♡ Valentine Spirit ♡

♡ Valentine Spirit ♡


කෙටි කතාවකි - About Love

Drg No

"මල්ලි සින්ගල් රූම් එකක්ද සෙපරේටඩ් එකක්ද"


"අදත් සෙපරේට් රූම් වලට එන කපල් ඉන්නවද බං අයියෙ. උන් නං මිනිස්සු වෙන්න බෑ"


කවුන්ටරේ බුවා හිනාවකුත් දාල මට රූම් නම්බර් එකයි යතුරයි දීල පාර කිව්ව. මම හසිනිගෙ අතිනුත් අල්ලන් මෑන් කියපු පැත්තට එනකොට අපේ රූම් නම්බරේ ගහපු දොරත් ඇරගෙන ඇතුලට ආව.


හිටාන් හිටාන්. තව ගැඹුරට යන්න කලින් intro එක කියල ඉන්නංකො. මම සදෙව් කල්පගේ. මම යාලු වෙලා ඉන්න කෙනා තමා මේ හසිනි කියන්නෙ. අපි ලබන අවුරුද්දෙ විතර බඳින්න හිතන් ඉන්නෙ. අද වැලන්ටයින් එකට ඉතින් පොඩ්ඩක් ෆෝවඩ් වෙන්න කියල හිතන් ගෙස්ට් එකකට ඇවිල්ල කාමරයක් ගත්ත. අපි දෙන්න යාලුවෙක්ගෙ බර්ත්ඩේ එකකට ගිහින් මේ එන ගමන්. මට පොඩ්ඩක් ලාවට වගේ ගොඩක් වෙරි වෙලා හිටියෙ.


"මේ සදෙව්. ඉක්මනට යං හරිද. මේවගෙ මොන මොන යක්කු එනවද දන්නෑ"


"වැලන්ටයින් දවසෙ හොල්මන් ගැන බය වෙන්න එපා. උනුත් ඔය පඳුරු අස්සෙ වැඩ ඇති අද"


අපේ කාමරේට අල්ලපු කාමරේ අරක්ගෙන ඉන්න තනිකඩ හොල්මනට මේක ඇහුනම


"ඒ යක්කු ගැන නෙවේ මෝඩයො. මම කිව්වෙ මොන මොන මිනිස්සු ඉන්නවද දන්නෑ කියල"


"මේ යකින්නිට තමා බය වෙන්න තියෙන්නෙ" කියාගෙන මම හසිනිගෙ අතේ තිබ්බ හෑන්ඩ් බෑග් එක අරන් පුටුවක් උඩට දැම්ම.


හසිනි ඇඳන් ආවෙ ඩෙනිමකුයි දිලිසෙන නිල් බ්ලවුස් එකකුයි. යටට ඇඳන් ඉන්න ඒවගෙ පාට තාම දැක්කෙ නෑ. ඉස්සරහට බලමු. (තිරිසන්නු ටික ආස ඇති බලන්න). ඇඟ පතේ හැඩේ පේන්න මෙහෙම ඇඳන් ආවම මගේ යකා නටනව කියල අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ.


"සදෙව්...."


"ම්ම්ම්ම්ම්ම්"


"මට ආදරෙයි නේද..."


"ඔව් වස්තුවේ...."


මම හසිනිගෙ ඔලුවෙන් අල්ලන් මගෙ පපුවට තුරුල් කරගෙන ඔලුව ඉඹල හසිනිගෙ පිට වටේට අත් දෙක දාගත්ත.


එහෙම ඉන්න ගමන්ම සේපට අත පහලට කර කර ඇවිල්ල හසිනිහෙ ඉනෙන් පහලට එනකොට හසිනි මගෙ පපුවට ගහල,

"මැට්ටෝ..... තියෙන විසේ" කියල මාවත් ඇදන් ගිහින් ඇඳට පෙරලුව.


