♡ මැඩම් ♡
19දහනවවන කොටස

පෙර කොටසින්...
විනාඩියකින් විතර දිනූශි මිස් ඩ්‍රෙසින් රූම් එකට ගියා මටත් කතා කරගෙන.
"සකුන්... ට්‍රේ එකත් අරන් එන්න ළඟට... මම කිව්වම එකින් එක මට දෙන්න..."
කිව්ව දේ ප්‍රොසෙස් කරගන්නත් කලින් මම දැක්කෙ, ඩ්‍රෙසින් රූම් එක ඇතුළෙ ඉඳන් බ්ලවුස් එක උස්සල ගලවන ගමන් හිටපු දිනූශි මිස්ව...!!!
එතැන් සිට...
"හො... හෝව් හෝව් මිස්... මේ මොකද කරන්නෙ..."
මම බය වෙලා ඒක ඇහුවත්, දිනූශි මිස් පුදුමෙන් වගේ මගෙ දිහා බැලුව.
"What..! Why...?"
"මෙ... මෙතන මාරු කරන්නෙ... දොර වහගන්න මිස්..."
"There is no one here besides you and me...?!"
"ඔව් හරී... ඒ උනත්..."
"Boy... මම කිව්ව දේ කලාම ඇති... මට උපදෙස් දෙන එක තමුන්ගෙ රස්සාව නෙවෙයි. Now come here, remove my trouser..."
පොඩ්ඩ ගැවුනම මල පයිනවනෙ මෙයාටත්. හොඳක් කරන්න හැදුවෙ. ඕනෙ බම්බුවක් කරගත්තු දෙන්.
දිනූශි මිස් එයාගෙ ගලවපු බ්ලවුස් එක පරිස්සමට රූම් එකේ බිත්තියක තිබ්බ කොක්කක එල්ලන අතරෙ, මම මිස් ගාවට ගිහින් පාත් වෙලා, එයාගෙ ඩෙනිමෙ බට්න් කීපය ගලවල ඩෙනිම පහළට පාත් කලා.
මිස් කකුල් දෙක මාරුවෙන් මාරුවට උස්සල, ඩෙනිම කකුලෙන් පන්නන්න මට උදව් කලාට පස්සෙ මම ඒකත් ආයෙ අර කොක්කකින්ම එල්ලුව.
කවුරු මොනව කිව්වත් බං, 100%ක් නිර්වස්ත්‍රව ඉන්න කෙල්ලොන්ට වඩා සෙක්සි විදිහට පේනව 10%ක් විතර කවර් කරන් ඉන්න කෙල්ලොන්ව. ඒ ඇයි කියල විද්‍යාත්මකව පහදන්න නං තේරෙන්නෑ මට. ඒත් ඒක එහෙම තමා.
දිනූශි මිසුත් හෙන ෆිගර් එකක් මැනේජ් කරන් යනවනෙ. මම මිස්ගෙ ඇඟේ ලස්සන හරියටම දැක්කෙ අද තමා. තද දම් පාට තොන්ග් එකකුයි, ඒ පාටින්ම පුශප් බ්‍රා එකයි ඇඳන් හිටපු දිනූශි මිස්ගෙ සෙස්සි ඇඟ දැකල, මාව යන්තමට ඇවිස්සුනා. ඒත් අපි හිටපු තැන ඕපන් වැඩි නිසා ලොකු රිඇක්ශන් එකක් පෙන්නුවෙ නෑ මම. ප්‍රොපෙසනල් විදිහට ඉන්නෙපැයි.
"කෝ ගේන්න ඇඳුම් ටික එකින් එක... සකුන් තමා තෝරන්නෙ අද... Ok... So හරියට බලල තෝරල දෙන්න..."
දිනූශි මිස් කකුල් දෙක පටලවගෙන ඩ්‍රෙසින් රූම් එකට වෙලා හිටගෙන කිව්වා යන්තම් හිනා වෙලා.
