චරිත ගොඩනැගීම
[Part 01 - ARCS] | #BG #HB #2022

අපි දන්නව කතාවක් ලියනකොට ඒ කතාව චරිත කීපයක් ඉන්නව. චරිත එකක් වෙන්න පුලුවන්. චරිත සීයක් උනත් වෙන්න පුලුවන්.
ඉතින් මේ එක එක චරිතයක් කතාවට යොදාගන්නකොට , කතාව කියවන කෙනාට 'ඒ චරිතය මෙන්න මෙහෙමයි' කියල හිතේ ඇඳෙන්න ඕනෙ. කතාව හොඳට අවබෝධ වෙන්න නං , කතාවෙ චරිතත් , පාඨකයට හොඳට අවබෝධ වෙන්න ඕනෙ.
දැන් අපි චරිතයක් ගැන හැඳින්වීමක් කියල සාමාන්‍යයෙන් කරන්නෙ , එයාගෙ කොණ්ඩෙ දිගයි , එයා සුදුයි , එයා කොටයි , එයාගෙ ඇස් නිල් පාටයි වගේ දේවල් දාන එකනෙ. ඇත්තටම කතාවට ඒක අත්‍යවශ්‍ය නෑ. මොකද ඔයා කතාව ලියනකොට ඔයාගෙ හිතේ ඇඳුනු චරිතය නෙවෙයි පාඨකයගෙ හිතේ ඇඳෙන්නෙ.
අනිත් එක එහෙම කරුණු දැම්ම කියල ඒක කතාව සෘජුවම බලපෑමක් කරන දෙයක් නෙවෙයි.
එහෙනං මොනවද අපි චරිතයක් හඳුන්වන කොට කියන්න ඕනෙ?
සාමාන්‍යයෙන් කතාවක් ලියනකොට අපි හදාගන්න ඕනෙ character profile එකක්. ඒ කියන්නෙ නිකං අදාළ චරිතෙ ගැන සවිස්තරාත්මක විස්තරයක්. මම උඩ කිව්ව වගේ භෞතික දේහය ගැනත් කිව්වට කමක් නෑ.
හැබැයි ඊටත් වඩා වැදගත් වෙන දෙයක් තියෙනව. අපි සරලව කෙටියෙන් කියනව character ARCS කියල. A.R.C.S. කියන්නෙ කෙටි යෙදුමක්.
ඒක දිග ඇරියම,
- Attractive qualities
- Room for growth
- Clear goals
- Something to lose
මෙන්න මේ හතර ගැන තමා අපි අද කතා කරන්නෙ. චරිතයක් ගොඩනැගෙන මූලිකම කරුණු හතර තමා මේ.
1.Attractive Qualities
මෙතනදි කියන්නෙ ඒ ඒ චරිතයේ ගතිගුණ ගැන. ඒ කියන්නෙ ඔයාගෙ කතාවෙ ඉන්න චරිතයක් , ඒ කතාවට අනුව කොහොම කෙනෙක්ද කියන එක වගේ දෙයක්.
උදාහරණයක් විදිහට , රාගයේ විලාපය කතාවෙ යොහාන් අහිංසක , ටිකක් බුද්ධිමත් විහිලුකාර කොල්ලෙක්.
හැබැයි නුහුරු ඇරයුම් කතාවෙ ප්‍රධාන චරිතය වෙන කොල්ලා (නම මතක නැත) අල මෝඩය. ඌ විභාගෙත් නාගත්ත. හැබැයි කරුණාවන්තයි. ඒ කතාවෙම ඉන්න කෙල්ල , හෙන වසයි. ඒ උනාට හොඳයි. මාර ඩීසන් පිට ඉන්නෙ.
අන්න ඒ වගේ අදාළ චරිතයට තියෙන ගති ලක්ශණ ටික අපි පාඨකයගෙ මනසට දැම්මොත් එයාට කතාව තේරුම් ගන්න ලේසි වෙනව.
දැන් අපි ගත්තොත් එකම චරිතයක් , එක තැනකදි හොඳ කරුණාවන්ත අහිංසක එකෙක් වගේ කියල , හේතුවක් නැතුවම වෙන තැනකදි දරුණු දුශ්ඨයෙක් වගේ වැඩ කරනව කියල කිව්වොත් කියවන කෙනාට හිතාගන්න බෑනෙ මෙයා මොන වගේ කෙනෙක්ද කියල.
අන්න ඒ නිසා අදාල චරිතයේ ගතිලක්ශණ ගැන හොඳ හැඳින්වීමක් දෙන්න.
2.Room for growth
කතාව ගලාගෙන යනකොට හැම චරිතෙම එකම විදිහට ඉන්නෑනෙ. මිනිස්සු කාලයත් එක්ක වෙනස් වෙනව. ඉතින් අන්න ඒ දේම තමා මේකෙදි අපි කරන්නෙ.
ඔයාගෙ කතාවෙ යම්කිසි චරිතයක් , කතාව ඉදිරියට ගලාගෙන යනකොට කාලයත් එක්ක වෙනස් වෙනව. පොල්ලෙන් ගැහුව වගේ අද බේබද්දා වෙලා හෙට සිරිමත් වෙනව වගේ වෙනස් වීමක් නෙවේ මම කියන්නෙ.