"මැට්ටිට විසේ නැද්ද ඉතින්"


මාව ඇඳ උඩ නිදි කරවල හසිනි මගෙ කකුල් දෙක මැදට ඇවිල්ලා.................... පොල් ගෑව.


ඒ මගුල් වැඩක් නෑ. ඒ සීන් එක කතාවට අදාලත් නෑ.


හසිනිගෙ හිත ගත පිනා ගිය ක්‍රියාවෙන් පස්සෙ මම හසීව ඇඳට තල්ලු කරල බ්ලවුස් එකේ බොත්තම් ටික ගලවන්න පටන් ගත්ත.


එතකොටම මට පිටිපස්සෙන් කෙනෙක් හුස්ම ගන්නව වගේ දැනුන නිසා මම ගැස්සිලා පිටිපස්ස බැලුව.


"සදෙව්.... මොකද.... ගලවන්නකෝ මේක"


"නෑ..... මේ.... ඒකෙන් වැඩක් නෑ. මෙහෙ එනව මැට්ටිව ගන්න"


හසීගෙ උඩුකය නිරුවත් කරල පපුව මැද්දට මූණ ගේනකොටම එක පාටම කාමරේ ලයිට් එක ඕෆ් උනා. ජනෙල් වහල නිසා එලියක් තිබ්බෙත් නෑ.


"ස... සදෙව්... මේ මොකද"


"පොඩ්ඩක් ඉන්න බලන්න. ලයිට් ගියාද දන්නෑ"


මම ඇඳෙන් බහිනකොටම කණ ගාවින් වගේ ඇහුනෙ සියුමැලි කටහඬක්.


"යන්න අවශ්‍යතාවයක් නෑ........ මම ආවෙ බලන්න....."


අප්පට හික්කඩුවෙ යන්න දාල. එක එකාට ලයිව් ශෝ පෙන්නන්නද යකෝ සල්ලි ගෙවල මෙතනට ආවෙ.


"ඒයි කවුද ඔය. කතා කරනව"


මම ඒක කියල කට ගන්න හම්බුන්නෑ. කාමරේ පුරාම අමුතු රතු පාට එලියක් විහිදෙන්න ගත්ත. මම හසිනි දිහා බලනකොට එයා දොර ගාව බලන් හිටිය ඇස් දෙකත් ලොකු කරගෙන. එහෙම්ම මමත් දොර දිහා බලනකොට දැක්කෙ සුදු පාට සේද සලු පොරවගත්තු සුදු ඩයල් එකක් දොර ගාවට වෙලා මූණේ මාර තැන්පත් හිනාවක් දාගෙන අපි දිහා බලන් ඉන්නව. වෙරිමත නිසාද මංද මට ඌව හෙන ලස්සනට පෙනුනෙ. ආසයි වgay.


"ක... කවුද තමුසෙ..... මොකක්ද මෙතන කරන්නෙ"


හසී බෙඩ්ශීට් එකෙන් පපුව වහගත්ත. අර ඩයල් එක අපිට කතා කලා ඊට පස්සෙ.


"සමාවෙන්න මම නිසා ඔය දෙන්නට කරදරයක් උනා නං. මම ඔයාලව බය කලේ නෑ නේද"


"ඈ බං මිනිහො. අපේ කාමරේට වෙන එකෙක් ඇවිල්ල බලන් ඉන්නකොට බය නොවී ඉඳීද. මොකක්ද මෙහෙ කරන්නෙ. මොකක්ද ඒ එලිය. ඇයි මේ ඔක්කොම රතු. කවුද ඔයා. මොකක්ද මේ වෙන්නෙ. මම සැර ජාතියක් බිලද මොනා හරි"


මගෙ ප්‍රශ්න ටික ඔක්කොම අහල කන්පියුස් උන ඒ ඩයල් එක.