"ඇහ්... ම... මට තේරෙන්නෑනෙ මිස් ඕවා..."
"කරන්න දෙයක් නෑ... පුරුදු වෙන්න දැන්... කෝ ගේන්න..."
මල හත්තිලව්වයිනෙ. කලින් දන්නව නං ෆැශන් ඩිසයින් කෝස් එකක් කරනව.
මිසා බලන් ඉන්න නිසා මම තවත් පරක්කු නොකර, ට්‍රේ එකේ උඩින්ම තියල තිබුන නිල් පාට ගවුමක් අරන් මිස්ගෙ අතට දුන්නා.
මම කලින් මිස් ගවුමක් ඇඳන් ඉන්නව දැකල තිබ්බෙ නැති නිසාද කොහෙද, හෙන ආසාවෙන් එයා දිහා බලන් හිටියා. මොකද දිනූශි මිස් අඳින ඇඳුම අනුව එයාගෙ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවනෙ.
හිතුව වගේම, ගවුමට දිනූශි මිස්ගෙ අමුතු සරලකමක් පෙනුනා. අහිංසක සරල ඒත් වැදගත් පෙනුමක් තිබ්බෙ. ඒ ගවුම ලොකුවට කොටත් නෑ දිගත් නෑ. නියම ගාන.
"So... how do I look...?"
දිනූශි මිස් වටයක් හිමින් කැරකිලා අත් දෙක හිමීට දෙපැත්තට විහිදුවන ගමන් මගෙන් ඇහුවා. මිස් ඇඳන් හිටපු ගවුමත් ලස්සනට කැරකිලා ගිහින්, පොඩ්ඩක් ඉස්සිලා මිස්ගෙ කකුල් දෙක වටේට වෙලුනා.
"ල... ලස්සනයි මිස් ඒකට නං ගොඩක්... හරිම ලස්සනයි..."
"ඕහ්හ්හ්... එහෙනං අනිත් ඒව ට්‍රයි කරන්න ඕන්නැද්ද...? නයිට් අවුට් එකකට යන්න මේක සිම්පල් වැඩී වගේ කියලත් හිතෙනව මට..."
"එ... එහෙම නෙවේ මිස්... අනිත්වත් බලමු... ඒ... ඒත් මිස්ව ගවුම් වලට හරි ලස්සනට පේනව... ඇඟේ හැඩෙත් මරුවට තියෙනව..."
මිස් කට කොනින් පොඩි හිනාවක් දාලා, ඩ්‍රෙසින් රූම් එකේ පැත්තකින් තිබ්බ කණ්නාඩියෙන් ටිකක් වෙලා කැරකි කැරකි බල බල හිටියා.
ඒ කරල එයා ගවුම ගලවල දාලා මගෙ අතට දුන්නෙ, තව ඇඳුමක් ගන්න කියල ඉඟි කරන ගමනුයි.
ඊළඟ විනාඩි විස්ස තිහම දිනූශි මිස් ඒ විදිහට ඇඳුම් එකින් එකට මාරු කර කර බැලුවා. මගෙනුත් බොරුවට වගේ ඇහුව ඒව හොඳද කොහොමද ගගා. මම මොනව කිව්වත් එයා කරන්නෙ එයාට ඕනෙ දේ නිසා, අන්තිමට මම අර ලස්සනයි කිව්ව ගවුමයි, මිනි ෆ්‍රොක් එකකුයි, තව ටයි බැක් මිනි ඩ්‍රෙස් එකකුයි තෝරගත්තා.
ඒ මුලු වෙලාවෙම දිනූශි මිස් හිටියෙ එයාගෙ තොන්ග් එකයි බ්‍රා එකයි පිටින්. මටත් ටික වෙලාවක් ගියාම ඒක වැඩිය ගානක් නැතුව ගියා.
