Online ජීවිතේ මරුද?

Online ජීවිතේ මරුද?


My Thinking

RL

අද MyThinking ලිපි මාලාවෙන් මම කතා කරන්න හිතුවෙ අපිට මේ Online ක්‍රමයෙන් වෙන බලපෑම ගැන. මේක මගේ තනි මතයක් විතරක් නිසා ඔයාලගෙ ආකල්ප වලට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා වාද විවාද අවශ්‍ය නෑ.


අපි දැන් අවුරුදු 2ක් තිස්සෙ විතරම මේ ව්‍යවසනයට මුහුණ දෙමින් ඉඳල ඉඳල දැන් තමා ඔන්න යන්තං පොඩ්ඩක් හරි එලියට බහින්නවත් ඉඩක් හම්බුනේ. ඉතින් මේ කියන සම්පූර්ණ කාලෙම වගේ අපි පුරුදු උනා තමන්ගෙ කාමරේ බිත්ති හතරට කොටු වෙලා පුන්චි තිරයක් දිහා බලාගෙන වැඩ කරන්න.


online ක්‍රමයෙන් මොලේට විශය කරුණු ගියෙ නෑ හෝ හරියට වැඩක් කරගන්න බෑ වගේ අනං මනං කතා පැත්තකට දාමුකො. ඒ වගේම ඇස් වලට කෙල උනා වගේ භෞතික සාධකත් පැත්තකට දාමුකො.


අපි කතා කරමු මේ ඔන්ලයින් රටාව නිසා අපිට සිද්ධ උන සමාජීය බලපෑම ගැන.


මුලින්ම අපි බලමු මේ ඔන්ලයින් කෙරුවාව ගැන මටත් ඇතුලුව ගොඩාක් දෙනෙකුට හිතුන පොදු දේ ගැන.


මුලින්ම මම ටෙලිග්‍රෑම් වලට ආවෙ මේ ප්‍රශ්න නිසා ෆෝන් එකක් ගත්තම. ඊට පස්සෙ මාසයක් විතර මේකෙ ඉඳල ඉඳල ඔන්න පොඩ්ඩ පොඩ්ඩ මම ගෲප් වලට සෙට් උනා. චැනල් වලට සෙට් උනා. චැට් කලා.


ටික දවසක් මෙහෙම ඉන්නකොට මම හිතන්න ගත්ත මේක මාර නිදහස් නෙ, බාහිර ලෝකෙන් මිදිල ඉන්නකොට හෙනම නිදහස්. ෆෝන් එකේ ඔනෙම දෙයක් තියෙනව. හිත සතුටින් ඉන්න පුලුවන් නෙ වගේ දේවල්.


උඹලටත් එහෙම හිතිල ඇති. මේක තමා නියම නිදහස වගේ දේවල්. ඒත් ඇත්තටම වෙලා තියෙන්නෙ අපි ෆෝන් එකට හෝ ලැප් එකට හෝ ඕනෙවට වඩා ඇබ්බැහි වෙච්ච එක. නිකං ඉන්න වෙලාවටත්, මැසේජ් එකක් නැති වෙලාවටත් ඇවිල්ල නිකරුනේ බලල යනව.


මේකෙන් අපිට පිටස්තර සමාජෙත් එක්ක තිබ්බ සම්බන්ධතා අඩු උනා. ගෙදර බල්ලව හුරතල් නොකර , මාලු ටැංකියට කෑම ටිකක් නොදා , එලියට බැහැල හුළං පාරක් විඳින්නැතුව අපි තාක්ශණික ලෝකෙකට කොටු උනා.


ඒ වගේම තමයි මිනිස්සු ඔන්ලයින් යාලුවව/යාලුවන්ව පමණට වඩා විශ්වාස කරන්න පටන් ගත්ත. තමන්ගෙ අතිශය පෞද්ගලික දේවල් පවා කිසිම පැකිලීමක් නැතුව ගෲප් වල චැනල් වල කියල දැම්ම මුකුත් හිතන්නැතුව. තමන්ගෙ personality එක ගැනවත් හිතන්නැතුව සමහරු හැසිරුනා. ජීවිතේටවත් දැකලවත් නැති මිනිස්සු එක්ක තමන්ගෙ හැඟීම් බෙදාගත්ත.


තවත් දෙයක්,

චැට් ගෲප් වලින් අරහෙන් මෙහෙන් කෙල්ලො කොල්ලො යාලු උනා. අඩු ගානෙ ඇත්තටම ඇහැට නොදැකපු කොල්ලො එක්ක සමහර කෙල්ලො යාලු උනා. ඕනෙවට වඩා ඒ සම්බන්ධකම් ගැන විශ්වාස කලා. ඊට පස්සෙ ආදරේට එහා ගිය දේවල් කලා. පොටෝ , වීඩියෝ එහාට මෙහාට උනා. පොඩි පොඩි කෙල්ලො අඳුරන්නැති මිනිස්සු එක්ක අනවශ්‍ය සම්බන්ධකම් පැවැත්වුවා.


මේව තමා අපේ වෙනස් උන තැන්. ගෙවල් වලින් කිව්වට පාරෙ යන කවුරු එක්කවත් කතා බහ කරන්න එපා කියල ගෙවල් වලින් කිව්වෙ නෑ ඔන්ලයින් මැසේජ් කරන හැමෝම අපේ යාලුවො නෙවෙයි කියල. ඒ වගේම අපි ෆෝන් එකේම ඉන්න එක සමහර දෙමව්පියොත් හොඳයි කියල හිතුව. මොකද එයාල හිතුව ෆෝන් එකේ ඉන්න වෙලාව වැඩි වෙන තරමට ළමය ඉගෙන ගන්නව කියල.


අම්මල තාත්තලට මේ ගැන අවබෝධයක් නෑ. මොකද අපි ඉන්නෙ යුග දෙකක. එයාල ඔන්ලයින් චැට් කරනව තියා සමහර දෙමව්පියන්ට ටච් ෆෝන් එකක්වත් නෑ.


ඔන්ලයින් චැට් කල පමණින් ගොඩක් අයගෙ ඇත්ත ස්වරූපය පේන්නෑ.


ඒ නිසා පොඩ්ඩක් කල්පනාවෙන් මේ විද්‍යුත් සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න. social media කියන එක තමන්ගෙ ලෝකය කරගන්න එපා. කාමරෙන් එලියට බැහැල ගෙදර මිනිස්සු එක්ක කතා කරන්න. බල්ල එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරන්න. මාලුන්ට කන්න දීල ඒ වින්දනය විඳින්න. ඔන්ලයින් සුවයට වඩා ඒක ගොඩක් හිතට දැනෙන අහිංසක හැඟීමක් වේවි.


My Thinking

Report Page