වීදි පුරඟන
23විසිතුන්වන කොටස

"සර්... ඕන් කමිසෙ උඩ බොත්තම ගැලවිලා... ඉන්න දාන්නං මං..."
මම කාර් එකේ යතුරත් අරන් දොර ඇරගෙන එලියට යන්න හදනකොටම වගේ, තුරුලි මගෙ උරහිසෙන් අල්ලල නවත්තල කිව්ව.
"ආහ්... බොත්තමේ නූල ලූස් වෙලා වගේ නේ..."
"ආවම ආයෙ අල්ලල දෙන්නං මං... ආ දැන් හරි..."
තුරුලි සීරුවට කමිසෙට උඩින් මගෙ පපුව දිගේ අත යවන ගමන් ඒ බොත්තම දැම්මා.
මම තුරුලිගෙ ඔලුවට තට්ටුවක් දාලා, එයාගෙ මූණට පාත් වෙලා කම්මුලට කිස් එකකුත් දීලා ගෙයින් එළියට බැස්සෙ, අමුතු සතුටකින්.
මෙච්චර දවසක් කිසිම කල එලියක් නැති මේ ගෙදරින් පිටවෙද්දිවත්, ආයෙ එද්දිවත් මට කිසිම සතුටක් වත් දුකක් වත් මොනම හැඟීමක් වත් දැනුන්නෑ. නිකංම හිස් ගෙයක් විතරයි මේක කලින්.
ඒත් අද ඊට හාත්පසින්ම වෙනස් උන අමුතුම උද්‍යෝගයකින් මම ගෙදරින් එලියට බහින්නෙ. ඒක දොරකඩට වෙලා බලන් ඉන්න තුරුලි නිසා උන දෙයක්ද, නැත්තං රෑ මැද්දෙ කොඳුරන තුරුලි නිසා වෙච්ච දෙයක්ද, එහෙමත් නැත්තං ඒ දෙන්නම නිසා වෙච්ච දෙයක්ද කියල මට හරි හැටි තේරුමක් නෑ.
"ආ... සර්... කෑම දෙකම ගත්ත නේද..."
කාර් එකේ දොර අරිනකොටම තුරුලි ආපහු කතා කලා.
"ඔව් ඔව්... කෑම දෙකත් ගත්තා... වතුර එකත් ගත්තා... මම දවල්ට කෝල් එකක් දෙන්නම්... හානෙ... පරිස්සමට ඉන්න මම එනකං..."
"හරී.... හී.... සර්ත් පරිස්සමට ගිහිල්ල එන්න... අනේ ඉම්මනට කෝල් එකක් ගන්න හුඳද..."
"ගන්නම් ගන්නම් මැට්ටි... මං යනවා..."
"අහ්... ඉන්නෝ.... සර්..."
කාර් එකට නගින්න හදනවත් එක්කම, තුරුලි හදිසියෙම කෑගහගෙන දුවගෙන ආව නිසා මම ආයෙ හැරිල ඒ දිහා බැලුවා.
තුරුලි සෙරෙප්පුත් නැතුව නිකංම දුවගෙන ඇවිත්, එක පාරටම මගෙ ගාව නැවිල, මගෙ සපත්තු දෙක අල්ලල වැන්දා.
කලින් හිතුවෙවත් නැතුව ඒ වෙච්ච දේ නිසා තත්පර කීපයක් වික්ශිප්ත මූණකින් තුරුලි දිහා බලන් හිටපු මම, මටත් නොදැනිම එයාගෙ පාත් කරන් හිටපු ඔලුව හිමීට අතගාන්න ගත්තා.
"මෙ... මේ මොකද තුරුලි..."
මම ඔලුව අතගෑවට පස්සෙ ආපහු නැගිටපු තුරුලි, දඟකාර විදිහට හිනා වෙලා මගෙ දිහා බැලුවා.