"Ok then... now... සකුන්... මගෙ ට්‍රවුසර් එක අන්දවන්න... "
ඩ්‍රෙසින් රූම් එකේ එල්ලල තිබ්බ මිස්ගෙ ට්‍රවුසර් එක අරන් මගෙ අතට දෙන අතරෙ ගමන් මිස් කිව්වෙ, අනිත් අතින් එයාගෙ බ්ලවුස් එක කොක්කෙන් පන්නල ගන්න ගමන්.
"හ... හා මිස්... ඉවරද මිස් අදට...?"
"Nope... සකුන්ට හොඳ ඩ්‍රෙස් එකක් නෑනෙ අඳින්න... ඔයාටත් සූට් එකක් අරන් යමු..."
මම මිස් ගාව පාත් වෙලා එයාගෙ කකුල් දෙකට කලිසම දැම්මා.
"මට නං ඕනෙත් නෑ මිස්... මං ගාව තියේ ඉතින් ඔය ඩෙනිම් දෙක තුනක්.... (ට්‍රවුසර් එක උස්සමින්) ශෝට ගහන් ආවෙ ලේසියට..."
"It's alright... අරගෙනම යමු සූට් එකක්... බට්න් මම දාගන්නං සකුන්... ඇඳුම් ටික අරන් එන්න..."
"හ... හා මිස්..."
මම මිස් තෝරපු ඇඳුම් තුන පැත්තකින් තියල මට ගෙනාව අනං මනං බඩු අරන් මිස් ගාවට ගියා.
මට මුකුත් තෝරන්න හම්බුනේ නෑ. මිස්මයි මට ඇඳුම් ටික තේරුවෙ. ක්‍රීම් පාට වූල් කලිසමයි, ලා කොල පාට අත් කොට ශර්ට් එකකුයි, ලස්සන රිදී පාට ඔරලෝසුවකුයි එයා තෝරල දුන්න මට. මගෙන් ඇහුවෙවත් නෑ මම ඒවට ආසද කියල.
අර පොඩි කාලෙ අම්මල අපිට ඇඳුම් අරන් දෙන්නෙ ටොම්බා සයිස් ශර්ට් එහෙම. අපේ කැමැත්ත අකමැත්ත ගැන මෙලෝ හත්තිලව්වක් අහන්නෑනෙ එයාලත්. දිනූශි මිසුත් ඒ වගේ.
ඇඳුම් ටික අරගෙන පැක් කරල අනං මනං කරගෙන ඉවර වෙද්දි තව පැය බාගෙකට ආසන්න වෙලාවක් ගත උනා. ලොකු දෙයක් නොකල උනත් ඇඟට මාර තෙහෙට්ටුවක් දැනුනා මට. ශොපින් ගිහින් ආවම පිරිමින්ට පාන් කියාගන්න බෑනෙ කෝමත්.
එතන වැඩ ඉවර උනාට පස්සෙ දිනූශි මිස් ටේලර් ශොප් එකේ කෙනෙක්ට කිව්වා අපි තෝරපු ඇඳුම් ටික එයාගෙ ගෙදෙට්ට එවන්න කියල.
ඒකත් කතා බහ කරගෙන ඉවර උනාම අපි දෙන්න ශොප් එකෙන් එලියට ඇවිත් බයික් එක ගාවට ගියා. මිස් ශොප් එක ඇතුළෙදිම හෙල්මට් එක දාගෙන තමා එලියට ආවෙ.
"දැන් කොහෙටද මිස් යන්නෙ..."
"මම මුලින් හිතන් හිටියෙ ඩ්‍රෙස් එකක් ගන්න වෙන තැනකට යන්න. ඒ උනාට මේකෙ තිබ්බා හොඳ සිලෙක්ශන් එකක්. ඒ නිසා ඩ්‍රෙස් ගන්න දෙයක් නෑ ආපහු. ම්ම්ම්ම්ම්ම්.... රිසවේශන් එකත් දාගෙනම යමු මේ ගමන්ම... සකුන් දන්නවද Orchid Pavilion එක?"
