♡ නුහුරු ඇරයුම් ♡

♡ නුහුරු ඇරයුම් ♡


« OBS 02 » - මලිත් ගෙ ජනකතාව

RL

අහසින් ගිය ඉබ්බා next generation


ඔන්න එකමත් එක කාලෙක දිය හිඳුණු පොකුණක ඉබ්බෙක් හිටියලු. දැන් පොරට කොහෙවටත් යාගන්න ඒගන්න බැරුව එක තැන හිර වෙලා ඉන්නකොට දවසක් කොක්කු දෙන්නෙක් දැක්කලු මේ ඉබ්බව. ඉතින් කොක්කු දෙන්නත් ඉබ්බ ගාවට ලෑන්ඩ් කරල ඉබ්බට කතා කලා.


"ඉබි බුවා. මොකෝ මේ වතුර නැති තැනක. උඹලගෙ රටේ ඒ පාර වතුර ගන්නත් පෝලිමේ ඉන්න වෙලාද"


"අනේ කොක් රාළෙ. මේ පොකුණ ඉස්සර සෑහෙන ලස්සන දිය පිරුණු පොකුණක්. ඒ උනාට නියඟෙ නිසා දැන් වතුර බිඳක් වත් නෑ. මටත් වෙන යන්න තැනක් නැතුව ඉන්නෙ."


කොක්කු දෙන්න මූනට මූන බලාගෙන ඉබ්බට කතා කලා.


"අපි දැන් පහු කරන් ආවෙ පට්ට ප්ලේස් එකක් බංග්. වතුර පිරිල ඉතිරිලා. ඕන්නං ලොකේශන් දෙන්නං."


"කොච්චර වතුර තිබ්බත් මට නං හෙල්ලෙන්නවත් පණ නෑ කොක් රාලෙ. ඔයැයිල යන්න ඔයාලගෙ ගමන. ස්තූතී උදව්වට"


කොක්කු දෙන්න ටිකක් වෙලා කල්පනා කර කර ඉඳල ප්ලෑනක් ගැහුව. ඉබ්බට ඇවිදගන්නවත් පණ නැති නිසා මෙහෙම තනියම දාල යන්න බෑනෙ. කොකෙක් උනත් උන්ටත් මනුස්සකමක් තියෙනවනෙ.


"ඉබි බුවා. මෙහෙම කරමු. අපි දෙන්න කෝටුවක් හොටවල් දෙකෙන් අල්ලගන්නං. ඔයා කෝටුව මැද්දෙන් හයියෙන් හපාගන්න. අපි දෙන්න ඔයාව අහසින් ගිහින් දාන්නං එතෙන්ට. වැඩේ සෙට්ද?"


ඉබ්බත් මේක අහල සෑහෙන සතුටු උනා. මොකද ඉබ්බෙක්ට අහසින් යන්න චාන්ස් හම්බෙන්නෙම නෑනෙ.


ඉතින් කොක්කු දෙන්න හයිය කෝටුවක් අරන් ඒකෙ දෙපැත්තෙන් හොටවල් දෙකෙන් අල්ලගත්ත. අර ඉබ්බත් කෝටුව මැද්දෙන් හොඳට තදට හපාගෙන එල්ලුනා.


කොක්කු දෙන්න ඉබ්බවත් අරන් අහසින් යන අතරෙ පල්ලෙහා පිට්ටනියක කොල්ලො සෙට් එකක් සෙල්ලම් කර කර හිටිය. ඒ කොල්ලො ටික දැක්ක මේ සීන් එක.


"අඩෝව් who to ආන් ඉබ්බෙක් උඩින් යනව. carry සීන් එක ඕයි. වීඩියෝ කරහං ඉක්මනට. ඉබ්බට ගිය කලක් යකෝ"

කිය කිය ඒ ළමයි ටික ඉබ්බට කින්ඩි දාන්න ගත්ත.


ඉතින් ඕකට මළ පැනපු ඉබ්බ අර ළමයින්ට බනින්න කියල කට අරිනකොටම 'ඩලස්' ගාල කටින් අල්ලං හිටපු කෝටුවෙන් වෙන් වෙලා බිමට වැටුනා.


ඉබ්බ එතනම on the spot. හැබැයි කතාව ඉවර උනේ නෑ.


ඊට අවුරුදු දහයකට පස්සෙ ඒ වගේම නියඟයක් ඇවිල්ල ඒ වගේම පොකුණක් හිඳිල ගියා. ඉතින් මේ පොකුණෙත් එක ඉබ්බෙක් ජීවත් උනා යන්න එන්න තැනක් නැතුව.


කලින් වගේම කොක්කු දෙන්නෙක් මේ ඉබ්බව දැකල එතනට ලෑන්ඩ් කරල අර විදිහටම ඉබ්බව වෙන පොකුණකට අරන් යන්න පොරොන්දු උනා.


ඉතින් කොක්කු දෙන්න හොටවල් දෙකෙන් කෝටුවක් අල්ලගෙන අර ඉබ්බට කිව්ව කටින් එල්ලෙන්න කියල.


මේ ඉබ්බ ටිකක් බුද්ධිමත්. අර ගොන් හරක වගේ නෙවේ.


ඔහොම අහසින් යන අතරෙ ආපහු පිට්ටනියක ළමයි ටිකක් "නිකං ගින්දර" ගහ ගහ ඉන්නකොට මේ ඉබ්බව දැකල විහිලු කරන්නයි කෑ ගහන්නයි පටන් ගත්ත.


මේ ඉබ්බ හෙන මීටරේ නෙ ඉතින්. මු කට ඇරියෙම නෑ. මොකද කට ඇරියොත් ඌ ඩවුන් කියල දන්න නිසා.


පිට්ටනිය පහු වෙනකංම ගානක් නැතුව ගියා ඔහොම්ම. කොක්කු දෙන්නටත් මාර ආතල් එකක්. මූ මොලේ ඇතුව වැඩ කලානෙ.


ඉතින් එක කොකෙක්,

"අඩෝ මේ ඉබි බුවාට නං මොලේ තියෙනව නේ" කියල අනිත් කොකාට කියන්න කට අරිනකොටම කෝටුවෙ ඒ පැත්ත හොටෙන් වෙන් උනා.


අනිත් කොකාට තනියම ඉබ්බව අරන් උඩට එන්න බැරි නිසා ඒ අනිත් කොකයි ඉබ්බයි දෙන්නම පහළට වැටෙන්න ගත්ත.


අර කතා කරන්න හදපු කොකා වැඩ දාල කපීර් එලවන පයිලට් කෙනෙක් වගේ සුං සුං ගාල ගිහිල්ල සැනික කෝටුවෙ අනිත් කෙලවරින් අල්ලගෙන තුන් දෙනාවම බැලන්ස් කලා.


ඉබ්බට හෙන සතුටුයි. ඌව බේරගත්ත එකට.


ඉබ්බ,

"අඩෝ තෑන්ක්ස් බංග්. තව ටිකෙන් වැටෙනව" කියල කියනකොටම ඌ කෝටුවෙන් වෙන් වෙලා බිමට ඩවුන් උනා.


ඒ ඉබ්බත් එතනම on the spot.


ඉතින් පුරාතනයෝ කියපු මේ ජනකතාවෙන් අපි අවබෝධ කරගන්න ඕනෙ දේ තමයි.....


කියන එක.

Report Page