"හී... මම අහල තීනවා හොඳ මහත්තයෙක්ට වඳින එක ගොඩක් හොඳ දෙයක් කියල. ඒ නිසයි වැන්දෙ..."
"මේ මැට්ටි නං... සෙරෙප්පු නැතුව ආයෙ දුවන්නෑ... තේරුනාද... දැන් ගිහින් කකුල් හෝදගන්න..."
බොරු දැඩි බවක් ආටෝප කරගෙන එයාට සැරෙන් කතා කලාට, තුරුලි ඒ කිව්ව දේ නිසා මම සෑහෙන සතුටු උන බව තුරුලිටත් තේරිලාද කොහෙද, එයා අතකින් කට වහන් හිනා වෙවී ආයෙ දොර ගාවට ගියා.
මෙහෙම ආදරයක් තමන්ට තියෙන බව දැනගෙන ගෙදරින් එළියට බහින මිනිහෙක්ට, කිසිම දවසක් අසතුටකින් ගෙවන්න වෙනවද...?
මම කාර් එක පාරට දාගෙන පේන නොපෙනෙන මානෙට එනකංම තුරුලි කාර් එක දිහා බලාගෙන හිටපු බව මම සයිඩ් කණ්නාඩියෙන් දැක්කා.
ඔෆිස් එකේ පාක් එකෙන් කාර් එක නවත්තල, ඇඟිල්ල තියල සයින් එකත් දැම්මට පස්සෙ මම වෙනද පුරුද්දට කැන්ටිම පැත්තට යන්න හැරුනා. ඒත් පස්සෙ මට තුරුලි උදේ පාන්දරම ඇහැරීගෙන හදල, ඔතල දීපු කෑම පාර්සල් දෙක මතක් වෙලා, ලිෆ්ට් එක දිහාට හැරුනෙ බෑග් එකට පුංචි තට්ටුවක් දාන ගමන්.
"අඩෝ පවනා... අද කන්නැද්ද...?"
නිස්කලංක විදිහට දවස ආරම්භ කරන්න හිතාගෙන ලිෆ්ට් එකේ බට්න් එක ඔබනකොටම, කොහෙදෝ ඉඳල ආපු තුෂාරයා පිටිපස්සෙන් මගෙ උරහිසේ එල්ලීගෙන කෑගැහුව.
එක පාරටම දැනුන ස්පර්ෂය නිසා පොඩ්ඩක් තැතිගත්ත මම, ඊළඟ මොහොතෙ තුශාරය දිහාට හැරුනෙ මල පැනගෙන.
"මොකක්ද බං කරන්නෙ උදේ පාන්දර... ශර්ට් එකත් පොඩි කරන්.. උඹල එක්ක බෑනෙ නිදහසේ ඇවිදින්නවත්.."
"හරි හරි ඕයි... මේ උඹ දැන් නේ ආවෙ... මම දැක්ක උඹ පාක් එකේ ඉඳන් එනව... මොකෝ අද කන්න යන්නැද්ද.. වෙනදට උඹේ රූටින් එක වැටිල තියෙන්නෙ පාක් එකෙන් කැන්ටිමටත්, කැන්ටිමෙන් ඔෆිස් එකටත් නෙ. අද සංඥා මාරු උනාද, නැත්තං වෙන යම් විපර්යාසයක්ද?"
"එහෙම මගුලක් නෙවේ... මම දැන් ගෙදරින් කෑම අරන් එන්නෙ..."
මම ඒක කිව්ව විතරයි තුශාරය ඇස් කන් නාස් සේරම ඇරගෙන මගෙ දිහා බැලුව කන්න වගේ.
"ඈ බං... උඹ ඔන්ලයින් කුකින් කෝස් එකක් වත් කලාද..? නැත්තං කුකින් කෝස් එකක් කරපු කෙනෙක් ඔන්ලයින් ඕඩර් කලාද...?"