"ඇහ්... මිස් කියන්නෙ අර මාකඳන පාරෙ තියෙන පතරංග එකද? අර... මේ... පොඩි සීන් ටිකක් ගිය එක ඉස්සර...?"
"ආ දන්නව නේ... ඔව් ඔව් ඒක තමා. එතෙන්ට යමු... ගොඩක් වෙලා යන එකක් නෑනෙ..?"
"විනාඩි දහයක් වගේ යාවි මිස්... (බයික් එකට නගින ගමන්) නගින්නකො..."
"Ok..."
දිනූශි මිසුත් බයික් එකට නැග්ගට පස්සෙ මම කලින් වගේම ස්පීඩ් එක වැඩි කරගෙන ගියා ඒ කිව්ව තැනට.
මේ පැත්ත ගැන වැඩියම දන්නැති උනත්, මිස් කිව්ව මේ හෝටලේ ගැන නං මම අහල තියෙනව. මේ හෝටලේ ඉස්සර හෙන කතාබහට ලක් උන එකක්. ඉස්සරම මේකෙ නම Orchid Pavilion නෙවේ. Celestine Court ද මොකක්ද නමක් තිබ්බෙ. කොහොම හරි ඒ කාලෙ හෝටලේ මැනේජ්මන්ට් එකත් දැනුවත්ව, ගොඩක් නීති විරෝධී දේවල් මේකෙ වෙලා තියෙනව.
මේකට ගොඩක්ම එන්නෙ සුද්දො. අපි වගේ සාමාන්‍ය පංතියෙ එකෙක්ට ඔරොත්තු දෙන හෝටල් නෙවේ. ඉතින් ඔය එන සුද්දොන්ට, සාමාන්යෙන් හෝටල් වලින් සප්ලයි කරන්නැති 'නරක' දේවල් මේකෙ මැනේජ්මන්ට් එක මැදිහත් වෙලා දීලා තියෙනව. කාලයක් තිස්සෙ ඒ සීන් එක කරගෙන ගිහින් තිබ්බත්, අන්තිමට ඕක මාට්ටු වෙලා හෝටලේ සීල් තිබ්බා. ඔය නඩුව පොඩ්ඩක් බරපතල හෙඩ්ලයින් එක්ක පත්තර වල ගිය නඩුවක්.
අන්තිමට ඒ හෝටලේ වෙන කවුරු හරි සම්පූර්ණයෙන්ම අරගෙන, නමත් වෙනස් කරල කරගෙන යනව කියල ආරංචියක් ආව. ඒ අලුත් නම තමා Orchid Pavilion කියන්නෙ.
මම පත්තර වල දැක්කට වඩා ඒක හෙන ලොකුයි. මේ හෝටලේ තට්ටු පහක් තියෙනව. එක එක තට්ටුව හදල තියෙන්නෙ එක එක වැඩ වලට. උඩම තට්ටු දෙක තියෙන්නෙ රූම්ස් වලට. ඉස්සර ඔය රූම්ස් සම්බන්ධ සමහර කතාත් පැතිරුනා මේ හෝටලේ.
"සකුන් ඔහොම්ම යන්න සිකියුරිටි රූම් එක ගාවට"
මම බයික් එක හොටෙල් එකේ ගේට්ටුව ගාව පාරෙන් නවත්තන් බලන් හිටිය නිසා, දිනූශි මිස් මගෙ උරහිසට පොඩි තට්ටුවක් දාලා කිව්වා.
මම ඊට පස්සෙ ආපහු බයික් එක ස්ටාට් කරගෙන ගේට්ටුවට වම් පැත්තෙන් තිබුන පොඩි බිල්ඩින් එක ගාවට ගිහින් හෝන් එක ගැහුව.
තත්පර කීපෙකින් ඒකෙ ඇතුළෙ ඉඳල මැදිවියේ පොරක් එලියට ආව හිරි අරින ගමන්. මිනිහගෙ ශර්ට් එකෙත් බොත්තම් දෙක තුනක් ඇරිල තිබ්බෙ.
