නවක රචකයන්ට වැදගත් කරුණු පහක්

නවක රචකයන්ට වැදගත් කරුණු පහක්


#BG #HB #2022

RL

1.තරුණ රචකයෙක් වෙනව කියන්නෙ වැඩකට නැති දෙයක් නෙවෙයි


මේක ලංකාව. හරිනෙ. පුදපු ගමන් කාපි යකා වගේ , ලංකාවෙ කලා හැකියා බල්ලට දාල තියෙන්නෙ. writing side එක නං මෙහෙමවත් යනව. සමහර පැති වැටිලම ගිහිල්ල.


ඉතින් මේ කාලෙ ගොඩක් writing industry එකට බහින්නෙ ඉස්කෝලෙ යන නංගිල මල්ලිල. නවක රචකයො විදිහට ඉන්නෙ තරුණ කොල්ලො කෙල්ලො ටිකක්. මේ වයස තමා අපිට නිර්මාණශීලි අදහස් ඇවිල්ල අලුත් අලුත් පිස්සු වැඩ ඔක්කොම කරන්න හිතෙන්නෙ. ඉතින් නරක පැත්තට යනවට වඩා ඔයාගෙ ඒ තියෙන ඇම්මෙන් ඔයා කතාවක් ලියනව කියන එක සෑහෙන වටින දෙයක්.


writer කෙනෙක් වෙනව කියන්නෙ වැඩකට නැති , කම්මැලි , මෙලෝ රහක් නැති , ගොන් වැඩක් කියල මම ඉස්සර හිතන් හිටිය. කොල්ලෙක් කතාවක් ලියනව කිව්වම මම හිනා උනා සමනල්ලු කියල. ඒ ඉස්සර මට ඇතුලුව වෙන මිනිස්සුන්ට තියෙන එක එක මත. ඉතින් අලුතෙන් කතාවක් ලියන්න ඉන්න ඔයාටත් මිනිස්සු එක එක ඒව කියල හෝ එහෙම කියයි කියල තියෙන බයට කතාවක් නොලියම ඉන්න හිතෙයි.


එහෙම කරන්න එපා. මිනිස්සු අලුත් දේවල් බාරගන්න කැමති නෑ. මේ ලංකාව වගේ රටවල් වල. ඒ වගේම අලුත් කෙනෙක් ඉස්සරහට එනවටත් කැමති නෑ. දැන් උඹලම දන්නව ඇති ගෙවල් වලට කිව්වොත් කතාවක් ලියන්න ඕනෙ කියල උඹට ගහල පන්නයි. මෙච්චර වියදම් කලේ වැඩක් නැති මගුල් කරන්නද කියල. ඉතින් ඔයා කොච්චට නිර්මාණශීලි කෙනෙක් උනත් කොච්චර ලොකු වටින අදහස් ඔලුවෙ තිබ්බත් ඔයාටත් වෙන්නෙ රොබෝ කෙනෙක් වගේ වැඩ කරන් ඉන්න.


මම කියන්නෑ වැඩ පාඩු කරන් හරි කතා ලියපං කියල. මම කියන්නෙ ඒ හැකියාවෙන් මේ කාලයේ ප්‍රයෝජනයක් ගන්න. free ටයිම් එකට කතාව පොඩ්ඩ පොඩ්ඩ ලියන්න. මොකද ලෝකයට හැම අතින්ම අලුත් කෙනෙක් ඕනෙ. පරණ කෙනෙක් යනකොට ඒ තැන පුරවන්න ඉන්නෙ තරුණ උඹල.


කාලෙ හොඳයි තාලෙ හොඳයි. සේරම හොඳයිනෙ මේ කාලෙ. ඕනි තරන් publishing paths තියෙනව. ඒ නිසා උඹලත් උඹලගෙ පළවෙනි කතාව ලියල "writer" කෙනෙක් වෙන්න බයෙන් වගේ ඉන්නව නං , මිනිස්සු හිනා වෙයි කියල බයෙන් ඉන්නව නං , උන්ට බම්බු ගහගහින් කියල උඹ ලියපං කතාව. මිනිස්සුන්ගෙ ඒ තියෙන පටු අදහස් වෙනස් කරන්න පුලුවනුත් උඹලටම විතරයි.



2.මේක එකපාරටම ගොඩ යන්න පුලුවන් දෙයක් නෙවෙයි.


කොච්චර inspiration ටෝක් දුන්නත් වදන් දුන්නත් මේක සිඟිති indystry එකක් නෙවෙයි. උඹලට හිතෙයි 'ආ මම වැඩ්ඩෙක්. මට පුලුවන්. මම පළවෙනි කතාවෙන්ම චැනල් හොල්ලල ගන්නව' වගේ දේවල්. ඒක හැමෝටම එහෙම වෙන්නෑ. සමහරු පළවෙනි කතාවෙන්ම හිට් වෙනව. බහුතරය එහෙම නෑ.


