නිරයෙන් ඇසෙන කතාවක්

නිරයෙන් ඇසෙන කතාවක්


සංවේදී අය කියවන්න එපා!

®

මම නිහාල්. ලංකාවෙන් චුත උනාට පස්සෙ මම කරපු පව් නිසා මට අපායට එන්න සිද්ද උනා. අවුරුදු 400කට අපායෙ හිරකරන්න නියම උනත් , කල්ක්‍රියාව හොඳයි කියල මට අවුරුදු 230කින් යමරජු සමාව හිමි උනා. ලංකාවෙ ඔය ජනාධිපති සමාව කියන්නෙ. අන්න ඒ වගේ එකක්. ඉතින් එහෙම්ම අපායෙ යමපලු entrance එක්සෑම් එක ලියල මම junior යමපල්ලෙක් විදිහට ජොබ් එකට ආව.


දැන් මම senior යමපල්ලෙක්!


"අඩේ නිහාල් මෙහෙ වරෙන්"


ලෝඩ් යමරජු එතුමගෙ ආසනේ ඉඳන් මට අඬගහනව ඇහිල මම සැනික දුවන් ගියා.


"කියන්න සර්"


"නිහාල්. අර අලුත් ප්‍රොජෙක්ට් එකේ වැඩේ මොකෝ. කම්පැනි එකෙන් මට කිව්වෙ මේ මාසෙ ඉවර කරනව කියල. තාම ඉවර වෙන පාටක් නෑ වගේ"


"ඒක සර් මෙහෙමයි. දැන් අලුතෙන් ගත්තු space එකේනෙ හදන්නෙ. ඒක සර් කලින් දිවියලෝකෙක කෑල්ලක්ලු. දැන් අපායට රෙන්ට් එකට දීල තියෙන්නෙ , දිවියලෝකෙට මිනිස්සු එනව අඩු නිසාලු. අපායටනෙ ඔක්කොම ට්‍රාන්සර් වෙන්නෙ. ඉතින් සර් අපායෙ කම්පැනි වලට, මෙහෙ ඉඳන් දිවියලෝකෙටම බඩුත් අරන් යන්න එපැයි. පොඩ්ඩක් කල් යනව ඉතින්. ඉඩම මෙහෙ තිබ්බ නං ට්‍රාන්ස්පෝට් ටයිම් එකක් නෑනෙ"


"ආ හරි හරි"

"නිහාල් , උඹ ජොබ් එකට ආවෙ ළඟදි නේ?"


"ඔව් සර්"


ඒ ගමන මට ප්‍රමෝශන් එකක් වත් සෙට් වෙන්නද යන්නෙ?


"තමුසෙ කලින් වැඩ කලේ කොහෙද?"


"මම වැඩ කලේ සර් ලංකාවෙ සමෘද්ධි සංවර්ධන නිලධාරියෙක් හැටියට. මලාට පස්සෙ කෙලින්ම මෙහෙට ආව. අවුරුදු 400ක් අපායෙ දුක් විඳල දැන් මේ ජොබ් එක හම්බුනේ"


"ආ හරි හරි. ලංකාවෙ සමෘද්ධි සංවර්ධන නිලධාරි නං එතනින් එහා කියන්න ඕන්නෑ"


හෙ හෙ. ඒම නෑ. පොඩ්ඩක් හොරකන් කලේ.


"තමුසෙලගෙ ලංකාවෙ සෙට් එකක් ඊයෙ ආව මෙහෙට. උන්ව කෙලින්ම යැව්ව ලෝදිය හැලිය ගාවට. දැන් උන් ලෝදිය බිබී වේදනාවෙන් කෑගහනව ඇති. හ හ හා"


මූ දන්න pacac නෑ බං. ලංකාවෙ උන් ගැන දන්නෙ ලංකාවෙ උන්නෙ.


"මොන පිස්සුද සර්. අන්න උන් දැනට ලෝදිය හැලි තුනක් ඉල්ලන් බීල. බීල අපිට බනිනව ගමේ බඩු තරන් සැර නෑනෙ ඕයි කියල. අමු තිරිසන් කසිප්පුකාරයොන්ව ලෝදිය හැලියට යවන්න එපා සර්. ඕකුන් ලෝදිය වලට වඩා සැර ජාති බොනව ලංකාවෙ ඉඳන්"


"අම්මප කියපං?"


