ඔයත් පටන් ගන්න...

ඔයත් පටන් ගන්න...


#BG #HB #2022

RL

කතාවක් ලියනව ලියනව කියල හිතන් ඉන්න උන්ට. බාලගිරි අද නොවේ හෙට සීන් එකේ ඉන්න උන්ට.


උඹගෙ හිතේ යම්කිසි කතාවක් තියෙනව. හැබැයි උඹ ඒක තාම කෙටිකතාවක් හෝ නවකතාවක් විදිහට ලියල ඉදිරිපත් කරල නෑ. එහෙනං කියවල බලන්න මේක. සමහරවිට උඹට ඇත්තටම උඹේ පළවෙනි කතාව ලියන්න හිතෙයි.


හැමෝටම හැමතිස්සෙම හැමවෙලාවෙම යම් කිසි වැඩක් නොකර ඉන්න හේතු තියෙනව ඕනෙ තරම්. ඒ වැඩේ කරන්න ඕනෙ කියන හේතු අඩුයි ගොඩක් වෙලාවට.


හැබැයි උඹට රචකයෙක් වෙන්න ඕනි නං , උඹට උඹේ හිතේ තියෙන කතාව අනිත් අයටත් කියන්න ඕනි නං උඹට සිද්ද වෙනව අර එපා එපා කියන හේතු ඔක්කෝම අහකට කරල අදම ලියන්න පටන් ගන්න. මොකද අපිට ඇත්තටම වතුරට බහින්නැතුව පීනන්න ඉගෙනගන්න බෑනෙ.


කොටින්ම ඔයා කතාවක් ලියන්න පටන් ගන්නැත්තං ඔයා කොහොමද writer කෙනෙක් විදිහට සාර්ථක වෙන්නෙ?. ඒ නිසා මුලින්ම උඹට ඒ දැනෙන negative feeling වලට බම්බු ගහගනින් කියල කතාව ලියන්න පටන් ගන්න.


උඹ හිතපං උඹේ පළවෙනි කතාව හරියට යුද්ධෙට යන සෙබලෙක්ගෙ armor එක වගේ කියල. එක පාරක් ඒක පැළඳගත්තම යුද්ධෙ ඉවර වෙනකංම ඒක උඹ දාන් ඉන්නව. උඹ පළවෙනි කතාව ලිව්වට පස්සෙ උඹ උඹේ සමස්ථ writing career එක පුරාවටම ඒක පැළඳගෙන ඉන්නව. ආභරණයක් විදිහට නෙවෙයි. උඹට අමතර ශක්තියක් විදිහට.


උඹ උඹේ පළවෙනි කතාව ලියන එකෙන් වෙන්නෙ උඹට හම්බෙන බාධක වලට හොඳ පලිහක් හම්බෙන එක. writer කෙනෙක් හැටියට පළවෙනි කතාව ලියන්න පටන් ගත්තට පස්සෙ උඹ සෑහෙන දේවල් ඉක්මනට ඉගෙන ගනීවි මේ side එක ගැන. සාමාන්‍යයෙන් ඒක එහෙම වෙනව. writing ගැන ලොකු දැනුමක් බොහොම පොඩි කාල සීමාවක් ඇතුලෙ හම්බෙනව. මිනිස්සු ආස මොනාටද. මිනිස්සු හිතන්නෙ කොහොමද. ඒවගේ දේවල් automatically උඹට තේරෙන්න ගන්නව. කතා දෙක තුනක් ලිව්වට පස්සෙ උඹටම තේරෙයි උඹේ improve එක ගැන.


ලෝකෙ ගොඩක් මිනිස්සු ආසාවෙන් ඉන්නව writer කෙනෙක් වෙන්න. ඒක තමා ඇත්ත. ඔයා ඔයාගෙ පළවෙනි කතාව ලියපු ගමන්ම ඔයා ඒ ලියන්න ආසාවෙන් ඉන්න සෑහෙන පිරිසක් පහුකරගෙන එකපාරටම ඉස්සරහට එනව. ඔයා කිසිම අත්දැකීමක් නැති තැනක ඉඳන් යම්කිසි අත්දැකීමක් තියෙන කෙනෙක් වෙනව. ඔයා කවදාවත් නොලියපු කෙනෙක් නොවී ඔයා ඇත්තටම wtiter කෙනෙක් වෙනව.