"මට සමාවෙන්න. මට ඒ ඔක්කොටම උත්තර දෙන්න විදිහක් නෑ. මමයි වැලන්ටයින් ආරක්ශක ආත්මය."


අඩේ.... හොල්මනක්.....


"මෙ.... මෙහෙ මොකද කරන්නෙ ඉතින්" කිය කිය මමත් පස්සට ගිහින් ඇඳට හේත්තු උනා.


"මම ආව අද දවසේ මිනිස්සු ආදරේ සමරන දිහා බලන්න"


මූ මාර යකෙක්නෙ. අපේ කාමරේටම ආවෙ මොන ලබ්බටද. ශික්.


"ඇයි ඉතින් අපේ කාමරේට ආවෙ. තව කපල් ඉන්නෙ මේ ගෙස්ට් එකේ ඕනි තරන්."


මම එහෙම කිව්ව විතරයි අර ඩෑල් එකගෙ මූණ දෙල් වෙලා ගිහිල්ල ඇස් ලොකු කරන් මගෙ දිහා බැලුවා.


"අම්මෝ ඒ කාමර වල අය හරිම රලු විදිහට තමන්ගෙ ආදරවන්තියට සලකන්නෙ. එක කාමරේක මං දැක්ක තමන්ගෙ ආදරවන්තියගෙ අත් දෙක ඇඳ දෙපැත්තෙන් බැඳල දාල ඒ ආදරවන්තියගෙ කටට බෝලයක් දාල කටත් බැඳල , ඒ ආදරවන්තය ලේස් වේවැලකුත් අරන් ඒ....."


"හෝව් හෝව්... යකෝ පොඩි උන් කියවනව මේව. තමුසෙත් මාර ඩයල් එකක් ඕයි"


මූ හෙන ගහන්න වගේ වැ@ක් කියෝගෙන කියෝගෙන යනව. මෑන් හොඳ ශෝ එකක් බලල වගේ.


"ඔහ් මට සමාවෙන්න. ඇත්තටම මට එන්න පුලුවන් සැබෑ ආදරය තියෙන තැන් වලට විතරයි. මම දැක්කා ඔය දෙන්නගෙ ආදරය ගොඩක් ශක්තිමත් කියල. ඉතින් මම ආවෙ ඔයාලගෙන් එකම එක ප්‍රශ්නයක් අහන්න"


ආතල් එකට සල්ලි ගෙවල මෙහෙ ආවෙ දැනුම මිනුම වැඩසටහනකටද බං.


"උන්නැහේ. ඉක්මනට අහල යන්නකො. මේ ලොකු වැඩක හිටියෙ"


"බොහොම හොඳයි. ඔය දෙන්න දන්නවද ආදරය කියන එකේ තේරුම...."


මම කට උත්තර නැතුව හසිනි දිහා බැලුව. හසිනි අර අවතාර ඩයල් දිහා බලල ටිකකින් කතා කලා.


"ආදරය කියන්නෙ දෙන්නෙක් අතර පවතින අන්‍යොන්‍යය බැඳීමකට. ආදරය කියන්නෙ ආත්මයන් දෙකක් මුසු කරන ලබාගත නොහැකි නමුත් ලැබෙන දෙයක්"


අර හොල්මන හසිනි දිහා බලල පොඩි හිනාවක් දාල මට කතා කලා.


"මට තේරෙනව ඔය දෙන්න අතරෙ බැඳීම ශක්තිමත් වෙන්න හේතුව. ඔයාට ඉන්නව ගොඩක් බුද්ධිමත් ආදරවන්තියක්"


මූ වට පාරෙන් කිව්වෙ මම මෝඩය කියල නේද. දෙන්නං ජම්බු.

ආපහු ඩෑල් එක කතා කලා.