"මොකෝ...?"
ඒ මනුස්සය මගෙ දිහා එක පාරක් බලල ඔලුව කසන ගමන් ඇහුවෙ, පිටිපස්සෙ හිටපු මිස් දිහාට හොඳට ඇහැ කරකවන ගමන්.
මම මුකුත් කියන්නත් කලින්ම මිනිහා ආපහු මට කතා කලේ නුරුස්සන ස්වරූපයෙන්.
"මේ මේ... දෙකයි පනහට කාමර දෙන තැනක් නෙවෙයි මේක... වැඩක් බලාගෙන යනව යන්න... ඔය ආපු පාරෙ දෙපැත්තම තියෙනව පැයකට දෙකකට කාමර ගන්න තැන්..."
හුටා... බයික් එකෙන් ආපු නිසාද මේ කඳුලැල් කිව්වලු...!!
"නැ... නෑ නෑ මාමෙ... සො... සොරි මේ... අයියෙ.... එ... එහෙම එකකට නෙවේ ආවෙ..."
දිනුශී මිස් කටවහන් ඒක අහන් හිටියෙ මොකද කියල බලන්න මම ඔලුව පොඩ්ඩක් පැත්තට හරවල දිනූශි මිස්ට කතා කලා.
"මිස්... දැන් මොකක්ද කියන්න ඕනෙ..."
"Hold on for a sec.... Someone is coming to pick us up..."
ඇහ්... දැන් ඒ කවුරු හරි එනකං මේ සික්කාගෙන් පද හදාගන්න ඕනෙද එතකොට. සික්කටත් මිස් ඒ කිව්ව එක ඇහිල ඌත් ඊට පස්සෙ වැඩියම කියවන්න ගියෙ නෑ. හැබැයි මිනිහ එතනින් ගියෙත් නෑ.
විනාඩියකින් විතර ඇහැ කඩන් යන රතු පාටක සාරියක් ඇඳගත්ත, ගෑණු කෙනෙක් සිකියුරිටි රූම් එකෙන් එළියට ඇවිල්ල අපි දිහාට ආව හිනා වීගෙන.
"මැඩම් කලින් කියල තිබ්බ නං මම ඉන්ෆෝම් කරනව ගාඩ් රූම් එකට... (සික්කා දිහාට හැරිලා) නාලක අයියෙ... ගේට් එක අරින්න... මගෙ ගෙස්ට් කෙනෙක් මේ..."
එයා ඒක කිව්ව ගමන් අර සික්කාගෙ තිබ්බ ෆේශල් එක්ස්ප්‍රෙශන් එක සම්පූර්ණයෙන්ම වෙනස් උනා. ඒ ආව ගෑණු කෙනා අපි ගාවටම එන අතරෙ, සික්කා ඉක්මනට ගාඩ් රූම් එක ඇතුලට ගියා ශර්ට් එකේ බොත්තමකුත් දාගන්න ගමන්.
"ගිම්හානි... අවශ්‍ය නෑ... මට හෙට රෑට රිසවේශන් එකක් දාගන්න විතරයි ඕනෙ... ගිම්හානිට පුලුවන්නෙ ඒක කරන්න..."
මැඩම් බයික් එකේ ඉඳගෙනම කතා කලේ, හෙල්මට් එකේ වයිසර් එක උස්සන ගමන්.
"අයියෝ මැඩම්... කෝල් එකක් දුන්න නං මම දානවනෙ... මැඩම් ඇතුළට එන්න..."
"දැන් වෙලාවක් නෑ ගිම්හානි... වැඩ කටයුතු කොහොමද දැන්... ඔයාව බලල යන්නත් එක්ක ඇවිල්ලම කතා කලේ..."
දිනූශි මිස් මෙහෙම වෙන කෙනෙක් ගැන හිතල බලල කතා කරනව දැක්කමයි මේ. සාමාන්යෙන් මලපැනගෙන කෑගහන එකනෙ කරන්නෙ.