ලෝඩ් යමරජ්ජුවො දන්නෙ ඉස්සර ලංකාව ගැන. මිනිහ තාම new generation එක ගැන දන්නෑ. ඒකයි මේ.


"සර් දන්නවද උන් ලෝදිය බීල ඊළඟට කරල තියෙන්නෙ මොකක්ද කියල"


"නෑනෙ බං. ඇයි මොකෝ කරල තියෙන්නෙ?"


"ලෝදිය හැලිය තඹනෙ. උන් සෙට් එක ඒ හැලිය අරගෙන , එතන හිටපු යමපල්ලට අලුත් බේසමක් දීල ගිහිල්ල."


"මල හත්තිලව්වයි. එහෙනං මම ඊළඟට ආපු ලංකාවෙ සෙට් එක උල් කටු ගහේ නගින්න යැව්වෙ හොඳ වෙලාවට."


"සර් එතනත් වරද්දගෙන"


"ඒ මොකෝ බොල එහෙම කියන්නෙ."

ලෝඩ් යමරජු ඇස් දෙක හීනි කරල එහෙම අහනව මගෙන්.


"ආන් උන් කටු ගහ කපල කුට්ටි කරල මොරටුවට පටවල යවල."


යමරජ්ජුරුවො


"යකෝ. ලංකාවෙ පට්ට හොරුනෙ බොල ඉන්නෙ"


"හොරු තමා සර්. ලංකාවෙ අපි පැවතගෙන එන්නෙ විජය කුමාරයගෙන් නෙ. විජය කුමාරය කියන්නෙ ඉන්දියාවෙන් පිටුවහල් කරල තවත් හොරු පන්සීයක් එක්ක ලංකාවට ආව එකෙක්. ඒ ඇවිල්ල මේ කාලකන්නිය කුවේණි කියල කෙල්ලෙක් ටෝක් කරල ළමයෙකුත් දීල අන්තිමට ඒකිට දාර බූටක් තිබ්බනෙ."


"ඈහ්"


"ඉතින් එහෙම එකෙක්ගෙන් පැවතගෙන එන ලංකාවෙ උන් , ජානමය වශයෙනුත් හොරු තමා"


යමරජ්ජුරුවො ඔලුවට අතගහගත්ත ඒක ඇහුවම. මොකද අපායෙ බ්‍රෝඩ්කාස්ට් එකේ, ඉස්සර ලෝකෙන් උතුම් රට ලංකාවයි මියුසික් එක දාලනෙ මේකෙ සවුන්ඩ් සප්ලයර්සල. මෙහෙ ඔක්කොම හිතන් ඉඳල තියෙන්නෙ ලංකාව සුරපුරයක් කියල.


"නිහාල්. උඹට මම වැඩක් දෙන්නද?"


"කියන්න සර්"


"අද ඉඳන් ලංකාවෙන් මෙහෙට ට්‍රාන්සර් වෙන උන් ගැන උඹ බලාගනින්. අපිට වඩා උඹනෙ දන්නෙ ඒ ගැන. අර අලුත් ප්‍රොජෙක්ට් එකත් ලංකාවෙ උන්ටම තමා"


"ආ මම කරන්නං සර්. ඒක නෙවේ. ඔය අලුත් ප්‍රොජෙක්ට් එක මොකක්ද ඇත්තටම?"


"මේකනෙ බං. ලංකාවෙ හිටපු සාම්ප්‍රදායික පව්කාරයොනෙ දැන් මෙච්චර කල් ආවෙ. ඒ උනාට මෑතක ඉඳන් එහෙ හිටපු ලෝයර්ස්ල , දේශපාලකයො වගේ උන් එකා දෙන්න එන්න ගත්ත මෙහෙ. උන්ට දෙන්න තරන් ෆැසිලිටීස් මෙහෙ මදි. ඉතින් තව හොඳට උන්ට සලකන්න අපි අලුත්ම අපායක් හදනව සතර අපායට පිටින්."


ලංකාවෙ උන්ට අබ සරණයි!


අපාය ගැන පොඩි ලිපියක්

SHARE

Report Page