කාලයත් එක්ක ක්‍රමානුකූලව , ඔයාගෙ කතාව තුළ වෙන යම් යම් සිදුවීම් නිසා තෝරාගත් චරිතයක් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනව වගේ අදහසක් මේ කියන්නෙ.
උදාහරණයක් විදිහට,
ආත්මාර්ථකාමී වෙලා හිටපු කෙල්ලෙක් කාලයක් යනකොට ඒ පුරුදු අතෑරල අනිත් අය ගැනත් හිතන්න ගන්නව. ඒකට හේතුව විදිහට කතාව ඇතුලෙ එයාටම තේරෙනව , අනිත් මිනිස්සු එයාව අතෑරල දැම්මම දැනෙන හැඟීම.
අන්න ඒ වගේ.
-අමු තිරිසන් බේබද්දෙක් කෙල්ලගෙ කීමට බොන එක අතාරිනව.
-තමන්ටම වෛර කරපු කෙනෙක් කාලයත් එක්කම තමන්ට ආදරය කරන්න පටන් ගන්නව.
-යාලුවෙක් , තමන් එයාට කරපු දෙයක් නිසා කතාවෙ ඉස්සරහට යනකොට හතුරෙක් වෙනව.
මේ වගේ සිදුවීම්.
ඔයා කතාව ලියන්න කලින් මේ දේවල් හදාගෙන ඉන්න තරමට ලේසි. මොකද එතකොට කතාව ගොඩනැගෙන්නෙ චරිතයේ හැසිරීම් මතනෙ. ඔයාට ඕනෙ විදිහට නම්‍යශීලි වෙලා කතාව වෙනස් කරන්න පුලුවන් උනත් , චරිතෙක ගති පැවතුම් එක පාර වෙනස් කරන්න බෑනෙ. ඉතින් මේ දේවල් මුලින් හදාගෙන ඉන්න.
3.Clear goals
චරිතෙකට පැහැදිලි අරමුණක් තියෙන්න ඕනෙ. පැහැදිලි ඉලක්කයක්. ගොඩක් වෙලාවට මේක බලපාන්නෙ ප්‍රධාන චරිත කීපයට. ඉලක්කයක් කියන එකෙන් මම අදහස් කරන්නෙ , ඒ චරිතය කතාව තුළ සපුරාගන්නා හෝ හඹායන දෙයක්. කතාවෙ හැටියට ප්‍රධාන චරිතෙ කොල්ලෙක්. ඌ කෙල්ලෙක්ට කැමති. එයාව ටෝක් කරගන්න එක තමා කොල්ලගෙ ප්‍රධාන ඉලක්කය.
ඉතින් කතාව සම්පූර්ණෙන්ම ගොඩනැගෙන්නෙ කොල්ලගෙ ඒ ඉලක්කය මත. අන්න ඒ වගේ අදහසක්. ආදරයම වෙන්න ඕන්නෑ. යාලුවෙක්ව බෙරගන්න එක , නපුරව පරද්දන එක , කාව හරි මරණ එක වගේ දේවලුත් කාගෙ හරි ඉලක්කයක් වෙන්න පුලුවන්.
අපිත් දුශ්ඨයො කාගෙ හරි කතාවක වගේ තමා.😂.
ඒ නිසා අදාළ චරිතයට තියෙන ඉලක්කය හෝ සපුරාගන්න ඕනෙ දේ සියුම්ව විස්තර කරන්න. එතකොට කියවන එකා දන්නව කතාව යන්නෙ මෙන්න මේ ගැන තමා , මේ චරිතෙ මෙහෙම කෙනෙක් , මෙයාට මෙහෙම පුලුවන් වෙයි වගේ දේවල්.
4.Something to lose
කලින් එකේ කිව්වනෙ යම්කිසි ඉලක්කයක් සපුරගන්න හැටි ගැන.
මේකෙ තියෙන්නෙ ඒක අනිත් පැත්ත. ඔයාගෙ කතාවෙ අදාළ චරිතය යම්කිසි ඉලක්කයක් පසුපස හඹායන්නැත්තං , හෝ ඉලක්කයක් , අරමුණක් නැත්තං , ඔයාට පුලුවන් එයාට නැති වෙන දෙයක් ගැන ලියන්න.
කලින් උදාහරණය හැටියටම ගත්තොත් ,
ඔන්න දැන් කොල්ලා කෙල්ල පස්සෙන් යනව. ගිහිල්ල ටෝක් කරනව. කොල්ලා මුලු හදවතින්ම කෙල්ලට ලව් කරනකොට එක පාරටම කෙල්ල කොල්ලව දාල යනව.
කතාවට අවසානයක් ගේනකොට , ඒකට චරිතයක් සම්බන්ධ වෙන්නෙ එහෙමයි.
ඒ නිසා කතාව ලියන්න කලින් ප්‍රධාන චරිත කීපය හෝ මුලින් හදාගෙන , එයාලගෙ ගති ලක්ශණ , පැවතුම් , ඉලක්ක , අරමුණු වගේ දේවල් සසඳල බලල ඒ අනුව කතාව ලියන්න පටන් ගන්න.
උදව්වක් වෙන්නැති කියල හිතනව.
ජය වේවා!
#Writers_series - සීරීස් එකම එක page එකකට ගන්නව. පොඩ්ඩක් ඉන්ඩ.