"ඒ උත්තරේ හරි. හැබැයි සම්පූර්ණයෙන්ම හරි නෑ. මම පැහැදිලි කරන්නම් ආදරේ ගැන"


"අයියෙ , දෙයියෙ.... නෑ මේ බොක්ක , ඉක්මන් කරහන් ඈ. පැය තුනයි හම්බෙන්නෙ කාමරේ. ඊට කලින් නටන මගුලක් නටන්න එපැයි. දන්නැද්ද ඉතින්"


හොල්මන


"මම ආදරය කියන එක පැහැදිලි කරන්නං."


WHAT IS LOVE ??


සෑම මිනිසෙක්ම ආදරය ගැන එක එක අදහස් දරනව. සමහරු හිතනව කෙනෙක් එක්ක එකට ඉන්න එක ආදරය කියල. ඒ වගේම කෙනෙක් එක්ක එකට ඉන්නැතුව ජීවත් වෙන්න බෑ කියන එක ආදරය කියල. ඒ වගේම තවත් සමහරුන්ට , කෙනෙක් එක්ක කතා බහ නොකර සිටීම සහ ඔවුන්ගෙන් වෙන්වීම , දුකක් වෙන එක ආදරයක් කියල හිතෙනව.


ඒ වගේම වෙනත් කෙනෙක් ගැන හිතන එක ආදරය කියලත් සමහරු හිතනව.


නමුත් ඇත්තටම මේ ඔක්කොම ආදරේ නෙවෙයි. ඔයාට කෙනෙක්ව මුලින්ම දැක්කම කැමත්තක් ඇති උනා නං ඒක ආදරය නෙවෙයි. ඒ එයා ආකර්ශණීය නිසා ඔයාට එයා ගැන ආසාවක් ඇති වීම. එයා එහෙම ආකර්ශණීය නොවුන නං ඔයා අනිවාර්යෙන්ම එයාව මග ඇරල දානව.


අපි කෙනෙක්ගෙ පෙනුමට වසඟ වෙනව කියන්නෙ ආදරය නෙවෙයි. ඒක නිකංම තාවකාලික ආකර්ශණයක්. ඔයාට පුලුවන් ඕනෙම කෙනෙක් එක්ක බැඳීම් ඇති කරගන්න. හැබැයි ඔයාට බෑ ඕනෙම කෙනෙක්ට ආදරය කරන්න. එහෙම නේද?


ඇත්තටම ඔයා ආදරේ කරන්න පටන් ගන්න ඕන්නෑ. කොටින්ම ඔයා ආදරේ කරන්න ඕන්නෑ. ඒ හැඟීම නිකංම ඔයා තුළ ඇති වෙනව.


ඔයා කාට හරි බල කරනව නං ඔයත් එක්ක ඉන්න කියල ඒක ආදරය නෙවෙයි. ඒ වගේම එයාව නිකංම ඈතට කරනවනං ඒකත් ආදරය නෙවෙයි.


මේ තත්වෙදි ඔයා ආත්මාර්ථකාමී වෙනව. මොකද ඔයා හිතන්නෙ ඔයා ගැන විතරයි. අනිත් පුද්ගලයගෙ සිතුවිලි ගැන හිතන්නෑ. මේක ආදරය නෙවෙයි!


ඉතින්.... මොකක්ද ඇත්තටම ආදරය කියන්නෙ. ආකර්ශණයද.... බැඳීමද.... නෑ!


ආදරය කියන්නෙ ඔයා ඒ කෙනත් එක්ක ඉන්නකොට ඔයාව පරිපූර්ණයි කියල ඔයාටම තේරෙන එකට. ඔයාට තේරෙන්නෑ මේ ඉන්නෙ වෙනමම පුද්ගලයෙක් කියල. ඔයාට දැනෙන්නෙ ඔයාගෙම කොටසක් අවසානෙදි හම්බුනා කියල. ඔයාට ඔයාගෙම ප්‍රතිභිම්බය ඒ පුද්ගලයා තුලිනුත් පේනව.


