිංගිකව හැසිරුනේ නැති/ කන්‍ය පටලය බිඳ නොගත්) Artemis, Athena, සහ Hestia කියන දෙවඟනන් හැරුණම අනිත් සියලුම දෙනා ඇයට වසඟ වෙලා තියෙනව. සික් එක කොච්චරද කියනව නං, ඇය ඔලිම්පස් කඳු මුදුනට පැමිණුන වහාම, එතන හිටපු හැම දෙවිවරයෙක්ම ඇයව තමන්ගෙ කරගන්න හිතාගෙන අනිත් දෙවිවරු එක්ක සටන් කරල තියෙනව.
මේ සටන නවත්තන්න ඕනෙ නිසාම, සියුස් ඉක්මනටම ඇයව Hephaestus ට විවාහ කරවල දීල තියෙනව. Hephaestus කියන්නෙ ඒ වෙනකොට දේව සභාවෙ හිටපු අවලස්සනම දෙවිවරයා. (ඔන්න ඔතනින් වෙන්නැති හොඳ ඇපල් කන්නෙම පණුවො කියන කතාව හැදුනෙ).
විවාහ උනාට ඉතින් Aphrodite පිට පනින එක නං Hephaestus ට නවත්තගන්න බැරි උනා.
ඉතින් Aphrodite මේ විදිහට අනිත් අය එක්ක ලිංගිකව හැසිරෙන බව Hephaestus ට සැළ උනත්, ඔහුට ඒකට එකපාරම කරන්න දෙයක් තිබ්බෙ නෑ. (Cuckold). නමුත් පසුව ඔහු, ලෝකඩ දැලක් භාවිත කරල, Aphrodite වෙනත් කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙමින් සිටින අවස්ථාවක, ඒ දැලට ඔවුන් දෙන්නව හසු කරගෙන අනිත් දෙවිවරුන්ට ඒ බව කියල තියෙනව. එතනට ආපු දෙවිවරු Aphrodite වෙනත් කෙනෙක් එක්ක අහවල් කාරිය කරනව දැකල ඇයට හිනා වෙලා තියෙනව.
කොහොම උනත් poseidon කියන්නෙ වෙනම breed එකක්නෙ. මෑන් එතනට ආවෙ ඇයට හිනා වෙන්න උනත්, Aphrodite ගෙ නිරුවත් නග්න ශරීරය දැක්කට පස්සෙ, ඔහු ඇයට වසඟ වෙලා ඇයව ඉන් මුදාගෙන තියෙනව.
පොසයිඩන් කරපු ඒ උදව්වට, Aphrodite ඔහුට හොඳට සලකල තියෙන බවට අපිට අනුමාන කරන්න පුලුවන්. මොකද Aphrodite ට දුවෙක් හිටියා Rhodes කියල. එයාගෙ තාත්තා පොසයිඩන් කියල තමා සඳහන් වෙන්නෙ.
මේ ලෝකඩ දැලේ සිදුවීමෙන් පස්සෙත් Aphrodite දිගින් දිගටම වෙනත් දෙවිවරු එක්ක එකතු වෙලා දරුවන් බිහි කරල තියෙනව.
Aphrodite ගෙ තවත් සම්බන්ධයක් තමයි Hermes (හර්මිස්) එක්ක ඇය පවත්වපු සම්බන්ධය. හර්මිස් ට ගොඩක් භාර්‍යාවන් හිටියෙ නැති උනත් ඔහුත් Aphrodite ට Hermaphrodites කියල දරුවෙක්ව දීල තියෙනව. (එක වරක් හරි ඇය එක්ක ලිංගිකව එකතු වෙලා තියෙනව)
ඉතින් මේ ගැන හොඳටම හිතුවම, සියුස් සහ හේඩිස් ඇරෙන්න, Aphrodite අනිත් හැමෝටම ගහන්න දීල... (ආ නෑ සොරි), අනිත් හැමෝම එක්ක සම්බන්ධකම් පවත්වල තියෙනව. හේඩිස් කියන්නෙ කොහොමත් ඔලිම්පස් කන්දෙ හිටපු කෙනෙක් නෙවෙයි, සහ සියුස් කියන්නෙ Aphrodite ගෙ පියා කියල සඳහනක් තියෙන බවත් කිව්වනෙ අපි කලින්. ඒ නිසා හරියටම බැලුවොත් තමන්ගෙ පියා ඇරෙන්න, තමන්ව දැකපු හැම සුන්දර පිරිමියෙක් එක්කම වගේ ඇය සම්බන්ධකම් පවත්වල තියෙනව.
Aphrodite අනිත් දෙවිවරු එක්ක වගේම පෘථිවියේ හිටපු සාමාන්‍ය මිනිසුන් කීප දෙනෙක් එක්කත් සම්බන්ධකම් පවත්වල තියෙනව. ඒකට හොඳම උදාහරණයක් තමයි Aeneas කියන්නෙ. බලවත් රෝම අධිරාජ්‍යයේ නිර්මාතෘ උන Aeneas කියන්නෙ Aphrodite ට සහ ට්‍රෝජන් දේශයේ කුමාරයෙක් උන Anchises ට දාව උපන් පුතා.
Aphrodite ගැන ගොඩක් දෙනෙක් වැරදියට හිතන් ඉන්න දේ තමයි, ඇය ආදරය විතරක් පාලනය කරනව කියන කාරණාව. ඒත් ඇත්තටම ඇය ආදරයට අමතරව, ලස්සන, ලිංගික සතුට සහ සරුසාරවත් බවත් පාලනය කළා.
ඇයගෙ ලස්සනට වශී නොවුන සමහරුන්ට ඇය දැඩි දඬුවම් දෙන්න තරන් Aphrodite උඩඟු සහ අහංකාර කෙනෙක් හැටියටත් සැලකෙනව.
ඩොල්ෆිනුන්, රෝස මල්, පරෙවියන්, ගේ කුරුල්ලන්, කැඩපත්, සිප්පි කටු සහ හංසයන් කියන්නෙ Aphrodite ව සංකේතවත් කරන සලකුණු කීපයක්.
More pics of Goddess Aphrodite