මුගෙන් අද දවස බේරිලා ඉන්න බැරි බව තේරුම් ගිය නිසාම, මම ඌත් ලිෆ්ට් එකේ එන ගමන් තුරුලි ගැනයි, මම එයාව බඳිනව කියන එකයි සේරම කිව්වා. ඌ ඉතින් කෝමත් ඕවට සපෝට් එක දෙන එකා නිසා, ඌ හෙන හැපි එකේ මට ආදරය ගැන උපදෙස් මාලාවකුත් දීල තමා ආපහු මාව උගෙ බැල්මෙන් නිදහස් කලේ.
මගෙ මූණෙ අද වෙනද නැති එළියක් තිබ්බ නිසාද කොහෙද, මූණට හම්බුන හැමෝම මගෙන්, "ලොතරැයියක්වත් ඇදුනද" වගේ දේවල් ඇහුවා.
'ආදරය' කියල හඳුන්වන, ලොතරැයියකටත් වඩා වටින දෙයක් මට හම්බුනු බව ඒ අයට කියන්න හිතුනත්, පස්සෙ මම හිනා වෙලා නිකං හිටියා.
ආදරය...!
මම හිතනවා මගෙ මේ හිතේ තියෙන අරුම පුදුම විශ්මයජනක හැඟීමේ මූලාශ්‍රය ඒක කියල...
හෝ... ඊයෙ රෑ ඉඳල අපි දෙන්න අතර සිදු උන සිදුවීම් මාලාව නිසා උපත ලබපු අලුත්ම හැඟීමක් වෙන්නත් පුලුවන්.
ඊයෙ රාත්‍රියෙ උන සිදුවීම්....
තුරුලියි මමයි ඊයෙ රෑ පුරාවටම සැරින් සැරේ එක් උනාට පස්සෙ, අපිටත් නොදැනිම එහෙම්ම නින්ද ගිහින්. දොර ලොක් කරලවත්, ලයිට් නිවලවත් මුකුත් නෑ.
උදේ වෙනකොට තුරුලි මටත් කලින් ඇහැරිලා. එයා තනියම බඩු ටිකත් කාර් එකෙන් අරන් ඇවිල්ල, කාමරේ ඇඳුමුත් අස් කරල, උදේට තේත් හදල ඒ කෝප්පෙත් අරන් කාමරේට ඇවිල්ල තමා මාව ඇහැරවල තියෙන්නෙ.
මම සම්පූර්ණ නිරුවතින් ඇහැරුනේ, පුංචි යට ඇඳුමකින් විතරක් සැරසුනු, උඩුකය නිදහසේ හිමිදිරි පවනට ගැටෙන්න සලස්වපු කාම රාජිනියක් අතිනුයි...
ඒ වෙලාවෙ ඒ දැකපු සුන්දර දසුන නිසා මාව ආපහු පාරක් කාමුකව උත්තේජනය උන එක අරුමයක් නෙවේනෙ... ඉතින් තුරුලිගෙ අතකින් අල්ලල හිරකරගෙන, තේක බීලා ඉවර වෙලා, එයා ලවාම මගේ කාම පොදි පිටකරගත්තට පස්සෙයි මම කලිසමක් දාගෙන තුරුලිත් එක්ක කුස්සියට ආවෙ.
තුරුලි තවදුරටත් එයාගෙ සිරුර මගෙ ඉදිරියේ ආවරණය කරගන්න වෙහෙසක් නොදැරුව නිසා, එයා එහෙමම කෑම හදන්න ගත්තා.
ඇඟේ එක සෛලයකවත් ඉවුම් පිහුම් වැඩ නොගෑවුනා උනත්, වගකීමක් හැටියට මම එයාට මට පුලුවන් හැටියට උදව් කලා. ඒත් ඒ මුලු වෙලාවෙම තුරුලිගෙන් බැණුම් අහගෙනයි එහෙම කරන්න උනේ.