ආදරය කියන්නෙ ලෝකෙ තියෙන පිරිසුදුම හැඟීමක්. මිනිසුන් උත්සාහ කරනව ආදරය අර්ථ දක්වන්න. ඒත් සැබෑ ලෝකෙදි ආදරයට අර්ථයක් නෑ. ආදරය කියන්නෙ අරමුණක් නැති හැඟීමක්.


ආදරය කියන්නෙ මුලින්ම , ඔයාට ඇති වෙන දෙයක්. ඊට පස්සෙ ඔයා හරහා ඒ පුද්ගලයට ඇති වෙනව. අන්න ඒ පුද්ගලයා ඔයාගෙම ආත්මයේ කොටසක් වෙනව. ඒ නිසාම දවසින් දවස ඔයාගෙ ආදරේ එයා කෙරෙහි වැඩි වෙන්න පටන් ගන්නව.


කෙනෙක් එක්ක ජීවත් වෙන්න ඕනෙ වෙන එක ආදරය නෙවෙයි. කෙනෙක්ට එයා පතන සතුට ලබාදෙන එකයි ආදරය. එයාල වෙනුවෙන් අයැදින එක , එයාලගෙ ජීවිතේ සාර්ථක වෙනව දකින්න ආසාවෙන් ඉන්න එකයි ආදරය. ඔයාගෙ දෛවය අනුවයි තීරණය වෙන්නෙ ඒ පුද්ගලයා ඔයා එක්ක ඉන්නවද නැද්ද කියන එක.


ආදරයේදි ඔයා ඒ පුද්ගලයට ගරු කරනව. එයාව ඒ ආකාරයෙන්ම පිළිගන්නව. ඔයා එයාට උදව් කරනව. එහෙම උදව් කරන්න බැරි උනත් එයාගෙ සාර්ථකත්වය දිහා බලල සතුටු වෙනව.


අපි තාවකාලික හැඟීම් වලට , ආදරේ කියල කරන්නෙ, ආදරයට නිගරු කිරීමක්. මිනිස්සු පුරුදු වෙලා ආදරේ ගැන කතා කරන තැන් වල ඉන්නැතුව අයින් වෙන්න. මොකද දැන් කාලෙ ගොඩ දෙනෙක් ආදර සම්බන්ධ නිසා අඳුරු අත්දැකීම් වලට මුහුණ දෙනව.


මිනිස්සු පුරුදු වෙලා හැඟීම් එක්ක සෙල්ලම් කරන්න. සමහර වෙලාවට දෛවයත් ආදරය සෙල්ලමට ගන්නව.


ආදරය ගැන ගොඩක් දරුණු හෝ නපුරු විදිහට බලන්න එපා. ඒක විශිෂ්ඨ හැඟීමක්. ගොඩක් අය තාම ඇත්තටම ආදරේ අත්විඳල නෑ.


ඒ වගේම මම ප්‍රාර්ථනා කරනව ඔයාටත් සැබෑ ආදරයක් දවසක හම්බ වෙන්න කියල.




අවතාර බුවා ඔක්කොම පැහැදිලි කරල අපිට කතා කලා.


"ඉතින්. ඔයාල මේ විඳින සුවය නිකංම ආසාවක් විතරයි. දැන් ඔය දෙන්නට තේරෙනව ඇති ඒක."


මූ මරු විකාරෙන් කියවනව.


"අයියෙ මේ 2000ක් දීල කාමරේ ගත්තෙ. සල්ලි අපරාදෙනෙ නේ. හෙ හේ. අයිය යන්නකො අපි ලව් කරගන්නං"


හොල්මන


ආදරය ගැන නොදන්න අයට හෝ දැනගන්න කැමති අයට මම දන්න විදිහට කිව්ව ඔන්න. ඔයාල ආදරේ ගැන හිතන දේත් කියන් යන්න අනිත් අයටත් දැනගන්න.


From Drg No (Honey Bird)

Report Page