ලොකු හීනමාන වල ඉන්න එපා. writer කෙනෙක් හැටියට වත් ජීවිතේවත් ගොඩාක් ලොකු, දරාගන්න බැරි තරන් ලොකු හීන හදාගන්න එපා. ඒව බොඳ උනාම රිදෙනව වැඩී. worst posibility හිතාගෙන වැඩ කරන්න ඕනෙ. එතකොටයි පොඩි දේකින් හරි තෘප්තිමත් වෙන්න පුලුවන් වෙන්නෙ.


දැන් අලුත් රචකයෙක් චැනල් එකක තරඟෙකට තමන්ගෙ පලවෙනි කෙටි කතාව ලියනව. සමහරවිට ඒක තරඟෙන් දිනයි. සමහරවිට නැති වෙයි. එහෙම දිනුවෙ නැති උනාම ඉතින් මානසිකව වැටෙනව.


මේක පට්ට ලේසි , ඕනෙ එකෙක්ට එක පාරින් ගොඩ යන්න පුලුවන් , හෙන ආතල් සබ්ජෙක්ට් එකක් නෙවේ බං. writers ල මාර ප්‍රශ්න වල ඉන්නෙ. සමහරවිට කතාව කියවන උන්ට හිතාගන්නවත් බැරි ප්‍රශ්න ගොඩක writer ඉන්නව. ඒ උනත් කතාවෙ රසයට හානියක් නොවෙන්න ගේම ගහනව කොහොම හරි. ඒකට ගැම්මක් තියෙන්න ඕනෙ. කාගෙන කරන්න පුලුවන් වෙන්න ඕනෙ.


දැන් මට පෞද්ගලිකව ඒ හැකියාව නෑ. එකෙක් හරි comment කලොත් කතාව වැඩක් නෑ කියල , මම ලොවෙත් මේ ඔක්කොම දමල ගහල යනව යන්න. මට එහෙම කාගෙන කරන්න බෑ. උඹලට හිතෙයි අයියෝ ඒක සුලු දෙයක් කියල. කතාවක් ලියල comment නෑ කියල දැක්කම එන හැඟීමවත් විඳින්නැතුව උඹලට ඒ දේවල් තීරණේ කරන්න බෑ. ඒ නිසා මේක දිවියලෝකෙ කියල හිතන් වැඩේට බහින්න එපා. කැපකිරීමක් ඕනෙ. කට්ටක් කන්න තියෙන දෙයක්.



3.අත්දැකීම් ලබා ගන්න ඕනෙ.


කාමරේකට වෙලා ඉඳගෙන බාහිර ලෝකයෙන් සම්පූර්ණෙන්ම මිදිලා කතා ලියන්න බෑ බං. උඹ කතාවක් ලියන්න ඉන්නව නං උඹට පොඩ්ඩක් හරි ලෝකය ගැන අත්දැකීමක් තියෙන්න ඕනෙ බං. එක එක මිනිස්සුන්ව අඳුරගෙන තියෙන්න ඕනෙ. එක එක සිදුවීම් වලට මුහුණ දීල ඉන්න ඕනෙ. එතකොටයි උඹේ කතාවට ඒ දේවල් ආදේශ කරල කතාවට නැවුම් රසයක් , realistic ගතියක් එන්නෙ.


අපිට හැමදේම හිතින් මවාගෙන ලියන්න අමාරුයි. හැමෝම නෙවේ. සමහරු ඉන්නව චරිත වෙනම හදල ඒ ඒ සිදුවීම් තනියම හිතින් ගොඩනගන අය. ඔය දැන් කතා ලියන අයියල අක්කලත් ඉන්නෙ එහෙම. ඒ වගේම සමහරු ඇත්ත ජීවිතේ අකුරු කරනව. ඒවගෙ අමුතු රසයකුත් තියෙනව. මේක ෆැන්ටසියක්ම නෙවේ කියන මතේ එනව නිකංම හිතට.


උඹ අලුත් රචකයෙක් නං මම කියන්නෙ ලෝකයත් එක්ක ගැටෙන්න කියල. ලෝකෙන් වෙන් වෙලා ජීවත් වෙන්න එපා. රචකයෙක් උන පලියට දවසම කාමර වල හැංගිලා ඉන්නෙ නෑනෙ. ඒ නිසා මුලින් තමන්ගෙ ඇත්ත ජීවිතේට අත්දැකීම් ගන්න. අන්න ඒව ඔයාගෙම වචනෙන් වෙන කෙනෙක්ගෙ මනසට දාන්න. සාර්ථකත්වය ඒකයි.


දැන් මම චරිත හදාගන්නෙ ගොඩක් වෙලාවට ඇත්ත ලෝකෙ මිනිස්සුන්ගෙන්මයි. මම ගෲප් දෙකක ඉන්නව. මණ්දාකිනි ගෲප් එකේ ඇඩ්මින් කෙනෙක්ව අධ්‍යනය කරල මම එකපාරක් චරිතෙ හැදුව. මගෙ ගොඩක් කතාවල ප්‍රධාන පිරිමි චරිතෙ අවලං අසහනකාරි කොල්ලෙක්නෙ. ඉතින් ඒ මගෙ චරිතෙ.😂✌.