"අයියෝ... සර්.... ඕක ඔතනින් තියල සර් අයින් වෙන්නකො..."
"අයියෝ... ඔහොම එපා... මම කරගන්නංකෝ... සර් යන්න දැන්..."
"ඔය මොකක්ද කරන්නෙ... අතත් කපාගන්නව ආයෙ... පිහිය ඔහොම නෙවේ අල්ලන්නෙ..."
ඔය ආදී ආදරය මිශ්‍රිත දෝෂාරෝපණ මැද්දෙම පාන්දර තනිකම මැකිලා ගියා.
ටිකක් වෙලා බැනුම් අහගෙන වැඩ කරන්න හදපු මම, ඊට පස්සෙ මූණකට හෝදගෙන ලෑස්ති වෙන්න ගියා. ඇත්තටම මූණ විතරක් නෙවෙයි...! මුළු ඇඟම හෝදන්න වෙලයි තිබ්බෙ... මෙහෙම කෙල්ලෙක් එක්ක එක ඇඳක ඉන්න වෙනකොට ඒකෙ ඒ හැටි පුදුමෙකුත් නෑ.
අන්තිමට මම ලෑස්ති වෙලා එනකොට, තුරුලි මට බත් දෙකකුත් බැඳල, මගෙ බෑග් එක උඩින් තියල තිබ්බා වතුර බෝතලයක් එක්කම. එයා බඩු ලිස්ට් එකට ලන්ච් ශීට්, කඩදාසි කවර, වතුර බෝතල් අනං මනං ලියල තියෙනකොට මට හිතුන්නෑ මේව මටයි මේ අරගෙන තියෙන්නෙ කියල. මම ලැප් එකත් කාර් එකට දාලා, වතුර බෝතලෙයි බත් මුල් දෙකයිත් බෑග් එකට දාගෙන එළියට එන්න හදනකොට තමා, ඒ මුලින්ම සඳහන් උන සංවාදය ඇති උනේ.
ඇත්තටම... රස්සාවක් තිබ්බට... හම්බ කලාට... වියදම් කලාට... ජීවිතේට ගෑණියෙකුත් ඕනෙ තමයි...!
එදා කරුණාදාස සර් ලිෆ්ට් එකේ කිව්ව කතාව මට ආයෙ මතක් උනා.
"ජීවිතේකට ගෑණියෙකුත් එන්න ඕනෙ. නැත්තං ඒක නිකං ගොනෙක් නැති කරත්තයක් වගේ.."
ඒ කතාවෙ ඇත්තම ගැඹුරු තේරුම මට යම් තරමකට දැන් තේරෙනවා. ජීවිතේකට ඕනෙ නිකංම ගෑණියෙකුත් නෙවේ. කරත්තෙ බර දරන්න පුළුවන්, කරත්තෙට ගැලපෙන ගෑණියෙක්...
"පවනෝ... අපිට ඉතින් තාම හෝම් මේඩ් ෆුඩ්ස් හම්බෙනව. හැබැයි ඉතින් අම්ම තමා උයන්නෙ. නෝනල නෑනෙ තාම. වරෙන් වරෙන් බෙදාගෙන කමු... උඹගෙ අලුත් නෝනගෙ කෑම වල රහ බලලම මම ෆයිනල් රේටින්ග් එකක් දෙන්නම්කො..."
ඊයෙ නිවාඩු දාපු නිසා, එකතු වෙලා තිබ්බ වැඩ ටිකත් ඉවර කරල දාලා නිදහසේ දවල්ට කන්න මේසෙ අස් කරනකොටම, ආපහු පාරක් බහිරවයා වගේ තුෂාරයා කාමරේට ආවා කෑගහගෙන ශොපින් එකක දාගත්ත බත් මුලකුත් අතේ තියන්.
"මොකක්...?"
