දෙබස් වෙන් කරන්න

දෙබස් වෙන් කරන්න

Drg No

#Writer

DNA

මෑතක ඉඳල මම එහෙන් මෙහෙන් දැකල කියවපු කතාවල, එක ප්‍රධාන අඩු පාඩුවක් තිබ්බ.


දෙබස් වෙන් කර නොතිබීම!


අද ඒ නිසා ඒක ගැන කියන්නම්. මහ ලොකු දෙයක් නෑ. දෙබස් වෙන් කරන එකෙන් කියවන කෙනාට කොච්චර ලේසි වෙනවද කියලයි , දෙබස් වෙන් කරනකොට සැලකිලිමත් වෙන්න ඕනෙ දේවල් ටිකයි විතරයි.


එහෙනං වැඩේට බහිමු. මගෙම කතාවක පොඩි දෙබසක් මම උදාහරණයට ගන්නම්.



දෙබස් වෙන් කිරීමක් නැතුව


ශුවර් එකටම මිනිහගෙ නෑදෑයෙක් නානව බලපු නිසා අපිට ශොට් එක දෙන්න තමා මේ ඇවිල්ල තියෙන්නෙ. මිනිහට අහු වෙච්ච එකෙක් ජීවතුන් අතර ඉඳල නෑ කියල දන්න නිසාම මම එතනම වැටිල දණගහන් සමාව ඉල්ලුව.


අනේ බුදු ධර්මෙ මාමෙ සමාවෙන්න. ආපහු මම ජීවිතේට මේ වගේ දෙයක් කරන්නෑ


ධර්මෙ මාම මගෙ ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලල ඉස්සුව.


මේ උඹනෙ බං. උඹ මොකෝ මෙතන කරන්නෙ. අර දිව්වෙ ගයානයද එතකොට


ඈහ්.


ඔ..... ඔව් ධර්මෙ මාමෙ. අනේ සමාවෙන්න මට


මොකටද බං සමාව ඉල්ලන්නෙ

කියල ධර්මෙ මාම අපි හිටපු තැනට ගිහින් ඉලුක් ගාල අස්සෙන් බැලුව.


අද බඩු හරි. අමර කෑමක් කාලා අත කටේ එල්ලන් යන්න වෙන්නෙ.


හප්පටබොල. මරු පොට් එකක්නෙ යකෝ.




උඩුකොමා සහිතව දෙබස් වෙන් කල පසුව


ශුවර් එකටම මිනිහගෙ නෑදෑයෙක් නානව බලපු නිසා අපිට ශොට් එක දෙන්න තමා මේ ඇවිල්ල තියෙන්නෙ. මිනිහට අහු වෙච්ච එකෙක් ජීවතුන් අතර ඉඳල නෑ කියල දන්න නිසාම මම එතනම වැටිල දණගහන් සමාව ඉල්ලුව.


"අනේ බුදු ධර්මෙ මාමෙ සමාවෙන්න. ආපහු මම ජීවිතේට මේ වගේ දෙයක් කරන්නෑ"


ධර්මෙ මාම මගෙ ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලල ඉස්සුව.


"මේ උඹනෙ බං. උඹ මොකෝ මෙතන කරන්නෙ. අර දිව්වෙ ගයානයද එතකොට"


ඈහ්.


"ඔ..... ඔව් ධර්මෙ මාමෙ. අනේ සමාවෙන්න මට"


"මොකටද බං සමාව ඉල්ලන්නෙ"

කියල ධර්මෙ මාම අපි හිටපු තැනට ගිහින් ඉලුක් ගාල අස්සෙන් බැලුව.


අද බඩු හරි. අමර කෑමක් කාලා අත කටේ එල්ලන් යන්න වෙන්නෙ.


"හප්පටබොල. මරු පොට් එකක්නෙ යකෝ."



දැක්කද වෙනස. කතාවයි දෙබසුයි ගානට වෙන් කරල අඳුරගන්න පුලුවන් කියවන කෙනාට. රචකයෙක් විදිහට අපි ප්‍රමුඛත්වය දෙන්න ඕනෙ කියවන්නාගෙ පහසුවට මිස අපේ පහසුවට නෙවෙයි. සමහර අය නං කොහොම තිබ්බත් කියවල කමෙන්ට් එකක් දානව.


ඒ උනාට සමහරු එහෙම කියවන්න කම්මැලි කමට කතාව එහෙන් මෙහෙන් ගහල දාල කියවන්නැතුවම යනව.


ඒ නිසා අනිවාර්යයෙන් කතාවෙ දෙබස් , උඩුකොමා යොදල වෙන් කරල පෙන්නන්න.


සමහරු ""text"" වගේ උඩු කොමා දෙක ගානෙ දානව. ඒකෙ වරදක් නෑ. හැබැයි අත්‍යවශ්‍ය නෑ. නිකංම "text" කියල දැම්මනං ඇති.


ඊළඟ දේ තමයි අපි හිතන ඒව , ෆෝන් රින් වෙන සද්ද, අනං මනං වලට ( ' ) කියන එක උඩුකොමාවක් යෙදුව නං ලේසි. ඒක විශේෂ කරල පේනවනෙ එතකොට.


දෙබසක් යනකොට එක පුද්ගලයෙක්ගෙ කතාවකට පස්සෙ රූලක් තියල අනිත් පුද්ගලයගෙ කොටස ලියන්න. සමහරු එකම පුද්ගලයගෙ කොටස පවා රූල් ඇර ඇර ලියන්නෙ. එතකොට මේ කාගෙ දෙබසද කියල හිතාගන්න ටිකක් වෙලා යනව. එක පුද්ගලයෙක්ගෙ දෙබසක් ලොකු වැඩී නං රූලක් අරින්නැතුව යට පේලියෙන් කියන්න.



උදාහරණ:-


"අදනං කෑවෙත් නෑ බං. උඹල දැන් කොළඹ නේ වැඩ කරන්නෙ.

පඩිත් හම්බෙනවනෙ හොඳට නේහ්"


"පඩි නං නෑ බං මහලොකුවට. මේ.... ඒක නෙවේ.... පෙරේද මාර සීන් එකක් උනානෙ.

පාන් හොරෙක් ඇවිල්ල ගමට !"


"අප්පටසිරි. නෑ....! "


"නෑ නෙවෙයි බං ඔව්. සෑම්ගෙන් පස්සෙ ගමට ආපු ඊළඟ හොරා මේ"



තේරුනානෙ. වෙන් කරන එක පැහැදිලිව කියවන කෙනාගෙ මනසට ලස්සනට තේරෙන්න වෙන් කරන්න ඕනෙ. කතාව කියවන්න කට්ටියව එකතු කරගන්න පුලුවන් ක්‍රමයක් තමා කතාවෙ පිළිවෙල. ඒ නිසා ඒ ගැන අවධානය දෙන්න.


#Writer

Report Page