ඇත්ත. ඔයා ටිකක් දුර කතාව ලියල ආපහු කියවනකොට හිතෙයි මේ මොන විකාරයක්ද මේ කියල. ඔයාට පොඩි disappointment එකක් දැනෙයි. ඔයාගෙ කතාව අනිත් අයගෙ level එකට නෑ කියල. ඒක සාමාන්‍යයයි. පෞද්ගලිකව මගේ පළවෙනි කතාව තරම් චාටර් එකක් මමවත් කියවල නෑ.

ඔයා ලියන්න පටන් ගත්තු ගමන්ම ඔයාට හිතෙයි ඔයා writer කෙනෙක් නෙවෙයි. ඔයාට කවදාවත් writer කෙනෙක් වෙන්න බෑ. මොන මගුලක්ද මේ. මෝඩ වැඩක්. ඔයා ඒ උත්සාහයත් මෝඩ ක්‍රියාවක් විදිහට දකිවී.


ඒ ගැන සැලකිල්ලක් දක්වන්න ගියොත් , ඔයාට කවදාවත් ඉස්සරහට යන්න බැරි වෙයි. ඔයා ඔයාවම විනිශ්චය කරගන්න හදන්න එපා. ඔයා ඔයාටම කරදර කරගන්න එපා. ඔයාට ප්‍රශ්නෙ තියෙන්නෙ අනිත් මිනිස්සුන්ගෙ විනිශ්චය නම් , ඔයා ඔයාගෙ කතාව දැනට පොඩ්ඩක් low profile එකේ තියාගන්න. පස්සෙ ඔයාට satisfied වෙන ගානට කතාව වෙනස් කරල හදල publish කරන්න.


මතක තියාගන්න. කවදාවත් ඔයා writer කෙනෙක් උනා කියල ඔයාට පසුතැවෙන්න වෙන්නෑ. ඔයා පසුතැවෙන්නෙ ඔයාට අවස්ථාවක් තිබිලත් ඒක මඟ ඇරගත්තු නිසා.


බාධක එනව. ලියනකොට වැරදි කරනව. ඔයාට අත්දැකීම් නෑ. ඔයාගෙ skills මදි. මේ වගේ දේවල් හිතෙයි.


අපි 1×100 = 100 යි කියල දන්නවනෙ. ඒ වගේම 0×100 = 0යි කියලත් දන්නවනෙ.


ඔයා ලියන්න පටන් ගන්නැත්තං ඔයාට කවදාවත් වැඩි දියුණු වෙන්න හම්බෙන්නෑ. ඒක හරියට 0 ,100න් වැඩි කලා වගේ. කෝමත් 0යි. හැබැයි ඔයා ලියන්න පටන් අරන් පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගෙන improvement එකක් ලබා ගන්නව. එකින් එක ගිහිල්ල අන්තිමට 1, 100න් වැඩි කලා වගේ. ඔයා 100 ගුණයක් improve වෙලා.


ඒ නිසා හිතල බලන්න. writer කෙනෙක් වෙලා ඔයාගෙ කතා මිනිස්සු ආසාවෙන් කියවනව බලන්න ආසද. නැත්තං හැමදාම "අනේ මටත් කතාවක් ලියන්න තිබ්බෙ" කිය කිය පසුතැවිලි වෙනවද කියල. අලුතෙන් ලියන්න ඉන්න උන්ට උදව් කරන්න ඕනෙ තරන් කට්ටිය ඉන්නව. ඒ නිසා උත්සාහ කරල බලන්න.


ඔයාට සමාජෙට මූණ දෙන්න බයයි නං මම වගේ වෙනම නමකින් එන්න. කරන්න විධි තියෙනව ඕනි තරන්. ඔයා ඒක කරනවද නැද්ද කියන එක විතරයි වැදගත්!

Report Page