ඌ වේගෙන් කියාගෙන කියාගෙන ගිය දේවල් හරිහැටි ග්‍රහණය කරගන්න බැරි උන නිසා මම පුදුම වෙලා වගේ ඇහුවා.
ඌ ඒකට උත්තර නොදී, කාමරේ අයිනෙන් තිබ්බ පුටුවක් මේසෙ ගාවට ඇදල අරන්, උගෙ අතේ තිබ්බ ශොපින් එකෙන් බත් මුල එලියට ගත්තා. එළියට අරන් මේසෙ උඩින් තියන ගමන් මට ආයෙ කතා කලා.
"ගනින් ගනින් කෑම එක එළියට... උඹත් දැන් මේ මේසෙ අස් කලේ කන්නනෙ.. මම ජජ් පැනල් එකෙන් ආවෙ... වයිෆ්ගෙ කුකින් වලින් වයිෆ් ගැන සෑහෙන අන්ජනම් තොගයක් කිව්වෑකි... මම මගෙ ෆයිනල් රේටින් එක ඊට පස්සෙ දෙන්නං..."
"උඹේ රේටින් බල බල කසාද කරගන්න මේක රියැලිටි ශෝ එකක් කියල හිතුවද බං... පාඩුවෙ කාපංකො ගිහිල්ල..."
"මේ මේ... මරිසි නොදා ගනින් කෑම එක එළියට..."
"උඹල එක්ක කන්නවත් බෑ බං නිදහසේ... අත හෝදන් එනකං හිටහං..."
"හරේ... මම නං ඇඟම හෝදන් ආවෙ..."
"පිස්සු බං උඹටත්..."
ඌ කාමරේ සෙට්ල් වෙනකං මම අතහෝදගෙන ආවා. මම කෑම එක එළියට අරන් දිග අරින්නත් කලින්, ඌ මාව නවත්තල බත් එක ඔතල තිබ්බ විදිහ පවා බලාගත්ත හොඳට. උගෙ විකාර එක්ක මට ලාවට මල පැනල තිබ්බත්, මගෙ හිත යටින් ආස උනා මූ තුරුලිගෙ කෑම ගැන මොනව කියයිද කියල බලාගන්න.
අන්තිමට බත් එකත් ලිහුවට පස්සෙ ඌ බත් ටිකකුයි හොදි වලින් පොඩ්ඩ පොඩ්ඩයි අරගෙන කෑව.
තුශාරය අනිත් මොන වෙලාවෙ පිස්සු කෙලියත්, මූ දැන් හැසිරෙන්නෙ නිකං විද්වත් විනිශ්චය මණ්ඩලයක ගරු සාමාජිකයෙක් වගේ.
විනාඩි දහයකින් විතර කාල ඉවර වෙලා ඌයි මායි සද්ද නැතුවම අත හෝදන් ආයෙ මගෙ කාමරේටම ආවට පස්සෙ, ඌ හරිබරි ගැහිල වාඩි වෙලා එහෙම කතාව පටන් ගත්තා.
"පවනා... බඩ්ඩක් අහන්නං... වැරදියට හිතන්නෙපා..."
"උඹ නිකං කවදාවත් නැතුව සීරියස් මූඩ් ගත්ත නිසා මට බයත් හිතුනා... කෑම එකේ මට නං අවුලක් දැනුන්නෑ මුකුත්... උඹට දැනුනද...?"
"කෑම ගැන කියන්න කලින් මම මේ දේ ඇහුවට කමක් නැද්ද කියහංකො...?"
"අහපං ඉතින්... බලෙන්ම ඇවිල්ල කෑව නං දැන් ප්‍රශ්න අහන්න මගෙන් අවසර ගන්න ඕන්නෑ..."
"ඒ කෙල්ලගෙ අම්ම නැද්ද... හෝ පොඩි කාලෙ ඉඳල අම්ම වැඩට ගිහින් ඒ කෙල්ල උයල පිහල ගෙදර වැඩ කරල වගේ සීන් එකක්ද...?"
