Telegra.ph වල ටයිපින් error එක
Fix The Issue

අද බලමු සමහර අයට මේ telegra.ph සයිට් එකේ සිංහල අකුරු ටයිප් කරනකොට එන ප්‍රශ්නෙකට විසඳුමක්.
අපේ සමහර ෆෝන් වලින් ගිහිල්ල telegra.ph සයිට් එකේ සිංහලෙන් ටයිප් කරනකොට, උදාහරණයක් විදිහට "යො" කියන එක ටයිප් කරන්න අපි Y සහ O යොදා ගන්නව. ඒ උනාට ටයිප් වෙන්නෙ "යො" නෙවෙයි. "ය්ඔ" කියල. අන්න ඒකට විසඳුමක් මේ කතා කරන්නෙ.
මුලින්ම කියන්නෙ මේක හැම ෆෝන් එකටම හරියනවද කියල මම දන්නෑ.
විසඳුම
අපි මෙතනදි කරන්නෙ ඒ අදාල මාතෘකාවෙ හෝ ඡේදයේ හෝ මුලට හිස්තැනක් තියල ටයිප් කරන්න පටන් ගන්නව. ඒ කියන්නෙ "යො" කියන එකට නිකංම Y සහ O ඔබන්නැතුව , මුලින් හිස්තැනක් තියල ඊට පස්සෙ Yo කියල ටයිප් කරනව. අන්න එතකොට ගාණට සුපුරුදු විදිහටම ටයිප් වෙනව. පළවෙනි අකුර හරියට ටයිප් කලාම ඒ ඡේදයේ ඉතුරු ටික නිකංම හරියට ටයිප් වෙනව. ඊට පස්සෙ අර හිස්තැන clear කරල නෝමල් විදිහට paragraph එක ටයිප් කරන්න.
ඒ නිසා මුලින් හිස්තැනක් තියල ඊට පස්සෙ ටයිප් කරන්න. ඔයාගෙ ආටිකල් එකේ හෝ කතාවෙ හෝ මාතෘකාව දාන තැනටත් මේ ප්‍රශ්නෙ එන්න පුලුවන්. එහෙම වෙලාවටත් මේ විදිහටම කරන්න. එහෙම වැඩ නං 👍 එකක් දාන් යං.
පහළ වීඩියෝ එක බලන්න තේරුන්නැත්තං. තව මොනවහරි ප්‍රශ්න තියේ නං comment එකක් දාන් යන්න.
FIX THE ISSUE