"ගොඩක් දුරට stable මැඩම් දැන්... මේ... මැඩම් දෙන්නෙක්ටද රිසවේශන් එක...?"
"Oh no no... තුන් දෙනෙක්ට... උත්කර්ෂාත් එනවා..."
"අහ්හ්... (අතින් කට වහගෙන හිනා වෙන ගමන්)... එහෙනං... ඩිනර් අවුට් එකක් වෙන්නැති..."
"You know me... Also... room එකකුත් කෝකටත් බුක් කරල තියන්න..."
"හරි මැඩම්... මැඩම් 7ට වගේ රිසවේශන් එක දාන්නම් නේද...?"
"ඔව් ඒ වෙලාවට දාන්නකො... ගිම්හානිට ලොකු වැඩක් තිබ්බෙ නැත්තං අපිට join වෙන්න... Ok.."
"හී... හා මැඩම්..."
"Good girl..."
මම හිතුවෙ මේක හෙන වැදගත් සාකච්ඡාවක් කියල. ඒ උනාට විනාඩි දහයක් විතර තිස්සෙම මිසුයි ඒ ගිම්හානි කියන කෙනයි වල් පල් කතා කර කර හිනා වෙවී හිටිය මිසක් වැඩකට ඇති දෙයක් නං කතා කලේ නෑ. අර සික්කයි මමයි දෙන්නම කරකියාගන්න දෙයක් නැතුව ඔහේ බලන් හිටියා ගෑණු දෙන්නගෙ කයිය ඉවර වෙනකං.
අන්තිමට මිස් එයාලගෙ කතාව නැවැත්තුවෙ මගෙ උරහිසට තට්ටුවක් දාලා මට කතා කලාට පස්සෙයි.
"සකුන්... දැන් යමු අපි... මෙතන වැඩ ඉවරයි... ගිම්හානි... අපි ගිහින් එන්නං... හෙට කතා කරගමුකො..."
"හරි මැඩම්... පරිස්සමට ගිහින් එන්න... මම available ඉන්නම් කොහොම හරි..."
"Good..."
දිනූශි මිස් 'යමු' කියල මට අතින් කිව්ව නිසා, මම බයික් එක හරවගෙන ස්ටාට් කරගත්තා. ඒ ආව ගෑණු කෙනා අපි එතනින් එනකංම හිනා වීගෙන බලන් හිටියා අපි දිහා.
පොඩ්ඩක් දුර ආවට පස්සෙ මම හෙල්මට් එකේ වයිසර් එක ඇරල, ඔලුව පැත්තට හරවල දිනූශි මිස්ට කතා කලා.
"කවුද මිස් ඒ... මිස් අඳුරන කෙනෙක්ද...?"
"Who...? ගිම්හානි ද...?"
"ඔව් ඔව්... ඔය දැන් කතා කොලේ..."
"ගෙදර ගිහින් කියන්නං... Now focus on the road idiot..."
"ආහ්... ඔව් හරි හරි ඒනම්..."
"සකුන්..."
"කියන්න මැඩම්..."
"Remember what I told you before..?! මම නෑ කියල හිතල යමු..."
දිනූශි මිස් හෙන උද්යෝගිමත් කටහඬකින් ඒක කිව්වෙ, මට තව වේගෙන් යන්න කියල අඟවන ගමන්.
"හරේ ඒනං... අල්ලගන්න මිස්..."
මිසාගෙත් ආසාව නිසා මම කලින් ආවට වඩා වේගෙන් බයික් එක පිකප් කරගෙන ගියා. දවල් වගේ නෙවෙයි, පාරෙත් වාහන ටිකක් වැඩි වෙලා තිබ්බෙ. ඒ උනාට තැන් දෙක තුනක ඇරෙන්න, මම කිසිම තැනක බයික් එක නැවැත්තුවෙ නෑ.