තුශාරයට මම තුරුලි ගැන ගොඩක් දේවල් කියල තිබුන උනත්, මමත් මෑතකදි දැනගත්ත එයාගෙ පෞදගලිකම තොරතුරක් මේ විදිහට ඌ අනුමාන කලේ කොහොමද කියල මම පුදුම උනා.
මගෙ මූණ වෙනස් වෙනව දැකල, ඌ උගෙ අනුමානෙ තහවුරු කරගෙන, ආපහු පුංචි හිනාවක් එක්ක කතා කලා මට.
"හරි හරි ඕව මගෙන් පිටට යන්නෑ. මට වැඩකුත් නෑ ඊට එහා ඒව දැනගන්න. කෙල්ල හොඳයි. අතේ හුරුවක් තියෙන ගෑණියෙක්. කෑම ටිකෙන් කිව්වෑකි උඹට ගැලපෙනම එකෙක් හොයාගෙන තියෙනව කියල. උඹලගෙ ගෙදෙට්ට කියල කරන එකක් කරපං. සාක්කියට අත්සන් කරන්න නං මම හරි එන්නං. ඉක්මනට බැඳගනින් ඕකිව..."
වෙනදට තුශාරයගෙ කටින් එන ගොඩක් දේවල් වල හුදු හිස් බවක් විතරක් දකින මට, අද ඌ ඒ කිව්ව දේ ගොඩක් හිතට දැනුනා.
මම හිතන්නෑ ඌ ගෑණියෙක් උයන විදිහෙන් ඒ කාන්තාවගෙ තත්වයට අගයක් දුන්නා කියල. ඌ බැලුවෙ පෞද්ගලිකව මට ගැලපෙන කෙනෙක්ද කියල විතරයි. මාව ළඟින්ම ආශ්‍රය කරන කීප දෙනෙක් විතරයි මගෙ හැසිරීම් රටා ආදිය ගැන හරියටම දන්නෙ.
මම තුශාරය දිහා බලල පොඩ්ඩක් හිනා වෙලා, ඔලුව උඩ පහළ කරල උගෙ ඒ කතාව සනාථ කලා.
"කොහොමද එහෙම එකපාරම කිව්වෙ ඒ වගේ දෙයක්, මීට කලින් අහල වත් නැතුව..."
හිතේ තිබ්බ කුහුල හින්දම මම ඇහුවෙ, මේසෙ දිහාට බර වෙන ගමන්.
තුශාරය නං කිසිම අංගචලනයක් පෙන්නන්නැතුව, හෙන කින්ඩි හිනාවක් මගෙ දිහාට දැම්මෙ හරියට ඌ කොම්පැනියෙ බොස් වගේ.
"ඕව ඇවිල්ල බං, දහසකුත් එකක් කෙල්ලොන්ව ආශ්‍රය කරල කරල දැනහඳුනගෙන ඒ ලබාගත්ත විශාල අත්දැකීම් සහ දැනුම් සම්භාරය ඇසුරෙන් කියවෙන ඒව. සහ ශර්ලොක් හෝම්ස් පොත් හය හතකුත් කියවල තියෙන්න ඕනෙ. කුළුබඩු ටික ගානට අඩුවැඩි නොවෙන්න දාලා, ඈ.. බත බෙරි නොකර, ඈ.. උයල දෙන්න පුලුවන්ද බං මේ දැන් කාලෙ ඉන්න ගෙවල් වල අල බැස්ස කෙල්ලොන්ට. අනේ නිකං හිටාන්"
තනතුරෙන් කොහොම උනත්, සමාජයට බැස්සම තුශාරයා මට වඩා ගොඩක් පොහොසත් කෙනෙක්. උට ඉතින් මේ වගේ ඒව ඇත්තටම තේරෙනවත් ඇති.