අන්න එහෙම ඇත්ත ලෝකෙ අත්දැකීම් මගින් කතාව ලස්සන කරන්න.(හෝ කතාවල් වල් කරන්න)



4.පළවෙනි සැරේම වසරේ හොඳම / ලොකුම / සුපිරිම කතාව රචනා කරන්න යන්න එපා.


ගොඩක් අයට , මුලින්ම මේ writing industry එකට ආවට පස්සෙ හිතට එන සිතුවිල්ලක් තමා "කෝම හරි දඩ කතාවක් ලියල , කට්ටියව සසලෝල අරගෙන , comment වැහි වස්සවගෙන භීසනේ පතුරල ගන්නෝන" කියන එක.


නෑ නෑ එහෙම එකක් නෑ. ඔයා තාම ආධුනිකයෙක්. කවුරුත් ඔයාට බනින්නෑ චරිත පහ හයක , කොටස් 12ක 15ක කතාවක් ලිව්ව කියල. පුන්චි පිඟානක සවලෙන් කන්න යන්න එපා කියල කතාවක් අහල නැද්ද. (කවුරුත් කියපු එකක් නෙවේ. මම අද කිව්ව කියල රන් අකුරෙන් ලියාගනින් කොහේ හරි)


පිඟාන තමා මේ writing ගැන ඔයාගෙ දැනුම , අත්දැකීම් , හැඟීම් ආදිය. පිඟාන පොඩී කියන්නෙ ඔයාට තාම ඒ දේවල් හරියට ලැබිල නෑ. ඉතින් එක පාරටම චරිත පනහක් විතර අරගෙන , කොටස් 200ක විතර සවලක් වගේ ලොකු දෙයකින් කන්න යන්න එපා. හැමෝම නෙවෙයි. බහුතරයට එහෙම බෑ. මම එපා කියල නෙවෙයි කියන්නෙ. මම කියන්නෙ එහෙම කරනවට වඩා ලේසී ඔයා මුලින් පොඩි පොඩි කතාවලින් පටන් ගන්නවනං.


මොකද මම එහෙම පත සයිස් කතාවක් ලියන්න හැදුව මුලින්ම. චරිත දොළහක් විතර දාල කොටස් 50ක විතර එකක් ලියන්න ගියේ. ඒ උනාට කොටස් 7කින්ම වැඩේ අතෑරල දාන්න උනා. මට අත්දැකීම් නැතුව , ලියන ස්ටයිල් එකක් නැතුව ඔහේ ලියන්නං වාලෙ ලිව්වෙ. ඉතින් එහෙම දැනුමක් නැතුව ලොකු ලොකු project කරගහන්න යන්න එපා.


සරලව පටන් ගන්න. ඔයාගෙ පළවෙනි කතාවෙ චරිත තුන් දෙනෙක් හිටියත් කමක් නෑ. කවුරුත් බනින්නෑ චරිත මදි , කොටස් මදි කියල.



5.හදිස්සි වෙලා කතා ලියන්න එපා.


මෙන්න මේ ප්‍රශ්නෙ මෑත කාලීනව මම ගොඩක් දැකපු දෙයක්. හැමෝම කලබලේ එහෙන් මෙහෙන් ගහල දාල කතාව ලියනව. එහෙම ලියන්න එපා. මොකද අපි දන්නව අපේ මනස කලබල උනාම අපිට හරියට අදහස් ගලාගෙන එන්නෑ. එහෙම ආවත් අදහස ගලපල ලියන්න තවත් වෙලාව නාස්ති වෙනව. එක සැරේ බෝස් ගාල විනාඩි විස්සෙන් තිහෙන් කතාව ටයිප් කරල ඉවර කරල විනාඩි පහෙන් පබ්ලිශුත් කරනව කට්ටිය.


ටයිම් ටේබල් එකක් හදාගන්න. පොඩි පොතක ඔයාට නිකං ඉන්න වෙලාවට එන අදහස් ලියන්න. short form එකෙන්. ඊට පස්සෙ වෙනම වෙලාවක් දාගෙන හෝ වැඩ කරන අතරතුර free time එකේ පොඩ්ඩ පොඩ්ඩ කතාව ලියාගෙන යන්න. කලබල වෙලා මුකුත් කරන්න බෑ.



අලුත් උන්ට වැදගත් උනා කියල හිතෙනව. මමවත් තව ගොඩක් කල් මේ සයිඩ් එකේ ඉන්න එකක් නෑ. මම යන්න කලින් තව එකෙක්ව හරි හදල යන්න පුලුවන් නං මම ඒක කරනව. ජය වේවා!

Report Page