දිනූශි මිස්ට high speed බයික් වල ගිහිල්ල හොඳටම පුරුදුයි කියල මට තේරුනේ, බයික් එක හරවන නවන තැන් වලදි එයත් අදාල තරමටම නැවිල බයික් එක ස්ටේබල් තියාගන්න සප් එක දීපු නිසා.
බයික් එකක් වේගෙන් යන වෙලාවට වංගු ගන්නව නං, අනිවාර්යෙන් බයික් එකේ දෙන්නගෙ බර හරි පැත්තට බැලන්ස් වෙන්න ඕනෙ. එහෙම නැත්තං බයික් එක අන්ස්ටේබල් වෙනව. දිනූශි මිස්ට ඒ ගැන හොඳ අවබෝධයක් තිබ්බා. එක්කො මිස්ට හොඳට හුරුයි බයික් වල ගිහිල්ල, නැත්තං මිස්ට සාමාන්‍යයෙන් තේරෙනව කරන්න ඕනෙ දේ.
කොහොම උනත් මට නං හිතුනෙම දිනූශි මිස් හෙන ලොකු පවුලක උනාට, බයික් වල ගිහිල්ල හෙන පුරුද්දක් තියෙනව කියලයි.
ඉතින්, විනාඩි විස්සකින් විතර මිස්ගෙ ගෙදරට ඇවිත් බයික් එක නවත්තපු ගමන්ම මම ඇහුවෙ ඒ ගැන.
දිනූශි මිස් බයික් එකෙන් බැහැගන්නකං ඉඳල මම කතා කලා එයාට.
"මිස්..."
"ම්ම්ම්ම්ම්ම්ම්.."
"මිස් මීට කලින් බයික් වල ගිහිල්ල තියෙනවද...? ඔය හෙල්මට් එකත් මිස්ගෙද..."
"Yes... ඉස්සරම මම යාලු වෙලා හිටියා බයික් ස්ටන්ට් රයිඩර් බෝයි කෙනෙක් එක්ක... ඒ කාලෙ මේ හෙල්මට් එක ගත්තෙ... Why...?"
"ආ නෑ නෑ... නිකං මේ මිස්ට බයික් හොඳට හුරුයි කියල තේරුනා මට... සාමාන්යෙන් සල්ලිකාර දූවරු බයික් එකක හුළඟක්වත් වදිනවට ආස නෑනෙ..."
"Nonsense... මම ආසයි risky moves වලට. හැමදාම ගෙවන boring office life එකෙන් නිදහසකුත් එපැයි..."
"හි හි..."
"ඔහ්... සකුන්... හවස් වෙලා ශොප් එකෙන් ඇඳුම් ටික එවයි. ඒ ටික ගන්න ගේට් එකෙන්. ඩිනර් එකත් අරගන්න..."
"හරි මිස්... අදට ගමන් මුකුත් නෑ නේද..."
"Nope... you are free to do whatever you want... But... (කට කොනින් හිනාවෙමින්) රෑට තමුන්ගෙ කාලය වැය වෙන්නෙ මට ඕනෙ හැටියටයි... තේරුනානෙ..."
"හී... හරි මිස්..."
"ගුඩ් බෝයි... රෙස්ට් එකේ ඉන්න එහෙනං දැන්... බඩගිනි නං මොනව හරි ඕඩර් කරගන්න... මට ඩිස්ටර්බ් කරන්න එපා ආයෙ ඩිනර් එක හෝ ශොප් එකෙන් ඇඳුම් ටික හෝ එවනකං..."
මම ඒ කිව්ව ඔක්කොටම ඔලුව වන වන හා කිව්වට පස්සෙ, දිනූශි මිස් මගෙන් යතුර ඉල්ලන් ගිහින් දොර ඇරගෙන උඩට ගියා කෙලින්ම එයාගෙ හෙල්මට් එකත් අරන්.
මමත් මිස්ගෙ පස්සෙන් ගෙට ඇවිත් දොර වහල දාලා මගෙ කාමරේට ගියා.
මතු සම්බන්ධයි...