කොහොම උනත් ඌ ඒ කිව්ව දෙයින් පස්සෙ, මගෙ හිතේ තිබුන 'තුරුලිව මගේ කරගන්න ඕනෙ' කියන උවමනාව තවත් ටිකක් ශක්තිමත් උනා.
හුරුබුහුටි පෙනුමකුයි, පිරිමියෙක්ගෙ ආශාවන් පමණටත් වඩා සංසිඳවන්න පුලුවන්, ඒ හුරුබුහුටි ශරීරය තුළ හැංගුන වෙනස්ම චරිතෙකුයි, මේ ඔක්කොමත් එක්ක හයිය හිතක් සහ කඩිසර දෑතක් තියෙන කෙල්ලෙක්...?
ඒක උවමනාවක්ම නෙවෙයි... ඒක මට දැන් තියෙන අවශ්‍යතාවක්...!
ඔෆිස් එකේ වෙච්ච සිදුවීමුයි, තුරුලි ගැන විවිධාකාර දේවල් දවස පුරාම ඔලුව ඇතුලෙ උඩුදිව්ව නිසයි, මට ඉක්මනටම ගෙදර යන්න අමුතු හදිස්සියක් ඇති වෙලා තිබ්බා.
වෙනදට නං, එදාට නියමිත වැඩ ටික ඉවර කරල මිසක් පුටුවෙන් නැගිටින්නැති මම, අද ඒ කිසි දෙයක් ගැන තැකීමක් නොකර 4.15 වෙනකොටම ෆින්ගර්ප්‍රින්ට් මැශින් එක ගාවට ගියෙ ඒ නිසයි.
එතනින් පස්සෙ ආපහු ගෙදර එන්න මට ගත උනේ විනාඩි පහළොවක් විතර.
මම බලාපොරොත්තුවෙන් සහ ආසාවෙන් හිටිය වගේම, කාර් එක ගේට්ටුවෙන් ඇතුළට දානකොටම ඒ සද්දෙ ඇහිලා, කොට සායකින් සැරසුනු හුරුබුහුටි පුංචි කෙල්ලෙක් වේගෙන් දුවගෙන එළියට ඇවිත්, පේමන්ට් එක ගාවින් නැවතිලා මගෙ දිහා බලන් හිටියා.
මමත් ඒ හා සමානවම, කාර් එක ඇතුළෙ තිබ්බ මගෙ බෑග් එක එළියට ගන්න එකටවත් වෙලාව වැය නොකර, කාර් එකෙන් බැහැපු ගමන්ම දිගු පියවර තියමින් තුරුලිට ළං උනේ මගෙ අත් දෙකත් යම් තරමකට දෙපැත්තට විහිදගෙනයි...
මගේ මනස කියවපු ඒ ඉන්ද්‍රජාලික කෙල්ල, මම එයාගෙ ළඟට එනකං ඉඳල, මගෙ බෙල්ල වටේ අත් දෙක දාගෙන මගෙ ඇඟට පැන්නෙ, කකුල් දෙකෙනුත් මාව වෙලාගන්න ගමන්මයි...
විහිදන් හිටපු මගෙ අත් දෙක ළං කරලා, එයාගෙ පස්සෙන් අල්ලන්, තුරුලිව පොඩ්ඩක් උස්සල හරියට වඩාගත්තට පස්සෙ මම එයාගෙ මූණ දිහා බලාගෙන කතා කලා.
"පාලුවෙන්ද හිටියෙ..."
"මගෙ සර්...."
"ම්ම්ම්ම්ම්ම්..."
එතනින් එහා මම මුකුත් කියන්නත් කලින්ම, අත් දෙකෙන් මගෙ කම්මුල් අල්ලගත්ත ඒ කෙල්ල, මගේ තොල් පෙති උරා බිව්වේ හාමතේ හිටපු බිඟු සූටික්කෙක්ව අනුකරණය කරමිනුයි...!
මතු සම්බන්ධයි...